නිදාගත්ත ඇද අසුරන එක තවදුරටත් හොද පුරද්ද&#3482

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    නිදාගත්ත ඇද අසුරන එක තවදුරටත් හොද පුරද්ද&#3482

    නිදාගත්ත ඇද අසුරන එක තවදුරටත් හොද පුරද්දක් නෙවෙයි. හේතුව දන්නවා ද?

    506a3452dbd0cb305d001303._w.1500_s.fit_.jpg

    පුංචිම කාලේ ඉදින් අපි හැමෝටම අම්මා උගන්වන්වපු හොද පුරුද්දක් තමයි උදේ නැගිට්ටාම නිදාගත්ත ඇද තිබුණු විදිහට හදන එක. මතක ඇතිනේ අම්මා කොයි තරම් මේ දේ පුරුදු කරන්න මහන්සි උනාද කියලා. ඒත් නවතම අධ්‍යනයකින් සොගෙන තිබෙන විදිහට ඔබ තවදුරටත් මේ පුරුද්ද පවත්වාගෙන යාම ඔබේ සෞඛ්‍යට එතරම් හොද දෙයක් නෙමෙයි.

    එයට හේතු වශයෙන් ඔවුන් දක්වන්නේ, ඔබ උදෑසනින්ම ඇද අසුරන විට සාමාන්‍යයෙන් මුලින්ම කරන්නේ ඔබේ පොරවනය අකුලන එකයි. ඔබ නොදැනම ඔබ නමා තැබූ පොරවනය තුල මිලියන ගණනක් දූවිලි මයිටාවන් ජීවත්වන බවයි ඔවුන් කියන්නේ. ඔබේ සමේ මැරුණු සෛල හා දහඩිය ආදිය අහාරයට ගනිමින් සිටින මෙම මයිටාවන් නිසා ඇදුම සහ ආසාත්මිකතා ඇති වන බව සොයාගෙන තිබෙනවා. නමුත් උදෑසනම ඇද අසුරන්නේ නැතිව තිබෙන විට මයිටාවන් නැවුම් වාතයට සහ හිරු එළියට නිරාවරණය වීමෙන් විනාශ වී යනවා.

    පරීක්ෂණ කණ්ඩායම මෙයට විසදුමක් විදහට කියන්නේ උදෙන්ම ඇදෙන් නැගිට්ට වෙලාවේම ඇද අසුරන් නැතිව උදෑසන ආහාරය ගෙන ඔබේ වැඩ කටයුතු සදහා සූදානම් වීමෙන් පසු ඇද සකසනවා නම් එය හොද පුරුද්දක් කියලයි. ඔවුන් තවදුරටත් කියන්නේ සති දෙකකට වරක්වත් ඔබේ ඇද ඇතිරිලි, පොරවන සහ කොට්ට උර සෝදා පිරිසිදු කිරීමෙන් මයිටාවන්ගෙන් වන සෞඛ්‍ය ගැටළු අඩු කරගන්න පුළුවන් බවයි.


    ඉස්සුවේ මෙතනින් ....
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,572
    16,406
    113
    හිරු එලිය වැටෙන්නේ නැත්තන් මොකෑ කොරන්නේ . :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මචන් මම ඕක දැනගෙන සෑහෙන්න කාලයක් තිස්සේ පිලිපදිනවා :lol::lol:
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    හිරු එලිය වැටෙන්නේ නැත්තන් මොකෑ කොරන්නේ . :(

    ටෝච් එකක් ගහපන්....

    ඇයි බන් හැම කාමරේකටම ඉර එලිය වැටෙනවද? සතියකට සැරයක් වත් කොට්ට මෙට්ට අව්වේ දාපන්....