මම මේ ත්රෙඩ් එක දාන්නේ මට උන දෙයක් ගැන සදහන් කරන්න. ඒ තමයි මට අවුරුදු 15 ක් විතර කාලේ මම ඉස්කෝලේ ගිහිං ඇවිත් නිදාගෙන ඉන්නකොට එක පාරටම වගේ ඇහැරුනා. ඇහැරුනා කිව්වේ ඒ වෙලේ මගේ ඇස් දෙක අරින්න පුළුවන්. කාමරය හොදට පෙන්වා. හැබැයි අතපය,ශරීරය,ඔලුව මක්කරලා වත් හොලවන්න වත් බෑ. ඒ කියන්නේ මට අවට පෙනවා, ඒක මතකයටත් යනවා. හැබැයි කායිකව කිසිම ප්රතිචාරයක් දක්වන්න බෑ. ඔය සිදුවීම මුලින්ම වෙලා දැන් වසර සැහෙන කාලයක් ගතවෙලා තිබෙන්නේ. ඒ කාලය ඇතුලත් පස් හය සැරයක් ඔය දේම මට සිද්ධ උනා. සමහර වෙලාවට වසර ගණනාවකට සැරයක් එහෙම වෙනවා.
මේ ලගදිත් දෙපාරක් ඔහොම උනා. ඉතිං මේ වගේ දේවල් ගැන අදහස් දක්වන විවිද ජනතාව කියන්නේ මෙහෙම වෙන්නේ පිටසක්වල ජීවීන්ගේ බලපෑම, ලේ උරා බොන වැම්පයර්ස් වරුන්ගේ බලපෑම වගේ දේවල් කියලයි. ඒ කියන්නේ ඔවුන්ගේ අදහස පිටසක්වල ජීවින් පැමිණ ඔවුන්ව විවිද පර්යේෂණ වලට එහෙම ලක්කරද්දී ඔයවගේ ශරීරය පණනැති කරනවා කියලයි. ඔබ එක්ස්ෆයිල්ස් වැනි කතාංග බලා ඇත්තම් එහිත් ඇතැම් නාටක වල මෙවැනි සිදුවීම් තිබෙනවා දක්නට පුළුවන්.
ඇත්තටම මොකක්ද මේ සිද්දිය? මේ ගැන කරුණු හොයල බලද්දී තමයි මේකේ ඇත්ත මට දැනගන්න ලැබුනේ. මේ වගේ මනස අවදි උනත්,ශරීරය හොලවන්න බැරිව,අංශභාග රෝගියෙක්ගේ වගේ තත්වයකට සිරුර පත්වීම හදුන්වන්නේ ස්ලීප් පැරලයිස් හෙවත් නිදි ආඝාතය කියලයි. මේක වෙන්නේ මෙහමයි, අපි නිදාගැනීමෙන් පසු හීන ආදිය පෙනිමේදී අපගේ ශරීරය ඉබේම අංශභාග රෝගියෙක්ගේ වගේ තත්වයකට පත්වෙනවා. මේක ඇවිල්ලා ශරීරයේ තිබෙනා ආරක්ෂක උපක්රමයක්. ඒ කියන්නේ මෙහෙම වෙන්නේ අප දකිනා හීනය අනුව ශරීරය චලනය වීම වැළැක්වීමටයි. එම නිසා හීනය දකිනා විට එහි ඇති ඒ මොහොතේ ශරීරය මගින් ක්රියා කරවීම වලක්වනවා. හැබැයි මේක හරියට උනේ නැති උනාම තමයි සමහරු හීනෙන් ඇවිදින්නේ.
ඉතිං ඔය වගේ හීනය දැකීමෙන් පසු හදිසියේම මනස යතාතත්වයට පත්වීමෙන් පසු,අප්රාණිකව ඇති ශරීරය ඒ තත්වයෙන් මිදී, යතා තත්වයට පත්වෙන්න යම්කසි කාලයක් ගතවෙන්න පුළුවන්. අන්න ඒ කාලය තුල අපගේ මනස යතාතත්වයට පත්ව ඇති නිසා අවට ඇතිදේවල් පේනවා, ඒවා මනස තුලට යනවා. හැබැයි කිසිම දෙකට ප්රතිචාර දක්වන්න බැහැ. ,මේක දුලබ දෙයක් නොවෙයි. ඒ හින්ද ඊලග සැරේ මෙවැනි දෙයක් සිදුඋනොත් බයවෙන්න ඕනි නෑ. මොකද ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා ඔබ දැන් දන්නා නිසා.
....
මම මේ කාරණය මෙතන ටයිප් කරලා පැහැදලි කරේ මාත් ඔය අත්දැකීම විදලා ඇති නිසයි. ඔය වගේ ස්ලීප් පැරලයිස් තත්වයට පත්උනාම සැහෙන්න බය උනා මම මුල් වතාවලදී. ඒ වගේ වෙන අයත් මෙතන ඉන්න පුළුවන් හින්දයි මේ කාරණය පැහැදලි කරේ.
හැමෝටම තෙරුවන් සරණයි.