නැවුම් සුළග

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔෂින්,
    ඔයාට ජීවත් වෙන්න බොහෝ අවුරුදු තියනව
    ඒ අතරවාරේ දුක් සහිත කාලවල් ඇතිවෙන්න පුළුවන්
    නුරුස්සන අය හමුවේවි
    ඒත්, ඔවුන්ට වෛර බඳින්න එපා
    දුක් දෙන්න එපා අනුන්ට
    ඔයා ක්‍රෝධ කලොත් යමෙකුට පසුතැවිලි වෙයි
    ඔයාම දුක් වෙයි අවසානයේදී.
    යමෙකුට රිද්දෙව්වොත්
    තමන්ටමයි රිදවෙන්නෙ
    දුක් වෙන්න වෙන්නෙ තමන්ටමයි.
    කරපු හැම දේ ආපසු එයි.
    මේ අහන්න ඔෂින්,
    කෙනෙකුට වෛර කරන්න රිදවන්න හිතුවොත්
    පොඩ්ඩක් හිතන්න ඒ අයගෙ පැත්තෙන්
    ඔයා වෛර බඳින්න ඉස්සෙල්ල
    මොකද ඔයාට දුක් දෙන්නෙ කියල ඔයාගෙ හිතෙන්ම අහන්න
    කරුණක් තියෙනව ඇති.
    මොනවහරි තිබුණොත්, එතකොට පරිස්සම් වෙන්න
    නැත්නම්, කරුණක් ඒ විඳියට වෙන්න එයා ඔබේ හිත රිද්දනවනම්.
    දොස් නඟන්න එපා
    අනුකම්පා කරන්න
    හේතුවක් නැතිව ඔබට වද දෙන අය, දුකින් පිරුණු අය.
    ඔවුන්ගේ හිත් වල කිසි සතුටක් නැහැ , අන්න එහෙම හිතන්න. ඔවුන්ට සමාව දෙන්න.
    ඔයා දුන්නොත් යමෙකුට ආදරෙන් සමාව, අනුන්ට ආදරේ කලොත්
    ආපිට ඔයාට ආදරේ ලැබෙයි
    එතකොට ඔයා සැනසීමේ ජීවත්වන කෙනෙක් වෙයි
    මම කියල දුන්නනෙ කියවීම ලිවීම ගණිතය
    කොච්චර හොඳට ඒවා දැනගත්තත් වැඩක් නෑ
    තමන්ගෙ පපුව හොඳ නැත්නම්
    කොච්චර ඉගෙන ගත්තත්.
    කොච්චර උසස් වුනත්
    ඔයාට වැඩක් වෙන්නෙ නෑ ඔයා හොඳ කෙනෙක් නෙවෙයිනම්....
    -සන්සකු-
    (ටයිටස් තොටවත්තයන් විසින් සිංහලට හඬකවන ලද ඔෂින් නාට්‍යය ඇසුරෙන් සුමිත්‍රා විතාරණ විසින් රචිත නවකතා පොත් ත්‍රිතවයේ පළමු වැන්නෙන් උපුටා ගන්නා ලද කොටසකි.)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව්විමන් අතරේ
    පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ

    රන් විමන් දුටුවේද මන්දිර පුතුනි ඔබ සිහිනේ
    නන් සැපෙන් පිරවීද නිදිදුව ඒ සිහින විමනේ
    මපුතු සිහිනේ අඳින දෙවිඳේ මුලා නොකරන් මාපුතුන්
    නොමැත සුව නිදියහන් පුතු හට නොම මවනු මැන ඒ දසුන්
    තරු වැල් ගොතා සඳකැන් මතින් සතපන්න පුතු හැකිනම්.......

    දෙව්ලඳුන් පිරිවර අරන් වැඩියේද මවු සිහිනේ
    මා පුතුන් දෝතින් අරන් නැලවීද ඈ ගීයෙන්
    ඇගේ දෙ අතේ නිදන් පුතුනේ නොම සොයනු අවදිව මවුන්
    සුව නොමැත මා පහස ඇගෙ මෙන් රළු වුනේ උරතල බරින්
    මා ලොවපහන් කල රන් පුතුන් ඔබ රකිමි දිවි හිමියෙන්....................


    ගායනය-සංගීත් විජේසූරිය
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව්විමන් අතරේ
    පුතුගෙ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල් සුපිපේ

    රන් විමන් දුටුවේද මන්දිර පුතුනි ඔබ සිහිනේ
    නන් සැපෙන් පිරවීද නිදිදුව ඒ සිහින විමනේ
    මපුතු සිහිනේ අඳින දෙවිඳේ මුලා නොකරන් මාපුතුන්
    නොමැත සුව නිදියහන් පුතු හට නොම මවනු මැන ඒ දසුන්
    තරු වැල් ගොතා සඳකැන් මතින් සතපන්න පුතු හැකිනම්.......

    දෙව්ලඳුන් පිරිවර අරන් වැඩියේද මවු සිහිනේ
    මා පුතුන් දෝතින් අරන් නැලවීද ඈ ගීයෙන්
    ඇගේ දෙ අතේ නිදන් පුතුනේ නොම සොයනු අවදිව මවුන්
    සුව නොමැත මා පහස ඇගෙ මෙන් රළු වුනේ උරතල බරින්
    මා ලොවපහන් කල රන් පුතුන් ඔබ රකිමි දිවි හිමියෙන්....................


    ගායනය-සංගීත් විජේසූරිය

    song ekath dhapanko machn
     

    waligamaya

    Well-known member
  • " මිනිසුන්ට ආදරය කිරීම යනු නිවාස අහිමි හා කිසගිනි මිනිසුන් වීදිවල නොසිටින බවට සහතික කිරීමයි; බන්දනාගර සිර කුටියක සිටියයුතු වුවන් ඇදිරි වැටුණු පසු අපේ වීදිවල අයිතිකරුවන් බවට කිසිදා පත්නොවන බවට වගබලා ගැනීමය; කිසිදා මවක් තමන්ට පෝෂණය කල නොහැකි නිස තමන්ගේ දරුවන් විදියේ අතහැර නොදැමිමය; කිසිදු මිනිසෙකු ගවයන් සේ වෙලදපොලේ අලෙවි නොවීමය; කිසිවකු තමන්ගේ රැකියාව අහිමිවනු ඇතැයිද ජිවනොපයක් නොමැතිව සිටීමට සිදුවනු ඇතැයිද බියෙන් පසු නොවීමය; දරුණු ලෙස අසනිප වූ ළමුන්ගේ දෙමාපියන්ට ජිවිත බේරගන්න ශල්‍යයකර්ම වෙනුවෙන් මුදල් ඉල්ලා 'අනුග්‍රහකයින්ගේ' දෙපාමුල වැටීමට කිසිදා අවශ්‍ය නොවීමය; විශ්ශ්‍රමිකයින්ට මාසය අවසන් වන තුරු පන් සහ වතුර ආහාරයට ගෙන ජීවත්වීමට සිදුවීමේ බියක් නොමැතිවීමය; බන්දනාගාරයේ වැසිකිළි වල හිමි විය යුතු නාස්තිකාර සොර දෙටුවන්ට, පිම්පියන්ට සහ මිනිවරුවන්ට වසර ගණනාවක ශ්‍රමයෙන් නිර්මාණය කරන ලද අපේ රටේ දානයෙන් යෝට් යාත්‍රාවල සහ දැවැන්ත මන්දිරවල පහස ලබන්නට නොගකි වීමය"

    සෝවියට් දිවියක මතක සුවද
    ඉරිනා මලෙන්කෝ
    පරිවර්තනය ප්‍රසන්න පෙරේරා


     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    " මිනිසුන්ට ආදරය කිරීම යනු නිවාස අහිමි හා කිසගිනි මිනිසුන් වීදිවල නොසිටින බවට සහතික කිරීමයි; බන්දනාගර සිර කුටියක සිටියයුතු වුවන් ඇදිරි වැටුණු පසු අපේ වීදිවල අයිතිකරුවන් බවට කිසිදා පත්නොවන බවට වගබලා ගැනීමය; කිසිදා මවක් තමන්ට පෝෂණය කල නොහැකි නිස තමන්ගේ දරුවන් විදියේ අතහැර නොදැමිමය; කිසිදු මිනිසෙකු ගවයන් සේ වෙලදපොලේ අලෙවි නොවීමය; කිසිවකු තමන්ගේ රැකියාව අහිමිවනු ඇතැයිද ජිවනොපයක් නොමැතිව සිටීමට සිදුවනු ඇතැයිද බියෙන් පසු නොවීමය; දරුණු ලෙස අසනිප වූ ළමුන්ගේ දෙමාපියන්ට ජිවිත බේරගන්න ශල්‍යයකර්ම වෙනුවෙන් මුදල් ඉල්ලා 'අනුග්‍රහකයින්ගේ' දෙපාමුල වැටීමට කිසිදා අවශ්‍ය නොවීමය; විශ්ශ්‍රමිකයින්ට මාසය අවසන් වන තුරු පන් සහ වතුර ආහාරයට ගෙන ජීවත්වීමට සිදුවීමේ බියක් නොමැතිවීමය; බන්දනාගාරයේ වැසිකිළි වල හිමි විය යුතු නාස්තිකාර සොර දෙටුවන්ට, පිම්පියන්ට සහ මිනිවරුවන්ට වසර ගණනාවක ශ්‍රමයෙන් නිර්මාණය කරන ලද අපේ රටේ දානයෙන් යෝට් යාත්‍රාවල සහ දැවැන්ත මන්දිරවල පහස ලබන්නට නොගකි වීමය"

    සෝවියට් දිවියක මතක සුවද
    ඉරිනා මලෙන්කෝ
    පරිවර්තනය ප්‍රසන්න පෙරේරා



    මෙක නම් පට්ට යන්න හිත්ට බැදුනා