නිදහස_පාවා_දෙන්නන්

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
නිදහස_පාවා_දෙන්නන්

දිනා දුන් නිදහස පාවා දෙන්නන් ද්‍රෝහී වන්නේ තම මවුබිමට හා දරුවන්ටයි.

basil.jpg




ඇමැති බැසිල් රාජපක්ෂ මිනුවන්ගොඩ දී කියයි
දිනා දුන් නිදහස පාවා දීමට කටයුතු කරන පුද්ගලයන් ද්‍රෝහී වන්නේ තම මාතෘ භූමියට සහ රටේ දරුවන්ට යැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය. එවන් ද්‍රෝහීන්ට වර්තමාන හෝ අනාගත පරම්පරාවලින් කිසිදු සමාවක් හිමි නොවන බව ද ඇමැතිවරයා අනාවරණය කළේ ය.
මිනුවන්ගොඩ දී පසුගිය දා පැවැති ශ්‍රීලනිප කාන්තා සමුළුවට එක් වෙමින් රාජපක්ෂ මහතා එසේ සඳහන් කෙළේය. බොහෝ කැපවීම් කර දිනාගත් නිදහස දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් උරුම කර දීම සියලු දෙනාගේ යුතුකමක් හා වගකීම් බව ද හෙතෙම කීවේ ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.
“වසර 30ක් තිස්සේ අපි හැමෝම කුරිරු ත්‍රස්තවාදයෙන් බැට කෑවා. ඒකට ආගමක්, ජාතියක්, පන්තියක් හෝ කුලයක් තිබුණේ නෑ. ත්‍රස්තවාදය අපි හැමෝම පීඩාවට ලක් කළා. උතුරේ වේවා, දකුණේ වේවා, සිංහල, දෙමළ, මුස්ලිම්, මේ මොන ජාතියට අයත් වුණත් මොන විදිහේ බලවතෙක්, අහිංසකයෙක් වුණත්, ත්‍රස්තවාදය නිසා දුක් වින්දා.
ජනාධිපතිතුමා 2005 මුලින් ම බලයට පත් වුණ වෙලාවේ මේ ප්‍රශ්නේ විසඳගන්න උත්සාහ කළේ සාමයෙන්. බලයට පත් වෙලා වසරකට ආසන්න කාලයක් ඒ වෙනුවෙන් මහන්සි වුණා. සාකච්ඡා කළා. හැබැයි කොටින්ට ඒ භාෂාව තේරුණේ නෑ. මාවිල්ආරුවලින් මානුෂීය මෙහෙයුම ආරම්භ කරන්න අපිට සිද්ධ වුණේ ඒකයි.අපි මාවිල්ආරුවලින් මේ මෙහෙයුම පටන්ගන්න කොට ජාත්‍යාන්තර බලපෑම් ආවා. ඒක නතර කරන්න. ඔවුන් කීවේ රනල්, ප්‍රභා ඊනියා සටන් ගිවිසුමට අනුව මේ මාවිල්ආරු සොරොව්ව තියෙන්නේ කොයි පාලන ප්‍රදේශ‍ෙය් කියලා.
රනිල්ගේ සාම ගිවිසුමේ නිරීක්ෂකයෝ විදියට හිටපු රටවල් 05ක් ජනාධිපතිතුමාට කිව්වා මේ මෙහෙයුම නවත්වන්න කියලා. නෝර්වේ එරික් සෝල්හයිම් දැඩි බලපෑමක් කෙරුවා. මානුෂීය මෙහෙයුම පටන් ගත්තොත් ජනාධිපතිතුමාව මානව හිමිකම් කොමිෂමට හරි අන්තර්ජාතික යුධාධිකරණයට ගෙනියනව හරි කියලා මේ අය තර්ජනය කෙරුවා. ජනාධිපතිතුමා ඒ වෙලාවේ කිව්වේ විදුලි පුටුවට නෙවේ. එල්ලුම් ගහට යැව්වත් ජනතාව වෙනුවෙන් කොටි ත්‍රස්තවාදයට එරෙහිව සටන අරඹනවා කියලයි.
එහෙම කියලයි ජනාධිපතිතුමා මේ සටන ආරම්භ කළේ. අපි එදාම දැනගෙන හිටියා මේ සටන දිනුවත් පැරදුණත් ජනාධිපතිතුමාව යුද අධිකරණයට ගෙනියන්න මේ රටවල් උත්සහ කරන බව. අපි මේ දිනාගත්ත නිදහස අපිට විතරක් අයිති නෑ. මේ නිදහස දිනා ගන්න අපි හැමෝම විවිධ කැපකිරීම් කෙරුවා. වැඩියෙන් ම දුක් වින්දේ අපේ රටේ කාන්තාවෝ. අපි හැමෝම දුක් විඳලා දිනා ගත් මේ නිදහස අපේ දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් අයිති කරලා දෙන එක අපේ වගකීම. දෙකඩ වෙලා තිබිච්ච මාතෘ භූමිය නිදහස, ස්වෛරී ඒකීය රටක් විදිහට අපි ඔබට ලබා දුන්නා.
ඒක ඒ විදියට ම ඔබේ දරුවන්ටත්, අයිති කරලා දෙන්න ඕනේ. ඔබ යම් කිසි විදියකින් ඔබට ලැබෙන මේ නිදහස මේ සංවර්ධනය, මේ සමෘද්ධිය ඔබ පමණක් විඳලා රට නැවත කාලකන්නි කරලා දරුවන්ට භාර දුන්නොත් ඒක මහ අපරාධයක්.මේ නිදහස මේ සංවර්ධනය, මේ සමෘද්ධිය ඔබේ දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් අයිති කර දීම ඔබේ පරම යුතුකමක්. තනතුරු ලෝභයෙන් කටයුතු කරන එහෙම නැත්නම් වෙනයම් කාරණයක් නිසා ඒකට අකුල් හෙළන අය පක්ෂයට නැත්නම් අපේ සංධානයට නෙමෙයි ද්‍රෝහී වෙන්නේ තමන්ගේ දරුවන්ට සහ මව්බිමට, ඔවුන්ට අද ඉන්න පරම්පරාවෙන් ‍වත් ඉදිරි පරම්පරාවලින් වත් කිසිදු සමාවක් ලැබෙන්නේ නෑ.
එදා මානුෂීය මෙහෙයුම ආරම්භ කරන වෙලාවේ ජනාධිපතිතුමාට කරපු තර්ජන අද ක්‍රියාත්මක කරන්න බටහිර සහ ඇතැම් දේශීය බලවේග සූදානමින් ඉන්නවා. ඔය බටහිර රටවල් සිරියාවට, ලිබියාවට, ඉරාකයට මැදිහත් වුණේත් ඔය විදියට ම තමා. යහපාලනය නෑ, ප්‍රජාතන්ත්‍රවාදය නෑ, පවුල් වාදය නිසා රට විනාශ වෙලා. මේ වගේ දේවල් කියලා තමා ඔවුන් සිරියාවට, ලිබියාවට ඉරාකයට එරෙහිව කටයුතු කළේ. ඒකට ඒ රටවල්වල ඇතැම් කන්ඩායම්වල සහයෝගයත් ලැබුණා. අද ‍මොකද වෙලා තියෙන්නේ. ඒ රටවල්වල ඉන්න හැම ජාතියක් ම දුක් විඳිනවා.
යුද්ධය නිසා වැඩියෙන් ම පීඩාවට පත් වෙච්ච කාන්තාවෝ අද පෙරට ඇවිත් ඉන්නවා ජනාධිපතිතුමා රැක ගන්න. රටට නිදහස දුන් ජනාධිපතිතුමා රැක ගන්න අපි හැමෝම එකතු වෙන්න ඕනේ වෙලාවක් මේක. එහෙම නැති වුණොත් අපේ රට නැවත අපිට අහිමි වෙනවා. 2005 තීරණාත්මක ජනාධිපතිවරණයේ දී ගම්පහ ජනතාව තමයි ජනාධිපතිතුමා තීරණාත්මක ලෙස ජයග්‍රහණය කෙරෙව්වේ. මේ කාන්තා ශක්තිය දෙස බලපුවාම මෙවරත් ගම්පහ ජනතාව ඒ වෙනුවෙන් පෙළ ගැහිලා ඉන්න බව අපිට පැහැදිලියි.
බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා
“අද විපක්ෂයට ඕනවෙලා තියෙන්නේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න නෙවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව අයින් කරන්න. ඒ වෙන මොනවත් හින්දා නෙවෙයි. බටහිරට ඕනේ විදියට නටන ජනාධිපතිවරයෙක් පත් කර ගන්න. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම කියන්නේ ඔවුන්ගේ එක් සටන් පාඨයක් විතරයි. විධායක ජනාධිපතිධුරය තිබූ නිසයි අපිට යුද්ධය අවසන් කරන්න පුළුවන් වුණේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය අවසන් කරන්නයි විධායක ජනාධිපතිධුරය භාවිතා කෙළේ. බටහිරත් එක්ක එකතු වෙලා විපක්ෂය ජනාධිපතිතුමාව පරද්දන්න හදන්නේ මේ තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන්.
අද අපේ මන්ත්‍රීවරු සල්ලිවලට ගන්න බටහිර රටවල් මුදල් පොම්ප කරනවා. ගුණරත්න වීරකෝන් ඇමැතිතුමාට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් කතා කරලා කිව්වලු දේශපාලන තීන්දුවක් ගන්නවා නම් ඒගොල්ලෝ උදව් කරන්නම් කියලා. මේ කියන්නේ මොකක්ද? විපක්ෂයට එන්න කියලා. ඇයි මේ බටහිර රටවල් ජනාධිපතිතුමාව එළවන්න හදන්නේ එතුමා ඔවුන්ගේ පදයට නටන රූකඩයක් නොවන නිසා. මතක තියා ගන්න. ජනාධිපතිතුමා නැති වුණොත් මේ රට නැවත දෙකට කැඩෙනවා. නැවත රටේ බෝම්බ පුපුරනවා. නැවත රටේ යුද්ධයක් ඇතිවනවා. ඔබ ඒකට කැමැති ද? (රැස්ව සිටි කාන්තාවන්ගෙන් විමසයි. කාන්තාවෝ එක හඬින් ඊට අකමැති යැයි පවසති)
බටහිර රටවල්වල වගේ ම ඔවුන්ට ගැතිව කටයුතු කරන රනිල්, චන්ද්‍රිකා, මෛත්‍රී හවුලේ කුමන්ත්‍රණය පරාජය කිරීමේ වගකීම අපට තිබෙනවා. ජේ. ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා මේ රට‍පාලනය කළා. මේ හැමෝම බටහිරට ඕන විදියට නැටුවා. මේ අය යුද්ධය කරලා අතර මඟදි නතර කළේ බටහිර රටවල් බලපෑම් කරපු නිසයි. දේශපාලන වාසිවලට හෝ බටහිර රටවලට ඇති බය හැමවිටම කොටින්ට එරෙහි ක්‍රියාකාරකම් නතර කළා. අපිත් ඒ කාලේ සුදු නෙළුම්, තවලම් අරන් රට වටේ ගියා. වැඩක් වුණාද? අන්තිමට නටපු නැටුමකුත් නෑ. බේරේ පළුවකුත් නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විතරයි බටහිරට බය නැතුව දේශපාලන වාසි ගැන නොසිතා තීන්දු ගත්තේ. ඒ නිසයි යුද්ධය දිනුවේ.
යුද්ධය දිනපු නිසා රට සංවර්ධනය වෙනවා. රටේ සුරක්ෂිත බව වෙනුවෙන් ජනාධිපතිතුමා රැක ගත යුතුයි.මෛත්‍රීපාල සිරිසේන උන්නැහේ එකට ඉදලා බිත්තර ආප්ප කාලා සර් ජනාධිපති වෙන්න කියලා සුභ පතලා ගිහින් පහුවදා පොදු අපේක්ෂකයා වුණා. එකට ආප්ප කාලා තමන්ගේ නායකයව පාවලා දුන්න කෙනා රට පාවානොදෙයි කියන්න අපිට තියෙන සහතිකය මොකක්ද? මෛත්‍රී, රනිල්, චන්ද්‍රිකා තුන් හවුල මාධ්‍ය හමුවල අඬන්නේ ඇයි? ප්‍රජාතන්ත්‍රවාදය නෑ. නිදහස නෑ කියලා. පවුල්වාදය ගැන කියලා. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න කියලා. මේ එකක් ගැනවත් කතාකරන්න මේ තුන් හවුලට සදාචාරාත්මක අයිතියක් නෑ. මෛත්‍රීපාලටවත්, චන්ද්‍රිකාටවත් පවුල් වාදය ගැන කතා කරන්න මොනම අයිතියක්වත් නෑ. ඒගොල්ලෝ පවුල් වාදය ක්‍රියාත්මක කරන විදිය අපි හොඳට දන්නවා.
දැන් බලන්නකෝ ජනාධිපතිතුමාව දැක්කහම එතුම ළඟට යන්න මිනිස්සු පොර කන විදිහ. ඒ වෙන මොකක්වත් නෙවේ ජනතාවගේ ආදරය. මෛත්‍රීටවත්, රනිල්ටවත්, චන්ද්‍රිකාටවත් මේ ආදරය නෑ. අද ජනාධිපතිතුමා එක්ක පක්ෂ 14 ක් ඉන්නවා. මෛත්‍රී එක්ක ඉන්නේ චන්ද්‍රිකා රනිල් පිල් විතරයි. හෙළ උරුමයේ පළමුවෙනි නායක ස්වාමීන් වහන්සේත් ඉන්නේ අපිත් එක්ක. ඊළඟට මගේ සහෝදරයා ගැන කතා කරලා වැඩක් නෑ. මේ අයට එක පොදු මතයක් නෑ. විධායක ජනාධිපතිධුරය වුණත් අහෝසි කිරීම ගැන එක එක් කෙනාට එක එක මත. තිස්සට පැය 24 යි. මෛත්‍රීට දින 100යි. මංගලට පැය 48 යි. අඩුගානේ එකතුවෙලා බොරුවක්වත් කියා ගන්න මේ හවුලට බෑ.
මේක දැන් කැඳ හැලියක්. ජනතා විමුක්ති පෙරමුණ මේක දන්න නිසයි මග හැරලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයට මේ මැතිවරණයෙන් පස්සේ වෙන්නේ අද ජනතා විමුක්ති පෙරමුණට අත්වෙලා තියෙන ඉරණමටත් වඩා දරුණු ඉරණමකට මුහුණ දෙන්න.මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල මහතාද මෙහිදී අදහස් පළ කළේය. මෙම හමුවට කාන්තාවන් අති විශාල පිරිසක් එක් වූහ.
 

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
සිරිසේනගේ උන් දාපු දේට අනුව කතා කරන්න තරම් දැනුමක් නැහැ.
 

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    දිනා දුන් නිදහස පාවා දෙන්නන් ද්‍රෝහී වන්නේ තම මවුබිමට හා දරුවන්ටයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    නිදහස දිනා දුන්නේ සිංහලු ගොඩක් එකතු වෙලා 1948 දී සුද්දන්ගෙන්
    දැන් මොන හුට්ටක්ද යකෝ මේ ඇමරිකන් කාරයෝ අලුත් නිදහසක් ගැන කියන්නේ