නිධන් වස්තු සොයා..නිධන් අරන් හොදින් ඉන්න පුලුවන්ද..?

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,568
    1,624
    113
    scaled(20).jpg
    scaled(21).jpg


    මේක මම කාලයක් තිස්සේ කියන්න හිටපු දෙයක්..හැමෝම කියනවා සජිත් නිදන් ගන්නවා කියලා එහෙම අරගෙන හොදින් ඉන්නවා කියලා බලපන් උට පිස්සු හැදිලා නේද කරන වැඩ වලින් දේශපාලනේ නෙමෙයි එත් උ එහෙමයි නේද..උ විතරක් නෙමෙයි නිදන් වස්තු ගත්ත කිසිම කෙනෙක් හොදින් ඉදලා නැනේ උබලා එහෙම හොදින් අවුරුදු 5 ක් ඉදපු එකෙක් පෙන්නපන්...නිදන් ගනිද්දී මන්ත්‍ර ගුරු කම් කරලා කරන්නේ නිදනෙට අරක් ගත් බහිරවයාව බැද ගැනීම නැත්නම් පොරගේ බලය නැති කිරීම ඒ බලය නැති කිරීම ඕනෙම වෙලාවක නැති වෙන්න පුළුවන් උබලා දන්නවනේ ජලනන්දන පිරිත එක කිව්වොත් කව්රු හරි එකෙක් ඒ ලගින් යද්දී..මොකද වෙන්නේ මන්තර වල බල බිදෙනවා ඒ මොහොතේම ඒ වෙනකම් හිරකරගෙන ඉදපු බහිරවයා එලියට ඇවිත් උබෙන් ගේම ඉල්ලනවා අනිවාරෙන්ම...එක ඇත්ත කතාවක් කියන්නම්
    අපේ තාත්තගේ පලවෙනි පත්වීම පොළොන්නරුවට එතකොට කොහොමහරි අවුරුද්දක් දෙකක් විතර ඉද්දි ඒ පැත්තෙන් අඳුරගත්ත යාලුවො සෙට් එකක් තාත්තට කතා කරල මචං මෙහෙමයි අපි මේක පොඩි වැඩක් කරනවා උඹත් බලන්න එනවනං වරෙන් යන්න කොහොමහරි ඉතිං අපේ තාත්ත ගිහිල්ලා තියෙනවා ගිහිල්ලා තියෙන්නෙ landmasters වලින් අතහැර දාලා තිබුණු පරණ හේනක තමයි නැවතිලා තියෙන්නේ. ගල් කඩන්න කටු ගල් බෝර වෙඩි බෙහෙත් එතකොට කට්ටඩි කීපදෙනෙක් තව කොල්ලෝ 8 දෙනෙක් බිලි දෙන්න කුකුළු සත්තු ඔය වගේ ගොඩක් දේවල් ගිනිහිල්ලා තිබුණා ලු කොහොමහරි එදා හවස හයේ විතර ඉඳලා ගල්තලාවක් උඩට ගිහිල්ලා රෑ 12 විතර වෙනකන් කට්ටඩි තුන්දෙනෙක් එකතු වෙලා මැතිරුවා ලු ඉරි වගයක් එහෙම gale ඇඳලා ඊට පස්සේ ගල විදලා ගල් බෝර දාලා ගල කඩාගෙන කඩාගෙන යනකොට තබ තහඩු වගයක් එහෙම හම්බ උනාලු ඒකෙ මොනවද සිතියමක් වගේ එකක් ඇඳලා තිබුණා ලු ඒක බලල කිව්වලු තව අඩි දහඅටක් විතරක් ගල කඩන්න තියෙනවා කියලා ඔය අතරේ අපේ තාත්තට පම්ප් එකක් දාන්න ඕනේ වෙලා ඔතනින් පොඩ්ඩක් මාරු වෙලා ගිහිල්ලා තියෙනවා ටික වෙලාවක් ගිහිල්ලා දුමක් හෙම දාලා හිමීට එනකොට නිධානේ ගන්න හදන තැන මහ සද්දයක් ඇහෙනවා ලු එකපාරටම දුවල බලන්නේ නැතුව ඔලුව දාලා බැලින්නම් පොලිස් ජීප් දෙකක් ඇවිල්ල මිනිස්සු ටික ඔක්කොම පටෝගෙන මාංචු දාලා ගෙනිච්වාච්ලු.. තාත්තා කොහොමහරි කැලේ මැද්දට දුවලා දුවලා ගිහිල්ලා එදා රෑ පරණ හේනක නිදාගෙන ඉඳලා බොහොම අමාරුවෙන් පාර හොයාගෙන ඉස්කෝලේ ගුරු නිවාසයට ඇවිල්ල තියෙනව... පොලිසිය කියලා තියෙන්නේ මහ රෑ ලන්තෑරුමක් අරගෙන ආපු මිනිහෙක් මිනිස්සු කට්ටියක් නිධානයක් ගන්නවා තැන පෙන්නන්නම් එන්න කියලා කතා කරා ඊට පස්සෙ පොර ජීප් එකේ නග්ගගෙන එද්දි ඔන්න ඔතන ඉස්සරහ කියලා තැන පෙන්නලා පොර අතුරුදහන් වුණා ලු ඒ කියන්නේ උඹලා විශ්වාස කරන එකක් නෑ අවුරුදු දහස් ගණනකට කලින් නිධානේ බාර දුන්න බහිරවයා තමයි ඒ ආවෙ මිනිස් වෙස් අරගෙන ඌට එහෙම මිනිස්සු එකක් අරගෙන එන්න පුළුවන් වුනා නම් ඌට නොපෙනී මොන තරම් දේවල් කරන්න පුළුවන්කමක් ඇත්ද.. ඔය ගොඩක් නිදන් කරලා තියෙන්නේ තමන්ට විශ්වාසවන්තම මනුස්සයෙක්ම අඬගහගෙන ගිහිල්ලා ඒ මනුස්සයට මම ගිහින් එනකන් මේ වස්තු උඹ බලාගනින් කියලා බාරදීලා ඒ මනුස්සයා හා මම බලාගන්නම් කියලා කියනකොටම කඩුවෙන් ගහලා බෙල්ල කපලා මරලා කාලාන්තරයකට බෙදීමක් ඇති කරලා එහෙම කරහම ඒ මනුස්සයා එතැනම නයෙක් පොළගෙක් හෝ වෙන භූතයෙක් පෙරේතයෙක් වෙලා ඒ නිධානය ආරක්ෂා කරනවා කිසිම කොන්දේසියක් නැතුව යේක අයිතිකාරයා ඇරෙන්න වෙන කිසිම කෙනෙකුට ගන්න දෙන්නෙ නැහැ මොන යම් හේතුවකින් ගත්තත් ඒකේ පළිය ගන්නවා කවදම හරි ඒ නිසා නිදන් හිතාගෙන ඉන්නවනම් උඹලත් සතුටින් ඉන්න නම් හිතන්න එපා.!
     
    Last edited:

    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    මොන දේ වෙන්නත් ලැබීම තියෙන්න ඕනි සහෝ. බලෙන් කිසි දෙයක් ගන්නත් බෑ. එහෙම අරන් සැනසීමක් ලැබෙන්නෙත් නෑ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    නිධානෙ හෑරුවට පස්සේ පොලිසියට කියන්න නං බහිරවයෙක් වැඩක් නෑ නෙ :baffled: උගේ වගකීම හාරන්න කලින් වැඩේ නවත්තන එක

    ඌ හරි දුර්වල බහිරවයෙක් :lol::lol::lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,397
    1
    101,282
    113
    34
    Kalutara
    පුදුමයි උඹලගේ තාත්තව සැක කලේ නැත්තේ අරුන්, පම්ප් එක දාන්න යනවා කියල කැලේට ගිහින් කෝල් එකක් අරගෙන පොලිසියට ඔත්තුව දුන්න කියල සැක කරන්නේ නැත්තන්,

    BTW, grandmaster කිව්වේ landmaster එකටද? :baffled:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ඔව් එක ඇත්ත ඔහොම සින් 2ක 3ක්ම දන්නවා මම
    ලගම එක උනේ මගේ යාළුවො 2 ක් ට
    මුනුත් ඔය නිදානයක් ගන්න ගියා දුර කට්ට්ටඩ් එහෙම හොයාගෙන බඩු අරගෙන
    කොටින්ම තියන සල්ලි ඔක්කොම වගේ යට කරලා එකට ඕනේ බඩු අරන් ගියේ මුන් දෙන්න නිදනේ ගන්නවාමයි කියල
    එදා රැ ඔක්කොම ලෑස්ති කරගෙන මුන් ගෙයක් අරගෙන ඉදලා
    එලි උන ජාමේ ගල තියෙන හරියට යනකොට මුන්ට පාරවල් වැරදිලා එලි වෙනකන් පාර හොයා ගන්න බැරිව පිස්සුවෙන් ඇවිදලා
    2 වැනි දවසෙත් ඔහොම වෙලා කොහොම හරි අර ගන්න දෙන්නෙම නැතුව මුන්ව පිස්සු වට්ටලා
    අන්තිම දවසේ මුන් අවුලක් නැතුව ප්ලේස් එකට ගිහින් මතුරනකොටම පොලිසියෙන් ඇවිත් කුදලන් ගිහින්
    මු කොහොම හරි සතියක් දෙකක් පොලිසියේ ලැගල කොලබ ආව කොහොම හරි
    හරියටම වෙච්ච සිඉන් එක මුන් කිව්වේ නැ මොකද මුන් ලෙසටම බය වෙලා මොකකට හරි
    බොනකොට තමා ඔය සින් එක කිව්වෙත්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    නාවින්න පවුල දන්නවා නේද? ඔය ලොන්ත නාකි ඇමතියෙක් එහෙම හිටියේ.කරුණාවන්ත වෙදතුමෙකුත් ඉන්නවා . මෙයාලගේ ගම වාරියපොල , හලාවත පාරේ. සෑහෙන්න පාරම්පරික දේපල තියෙනවා දැනටත්.

    මෙයාලගේ ආදී අත්තෙක් /මුත්තෙක් ට නිධානයක් ලැබිලා කියලා ආරන්චියි පැරණි කතා වල හැටියට.

    ඒ ඩෑල් එක කුඹුරු කරලා තියෙන්නේ.බර පතල ලොකු පවුල් නිසා, සෑහෙන්න මහන්සි වෙලා කුඹුරු වල වැඩට යොමු වෙලා. රැයක් දවාලක් නැතිව මහන්සින්වෙන චරිතයක්.ඉතින් වෙළ ආසන්නයේ තිබ්බ ගල් තලාවක තමයි මෑන් ලිපක් හදන්නේ,කහට ටිකක් වක්කර ගන්න.රෑට වැඩ දවසට ගිණිමැලේ ගහන්නේත් ඒකෙමයි. ඔහොම අවුරුදු බර ගාණක් මැන් ඔය ගල උඩ ගිණි ඇවිලෙව්වා..ඉතින් ගිණි මැළේ නිවෙන්න වතුර පාරකුත් ගහගෙන තමයි ගෙදර යන්නේ. ඔහොම ඔහොම ගිණි ගහනවා, වතුර ගහනවා අවුරුදු බර ගාණක්, අඩුම අවුරුදු 30-40 ක් වත් වැඩේ වෙළාලු.

    ඉතින් දවසක් ඩෑල් එක ගල් තලාවේ වාඩි වෙලා කහට එකක් ගහ ගහ කල්පනා ලොව මල් වනේ රජ වෙලා ඉද්දී දැක්කලු ගල් පොත්තක් ගැලවෙලා වගේ.පැරණි අය හැම දේකින්ම වැඩක් ගන්න චරිත නිසා, ගල් පොත්ත ගලෝ ගන්න උදැල්ල දාලා ඉස්සලා.

    හප්පට සිරි වෙන්න....ගුහාවක් නැත්නම් ලොකු වලක් රත්‍රන් පුරෝලා.


    මෑන් ගොඩ.....පව්ලේ අය ගොඩ අද දක්වාම.