නැවුම් සුළග

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ


    පවතින සමාජ තත්වයෙහි ඇති විපරීත බව ඈ මනාව ගෙනහැරපායි. 'හිනහවෙවී අපි නැටුවත් පොලොවට මොන වෙහෙසක්ද? අපේ මහන්සිය වෙනුවෙන් කඳුලැලි, දහඩියකෙතරම් හෙලුවත් මහ කලු ගල් වලට එයින් පලක් නෑ. ඔවුන්ගේ සිත් උනුවෙන්නේ නෑ. හැබැයි එහෙම උනා කියල මගේ හිතේ දුකක් නෑ. මගේ හිත වාවන් නැත්තෙ ඔබ නිසා පවුළුෂා. ඔව් ඒ ඔබ නිසාමයි. මම විතරක් නෙමෙයි, අනෙක් තරුණියන් පවා ඔබගේ එක බැල්මකට වශී වෙනවා. මගේ හිත හරිම කලබලයි, හරියට ගිනි ජාලාවක් වාගේ. ඔබේ උරහිසේ සැතපෙන්නට මම ආසයි. ඒකෙන් මගේ හිතේ තියන ගිනි නිවී යාවි.
    එන්න පවුළුෂා අපි නටමු, මෂූර්කා නැටුම අපවත් ඕන වෙලා වගේ. ඔබයි මමයි, ඔව් ඔබයි මමයි....

    ~~තේජන අබේදීර~~

    කාලයක් තිස්සේ අහපු සිංදුවක්.අද තමයි තේරුම දැනගත්තේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

    ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...
    ඇයි හොරැහින් මදෙස බලන්නේ

    නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

    ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා

    නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
    ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා
    බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට

    මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා
    ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

    හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
    කඳුලැලි දහදිය ගැලුමට මහ කළු ගල් දිය වෙනවාද
    එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
    සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද

    ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

    ගායනය - අප්සරා ද සිල්වා
    සංගීතය - ප්‍රියන්ත ඩිරෙක්ස්
    පද රචනය - චාරුක සුරවීර

    මේ ගීතය මම මුලින්ම දකින්නේ සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ ජාතික රූපවාහිනියේ විකාශයවූ 'යාත්‍රා' වැඩසටහනේදී. මේ ගීතය කොළඹ විශ්ව විද්‍යාලයේ නිර්මාණයක්. ගායිකාව අප්සරා ද සිල්වා, ඇය එවකට විශ්ව විද්‍යාලයේ සිටි හොඳම ගායිකාව. ගේය පද නිර්මාණය චාරුක සුරවීර. 'උක්කුං මහත්තය' කියල රේඩියෝ චරිතයක් මතකද, ඒ ඔහු චාරුක සුරවීර. සංගීත නිර්මාණය ප්‍රියන්ත ඩිරෙක්ස්, ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සිටි මාෂල් වරයෙක්.

    ඉතින් මේ ගීතය බිහිවෙලා තියෙන්නෙ රුසියානු සංස්කෘතිය ආභාෂයෙන්. මෙහිදී රුසියානු සාහිත්‍ය ගැන සිත් යොමුවන්නේ නිතැතින්. චින්ගීස් අයිත්මතෝව් ගේ 'ගුරු ගීතය', මිහායිල් ෂෝලහොව් ගේ 'පෙරලූ නැවුම් පස',මක්සිම් ගෝර්කිගෙ 'ළමාවිය, මගේ සරසවි, මිනිසුන් අතර, අම්මා', ජනප්‍රිය සාහිත්‍ය කෘති අතරට වැටෙන්නේ නිරායාසයෙන්.

    නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ 'How the steel was tempered' එහෙම නැතිනම් සිංහලට පෙරලූ පසු 'වානේ පන්නරය ලැබූ හැටි' හි ප්‍රධාන චරිතය වන්නේ 'පාවෙල් කොර්චාගින්'. මේ පාවෙල් තමයි පවුලූෂා ලෙසට අප අතරට පැමිනෙන්නේ. ඉතින් කොහොමද මේ පවුලූෂා 'ඉවාන් පවුලූෂා' වුනේ. ඔබ ලස්සන වසිලිස්සා කියන පොත කියවා ඇත්නම් 'ඉවාන්' කියන චරිතය මතක ඇතුවාට සැකයක් නෑ. මේ ගීතයේ ප්‍රධාන චරිතයක් වන ඉවාන් පවුලූෂා මේ ආකාරයට හැදෙන්නට ඇති. ගීතයට පදනම් වෙලා තියෙන්නේ 'වානේ පන්නරය ලැබූ හැටි' හි පාවෙල් කොර්චාගින්ගේ කතාවයි.

    මෙහිදී මටනම් 'නිකොලායි ඔස්ත්‍රොව්ස්කි' ගැන නොකියා ගියොත් එය සෑහෙන අඩුපාඩුවක් ලෙසට දැනේවි. ඔහු සෝවියට් දේශය පෝලන්ත හමුදා වලින් බේරාගැනීමට සෑහෙන කැපවීමක් කල පුද්ගලයෙක්. ඔහුට ජීවත් වීමට ලැබෙන්නේ අවුරුදු තිස් දෙකක් වැනි කෙටි කාලයක්. එයිනුත් වසර දොළසක්ම ගතකරන්නේ රෝගීව. ඉතාම දුක්බරම සංවේදී කොටස වන්නේ අවසාන වසර අට ඔහු ගත කරන්නේ අඳුර සමග. ඔහු අන්ධභාවයට පත්වෙනවා. මෙන්න මේ අවදියේදී තමයි මොහු අතින් 'වානේ පන්නරය ලැබූ හැටි' ලියැවෙන්නේ. ඔහුගේ නොපසුබට උත්සාහය මෙහිදී අගය කල යුතුමයි.
    ඉතින් ගීතයේ පසුබිම සහ රුසියානු සාහිත්‍යය ගැන කතා කරා ඇති කියලා හිතෙනවා. ගීතය දෙසට අප මනැස යොමු කරමු. 'දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ'

    මෙහිදී 'හිම' යන වචනයේ යොදාගැනීම පැසසුමට ලක්විය යුතුයි, මන්දයත් එයින් අපට අදහස් දෙකක් හිතාගන්න පුලුවන්. පලමුව හිම යනු අයිස් ලෙස ගත හැකියි. ජීවිතයේ පවතින හිම දියවීම මෙහිදී කියැවේද? එහෙමත් නැතිනම් හිම යන්න 'මොහොත' ලෙස අර්ථ දැක්විය හැකියි. 'හෙට උදය වන විට ජීවිතය දියවී යාම' යැයි සිත්න්නටත් පිලිවන.

    මෙම ගීතයේ කතා නායිකාව 'ඉවාන් පවුළුෂා' කියන රුසියානු තරුණයාට පෙම් බඳිනවා. තරුණිය, තරුණයා පිලිබඳව සෑහෙන විමසිල්ලකින් සිටින බව පෙනේ. තරුණයාගේ නෙත වරක් මේ තරුණිය කෙරේ යොමුවෙනවා. ඇයගේ ලාලිත්‍යයට ඔහුගේ නෙත් ඔහුටත් හොරෙන් මේ තරුණිය වෙත ඇදී යාමනම් කෙසේ වලක්වන්නද? තරුණියට මෙය වැටහෙනවා, 'ඇයි මගේ දිහා හොරෙන් බලන්නෙ, මාත් එක්ක නැටුමකට එන්නට අදහසක් නැද්ද?' මගේ බඳ වෙලාගෙන මා සමග නර්ථනයේ යෙදෙන්නට පමා ඇයි?'

    ඉතින් මේ කාලය නම් එතරම් යහපත් කාලයක් නොවේ. මොකද රුසියානු සිවිල් යුද්දය පැවතුනු 1920 වර්ශයේ තමයි අප සිටින්නේ. මේ තරුණයා බොල්ෂෙවිකයන්ගේ පක්ෂය නියෝජනය කරමින් තමයි සටනට එක්වන්නේ. මෙම යුදමය කටයුතු නිසා ජීවිතය දැඩි අවදානම් තත්වයක පසුවන බව ඔවුන් නොදන්නවාම නොවේ. හෙට දිනයේ ජීවිතය ගැන විශ්වාසයක් නෑ, ජීවිතය අඳුරු අගාදයකට ඇද වැටීමටත් ඉඩකඩ බොහොමයි. 'අනාගතයේ වෙන දෙයක් වෙද්දෙන්' යැයි සිතන මේ තරුණිය, තරුණයාට ඇය සමග ගී ගයා බැලලයිකාව වයා සතුටු වන ලෙසට ආරාධනා කරනව. සටන් පාඨ කියමින් මහමග යනවාට වඩා මෙසේ මොහොතක් හෝ සතුටුවෙන්නට උත්සාහ කරමු' ඇය පවසනවා.
    ඇය මේ සඳහා ඔහු පොලඹවා ගැනීමට දිගින් දිගටම උත්සාහ කරනවා.

    අපි නර්ථනයේ යෙදෙමු, එයින් අපිට රූබරයක් වත් නෙලාගන්නට හැකිවෙයි. ඇත්තටම පවුළුෂා, අපට රූබරයක තරම්වත් සතුටක් ලබන්න පුලුවන් වෙයි. ඒ සතුට සැමරීමට අපි ගී ගයා නටමු. බැලලයිකාව වගේ මාව තුරුල් කර ගන්නවා නේද? කියන්න පවුළුෂා. මගේ එකම සිහිනය ඔබ සමග 'මෂූර්කා' නැටුමකට එක්වීම. අද විතරක්වත් මා සමග නැටුමට එන්න.

    පවතින සමාජ තත්වයෙහි ඇති විපරීත බව ඈ මනාව ගෙනහැරපායි. 'හිනහවෙවී අපි නැටුවත් පොලොවට මොන වෙහෙසක්ද? අපේ මහන්සිය වෙනුවෙන් කඳුලැලි, දහඩියකෙතරම් හෙලුවත් මහ කලු ගල් වලට එයින් පලක් නෑ. ඔවුන්ගේ සිත් උනුවෙන්නේ නෑ. හැබැයි එහෙම උනා කියල මගේ හිතේ දුකක් නෑ. මගේ හිත වාවන් නැත්තෙ ඔබ නිසා පවුළුෂා. ඔව් ඒ ඔබ නිසාමයි. මම විතරක් නෙමෙයි, අනෙක් තරුණියන් පවා ඔබගේ එක බැල්මකට වශී වෙනවා. මගේ හිත හරිම කලබලයි, හරියට ගිනි ජාලාවක් වාගේ. ඔබේ උරහිසේ සැතපෙන්නට මම ආසයි. ඒකෙන් මගේ හිතේ තියන ගිනි නිවී යාවි.
    එන්න පවුළුෂා අපි නටමු, මෂූර්කා නැටුම අපවත් ඕන වෙලා වගේ. ඔබයි මමයි, ඔව් ඔබයි මමයි....

    ~~තේජන අබේදීර~~

    :):)
    Lassana sinduwak, ada thamay oka danagaththe :love:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔබට මෙම ගී මතකද....?
    "සුදු සඳ එළියේ නළ මත පොපියන - හිරිමල් කැකුළක රොන් කෙමියේ..."
    "වෙසක්‌ කැකුළු අතු අග හිඳ නටන විලාසේ..."
    "ඕලු නෙලුම් නෙරිය රඟාලා...."
    ඔබ මේ කවි පෙළවල් අසා ඇතිද?

    ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන්
    වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්
    ඉන් එන පණිවිඩය නුවණට දැනීයන්
    දුටු දුටු විට සිත් තුළ සිල් ගැනීයන්

    - - - - - - - - - - - - - - - - - - -

    මගේ නත්තල දුගියා බත් කන දාය
    මගෙ නත්තල වැරහැලි නැති වන දාය
    මගෙ නත්තල ඔබෙ දුක සැනසෙන දාය
    මගෙ නත්තල මඬු පල්ලියට යන දාය

    - ගරු මර්සිලින් ජයකොඩි පියතුමා.

    මගේ ආගම - ක්‍රිස්තියානි
    මගේ ජාතිය - ශ්‍රී ලාංකික
    මගේ සංස්කෘතිය - බෞද්ධ

    බොදුනු කිතුණු සැමට ප්‍රේමකළ පංසලේ පියතුමා, ගරු මර්සිලින් ජයකොඩි පියතුමා 1098-01-15 ස්වර්ගස්ත විය.

    මේ එළැබෙන නත්තලේ............ මොකද මේ සිංහලේ.......
    උන් වහන්සේගේ ඇගේ දීවේ මොන ලේද?
    උන් වහන්සේ මොන හෙලයේද?

    සහෝදරවරුණි..... දේශපාලකයන්ගේ අතකොළු නොවී, බුද්ධියට ඉඩ දෙන්න.

    :love::cool::cool:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනාගතයේ උපදින දරුවන් සඳහා "ශ්‍රී ලංකාවක්" ඉතිරි කිරීම සඳහා..!

    වසර 2500කට වඩා ලිඛිත ඉතිහාසයක් තිබෙන බුදු දහමේ සහ හින්දු ආගමේ බලපෑමෙන් හික්මවන ලද ජාතියක් ජීවත් වෙන මේ රටේ සංකෘතික සභ්‍යත්වයක් නැතැයි පවසන පුද්ගලයින් සමාජය තුලදී දැක ගත හැකිය.
    ඔවුන් ගෙන හැර දක්වන සමහර උදාහරණ දකින විට දෙකොනින් හිනා යයි.
    සුද්දන් විසින් ලංකාවට කැමරා ගෙන ආ මුල් අවදියේ දී උන්ගේ වහලුන් ලෙස තබා ගත් කෙල්ලන් කිහිප දෙනෙකුගේ ඡායාරූප කිහිපයක් උපුටා දක්වමින් එවකට ලංකාවේ පැවති සංස්කෘතිය මේ යැයි පවසති.
    ඔවුන් පෙන්වන ඊලඟ උදාහරණය සීගිරි ලලානාවන්ය. සීගිරිය යනු කුමක්දැයි නොදන්නා මොවුන් සීගිරි ලලනාවකගේ උඩුකය නිරුවත් පින්තූරයකින් ලංකාවේ තිබුනු සංකෘතික සභ්‍යත්වය මේ යැයි පෙන්වන්න උත්සාහ කරති.
    මුදලට හෝ වෙනත් බලපෑම් නිසා තම රෙදි උනා දැමූ ගැහැණුන් ඕනෑම සමාජයක සිටිති. එදාත් සිටි අතර අදත් ඕනෑ තරම් සොයා ගත හැකියි.
    නමුත් ලංකාව යනු දකින දකින ගැහැනිය සමග නිදි වැදීමේ හැකියාවක් තිබුනු රටක් නොවේ. එසේම ලංකාවේ ගැහැනු ඕනෑම පිරිමියෙකු ඉදිරියේ තම රෙදි උනා දැමුවේ නැත. ලංකාවේ බෞද්ධ ජනතාව පන්සිල් සමාදම් වී කාමයේ මිත්‍යාචාරයෙන් වැළකි සරල දිවි පෙවෙතක් ගත කළ බව ඉතිහාසය සාක්ෂි දේ. හින්දු ජනතාවත් එසේම ය.
    දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කණකර ආභරණ පැළඳ නිදහසේ කාන්තාවකට තනිව මග යා හැකි පරිසරයක් තිබුනු බව ඉතිහාසය අපට සාක්ෂි සහිතව පෙන්වා දේ.
    ලංකාවේ වැඩවසම් රාජාන්ඩු ක්‍රමයක් තිබුනු බව සත්‍යයකි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ලොව රටවල් ක්‍රමානුකූලව මාරුවීමට පෙර සියලු රටවල්වල පාලනය පැවතියේ රාජාන්ඩු ක්‍රමයටය. එය ලංකාවට පමණක් ආවේනික ක්‍රමයක් නොවේ. රජවරු අසීමිත සැප සම්පත් විඳින්නට ඇත. කුවේරයාගේ රජදහන ලෙස හැඳින්වෙන සීගිරිය යනු ඉතා ඉහල සැප සම්පත් විඳි රජකෙුගේ අන්තඃපුරයක් බවට ඓතිහාසික සාක්ෂි තිබේ.
    අන්තඃපුරයක ඇඳ තිබෙන සෘංගාරාත්මක රසයක් ගෙන එන රූප ඇඳ තිබෙනු දැක ඒවා මුලු මහත් රටකම ඉතිහාසය පෙන්වන්නේය යනුවෙන් තර්ක කිරීම අමු මුග්ධ බව මගේ හැඟීමයි. මේ ගොන් තර්ක නිසා දරුවෙකුට කිරි දෙන මවක් දුටු විට එයින්ද කාමය අවුස්සා ගන්නා පුද්ගලයින් සිටින සමාජයක් බවට ලංකාව පත් වෙමින් පවතී.
    එවැනි විකෘතිවලට සහාය දෙන පුද්ගලයෝ මේ රටේ ඉතිහාසයේ අක්මුල් බිඳ දමමින් ශ්‍රී ලංකා ජාතිය අනාථ කර දැමීමේ මුල් පියවර තබමින් තිබේ.

    රටක් යනු භූමිය පමණක් ලෙස සිතන අමනයෝ තමන්ගේ පර්චස් කිහිපයට පමණක් දිවි හිමියෙන් ආදරය කරති. නඩු කියති..මරා ගනිති.
    සමහරුන්ට අනුව ඔවුන් කතා කරන භාෂාව ඔවුන්ගේ රටයි.
    සමහරුන්ට අනුව අදහන ආගම ඔවුන්ගේ රටයි.
    එසේම තවත් සමහරුන්ට මතවාදීව තමන්ගේ පැත්තට ඉන්න පිරිස යනු ශ්‍රී ලංකාව නැමැති රටයි.
    මේ අපි අද අත්දකින ලොකුම විහිලුවයි.
    අන්තවාදීන්ට ඕනෑ හැටියකට නටන්න පුලුවන් පරිසරයක් සාදා දෙනු ලබන්නේ ඉහතින් කී මතවාදී මෝඩයින් සහ කපටියන් ය.
    උන්ට රටට හෙන ගැසුවත් අවුලක් නැත. අවුල් වෙන තරමට උන්ට අවශ්‍ය ගොදුරු වැඩි වැඩියෙන් ලැබේ. බෙදුම්වාදී මාතවාදීන්ට අවශ්‍ය පරිදි නැටවෙන මෝඩයින් මෙන්ම සංකෘතික හෝදාපාලුවෙන් වාසි සොයන කාමුක අමනයින්ද සමාජයක් තුල බහුලය. සමාජය පරිස්සම් විය යුත්තේ පළමු කාණ්ඩයෙන් පමණක් නොවේ. අමනයින්ද වහා පිටු දැකිය යුතුය. මුන්ට රටක වටිනාකමක් නැත. උන් අදහන දේශපාලන මතවාදය අනුව රටට හෙන ගැසුවත් කමක් නැතැයි සිතන ජනතා ද්‍රෝහී අමනයින් පිරිසක්ද සමාජයේ රැඩිකල් ලෙස කැපී පෙනීමට අමන මතවාද පතුරවනු දැක ගත හැකිය. මේ ජනතාවාදී දේශප්‍රේමියා උන් මොක්කු දැයි හොඳින්ම හඳුනන බව පමණක් පැවසීම දැනට ප්‍රමාණවත්ය.
    දේශයට ආදරය කිරීමට නොහැකි එකා දේශයක වටිනාකම නොදන්නා එකා මාතෘ භූමිය වෙනුවෙන් අංශුමාත්‍රයක දෙයක් කිරීමට නොපෙළඹෙයි. ඌ දන්නා රටක් නැත. ඌට රටක් ඕනෑ නැත. ඌට පේන්නේ තමන්ගේ කාමය ඇවිස්සෙන හෙළුවත් බඩ පුරවන පිඟානත් පමණි.
    රට යනු කුමක්ද?
    "රටක් යනු අතීතයේ සිට ආරක්ෂා වී පැවත එන වටිනාකම් සුරකින හා සංස්කෘතික වටිනාකම් අනුගමනය කරමින් ජීවත් වෙන ජනතාවක් වෙසෙන දේශපාලනික වශයෙන් අඛණ්ඩ භූමිය වේ."
    එලෙස පැවසූ වහාම මා හා ගැටුමට එන පිරිස මැවී පෙනේ. අවුලක් නැත.
    අතීතය අමතක කර බලවත් දියුණු ජාතියක් කිසිදා බිහිකිරීමට නොහැකිය. අතීත ශ්‍රී විභූතියෙන් පමණක් අනාගතය සුන්දර කර ගැනීමට නොහැක. ඒ ඉලක්ක සඳහා අභිමානවත් ජාතියක් අවශ්‍ය වේ. හොඳ දේශපාලන නායකත්වයක් ද සැලැස්මක් ද ප්‍රතිඵලද අවශ්‍ය වේ.

    පැහැදිලිවම පැවසිය යුත්තේ ජාතික අභීමාණයක් රහිත ජනතාවක් විසින්ද දියුණු ජාතියක් බිහි කර ගන්නේ නැත.
    මෙරට ජනතාවගේ සිත් තුල ජාතික අභිමාණය දිනෙන් දින පිරිහෙමින් ඒ වෙනුවට ජාතිවාදය හා ආගම්වාදය ආදේශ විමෙන් මේ රට අමු ගොම ගොඩක් බවට පරිවර්තනය වෙමින් පවතී. මේ රට අභිමානවත් දේශයක් බවට පත් වීමට නම් මුලින්ම ජාතිවාදී ආගම්වාදී කුණු මතවාදීවලින් මුදවා ගත යුතු වේ. එලෙසම රටක් ලෙස අභිමානයෙන් කතා කළ හැකි සංස්කෘතිකමය සභ්‍යත්වය තව දුරටත් රැක ගත යුතු වේ.
    හැම එකාම එක්ක ලගින ගැහැනුන් උපත ලබා දෙන දරුවන් උන්ගේම අඩිපාරේ යන බැවින් උන්ගේ දරුවන්ද මේ රටට කරන්නේ අහවල් දේ මිස රටේ අධ්‍යාත්මික හා භෞතික දියුණුවට සත පහක දායකත්වයක් ලබා දෙන්නේ නැත. බහුතරය එලෙස වූ දාට ශ්‍රී ලාංකීය ජාතිය බිහි වීම සිහිනයක් බවට පත් වේ. සමහර අමන මෝඩයින් සැලසුම් සහගත කුමන්ත්‍රණයක ගොදුරු බවට පත් වී උන්ට අවශ්‍ය මතවාදීමය අපරාධයට දායක වෙමින් අභිමානවත් ජාතිය යන සංකල්පය කීතු කරමින් සිටිනු දකින්නට හැකිය.
    සැබවින්ම සිංහල ජාතිය යනු අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයින් පැමිණිමට පෙර තුබුනු ශ්‍රී ලාංකික ජාතිය ලෙස පැහැදිලිව හඳුනා ගත හැකිය.
    සිංහල ජාතිය ඇමරිකන් ජාතිය ලෙසම මිශ්‍ර වී තිබෙනු පැහැදිලිව හඳුනා ගත හැකි සාක්ෂියක් වෙන්නේ පරම්පරා නාම හෙවත් වාසගම් (Surname) ය. සමහර සිංහලයින්ගේ වාසගම් දෙමළ හෝ දකුණු ඉන්දීය සම්භවයක් සහිතය. සමහරුන්ගේ වාසගම් තුල මුස්ලිම් මූල හඳුනා ගත හැකිය.
    අධිරාජ්‍යවාදීන්ට යටත් වී සිටියත් ඉහතින් සඳහන් කළ මිශ්‍රණයක් සහිතව නමුත් ජාතියක් ලෙස එක්වී මේ රට රැක ගැනීමට මෙරට වැසියන්ට එදාත් හැකි විය. අදත් හැකි විය යුතුය. සියලු දෙනා මහා සංස්කෘතියට අනුගත වී මෙතෙක් දුර වටිනාකම් රැකගෙන පැමිණීමට හැකි වීම නිසා බේද භින්න කර රට අවුලට පත් කිරීමට කැස කවන්නන්ට අමාරු වී තිබේ. උන්ගේ සැලැස්ම නොයෙක් හේතු පෙන්වා දෙමින් මිනිසුන් බෙදා වෙන් කර ජාතිය (Nationality) කුඩ පට්ටම් කර දැමීමයි.
    එවිට ශ්‍රී ලංකාවක් තව දුරටත් ඉතිරි නොවේ.
    උන්ගේ සැලැස්ම ඒකය. ඒ සැලැස්ම නොදන්නා සම හරක් විසින් උන්ගේ සැලැස්මට අවශ්‍ය මතවාදීමය ශක්තිය ලබා දෙමින් සිටිති.
    මුන් සියලු දෙනා හඳුනාගත් වහාම හෙළිකිරීමටත් සමාජය ඉදිරියේ නිරුවත් කර දැමීමටත් කටයුතු කළ යුතුය.
    අවසානයට ලියමි. මෛත්‍රී ජනාධිපතිවරයා අල්ලා ගත්තේ වැරදිම තැනකිනි. ඔහුට මේ රට ගැන කැක්කුමක් තිබේ නම් මුලින් ඇඟිල්ල දැමිය යුතු පිරිසිදු කළ යුතු තැන් අපමණවත් තිබේ. ඔහු වටේට සියල්ලම නිරුවත්ව තබා ගනිමින් ආගමික අන්තවාදීන් පිනවීමට ගැලරි කතා පැවසීමෙන් පමණක් ජාතියක ආදරය දිනා ගත නොහැක. ඔහු විහිලුවක් බවට පත් වුනේ එබැවිනි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුරතල් නංගියේ අපෙ සන්නා
    යහපාලනයක ‍ගුණ පෙන්නා
    මැතිවරණෙදි කැහැ කැහැ උන් හින්දා
    සන්න ට මම වැන්දා

    අය්යා කීවා මට හරි නෑ
    ජැක්සන් සන්නට වැඩිය අගෙයි
    නිතරම රජා ට අන්දපු හින්දා
    ජැකියට මම වැන්දා

    නංගී ඒ හිතුවොත් වැරදියි
    එතකොට නංගිට පව් සිදුවෙයි
    රෙජිමයෙ බලයට එරෙහිව ඉදලා
    සන්නා දුක් වින්දා

    ජැක්සන් මරු ටොපි දුන්නේය
    දුන්නම අය්යත් ගිල්ලේය
    රස කර කර ටොපි ගිල්ලෙත් අය්යයි
    බැන්නෙත් අද අය්යයි

    ටොපිය නෙමෙයි මොන ලණු දුන්නත්
    ජැක්සන් කොච්චර උඩ පැන්නත්
    සන්නා ජැකාට වැඩිය හොදයි මට
    නංගියේ ඔබ බැන්නත්

    වරාය බලන්න එදා ගොහින්
    මිනිස්සු වට වී හිටිය නිසා
    මහ තිරයක් දා පෙන්නුවෙ අය්යේ
    ජැක්සන් නොවෙද අපේ

    නංගිගේ ජැකියා සට කපටයි
    අපේ සන්නා නම් සුදුයි කොටයි
    එබැවින් සන්නා ජැකාට වැඩියෙන්
    සුදු පාටින් ඉහළයි

    අය්යේ සුදු නම් ලස්සනද
    කුඩු දුමියත් හරි සුදු නේද
    එහෙනම් අය්යට සැමටම වැඩියෙන්
    ලස්සන කුඩු දුමියයි

    අපි දැන් මෙය බේරාගනිමු
    මැදමුලනේ ගෙන් වත් අහමු
    සන්නද ජැකියද හොද කියලා
    එතකොට මැදමුලනෙ කියයි

    ඔව් ඔව් මම ඒකට කැමති
    මැද මුලනේ මේවා දනිති
    යමු යමු අය්යේ යමු යමු අය්යේ
    මැදමුලනේ ළගටා

    මැද මුලනේ කරුණක් අසමි
    සන්න ද ජැකිය ද වැඩිය අගේ
    කරුණාගෙන් අහලාවත් අප හට
    බේරා දෙනවාදෝ

    සන්නා හොදයි කීවත් වැරදියි...හූ...
    ජැකියා හොදයි කීවත් වැරදියි... හී...
    එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
    නාමල් හොදය කියා....
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උදාවූ නව වසර සියලු දෙනාගේම පැතුම් ඉටුවන සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා.
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    සුරතල් නංගියේ අපෙ සන්නා
    යහපාලනයක ‍ගුණ පෙන්නා
    මැතිවරණෙදි කැහැ කැහැ උන් හින්දා
    සන්න ට මම වැන්දා

    අය්යා කීවා මට හරි නෑ
    ජැක්සන් සන්නට වැඩිය අගෙයි
    නිතරම රජා ට අන්දපු හින්දා
    ජැකියට මම වැන්දා

    නංගී ඒ හිතුවොත් වැරදියි
    එතකොට නංගිට පව් සිදුවෙයි
    රෙජිමයෙ බලයට එරෙහිව ඉදලා
    සන්නා දුක් වින්දා

    ජැක්සන් මරු ටොපි දුන්නේය
    දුන්නම අය්යත් ගිල්ලේය
    රස කර කර ටොපි ගිල්ලෙත් අය්යයි
    බැන්නෙත් අද අය්යයි

    ටොපිය නෙමෙයි මොන ලණු දුන්නත්
    ජැක්සන් කොච්චර උඩ පැන්නත්
    සන්නා ජැකාට වැඩිය හොදයි මට
    නංගියේ ඔබ බැන්නත්

    වරාය බලන්න එදා ගොහින්
    මිනිස්සු වට වී හිටිය නිසා
    මහ තිරයක් දා පෙන්නුවෙ අය්යේ
    ජැක්සන් නොවෙද අපේ

    නංගිගේ ජැකියා සට කපටයි
    අපේ සන්නා නම් සුදුයි කොටයි
    එබැවින් සන්නා ජැකාට වැඩියෙන්
    සුදු පාටින් ඉහළයි

    අය්යේ සුදු නම් ලස්සනද
    කුඩු දුමියත් හරි සුදු නේද
    එහෙනම් අය්යට සැමටම වැඩියෙන්
    ලස්සන කුඩු දුමියයි

    අපි දැන් මෙය බේරාගනිමු
    මැදමුලනේ ගෙන් වත් අහමු
    සන්නද ජැකියද හොද කියලා
    එතකොට මැදමුලනෙ කියයි

    ඔව් ඔව් මම ඒකට කැමති
    මැද මුලනේ මේවා දනිති
    යමු යමු අය්යේ යමු යමු අය්යේ
    මැදමුලනේ ළගටා

    මැද මුලනේ කරුණක් අසමි
    සන්න ද ජැකිය ද වැඩිය අගේ
    කරුණාගෙන් අහලාවත් අප හට
    බේරා දෙනවාදෝ

    සන්නා හොදයි කීවත් වැරදියි...හූ...
    ජැකියා හොදයි කීවත් වැරදියි... හී...
    එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
    නාමල් හොදය කියා....

    :cool::cool:
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    අතීතය අමතක කර බලවත් දියුණු ජාතියක් කිසිදා බිහිකිරීමට නොහැකිය. අතීත ශ්‍රී විභූතියෙන් පමණක් අනාගතය සුන්දර කර ගැනීමට නොහැක. ඒ ඉලක්ක සඳහා අභිමානවත් ජාතියක් අවශ්‍ය වේ. හොඳ දේශපාලන නායකත්වයක් ද සැලැස්මක් ද ප්‍රතිඵලද අවශ්‍ය වේ.
    :yes:

    සුරතල් නංගියේ අපෙ සන්නා
    යහපාලනයක ‍ගුණ පෙන්නා
    මැතිවරණෙදි කැහැ කැහැ උන් හින්දා
    සන්න ට මම වැන්දා

    අය්යා කීවා මට හරි නෑ
    ජැක්සන් සන්නට වැඩිය අගෙයි
    නිතරම රජා ට අන්දපු හින්දා
    ජැකියට මම වැන්දා

    නංගී ඒ හිතුවොත් වැරදියි
    එතකොට නංගිට පව් සිදුවෙයි
    රෙජිමයෙ බලයට එරෙහිව ඉදලා
    සන්නා දුක් වින්දා

    ජැක්සන් මරු ටොපි දුන්නේය
    දුන්නම අය්යත් ගිල්ලේය
    රස කර කර ටොපි ගිල්ලෙත් අය්යයි
    බැන්නෙත් අද අය්යයි

    ටොපිය නෙමෙයි මොන ලණු දුන්නත්
    ජැක්සන් කොච්චර උඩ පැන්නත්
    සන්නා ජැකාට වැඩිය හොදයි මට
    නංගියේ ඔබ බැන්නත්

    වරාය බලන්න එදා ගොහින්
    මිනිස්සු වට වී හිටිය නිසා
    මහ තිරයක් දා පෙන්නුවෙ අය්යේ
    ජැක්සන් නොවෙද අපේ

    නංගිගේ ජැකියා සට කපටයි
    අපේ සන්නා නම් සුදුයි කොටයි
    එබැවින් සන්නා ජැකාට වැඩියෙන්
    සුදු පාටින් ඉහළයි

    අය්යේ සුදු නම් ලස්සනද
    කුඩු දුමියත් හරි සුදු නේද
    එහෙනම් අය්යට සැමටම වැඩියෙන්
    ලස්සන කුඩු දුමියයි

    අපි දැන් මෙය බේරාගනිමු
    මැදමුලනේ ගෙන් වත් අහමු
    සන්නද ජැකියද හොද කියලා
    එතකොට මැදමුලනෙ කියයි

    ඔව් ඔව් මම ඒකට කැමති
    මැද මුලනේ මේවා දනිති
    යමු යමු අය්යේ යමු යමු අය්යේ
    මැදමුලනේ ළගටා

    මැද මුලනේ කරුණක් අසමි
    සන්න ද ජැකිය ද වැඩිය අගේ
    කරුණාගෙන් අහලාවත් අප හට
    බේරා දෙනවාදෝ

    සන්නා හොදයි කීවත් වැරදියි...හූ...
    ජැකියා හොදයි කීවත් වැරදියි... හී...
    එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
    නාමල් හොදය කියා....
    :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කියවලා බලන්න

    wLKHIqO.jpg


    w7JZHeb.jpg


    e4EBhm9.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රොක් සංගීතයේ අබිරහස් ඛේදවාචකය කර්ට් කොබේන්

    curt.gif



    තරිඳු උඩුවරගෙදර

    ඔහු ආදරය කළ දරුවන් දෙදෙ නෙක් හිටියා. එක්කෙනෙක් ඔහුගේ දියණිය ෆ‍්‍රාන්සිස් කොයින්. අනෙක් දරුවා මුළු ලොවක් ආදරය කළ ස්මෙල්ස් ලයික් ටීන් ස්පිරිට් ගීතය. මේ දරුවන් දෙදෙනාම ඉපදුණේ 1992 දී. ගීතමය දරුවා සැබැවින්ම ඉපදුණේ 1991 දී යැයි කියන්න පුළුවන්. කොහොම වුණත් 1994 දී මේ සියල්ල අත්හැරලා යන්න ඔහු තීරණය කරනවා. ඒ ඔහුට වයස අවුරුදු විසිහතක් වෙද්දී. හිසට වෙඩිතබා ගනිමින් ඔහු මිය යනවා. මත්ද්‍රව්‍ය ඔහුව වල්මත් කළා. ඇතැම් විට මත්ද්‍රව්‍යවලටත් වඩා ඔහුව වල්මත් කරන්නට ඇත්තේ කර්ට්නි ලව් සමඟ වූ පේ‍්‍රමය විය හැකියි. ඔහුගේ නම කර්ට් කොබේන්. නිර්වානා සංගීත කණ්ඩායමේ නියමු ගායකයා, ගිටාර් වාදන ශිල්පියා සහ ගීත රචකයා ඔහුයි. ලොව විශිෂ්ටතම ගායකයන් අතර ඔහු ඉන්නවා. මේ සියල්ල අතර සංගීත ලෝකයේ නොවිසඳුණු අබිරහසක් ලෙස කොබේන් හැඳින්විය හැකියි.

    මෙතෙක් බිහිවූ හොඳම ගීතය කුමක්දැයි කාටවත් කිව නොහැකියි. ඒත් හොඳම ගීතය කුමක්දැයි හොයන්නට උත්සාහ කරන්නන් ලොව හොඳම ගීතයයැයි කියන ගීත වන බොහිමියන් රැප්සඩි, හොටෙල් කැලිෆෝනියා, ඉමැජින්, බිලී ජීන් වැනි ගීත අතරෙහි ස්මෙල්ස් ලයික් ටීන් ස්පිරිට් ගීතය ඉදිරියෙන්ම ඉන්නවා. ලොව පිළිගත් ගීත දර්ශක හයක් විසින් ලොව බිහිවූ හොඳම ගීතය ලෙස මේ ගීතය හඳුන්වා තියෙනවා. කොහොම වුණත් මේ ගීතය ලිවීමෙන් සහ ගායනයෙන් සංගීත ලෝකයේ නොමැකෙන සටහන් තැබූ තරුණ ගායකයා සියදිවි නසාගත්තේ ඇයිදැයි නොවිසඳුණු ගැටලූවක් ලෙස පවතිනවා.

    නිර්වානා සංගීත කණ්ඩායම ග‍්‍රන්ග් නම් සියැටල් ප‍්‍රදේශයේ ජනප‍්‍රිය වූ විකල්ප රොක් සංගීත ආර පදනම් කරගත් සංගීත කණ්ඩායමක්. ඔවුන් 1987 සංගීත ලෝකයට පැමිණ ඇල්බම් තුනක් තුළින් සංගීත ලෝකයේම අවධානය දිනාගත්තා. නිර්වානා කණ්ඩායම පැවතුණේ අවුරුදු හතක් පමණයි. ලොව වටා ගිය දීර්ඝ ප‍්‍රසංගමාලා ඔවුන්ගේ නම ඉදිරියේ නැහැ. තොග ගණන් ගීත නැහැ. ඒත් රෝලින්ස්ටෝන් සඟරාව හෝ බිල්බෝඞ් දර්ශකය සංගීත ලෝකයේ අතිවිශිෂ්ටයන් නම් කරන විට ඉදිරියෙන්ම තබන කණ්ඩායම් අතර අනිවාර්යයෙන්ම නිර්වානා ඉන්නවා. 1989 බ්ලීච්, 1991 නෙවර්මයින්ඞ් හා 1993 ඉන් උටේරෝ ඔවුන් විසින් නිකුත් කළ ඇල්බම් තුනයි. ඒ අතරින් ලෝකයේ අවධානය දිනාගත්තේ නෙවර්මයින්ඞ් හා ඉන් උටේරෝ ඇල්බම් දෙක විසින්. මේ ඇල්බම් දෙකම ලෝකයේ වැඩිම අලෙවියක් වාර්තා කළ ඇල්බම් අතර පවතිනවා. නිර්වානා මෙතරම් ජනප‍්‍රිය සංගීත කණ්ඩායම් අතර පවතින කෙටි කාලයක්ම පැවති කණ්ඩායම වෙන්නේ කොබේන්ගේ අබිරහස් මරණය නිසා.

    ඇතැම්විට කොබේන් ගේ මරණයට හේතු එන්නට ඇත්තේ ඔහුගේ ළමා කාලයෙන්ම විය හැකියි. ඔහු 1967 දී උපත ලබනවා. කුඩා කාලයේදීම දෙමාපියන් දික්කසාද වීම නිසා ඔහු පියා සමඟ ජීවත් වෙනවා. පියා දෙවැනි විවාහයක් කරගන්නවා. ඒ විවාහයෙන් දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. පියාගේ නොසැලකිල්ල හා කුඩම්මාගේ වෙනස්කම් කොබේන්ව පීඩාවට පත් කරනවා. එමිනෙම්, පින්ක් වැනි බොහෝ පසුකාලීන කලාකරුවන් මෙන්ම තමන්ගේ පීඩනයෙන් මිදෙන්නට කොබේන් තෝරාගන්නේත් මත්ද්‍රව්‍ය. එක්ස්ටසි හෝ වෙනත් පෙති වර්ග නෙවෙයි කෙළින්ම හෙරොයින්වලට ඔහු යොමු වෙනවා. මිය යනතුරු ඔහු කරතබාගෙන එන සාපය තමයි හෙරොයින්. අවසානයේ ඔහු මියයන්නේත් හෙරොයින් නිසායැයි කිව හැකියි.

    අවුරුදු දාහතරේදී ඔහුගේ චක් නමැති මාමා විසින් කොබේන්ට ගිටාරයක් තෑගි නොකළානම් කොබේන්ගේ ජීවිතය තවත් හෙරොයින්වලට බිලිවූ ඛේදවාචකයක් පමණක් වෙන්නට තිබුණා. ඒත් කොබේන්ගේ දුක්ඛාන්තය කලාවෙන් ලියැවුණු සුවිශේෂී දුක්ඛාන්තයක් වන්නට ඔහු අතට තෑගි ලැබුණු ගිටාරය හා එය වාදනයට ඉගෙනගෙන සංගීතයෙන් ඔහු පෑ විස්මකර්ම හේතු වුණා. පියා සමඟ ජීවත් වන්නට බැරිම තැන තරුණ කොබේන් පියාගේ ගෙදරින් එළියට ගොස් තමන්ගේ නෑදෑයන්ගේ නිවාස අතර සංචාරක ජීවිතයක් ආරම්භ කරනවා. අවසානයේ මව ළඟට යන්න තීරණය කරනවා.

    පාසලේදී කොබේන් සංගීතය නිසා අවධානය දිනා ගන්නවා. ඒත් තරුණ කොබේන්ගේ මාපියන්ගේ ප‍්‍රශ්නය ඔහුව පීඩාවෙන් තවනවා. ‘මම යාළුවන්ට මුහුණ දෙන්න ලැජ්ජා වුණා දෙමාපියන් නිසා. මට ඕනෑ වුණා සාමාන්‍ය දෙමාපියන්. මගේ සමාජ ජීවිතය මේ ලැජ්ජාව නිසා අවුල් වුණා.’ කොබේන් එහෙම කියනවා.

    අවුරුදු විස්ස වන විට කොබේන්ගේ සංගීත සිහිනය යථාර්ථයක් කරගන්නට නිර්වානා කණ්ඩායම කොබේන්ගේ මැදිහත්වීමෙන් පටන් ගන්නවා. මුලින්ම එහි හිටියේ සාමාජිකයන් තුන්දෙනෙක්. පළවෙනි ඇල්බමය නිකුත් වෙනවා. සැලකිය යුතු ජනප‍්‍රියත්වයක් අත්පත් කරගන්නවා.

    ඉන්පසුව කණ්ඩායමට තවත් සාමාජිකයෙක් එකතු කරගන්නවා. 1990 වන විට දෙවැනි ඇල්බමය ආරම්භ කරන ඔවුන් 1991 අගදී එය නෙවර්මයින්ඞ් නමින් නිකුත් කරනවා. 1992 දී ඒ ඇල්බමයේ තිබුණු පෙර කී ග‍්‍රන්ග් සංගීත ශෛලියේ තේමා ගීතය බවට පත්වූ ස්මෙල්ස් ලයික් ටීන් ස්පිරිට් ගීතය කිසිවෙක් නොසිතූ ජනප‍්‍රියත්වයක් අත්පත් කරගන්නවා. ඒ නිසාම නෙවර්මයින්ඞ් අතිසාර්ථක වෙනවා.

    1991 දී කොබේන් කර්ට්ලි ලව් සමඟ විවාහ ගිවිසගන්නවා. 1992 දී කර්ට්ලිට පේ‍්‍රමයේ ප‍්‍රතිඵලයක් ලෙස දියණිය ලැබෙන්න නියමිතව තිබියදී මේ දෙදෙනා විවාහ වෙනවා. දියණිය ලොව එළිය දකිනවා. සියල්ල හොඳින් සිදුවෙමිනුයි පැවතුණේ.

    හත් අවුරුදු සංගීත කණ්ඩායමේ හොඳම කාලය 1992 සිට 1993 මැද හරිය දක්වා පැවතුණා. 1993 දී තෙවැනි ඇල්බමය නිකුත් වුණා. සංගීත ලෝකයම ඇල්බමය ගැන කතා කරන්නට ගත්තා. මේ සියල්ල යට ගිනිපුපුරු හටගන්නේ කොහොමද? මනුෂ්‍ය ස්වභාවය එයම තමයි. සංකීර්ණයි. සියල්ල අතරේ කර්ට්ලි සහ කොබේන් අතර ගැටුම් හා කොබේන්ගේ නිදන්ගත බ්‍රොන්කයිටීස් රෝගය මෙන්ම හෙරෝයින් ඇබ්බැහිය අළු යට ගිනිපුපුරු මෙන් පැවතියා. ඒත් සංගීත ලෝකයට බාහිරින් එය පෙනුණේ නැහැ. කොබේන් ගිටාර් පොළොවේ ගැහුවා. සිගරට් එකක් දල්වාගෙන සිනාමුසු මුහුණෙන් වේදිකාව මත ගිටාරය වැයුවා. කුඩා දියණියත් එක්ක රූපවාහිනී වැඩසටහන්වලට සහභාගි වුණා. එහෙත් 1993 අග වන විට කොබේන් ටිකෙන් ටික සංගීත කණ්ඩායමේ අනෙක් සගයන්ගෙන් සහ පුංචි පවුලෙන් ඈත්වුණා. කිහිප වතාවක්ම සීමාව ඉක්මවා හෙරොයින් ගැනීම නිසා රෝහල්ගත කරන්නට වුණා. ප‍්‍රසංග අතරමග නවත්වන්නට වුණා. වරක් කෝමා තත්ත්වයක් දක්වා ගියා. ලව් සමඟ ගැටුම් ඇති කරගත්තා.

    1994 මාර්තු පළවෙනිදා ජර්මන් සංචාරයේදී කොබේන්ගේ බ්‍රොන්කයිටීස් තත්ත්වය නිසා වෛද්‍ය ප‍්‍රතිකාර ගන්නට රෝමය වෙත ආවා. එහිදී ලව්ද පැමිණ ඔහු සමඟ සිටියා. මාර්තු දෙවැනිදා ඔහු මාත‍්‍රාව ඉක්මවා බෙහෙත් ගැනීම නිසා සිහිය විකල් තත්ත්වයට පත්වෙනවා. කෙසේ වෙතත් දවස් පහක් රෝහලේ සිට ලව් සහ කොබේන් නැවතත් සියැටල්හි නිවසට එනවා.

    සියැටල්හිදී ඔහු සියදිවි නසාගන්නට උත්සාහ කළ බවට ලව් කියනවා. මාර්තු දහඅටවැනිදා ඇය ඒ බව පොලීසියට පැමිණිලි කරනවා. මාර්තු තිස්වැනිදා කොබේන්ගේ මේ තත්ත්වය හා ඔහුගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නිසා පුනරුත්ථාපනය කරන්නට යැයි ලොස් ඇන්ජලීස්හි කඳවුරකට බාර දෙනවා.

    එතැන දින දෙකක් පමණක් සිට කොබේන් සිගරැට්ටුවක් බොන්නැයි කඳවුරු ගොඩනැගිල්ලෙන් එළියට පැමිණ අඩි හයක් උස තාප්පයෙන් පැන සියැටල් වෙත ඇවිත් අතුරුදන් වෙනවා. ලොස් ඇන්ජලීස් සිට සියැටල් වෙත ආ ගුවන් යානයේ කොබේන් සමඟ එකට, සුප‍්‍රකට වූත් නිර්වානා සමඟ ඇතැම්විට තරඟකාරීවූත් ගන්ස් ඇන්ඞ් රෝසස් කණ්ඩායමේ සාමාජික යෙකුත් එනවා. ඔහු කියන්නේ තමන්ව දැක කොබේන් සතුටට පත්වූ බවත් කොබේන්ගේ යම්කිසි වරදක් තිබුණු බව තමන්ට අවබෝධ වුණු බවත්.

    අපේ‍්‍රල් දෙක සහ තුන දවස් දෙකේ කොබේන් කිහිප තැනකම සිටි බව වාර්තා වෙනවා. ඉන් පසුව කර්ට්නි ලව් විසින් කොබේන් සොයාගැනීම සඳහා පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් වන ටොම් ග‍්‍රාන්ට් යොදවනවා. අපේ‍්‍රල් හත්වැනිදා වන විට නිර්වානා කණ්ඩායම බිඳී ගොස් ඇති බවට මාධ්‍ය වාර්තා පළවෙනවා. අපේ‍්‍රල් අටවැනිදා සියැටල්හි සිය නිවසෙහි තමන්ගේ කාමරයේ දොර අගුලූලාගෙන සිය බිරිඳ සහ දියණිය වෙත ලිපියක් ලියා ෂොට්ගන් එකකින් හිසට වෙඩිතබාගනිමින් කොබේන් සියදිවි නසාගන්නවා.

    එතැනින් සියල්ල අවසාන වෙනවා. ලෝකයම තමන් වැළඳගනිමින් තිබුණත් කොබේන්ගේ ජීවිතය ඛේදවාචකයක් වෙනවා. ලෝකයම හඳුනාගනිමින් සිටියත් ඔහුගේ ජීවිතය අබිරහසක් වෙනවා. ඔහුගේ මරණය සැක සහිතයැයි මරණයෙන් පසුව මතයක් පැතිරෙන්න පටන් ගන්නවා. පෞද්ගලික රහස් පරීක්ෂක ටොම් ග‍්‍රාන්ට් රූපවාහිනී වැඩසටහන්වලට එක් වෙමින් කරුණු පෙන්වමින් මේ මරණය සැක සහිතයැයි කියනවා. එහෙත් මේ සැකය එක් දෙසකට යොමු වුණේ නැහැ. විටෙක ලව් වෙතටත් තවත් විටෙක වෙනත් කවුරුන් හෝ වෙතටත් සැකය එල්ල වුණා.

    ඔහු ලියූ සමුගැනීමේ ලිපියේ අත්අකුරුවල නොගැළපීම් වගේම ඔහුගේ ක්‍රෙඩිට් කාඞ්පත මරණයෙන් පසුවත් කවුරුන් විසින් හෝ පාවිච්චි කර තිබීම සැකයට ලක් වුණා. කොබේන්ගේ සීයා මෙන්ම කණ්ඩායමේ සගයන්ද පැවසුවේ ඔහු ජීවිතයේ අසීරුම කාලයක් පහු කරමින් සිටියත් දිවිනසාගන්නට හේතුවක් නොතිබුණු බවයි.

    කොබේන්ගේ අබිරහස් ජීවිතය හා මරණය අළලා වාර්තා වැඩසටහන්, වාර්තා චිත‍්‍රපට පුවත්පත් ලිපි හා පොත්පත් පවා ලියැවුණා. කොබේන්ගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නොමැතිව ඔහුගේ කලාව පවතින්නට තිබුණාද? ඔහු විඳි වේදනාව නැතිනම් ඔහුගේ කලාව බිහිනොවේවිද? අවුරුදු විසිඅටේදී ලෝකයෙන් සමුගත් කොබේන් අබිරහස ගැන ඔහුගේ මරණයෙන් පසුව ප‍්‍රශ්න නැඟුණේ දොස්තයෙවුස්කි හෝ තෝල්ස්තෝයි ඇතුළු ඕනෑ තරම් අපායේ ජීවිත ගත කළ දිව්‍යමය කලාකරුවන් ලෝකය වෙත ඉදිරිපත් කළ ප‍්‍රහේළිකාවල තවත් දිගුවක් ලෙසින්.

    -
     

    waligamaya

    Well-known member
  • 12508814_599047436915797_2333008060663199163_n.jpg



    12548889_599047500249124_1603491314621248758_n.jpg


    12507207_599047606915780_6938610340926669707_n.jpg



    මෙතෙක්‌ හෙළි නොවූ කතාවක්‌

    ලෝක විප්ලවීය දේශපාලන ප්‍රවාහය මත මෙන්ම අධිරාජ්‍යවාදයට එරෙහි සන්නද්ධ අරගල මාවත තුලද අර්නස්‌ටෝ චේ ගෙවාරා යනු ධනේශ්වර ලෝකය සසලකල අසම සම මිනිසාය. ගෝතමාලාවෙදී යැංකි ඇමෙරිකානුවන්ට එරෙහිව අවි දරා සටන් වැදී මොහොතේ සිටම , කියුබානු විප්ලවය විජයග්‍රහණයෙන් අවසන් වන තෙක්ම අර්නස්ටෝ චේ ගවේරා යනු පෙන්ටගනයට , ධවල මන්ධිරයට අංක එකේ සතුරෙකි. කියුබාවෙන් චේ ගේ හදිසි අතුරුදහන් වීමත් සමගම ලොව පුරා ඇති සි අයි ඒ නියෝජිත ජාලය ඔහු මරා දැමීමට උත්සුක විය. චේ ගේ අවසන් රණබිම වූ බොලිවියාවේ ඔහු රැඳී සිටින බවට ලැබුණු තොරතුරු මත , ඔහුගේ ඉරණම විසඳීම පිණිස තෝරාගනු ලැබුවේ සි අයි ඒ සංවිධානයේ ඉතා බිහිසුනුම නියෝජිත පිරිසකි. ඒ අතර හිට්‌ලර්ගේ ගෙස්‌ටාපෝ ජර්මන් රහස්‌ පොලිසියේ ප්‍රධානීන් කිහිප දෙනාගෙන් කෙනකු වූ (Klaus Barbie) ද , උග්‍ර කියුබානු විරෝධියෙකු වූ ෆිලික්ස් රොද්‍රිගොස්‌ ද සම්බන්ද කරන ලදී. ඔවුන් සියලුම දෙනාම බොලිවියන් ජනාධිපති රොනේ බැරියෙන් ටෝස්‌ හා සම්බන්ද කරමින් බොලිවියාවට පිටත් කරන ලදී.

    චේ ග්‍රහණය කරගැනීම වෙනුවෙන් බොලිවියානු සි අයි ඒ එකමුතුවෙන් සැදුම් ලත් විශේෂ කමිටුව විසින් සංකේත අංක කිහිපයක් යොදාගනු ලැබීය. චේ හඳුන්වනු ලද්දේ නොම්මර 500 ලෙසය. චේ පණපිටින් සිටීම හඳුන්වනු ලද්දේ නොම්මර 700 ලෙසය. චේ මැරීම යනු නොම්මර 600 යි. මෙම කමිටුවේ ප්‍රධානියා වුයේ භයානක යුධ අපරාධ කරුවෙකු වූ දෙවැනි ලෝක යුද්ධයේ අවසන් කොටසේදී ගෙස්‌ටාපෝ පොලිසියේ මෙහෙයුම් අංශයක්‌ ප්‍රංශයේ ලියොන් නගරයේ පිහිටුවා එහි ගෙන එන යුදෙව් සහ බ්‍රිතාන්‍ය යුද සිරකරුවන්ට වධදී මැරීම භාරව සිටි ක්ලාවුස් බාර්බී ය. සී. අයි. ඒ. සංවිධානයේ ඔත්තු නිලධරයකු ලෙස බඳවාගත් ඇමරිකාව ජාත්‍යන්තර මාක්‌ස්‌වාදයට විරුද්ධව ගෙන ගිය ව්‍යාපාරයේදී ඔහු පාවිච්චි කළේය. 1965 දෙසැම්බර් මාසයේදී සී. අයි. ඒ. සංවිධානය ක්‌ලාවුස්‌ බාබි, වෙනත් නමකින් බොලිවියාවට යවන ලදී. එයට හේතුව එරට තුළ අසාමාන්‍ය මාක්‌ස්‌වාදී ප්‍රවනතාවක්‌ හටගෙන තිබීමය. ව්‍යාජ නමක්‌ යටතේ බොලිවියන් රහස්‌ පොලිසියට බඳවනු ලැබූ ක්‌ලාවුස්‌ බාබිට අංක 33300252 යටතේ හැඳුනුම්පතක්‌ ද නිකුත් කරනු ලැබීය. චේ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට මේ පළපුරුදු යුද අපරාධකරුවා විශාල මෙහෙවරක්‌ කළේය. ඉතාම අවිනීත, කුසීත, යුද අභ්‍යාස නොකරන, කාලකණ්‌ණි සෙබළුන්ගෙන් සමන්විත වූ එවක බොලිවියානු හමුදාව චේ තබා තමන් ඉදිරියට එන ගැමි සොරකුවත් ඇල්ලීමට සුදුසු නොවන බව පෙන්වා දුන් ක්‌ලාවුස්‌ බාබි එම සෙබළුන්ගෙන් තෝරාගත් පිරිසක්‌ පුහුණු කර බොලිවියන් කඳුකරයට යෑවීම සඳහා ඇමරිකන් කොමාන්ඩෝ පුහුණුකරුවන් පිරිසකගේ උපකාරය අත්‍යවශ්‍ය බව 1967 මුලදී ඇමරිකාවට දැන්වීය. ඇමරිකාව බොලිවියන් හමුදාවට විශේෂ යුද පුහුණුවක්‌ ලබා දීමේ තීරණාත්මක තීන්දුව ගන්නේ ක්‌ලාවුස්‌ බාබිගේ එම නිර්දේශය අනුවය.

    චේ අල්ලා ගැනීමේ න්‍යායාත්මක මෙහෙයුම ක්‌ලාවුස්‌ බාබිට හිමිවූ නමුත් ක්‍රියාන්විතය භාරදෙන ලද්දේ සී. අයි. ඒ. ඒජන්තවරයකු වූ ෆිලික්‌ස්‌ රොඩ්රිගුවේස්‌ටය. කියුබාවේ උපන් අන්ත දක්‍ෂිණාංශිකයකු වූ ඔහු කියුබාවේ හිටපු ආඥදායක බැටිස්‌ටාට පක්‌ෂපාත වූ අතර චේ හා ෆිදෙල් කස්‌ත්‍රෝ එක්‌ව බැටිස්‌ටාගේ රජය පෙරලූ විට ඇමරිකාවේ මයාමි නගරයට පැන ගිය කිහිප දෙනකුගෙන් එකෙකි. පසුව එනම් චේ සහ ෆිදෙල් කියුබාව පාලනය කරන අතර කාළයේ ඔවුන් වෙතින් රාජ්‍ය බලය පැහැර ගැනීම සඳහා අසාර්ථක උත්සාහයක නිරත විය. ඔහු කියුබාවේ සමාජවාදී පාලනය ගැන බලවත් වෛරයකින් පසු වූ අතර එම පාලනය නැති කිරීම සඳහා මුළු ජීවිතයම කැප කළේය. එමතුද නොව ඔහු සෝවියට්‌ සංගමය පරිහානියට පත් වීමට පෙර ලතින් ඇමරිකාව තුළ දලුලා වැඩුණ කොමියුනිස්‌ට්‌ ව්‍යාපාරය නසන්නට විශාල වශයෙන් දායක විය. නිකරගුවාවේ අන්ත දක්‍ෂිණාංශික කොන්ට්‍රා ගරිල්ලන් පුහුණු කරන්නේද ඔහුය. 1980 ගණන්වලදී ආර්න්ජන්ටිනාවේ කොමියුනිස්‌ට්‌වාදීන් සංහාරය කිරීම සඳහා එරට හමුදා රජයට උපදෙස්‌ දෙන්නේද ඔහුය. මාක්‌ස්‌වාදී ලෝකය තුළ ඔහු අන්ත ප්‍රතිගාමියෙකි.

    ඇමරිකාවේ මයාමි නගරයේ පිහිටි ෆිලික්‌ස්‌ රොඩ්රිගුවෙස්‌ගේ රහස්‌ නිවස්‌නයට Will Grant නමැති (BBC) වාර්තාකරු වරෙක පැමිණියේය . එහිදී ඔහු චේ ගේ අවසන් මොහොත ගැන විවිධාකාරයෙන් ප්‍රශ්න නගන්නට විය.
    රොඩ්රිගුවෙස්‌ ඒ පිළිබඳව සඳහන් කල කරුණු වලින් කිහිපයකි මේ ....

    "ඇමරිකන් අදහසට අනුව චේ පැනමාවට රැගෙන විත් නඩු විභාගයකට ඉදිරිපත් කිරීමට තමයි සුදානම් වුයේ . මමත් සහභාගී වූ මුලික සාකච්චාවකදී ඒ වගේ තීරණයකට පැම්නියා. චේ යුධ බිමකදී මිය යාම හා සිරගෙදරක මියයාම සි අයි ඒ සංවිධානය දැක්කේ දෙයාකාරව. යුධ බිමක චේ මිය යාම ලෝක සමාජවාදී විප්ලවයට නව ජවයක් ලැබෙන බවට තර්ක විතර්ක ගෙනාවා. අවසානයේ තීරණය වුයේ චේ ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගැනීමටයි.

    චේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව මම බොලිවියාවේ ලා පාස් නගරයේ සිට නන්චුගුවා කඳුකරයට හෙලිකොප්ටරයෙන් පැමිණියා. එවිට චේ සිටියේ පාදයට වෙඩි වැදී , අඳුරු කාමරයක දෙයත් බැඳ දමලා. මම ඇවිත් ඔහු සමග සාකච්චා කළා. ඒ හැම සාකච්චාවකම තිබුනේ මරණයට මුහුණ දෙන මිනිසෙකුගේ සිතුවිලි නෙමේ. හැම දෙයක්ම දේශපාලන විග්‍රහයකින් කෙලවර උනා. මේ සාකච්චා අතරවාරයෙදී මාගේ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් ඇමතුමක් ලැබුනා. 500 වෙනුවට 600 ක්‍රියාත්මක කරන්න යැයි මට අණ ලැබුනා. එම පණිවිඩයත් සමගම මම තිගැස්සුනා. පණිවිඩ හුවමාරුව බාදා මැද්දේ සිදු වුනේ. ඒ නිසා නැවත මා ඇසුවා 500 යද 600 ද කියා. එවිට ලාපාස් නගරේ සිට මා ඇමතුවේ බොලිවියාවේ ජනාධිපති රොන් බැරියෙන් ටොස් ය. ඔහු හා ඇමෙරිකානු සි අයි ඒ ඉහල නිලධාරීන් පිරිසකගේ සාකච්චාවක ප්‍රතිපලයක් ලෙස මෙය ක්‍රියාත්මක වූ බව පැවසුවා. ඉන් පසුව මා මේ තීරණය පිළිබඳව චේ ගවේරාට පැවසුවා. එවිට ඔහු මා අමතා කියා සිටියේ " ෆිලික්ස් මා මිය යා යුතුව තිබුනේ සටනේදී " කියලා. එවිට මට වැටහුනා චේ කියන්නේ කෙතරම් නිර්භීත මිනිසෙක්ද කියලා ....

    ක්‍රිස්‌තුස්‌ වහන්සේ කුරුසියෙහි ඇණ ගැසීමට පෙර උන්වහන්සේ අත්අඩංගුවට ගත් සෙබළු උන්වහන්සේ ඇඳ සිටින ඇඳුම මරණින් පසු අයිතිවිය යුත්තේ තමන් අතුරින් කාටදැයි වාද කරගත් බවට කතාවක්‌ තිබේ. ඒ පරිද්දෙන් චේ දුම් පානය කළ පයිප්පය ලබා ගැනීමට ඔහු අත්අඩංගුවට ගත් කණ්‌ඩායමේ හැම සෙබළකුටම වුවමනා විය. අවසානයේදී චේ එය දුන්නේ තමන්ට වෙඩි තැබීමට නියමිත වූ සෙබළාටය.
    උපුටා ගැනීම සාලිය සිරිවර්දන සහෝදරයගෙනි
    .


    සදා නොමියන තරුණ විප්ලව වදියනෙනි ඔබට නිවන් සුව පිය නොහැක මන්ද ලෝක ජනතා විප්ලවයට ඔබ අවැසි බැවිනි
     
    Last edited: