ලංකාවේ නිදන් වල රත්තරන් අච්චර ප්‍රමානයක් තියෙනවය, මෙච්චර ප්‍රමානයක් තියෙනවය කියන එව්වා සම්පුර්ණ බොරු. ලංකාවේ අතීතයේ ඉදන් රත්තරන් නිස්සාරය කලෙත් නැහැ. තිබ්බෙත් නෑ. මැණික් නං තිබුනා.
අනික තමයි ගජමුතු කියලා දෙයක් ඇත්තෙත් නැහැ. පෙළක් වෙලාවට නිදන් ගන්නවා කියලා ලක්ෂ ගානක් වියදම් කරන් ගන්නා වස්තුවල වර්ථමාන වටිනාකම අනුව බලද්දී පෞරාණික වටිනාකම ඇරෙන්න වෙන වටිනාකමක් නැහැ. ලක්ෂ දහයක් වියදම් කරන් ලක්ෂෙක දේවල් ගන්නේ.
අනික් වැදගත් දේ තමයි නිදන් ගැනීම තහනම් නැහැ ලංකාවේ නීතිය අනුව. මිනිස්සු ගොඩක් හිරේ යන්නේ රක්ෂිතවල, පුරාවිද්‍යා භුමි වල අනවසර කැනීම් කරලා මිසක් නිදන් ගත්තා කියලා නෙමෙයි.
තමුන්ගේ ඉඩමේ නිදානයක් තියෙනවා කියලා දන්නවා නං පුරාවිද්‍යා එකෙන් මේක පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භූමියක් නෙමෙයි කියලා තහවුරු කරන්, කැනීම් සදහා අවශ්‍ය බලපත්‍ර පතල් හා සමීක්ෂණ එකෙන් අරං, අනෙකුත් පළාත් පාලන ආයතන වලින් අවසර අරං කිසිම ගැටළුවක් නැතුව සිදු කරන්න පුළුවන්. එකේදී ඔය කියනවා වගේ නිදන් වස්තු හම්බුනොත් එව්වා රට ඇතුලේ විකුන්නනත් කිසිම තහනමක් නැහැ. ඒ විතරක් නෙමෙයි, අදාල වස්තුව විදෙස් රට වලට විකුනුවට ගැටළුවක් නැහැ විතරක් නෙමෙයි, ඒවාය වටිනාකමත් මැණික් හා ස්වර්ණාභරණ එකෙන් තක්සේරු කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ වස්තුව ලංකාවේ උරුමයක් නෙවෙයි කියන සහතිකය අරං, පිට රටකට විකුනුවට කමක් නෑ කියලා ලෝකේ ඕනිම කෙනෙක්ට ඔය කියනා නිදන් වස්තු විකුනන්නත් පුළුවන්.