නිත්‍යානුකුල නොවන විදියට බැල්කනියක් දාන&
අපේ ගෙදරට එහාපැත්තෙ ඉඩමෙ කට්ටිය අලුතෙන් ගෙයක් හදනව. එයාල අපේ ඉඩම මායිමේ බැල්කනි එකක් දාන්න හදන්නෙ. ප්ලෑන් අනුමත කරන කෙනාගෙනුත් අහල බැලුවම එය කිව්ව එහෙම හදන්න බෑ හදනවනම් බැල්කනි එකේ අඩි 6 ක් උසට බිත්තියක් බඳින්න ඕන කියල. ගෙදර හදන අයගෙන් අහල බැලුවම කිව්වේ එහෙම බිත්තියක් නෑ වැටක් දාන්නෙ කියල. ඒකියන්නේ එයාල ප්ලෑන් එකත් හොරෙන් අනුමත කරගෙන. ප්ලෑන් හදන තැනින් කිව්වේ අපි පැමිණිල්ලක් දාන්න ඕන කියල ඒකට විරුද්ධ වෙලා. එත් මේ කොරෝනා ප්‍රශ්නෙ නිසා ඒ කාර්යාල වහල. එව අරිනකන් හිටියොත් එයාල හදල ඉවරයි ඊටපස්සේ අපිට කරන්න දෙයක් නෑ ලු. පොලිසියත් කීප පාරක්ම කිව්ව ඒත් වැඩක් උනේ නෑ. හරිනම් මේ ඇඳිරි නීතිය වෙලාවෙ ඕව කරන්න බෑ. ඒත් එයාල මේපැත්තෙ PHI ව හොඳට අඳුරනව එයාට කියල අවසර අරගෙන. මීට කලින් එයාල ගෙදර හදන්න පටන්ගන්නකොට එයාලගෙ ඉඩමෙ හාරපු වලවල් වල වතුර පිරිල තිබ්බ. ඒකාලේ මේපැත්තෙ ඩෙංගු උපරිමේටම තිබ්බ එයාලට වලවල් වහන්න කිව්වත් ඇහුවේ නෑ. PHI ට කිව්ව ලිවුම් දුන්න එයත් ගණන්ගත්තෙ නෑ එයාලව අඳුරන නිසා. අපේ අම්මටයි නංගිටයි ඩෙංගු හැදුන එ කාලේ ඒ හැදිලත් PHI වත් ඒගැන ඇහැක් ඇරල බැලුවේ නෑ එයාල අඳුරන නිසා. එච්චර අඳුරනවනම් ඔහොම අවසර ගන්න එක මහදෙයක් නෙමෙයි එයාලට. අපි PHI ට කෝල් කරාමනම් කිව්වෙ එහෙම කිසිම කෙනෙක්ට අවසර දෙන්නෙ නෑ කියල. එහා පැත්තෙ අය වැඩකරන එක ගැන ඇහුවම කෝල් එක කට් කරා. එයාල මේ බැල්කනි එක දාන එක නවත්තන්න නැත්තම් නිත්‍යානුකුලව දාන විදිය වෙනස්කරන්න මට කරන්න පුළුවන් දෙයක් තියනවද?