නිදන් හැරූ unp මන්ත්‍රි පොලිසියට කොටුවෙයි..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    නිදන් හැරූ unp මන්ත්‍රි පොලිසියට කොටුවෙයි..

    නිශ්ශංකමල්ල රජුගේ මහා නිධානය කඩද්දී ඇමති ජෝන්ගේ නෑයා එජාප බස්නාහිර මන්ත්රී පොලීසියෙන් අල්ලයි.. වෙඩි හුවමාරුවෙන් අයෙක් මරුට..

    බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්රී රන්දීර් රොද්රිගු ඇතුළු පිරිසක් නිධානයක් කැඩීමට ගොස් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුව ඇති වෙඩි හුවමාරුවකින් පසු එක් පුද්ගලයකු මිය ගොස් ඇත.
    මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ දිවුලපිටිය, හේන්පිටගෙදර පාසල අාසන්නයේදී වන අතර යෙඩි හුවහාරුවෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

    ඔහු හිටපු නාවුක හමුදා සෙබලෙක්ද වෙයි. පුද්ගලයින් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
    මෙම පිරිස ප්රදේශයේ නිධානයක් කැඞීමට සූදානම් වන්නේ යයි ලද තොරතුරුක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර පොලීසිය එම ස්ථාවයට යද්දී ඔවුන් විසින් වෙඩි තබා ඇති අතර පොලීසියද වෙඩි තබා ඔවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම ප්රදේශය තුල නිශ්ශංකමල්ල රජ කාලයේ විශාල නිධානයක් ඇතැයි ප්රදේශයේ බොහෝ දෙනා කියති.
    සිදුවීම මාධ්යවලට යාම වැළැක්වීම සදහා ප්රබල උත්සාහයක් ගෙන ඇතත් වෙඩි වැදුනු පුද්ගලයා මිය යාම නිසා එම උත්සාහය සාර්ථක වී නැත.

    අත්අඩංගුවට ගෙන ඇති බස්නාහර පළාත් සභා මන්ත්රී රන්වීර් රොද්රිගු මහතා අමාත්ය ජෝන් අමරතුංග මහතාගේ සමීපතම ඥාතියෙකුද වෙයි.

    – අන්තර්ජාල වාර්තා ඇසුරිනි-


    අත්අඩංගුවට ගත් එජාප මන්ත්රී නිවසේ අවි ගබඩාවක්.. බිරිදත් අත්අඩංගුවට..

    ඊයේ දිනයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දිවුලපිටියේදී අත්අඩංගුවට ගන්නා ලද බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රී රන්දීර් රොද්රිගුගේ බිරිදද අත්අඩංගුවට ගෙන තිබේ.

    මන්ත්රීවරයාගේ නිවසේ තිබී ජීව උණ්ඩ 115ක්, වෙඩි නොවදින කබායක්, පිස්තෝල රඳවනයක් සොයාගෙන ඇති අතර බිරිද අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙනි.

    ඊයේ දිනයේ දිවුලපිටියේදී සිදිව ඇති වෙඩි හුවමාරුව නිසා එක් පුද්ගලයෙකු මිය ගියේය. මන්ත්රීවරයා ඇතුළු හත් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
    අත්අඩංගුවට ගත් පිරිස අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය
    -lankaCnews-
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    4608381.gif
    තුඃ... නොදකින්...
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ඒයි හදුනා....

    අන්න ඒ පාර සෙට් එක නිධන් කඩන්න සෙට් වෙලාලු...

    උඹ මෙතන නිදන් ඉන්නේ නැතුව නිධන් කඩන්නේ කවුද බලපන්....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    54.gif

    හික්... හික්... හික්... හිකිස්...

    ඒ.... මේ... රංජා සීන් එක දන්නෙ නැතෙයි තාම...
    කට පුක වහගෙන ඉන්න නිසා ඇහුවෙ
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,889
    1,065
    113
    Hamilton, NZ
    පුදුමයක් නැ කිරි ගෙවියන්ට දෙන්න ගෙනාපු හරක් ටිකත් හොරකන් කරන unp පක්කුනේ :rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    බැංකු කඩනවා, නිදන් ගල් කඩනවා,
    මෙහෙම ගිහිල්ල පෙට්ටියක්වත් ඉතුරු කරගන්න බැරිවෙයිද අප්පා... :eek:

    පෙට්ටි ගැන බයවෙන්න දෙයක් නෑ ආයිබෝවන්ඩ.පුප ගැන තමයි පරිස්සම් වෙන්න ඕනි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ අවුලක් නෑ මේක පරාක්‍රමබාහු යුගේනේ.. ඉතින් උරුම වෙච්ච නිධානයක් ගත්තම මොකද :yes:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපෝ අවුලක් නෑ මේක පරාක්‍රමබාහු යුගේනේ.. ඉතින් උරුම වෙච්ච නිධානයක් ගත්තම මොකද :yes:

    ඔය පරාක්‍රමබාහු කියන්නේ අමු හොරෙක්ද:sorry: