අපේ රටේ සෞඛ්‍ය නිදහස් යැයි නිතර කතා වෙන කරුණක්. ඒත් ඒකේ තේරුම මොකක් ද? ඔබට ලැබෙන සෞඛ්‍ය සේවය නිදහස් ද?
නිදහස් යන්නෙන් මෙහිදී අදහස් වන්නේ නොමිලේ කියන කරුණ විය යුතුයි. නොමිලේ යන්නෙන් අදහස් වන්නේත් ඔබ එයට නොගෙවනවා කියන එකම නෙවෙයි.
ඡන්දය දිලා ඔබ ආණ්ඩුව එක්ක එළඹෙන්නේ ගිවිසුමකට. ඒ තමයි ඔබ සතු පුරවැසි බලයෙන් කොටසක් ඔබ කැප කරලා ව්‍යවස්ථාව කියන ලියවිල්ලට එකඟතාව පළ කරලා, ඒ බලය තාවකාලිකව පිරිසකට බාර දෙනවා. ඒ අය තමයි ආණ්ඩුව හදන්නේ.
ඒ ගිවිසුමට අනුව ඔබ රජයට පොරොන්දු වෙනවා යම් ප්‍රමාණයක් ඔබ උපයන මුදලින් රජය පවත්වා ගෙන යන්න දෙන්න. ඒකට බදු කියලා කියනවා. ඔබ අතරින් බොහෝම සුළු තරයක් දැනගෙන සෘජු බදුත්, බොහෝ විට අපි හැමෝම නොදැන ගෙන වක්‍ර බදුත් රජයට ගෙවනවා. ඒකෙන් තමයි රාජ්‍ය ආදායම හැදෙන්නේ. ඒ ගිවිසුමට අනුව රජය ඔබට විවිධ සේවා සපයනවා. ඒවා අතරින් සුවිශේෂී සේවාවක් තමයි සෞඛ්‍ය සේවාව. ශ්‍රී ලංකාවේ රජය එය නොමිලේ පවත්වා ගෙන යන්න වගකීමෙන් බැඳිලා ඉන්නවා. නොමිලේ කිව්වට ඔබ එයට ඇත්තෙන්ම මුදල් ගෙවනවා. ඒ බදු ලෙස.
එහෙම රජයෙන් පොදු සේවාවක් විදියට ලබාදෙන සෞඛ්‍ය සේවාවක් විසින් රෝගීන්ට ඖෂධ ලබා දී තිබෙන ආකාරයක් තමයි පහතින් දැක්වෙන්නේ. ඔය ලියලා තියෙන්නේ ඒක ඇතුලේ තියෙන කුමක් හෝ දෙය බොන්න තියෙන ආකාරය මිසක් චක්කරේ කට පාඩම් කරන්න කියලා ලියලා තියෙන විදිය නෙවෙයි. ඕක තමයි රාජ්‍ය සේවා වල තත්ත්වය. බලන්න කෙනෙක් නෑ. අහන්න කෙනෙක් නැ. ඇහැව්වත් බැලුවත් කිව්වත් වෘත්තීය සමිති වර්ජන, ගත්ත ඇක්ෂන් එකක් නෑ, වෙච්චි වෙනසක් නෑ. මේ හැන පැමිණිලි කරන්න කෙනෙක් නෑ.තැනක් නෑ. එහෙම කළත් ඒවායේ ප්‍රතිඵලයක් නෑ. කවුරුත් වගකීමක් අරගෙන නෑ. ගන්න කල්පනාවකුත් නෑ.
රටක සෞඛ්‍ය සහ අධ්‍යාපනය කියන්නේ ඒ රටේ පුරවැසියන් ට තියෙන සම්පත් දෙකක්. ඒවා මහජන සේවා මෙන්ම රජයක ප්‍රධාන වගකීමක්. ලෝකයේ විවිධ රාජ්‍යයන් සිය සෞඛ්‍ය ප්‍රතිපත්තිය විවිධ ආකාරයට පවත්වා ගෙන යනවා. සමහරු සම්පූර්ණයෙන් නොමිලේ එය ලාබා දෙනවා. සමහරු ඉන්ෂුවරන්ස් ක්‍රම, ගෙවන ක්‍රම, හදලා තියෙනවා. සමහරු විශ්‍රාම වැටුප් ඉතුරුම් සමග මෙය සම්බන්ධ කරල තියෙනවා. ක්‍රමය කෝක උනත් ඒ රටේ පුරවැසියන්ට ඒ ක්‍රමය තුල උසස් සෞඛ්‍ය සේවාවක් භුක්ති විඳීමේ හැකියාව ලැබෙනවා. කවුරුත් බෙහෙත් නැතුව පාරවල් වල මැරෙන්නේ නෑ.
හැබැයි අපේ තත්ත්වය ශෝචනීයයි. නොමිලේ බෙහෙත් දෙන සෞඛ්‍ය සේවාවක් තිබුණට රජයේ රෝහල් වලට යන්නේ පුද්ගලිකව ඒක කර ගන්න බැරි නම් විතරයි. එක්කෝ සල්ලි නෑ. එක්කෝ විශ්වාස නැ. පවුල් සෞඛ්‍ය සේවාව, පවුලේ වෛද්‍ය සේවාව බොහෝමයක්ම පාසා තියෙන්නේ පුද්ගලික අංශය සතුව.
අපිට තියෙන සෞඛ්‍ය සේවාවත් හොඳ නොහොඳ කලවම් එකක්. හැබැයි මේක ඇතුලේ තියෙන්නෙම වැරදි කළමනාකරණය, ජරා දේශපාලනය සහ අක්‍රමවත් රාජ්‍ය සේවය. ඒ අතරේ විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සිට කම්කරුවන් දක්වා තිබෙන වෘත්තීය සමිති සංස්කෘතිය. තනි තනියෙන් කාටවත් මුකුත් කර ගන්න බැරුව හිර වෙලා පණ අදින සෞඛ්‍ය සේවය.
මේ අමාත්‍යාංශයටම නිවැරැදි දැක්මක් කිසි විටෙක ලැබෙන්නෙ නැ. පහුගිය වසර කීපය පුරාවටම හිටපු ඇමතිලා මේ ඉන්නවා, මේ නෑ. වෙනස් වෙනවා. ඉන්න කාලය තුල පුළුවන් තරම් සොරා කනවා. නියාමනයට මෙන්ම මිළදී ගැනීම් වලට ඉන්න රාජ්‍ය සේවකයින් ඊට එහා හොරු. ඒකනේ සමහරු දැන් හිරේ ඉන්නේ. කොහොම උනත්, මේ රටේ සෞඛ්‍ය තුල වෙනස් විය යුතු ව්‍යුහාත්මක තැන් රාශියක් තිබෙනවා. ඒ සියල්ල වෙනස් නොවී ඉස්පිරිතාලෙ මොනවද කියලා දන්නේ නැතුව කොලේක ඔතලා දෙන බෙහෙත් ටික බීල ඔබට නිදහස් සෞඛ්‍ය ගැන උදම් අනන්න පුළුවන්.
පිරිසිදු දේශපාලනය, ක්‍රමවත් රාජ්‍ය පරිපාලනය මෙන්ම නීතියේ පරමාධිපත්‍ය කියන මුල් ගල් තුන හරියට වැටෙන කම් පොදු සේවා වල තත්ත්වය මෙහෙම තමයි. ඒ නිසා ඔබේ සෞඛ්‍ය සේවාව නිදහස් නෑ. ඒක නිදහස් කර ගන්න වෙන්නේ වැරදි කළමනාකරණයෙන්, අක්‍රමිකතාවෙන්, අකාර්යක්ෂමතාවෙන්, මේ දේශපාලනයෙන්....
පැතුම් කර්නර්
#රටහදනහරිපාර
#පැතූනොමික්ස්
#හරිත