නිදිකුම්බා මලකට හාදුවක්
මේ දවස්වල කොළඹට හෝ ගාලා වැස්ස. වැඩ ඇරිලා කලින් එන්න පුළුවන් වෙච්චි දවසක යහමින් කිරි දාපු කෝපි කෝප්පයක් හාන්සි පුටුවේ අත් ඇන්ද උඩින් තියාගෙන මම බැල්කනියෙන් එහාපැත්තේ පේන ලෝකේ දිහා බලාගෙන ඉන්නවා. ඒ ලෝකේ එච්චර ලොකු නෑ. හරිම පටුයි. දකුණු පැත්තෙත්, උතුරු පැත්තෙත්, බස්නාහිර පැත්තෙත් ඊටත් අමතරව ඈතින් පේන තව බිල්ඩිමකත් බෝඩිම් තියෙනවා. ඒ බෝඩිම්වල ගෑනු ළමයි, පිරිමි ළමයි වෙන වෙනම ඉන්නවා.
ගෑනු ළමයි, පිරිමි ළමයි එකට ඉන්න බෝඩිම් නැත්තෙමත් නැති වුණාට, අපේ කුලීගෙදර කිට්ටුවෙ ඒ වගේ බෝඩින් නෑ. ගෑනු ළමයින්ගේ බෝඩිම් පැත්තෙන් රෑට හින්දි සින්දු ලාවට ඇහෙනවා. එයාලගේ හීනලෝක උඩින් ෂාරුක් ඛාන් හරි රිතික් රෝෂන් හරි ඇවිදගෙන යන හැටි මට ඒ අතරින් පේනවා. පිරිමි ළමයින්ගේ බෝඩිම් පැත්තෙන් පැදුරු සාජ්ජ, ක්රිකට් මැච් එකක් තියෙන දවසට නම් පපරෙ සද්ද එහෙමත් ඇහෙනවා. ඔය සද්ද දෙජාතියෙම මිහිරියාවක් තියෙනවා.
බෝඩිම් ජීවිත කියන්නේ වෙනමම කතාකරන්න ඕන මාතෘකාවක් කියලා මට ඔහොම ඉන්න අතරෙ හිතෙනවා. දැන් මම ඉන්නේ බෝඩිමක නොවෙන හින්දා, මම හිතන්නේ බෝඩිම් ජීවිතේ ගැන ලිව්වට අාරෝගන්න කවුරුත් නෑ.
බෝඩිම් ජීවිත ගෙවන හැමෝටම ඒ ජීවිතේ වෙහෙස නිවාගන්නත් එක්ක ගමන් සගයෙක් ඉන්නවා. හුඟක් වෙලාවට ඒ සගයා තමන්ගේ කාමරේ හරි එහෙමත් නැත්නම් යාබද කාමරේ හරි ඉන්න පුළුවන්. ඒ දෙන්නා අතරේ රහස් නෑ. රහස් තියාගන්න ඕන වුණත් තියාගන්න හැටියකුත් නෑ. තමන්ගේ එහාපැත්තේ ඇඳේ හරි තනී බිත්තියකින් වෙන්වුණු එහා කාමරේ හරි ඉන්න ඒ සගයගෙන් හැංගිලා ඉන්න තරමට ජීවිතේ රහස් බලවන්ත නෑ.
මගේ එක බෝඩිම් කාමරේක සිවිලිමක් නැති වුණාට උලු වහලක් තිබුණා. සිවිලිම වෙනුවට සුදුපාට ඉටි කොළ සෙවිලි කරලා තිබුණා. ඒ ඉටිකොළ මොනවාදෝ ක්රමේකට එකිනෙකට අලවලා තිබුණත් හයියෙන් වහින දවසට සුළං සැරට ඒ ඉටි කොළේ එහාටයි මෙහාටයි පැද්දිලා ඉටිකොළ උඩ ඉතිරි වෙලා තිබුණු කුණු රොඩු පොළොවට වැටුණා. “ඕවට සිවිලිම් ගැහුවම උගුඩුවෝ බෝවෙනවා..” කියලා බෝඩිමේ ඇන්ටි එහාට මෙහාට ඇදලා පැදලා ඇස් කරකවලා එහෙම දවසක කිව්වා.
ඒවට උත්තර දීලා තවත් කන් පුරවගන්න බෝඩිමේ කාටවත් ඕන නෑ. බෝඩිමේ කෑම දෙන්නේ නෑ. කෑම කඩ තියෙන්නෙත් බෝඩිමට සෑහෙන්න ඈතින්. ඉතින් සමහර රාත්රී කාලවල කෑම ගේන්න කඩේ යන්න එක බෝඩින් හිතකටවත් හිත් පහළ වෙන්නේ නෑ. එහෙම දවසට ක්ෂණික නූඩ්ල්ස් පැකට් පිහිටට එනවා. හීටරෙන් රත්වෙන වතුර භාජනේ ඇතුළේ නූඩ්ල්ස් ඉදෙනවා. හිස්වෙච්ච නූඩ්ල්ස් කවර දකින බෝඩිමේ ඇන්ටිට අපි ගැන දුක හිතෙනවා. “ඔය ක්ෂණික කෑම ජාති කන එක ඇඟට ගුණ නෑ දුවේ...කියලා එයා එහෙම දවසට කියනවා. එයා අපිට “දුවේ” කියන්නේ එහෙමත් දවසක නිසා මේකේ මොකක් හරි අමුත්තක් තියෙන්න ඕනේ කියලා හිතාගෙන අපි මූණෙන් මූණ බලාගන්නවා. ඒ අපි ගැන දුකට වැඩියෙන් මාසෙ අන්තිමට එන විදුලි බිල ගැන දුකක් විත්තිය බෝඩිමේ අපිට තේරෙනවා. ඒත් “ඔව් නේද ඇන්ටි” කියලා නොතේරුණු ගාණට ඉන්න අපි හැමෝම පරිස්සම් වෙනවා.
තවත් එක්තරා බෝඩිම් නැවතුම් පොළකදී මට නුවර එළියේ ගෑනු ළමයෙක් මුණ ගැහෙනවා. කොළඹ රටේ එයාට රස්නෙ වැඩි හින්දදෝ මන්දා එයා දවසට දෙපාරක් ඇඟ සෝදනවා. සතියකට හතර පස්පාරක් නානවා. ඒ බෝඩිමේ ඇන්ටි අර ගෑනු ළමයා නාන්න ගිය වෙලාවේ ඉඳලා නාන කාමරය දිහා රවාගෙන බලාගෙන ඉන්නවා.
පස්සේ දවසක බොරු වැරැද්දක් පටලෝගෙන අර ළමයට බෝඩිමෙන් යන්න කියනවා. එයා මගේ බෝඩින් සගයා වෙච්චි හින්දම මම එයත් එක්ක අලුත් බෝඩිමක් හොයන්න යනවා. සමහර බෝඩින් ගෙවල සුනඛ පෝතකයෝ කවුරු හරි බෝඩිමක් හොයන්න එනකල් බලාගෙන හිටියා වගේ ගේට්ටුව දිහාවට බුරාගෙන එනවා.
ඒ වගේ බෝඩිම් ගෙවල අයිතිකාරයෝ, “ඇයි ගෑනු ළමයි දෙන්නෙක් විතරක් ආවේ? මවුපියොත් ආවා නම් නේද හොඳ කියලා අහනවා. “අපිට බෝඩිම් මාරුකරන්න වෙන හැමපාරම ශ්රී ලංකාවේ ඈත දිග්බාගවල ඉදලා මවුපියන්ට කොළඹ එන්න බෑ කියලා අපිට තේරුණාට එයාලට තේරෙන්නේ නෑ. එහෙම බලන්න ගිය සමහර බෝඩිම් කාමර ඇතුළෙ හැරෙන්නවත් ඉඩ මදි. තට්ටු දෙකේ ඇඳන් එකක් උඩ එකක් හිටගෙන තමන්ගේ පහස ලබන්න කවුරු හරි එනකල් බලාගෙන ඉන්නවා. ඒ කාමරවල විදුලි පේනුවක් වත් පේන්න නෑ. “තේ බොන්න වතුර උණු කරන්නේ කොහොමද?” කියලා ඇහුවම, “ආ උදේට ඇවිත් කුස්සියෙන් ඉල්ලුවොත් උණු වතුර කෝප්පයක් දෙන්නම්” කියලා කියනවා. එහෙම වෙලාවට බෝඩිම් හොයන්න යන අයට “මේ මොන විකාරයක්ද?” කියලා හිතුණත් එහෙම කියාගන්න විදිහක් නෑ.
එක ගෙදරක බොහොම සුරුවමට හැදුණු ඉඩ පහසුකම් හුඟක් තියෙන කාමරයක් තියෙනවා. මගේ නුවර එළියේ යාළුවා එක පාරටම කාමරේට කැමති වෙනවා. ඒත් මේ වගේ කාමරයක් මෙච්චර කාලයක් ඉතුරු වෙලා තිබුණෙ කොහොමද කියලා මට හිතෙනවා. යාළුවා එයා තෝරගත්ත අලුත් බෝඩිමට යනවා. ඒත් එයාට පෙන්නපු කාමරේ එයාට ලැබෙන්නේ නෑ. ඒ කාමරේ අලුත්වැඬියා කටයුතු වගයක් කරන්න තියෙනවා කියලා ඒ බෝඩිමේ අංකල් කියනවා.
ලැබුණු කාමරේ බොහොම ඉඩ පහසුකම් මදි. ඒ බෝඩිමට ආපු හැමෝටම පෙන්නලා තියෙන්නේ සැප පහසු කාමරය විත්තියත් ඒත් ඒ හැමෝටම ලැබිලා තියෙන්නේ අඩු පහසුකම් කාමර විත්තියත් තේරුම් ගන්න මගේ යාළුවට ටිකක් කල් යනවා. ඒ බෝඩිමේ අර පහසුකම් පිරිච්ච කාමරේ තාමත් පිළිසකර කරන්න නියමිතව තියෙනවා.
ගෑනු ළමයින්ගේ බෝඩිම්වලට එනවා නම් හවස හතට කලියෙන් එන්න ඕන. ඒ නීති පොත්වල ලියලා නෑ. ඒ වුණත් රහස් විදිහට ඒ නීති ක්රියාත්මක වෙනවා. එක බෝඩිමක් තිබුණා රාජකාරි කටයුත්තක් හින්දා එන්න ප්රමාද වුණත් එන වාහනේ බෝඩිමේ ගේට්ටුව ළඟටම ඇවිත් නවත්තන්න ඕනේ. එහෙම නොවුණොත් ඒ ගෑනු ළමයා “හොර ගමනක් ගිහින්...” ඒ බෝඩිමේ ඇන්ටි හිතුවේ එහෙමයි. හිතුවා විතරක් නෙමෙයි එයා නවාතැන් අරගෙන ඉන්න අනිත් ගෑනු ළමයි එක්ක ඒ විත්තිය කිය කියත් ගියා. තවත් සමහර බෝඩිම්වල රෑ නවය වෙනකොට ලයිට් නිවන්න ඕනේ. එහෙම නැතිවුණොත් බෝඩිමේ අයිතිකාර ඇන්ටි කාමරවලට ඇවිත් ලයිට් නිවලා ගියා.
“බෝඩිම් ජීවිතේ ඉතින් ඔහොම තමයි, ගෙවල වගේ සැප සාත්තු බලාපොරොත්තු වෙන්න බැහැනෙ” කියලා තතු දන්න උදවිය හිත හැදෙන්න කියලා හිතාගෙන කිව්වත්, බෝඩින් ජීවිතේ තිත්ත ඇත්ත ඕකයි. ඒත් ඒ කටු උඩින් ඇවිදගෙන ගිය ජීවිතේ ඉඳ හිට නිදිකුම්බා මල් වගේ සුන්දර මල් මුණගැහුණෙ නැතුවමත් නෙමෙයි.
මට නිදිකුම්බා මල් ගැන කියනකොට එක්තරා බෝඩිමක අංකල් කෙනෙක් මතක් වෙනවා. එයා හිටියේ තාත්තලා අම්මලාගෙන් වෙන් වෙලා මුලින්ම ගියපු බෝඩිමේ. තාත්තා කෙනෙක් දුවකුට උවමනා, නුවමනා සියල්ලෙන්ම සාරසොබාවට සලකනවා වගෙයි එයා බෝඩිම් වෙච්ච ගෑනු දරුවන්ට සැලකුවේ. මීට මාස තුන හතරකට උඩදි එයා ඒ බෝඩිම් ගෙදරම සාලෙ මැද අතැඟිලි බැඳගෙන අත්දෙක පපුව උඩින් තියාගෙන ඇස් වහගෙන නිදා ගෙන හිටියා. ඒ කාලෙ බෝඩිම් වෙලා හිටිය හැම ගෑනු දරුවෙක්ම එදා අංකල් බලලා යන්න ආවා. ඒ හැමෝගෙම ඇස්වල නිදිකුම්බා මලක් වෙනුවෙන් පැන නැඟුණු කඳුළක් තිබුණා.
ගියපාර උපන්දිනේට ලස්සන සුවද මල්පොකුරක් ලැබුණා. “ඉස්සර දවසක බෙදාගත් ජීවිතය වෙනුවෙන්...” කියලා ලියපු ලියවිල්ලක් ඒ මල්පොකුරේ ඇමිණිලා තිබුණා. ඊටත් යටින් බෝඩිම් සගයෙකුටත් වැඩිය සහෝදරියක් විදිහට හිතට දැනුණු කෙනකුගේ නමක් තිබුණා. ඒ වෙලාවෙත් සතුටටද දුකටද මන්දා මගේ ඇස් දෙක යාන්තමට තෙත්වුණා.
ළඟදි දවසක මම හීනයක් දැක්කා. ඒ හීනේ මම නිදිකුම්බා ගාලක ඇවිදිමින් හිටියා. ඒත් ඒ මත්තේ නිදිකුම්බා මල් යායක් පිපිලා තිබුණා. මම හිමීට පහත්වෙලා ඒ නිදිකුම්බා මලකට හාදුවක් දුන්නා.

උපුටා ගැනීමකි.