නිධන් වස්තු සොයා..නිධන් අරන් හොදින් ඉන්න පුලුවන්ද..?

SLCyberKing

Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    ලංකාවේ නිදන් වල රත්තරන් අච්චර ප්‍රමානයක් තියෙනවය, මෙච්චර ප්‍රමානයක් තියෙනවය කියන එව්වා සම්පුර්ණ බොරු. ලංකාවේ අතීතයේ ඉදන් රත්තරන් නිස්සාරය කලෙත් නැහැ. තිබ්බෙත් නෑ. මැණික් නං තිබුනා.

    අනික තමයි ගජමුතු කියලා දෙයක් ඇත්තෙත් නැහැ. පෙළක් වෙලාවට නිදන් ගන්නවා කියලා ලක්ෂ ගානක් වියදම් කරන් ගන්නා වස්තුවල වර්ථමාන වටිනාකම අනුව බලද්දී පෞරාණික වටිනාකම ඇරෙන්න වෙන වටිනාකමක් නැහැ. ලක්ෂ දහයක් වියදම් කරන් ලක්ෂෙක දේවල් ගන්නේ.

    අනික් වැදගත් දේ තමයි නිදන් ගැනීම තහනම් නැහැ ලංකාවේ නීතිය අනුව. මිනිස්සු ගොඩක් හිරේ යන්නේ රක්ෂිතවල, පුරාවිද්‍යා භුමි වල අනවසර කැනීම් කරලා මිසක් නිදන් ගත්තා කියලා නෙමෙයි.

    තමුන්ගේ ඉඩමේ නිදානයක් තියෙනවා කියලා දන්නවා නං පුරාවිද්‍යා එකෙන් මේක පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භූමියක් නෙමෙයි කියලා තහවුරු කරන්, කැනීම් සදහා අවශ්‍ය බලපත්‍ර පතල් හා සමීක්ෂණ එකෙන් අරං, අනෙකුත් පළාත් පාලන ආයතන වලින් අවසර අරං කිසිම ගැටළුවක් නැතුව සිදු කරන්න පුළුවන්. එකේදී ඔය කියනවා වගේ නිදන් වස්තු හම්බුනොත් එව්වා රට ඇතුලේ විකුන්නනත් කිසිම තහනමක් නැහැ. ඒ විතරක් නෙමෙයි, අදාල වස්තුව විදෙස් රට වලට විකුනුවට ගැටළුවක් නැහැ විතරක් නෙමෙයි, ඒවාය වටිනාකමත් මැණික් හා ස්වර්ණාභරණ එකෙන් තක්සේරු කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ වස්තුව ලංකාවේ උරුමයක් නෙවෙයි කියන සහතිකය අරං, පිට රටකට විකුනුවට කමක් නෑ කියලා ලෝකේ ඕනිම කෙනෙක්ට ඔය කියනා නිදන් වස්තු විකුනන්නත් පුළුවන්.
    සිරා කතාව.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    View attachment 82464View attachment 82465

    මේක මම කාලයක් තිස්සේ කියන්න හිටපු දෙයක්..හැමෝම කියනවා සජිත් නිදන් ගන්නවා කියලා එහෙම අරගෙන හොදින් ඉන්නවා කියලා බලපන් උට පිස්සු හැදිලා නේද කරන වැඩ වලින් දේශපාලනේ නෙමෙයි එත් උ එහෙමයි නේද..උ විතරක් නෙමෙයි නිදන් වස්තු ගත්ත කිසිම කෙනෙක් හොදින් ඉදලා නැනේ උබලා එහෙම හොදින් අවුරුදු 5 ක් ඉදපු එකෙක් පෙන්නපන්...නිදන් ගනිද්දී මන්ත්‍ර ගුරු කම් කරලා කරන්නේ නිදනෙට අරක් ගත් බහිරවයාව බැද ගැනීම නැත්නම් පොරගේ බලය නැති කිරීම ඒ බලය නැති කිරීම ඕනෙම වෙලාවක නැති වෙන්න පුළුවන් උබලා දන්නවනේ ජලනන්දන පිරිත එක කිව්වොත් කව්රු හරි එකෙක් ඒ ලගින් යද්දී..මොකද වෙන්නේ මන්තර වල බල බිදෙනවා ඒ මොහොතේම ඒ වෙනකම් හිරකරගෙන ඉදපු බහිරවයා එලියට ඇවිත් උබෙන් ගේම ඉල්ලනවා අනිවාරෙන්ම...එක ඇත්ත කතාවක් කියන්නම්
    අපේ තාත්තගේ පලවෙනි පත්වීම පොළොන්නරුවට එතකොට කොහොමහරි අවුරුද්දක් දෙකක් විතර ඉද්දි ඒ පැත්තෙන් අඳුරගත්ත යාලුවො සෙට් එකක් තාත්තට කතා කරල මචං මෙහෙමයි අපි මේක පොඩි වැඩක් කරනවා උඹත් බලන්න එනවනං වරෙන් යන්න කොහොමහරි ඉතිං අපේ තාත්ත ගිහිල්ලා තියෙනවා ගිහිල්ලා තියෙන්නෙ landmasters වලින් අතහැර දාලා තිබුණු පරණ හේනක තමයි නැවතිලා තියෙන්නේ. ගල් කඩන්න කටු ගල් බෝර වෙඩි බෙහෙත් එතකොට කට්ටඩි කීපදෙනෙක් තව කොල්ලෝ 8 දෙනෙක් බිලි දෙන්න කුකුළු සත්තු ඔය වගේ ගොඩක් දේවල් ගිනිහිල්ලා තිබුණා ලු කොහොමහරි එදා හවස හයේ විතර ඉඳලා ගල්තලාවක් උඩට ගිහිල්ලා රෑ 12 විතර වෙනකන් කට්ටඩි තුන්දෙනෙක් එකතු වෙලා මැතිරුවා ලු ඉරි වගයක් එහෙම gale ඇඳලා ඊට පස්සේ ගල විදලා ගල් බෝර දාලා ගල කඩාගෙන කඩාගෙන යනකොට තබ තහඩු වගයක් එහෙම හම්බ උනාලු ඒකෙ මොනවද සිතියමක් වගේ එකක් ඇඳලා තිබුණා ලු ඒක බලල කිව්වලු තව අඩි දහඅටක් විතරක් ගල කඩන්න තියෙනවා කියලා ඔය අතරේ අපේ තාත්තට පම්ප් එකක් දාන්න ඕනේ වෙලා ඔතනින් පොඩ්ඩක් මාරු වෙලා ගිහිල්ලා තියෙනවා ටික වෙලාවක් ගිහිල්ලා දුමක් හෙම දාලා හිමීට එනකොට නිධානේ ගන්න හදන තැන මහ සද්දයක් ඇහෙනවා ලු එකපාරටම දුවල බලන්නේ නැතුව ඔලුව දාලා බැලින්නම් පොලිස් ජීප් දෙකක් ඇවිල්ල මිනිස්සු ටික ඔක්කොම පටෝගෙන මාංචු දාලා ගෙනිච්වාච්ලු.. තාත්තා කොහොමහරි කැලේ මැද්දට දුවලා දුවලා ගිහිල්ලා එදා රෑ පරණ හේනක නිදාගෙන ඉඳලා බොහොම අමාරුවෙන් පාර හොයාගෙන ඉස්කෝලේ ගුරු නිවාසයට ඇවිල්ල තියෙනව... පොලිසිය කියලා තියෙන්නේ මහ රෑ ලන්තෑරුමක් අරගෙන ආපු මිනිහෙක් මිනිස්සු කට්ටියක් නිධානයක් ගන්නවා තැන පෙන්නන්නම් එන්න කියලා කතා කරා ඊට පස්සෙ පොර ජීප් එකේ නග්ගගෙන එද්දි ඔන්න ඔතන ඉස්සරහ කියලා තැන පෙන්නලා පොර අතුරුදහන් වුණා ලු ඒ කියන්නේ උඹලා විශ්වාස කරන එකක් නෑ අවුරුදු දහස් ගණනකට කලින් නිධානේ බාර දුන්න බහිරවයා තමයි ඒ ආවෙ මිනිස් වෙස් අරගෙන ඌට එහෙම මිනිස්සු එකක් අරගෙන එන්න පුළුවන් වුනා නම් ඌට නොපෙනී මොන තරම් දේවල් කරන්න පුළුවන්කමක් ඇත්ද.. ඔය ගොඩක් නිදන් කරලා තියෙන්නේ තමන්ට විශ්වාසවන්තම මනුස්සයෙක්ම අඬගහගෙන ගිහිල්ලා ඒ මනුස්සයට මම ගිහින් එනකන් මේ වස්තු උඹ බලාගනින් කියලා බාරදීලා ඒ මනුස්සයා හා මම බලාගන්නම් කියලා කියනකොටම කඩුවෙන් ගහලා බෙල්ල කපලා මරලා කාලාන්තරයකට බෙදීමක් ඇති කරලා එහෙම කරහම ඒ මනුස්සයා එතැනම නයෙක් පොළගෙක් හෝ වෙන භූතයෙක් පෙරේතයෙක් වෙලා ඒ නිධානය ආරක්ෂා කරනවා කිසිම කොන්දේසියක් නැතුව යේක අයිතිකාරයා ඇරෙන්න වෙන කිසිම කෙනෙකුට ගන්න දෙන්නෙ නැහැ මොන යම් හේතුවකින් ගත්තත් ඒකේ පළිය ගන්නවා කවදම හරි ඒ නිසා නිදන් හිතාගෙන ඉන්නවනම් උඹලත් සතුටින් ඉන්න නම් හිතන්න එපා.!

    Menna me kathwanm math ahala tynwa bn
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ලංකාවේ නිදන් වල රත්තරන් අච්චර ප්‍රමානයක් තියෙනවය, මෙච්චර ප්‍රමානයක් තියෙනවය කියන එව්වා සම්පුර්ණ බොරු. ලංකාවේ අතීතයේ ඉදන් රත්තරන් නිස්සාරය කලෙත් නැහැ. තිබ්බෙත් නෑ. මැණික් නං තිබුනා.

    අනික තමයි ගජමුතු කියලා දෙයක් ඇත්තෙත් නැහැ. පෙළක් වෙලාවට නිදන් ගන්නවා කියලා ලක්ෂ ගානක් වියදම් කරන් ගන්නා වස්තුවල වර්ථමාන වටිනාකම අනුව බලද්දී පෞරාණික වටිනාකම ඇරෙන්න වෙන වටිනාකමක් නැහැ. ලක්ෂ දහයක් වියදම් කරන් ලක්ෂෙක දේවල් ගන්නේ.

    අනික් වැදගත් දේ තමයි නිදන් ගැනීම තහනම් නැහැ ලංකාවේ නීතිය අනුව. මිනිස්සු ගොඩක් හිරේ යන්නේ රක්ෂිතවල, පුරාවිද්‍යා භුමි වල අනවසර කැනීම් කරලා මිසක් නිදන් ගත්තා කියලා නෙමෙයි.

    තමුන්ගේ ඉඩමේ නිදානයක් තියෙනවා කියලා දන්නවා නං පුරාවිද්‍යා එකෙන් මේක පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භූමියක් නෙමෙයි කියලා තහවුරු කරන්, කැනීම් සදහා අවශ්‍ය බලපත්‍ර පතල් හා සමීක්ෂණ එකෙන් අරං, අනෙකුත් පළාත් පාලන ආයතන වලින් අවසර අරං කිසිම ගැටළුවක් නැතුව සිදු කරන්න පුළුවන්. එකේදී ඔය කියනවා වගේ නිදන් වස්තු හම්බුනොත් එව්වා රට ඇතුලේ විකුන්නනත් කිසිම තහනමක් නැහැ. ඒ විතරක් නෙමෙයි, අදාල වස්තුව විදෙස් රට වලට විකුනුවට ගැටළුවක් නැහැ විතරක් නෙමෙයි, ඒවාය වටිනාකමත් මැණික් හා ස්වර්ණාභරණ එකෙන් තක්සේරු කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ වස්තුව ලංකාවේ උරුමයක් නෙවෙයි කියන සහතිකය අරං, පිට රටකට විකුනුවට කමක් නෑ කියලා ලෝකේ ඕනිම කෙනෙක්ට ඔය කියනා නිදන් වස්තු විකුනන්නත් පුළුවන්.

    උඹ ASP කෙනෙක් ගෙන් උඩ, ආමි ලොක්කෙක්, නැත්නම් අඩුම පළාත් සභා මංත්‍රී කෙනෙක් නම් පුලුවන්. STF වගේ ලොක්කෙක් නම් වඩා හොඳයි. ඔය කියන තරම් සුන්දර නම් මිනිස්සු පගාවට ඕනේ වැඩක් කරගන්න පුලුවන් ආංඩුවේ ලොක්කන්ට කියලා කරගන්න ව නේ. මම වුනත් ගන්නවා දන්න ඒවා.
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    නිදන් වැඩේ හරියන්නේ නෑ. මම දන්නා case 10ක් විතර තියෙනවා. ටික කාලයි . ටොපිය හම්බවෙනවමයි . සමහරුන්ට නිකන් හම්බ උනොත් chance එකක් තියෙනවා. නැත්තන් බඩුම තමා ....
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ලංකාවේ නිදන් වල රත්තරන් අච්චර ප්‍රමානයක් තියෙනවය, මෙච්චර ප්‍රමානයක් තියෙනවය කියන එව්වා සම්පුර්ණ බොරු. ලංකාවේ අතීතයේ ඉදන් රත්තරන් නිස්සාරය කලෙත් නැහැ. තිබ්බෙත් නෑ. මැණික් නං තිබුනා.
    අසවල් රටේ රජ කෙනා මෙච්චර බරට තෑගි දුන්නාය..ඔය වගේ කෙලි කියවලා නැද්ද බන්.සමහරවිට ඒවා හංගන්න ඇති.ලංකාවෙ උන් කුනු කමට හරි රුසිනෙ.

    පොඩි උදා- කියන්නම්.මම දන්න කොල්ලෙක් ඉන්නවා උගෙ තාත්තට ෆට්ටම සල්ලි.ඒත් මුට මේ වෙනකල් සතයක් දීලා නෑ.ඌ උගෙ පාඩුවෙ බිස්නස් එකක් කරගෙන ct100 එකේ යන්නෙ එන්නෙ.ඒත් තාත්තා කාරයා හයිබ්‍රිඩ් වලින් බහින්නෙ.හොදම දේ මූ බැදලා ඉන්නෙ උන්ගෙ තාත්තගෙ ඉඩමක.අක්කර අටක් විතර.ඒක තවම ලියලා නෑ මුගෙ නමට.හැම පොල් මුරේටම තාත්තා ඇවිත් පොල් ටික කඩන් යනවා.මම මේ කියන කොල්ලට එක ලමයයි තව එකෙක් හම්බවෙන්න.තමන්ගෙ දරුවන්ට දෙන්නෙ නැති තාත්තලාත් ඉන්නකොට කුනුකමට පොදි බැදගන්න ඒක සිංහලයගෙ ජාන වලින් එන එකක්.නිධන් කියන්නෙත් බන් වෙන එකෙක්ට අයිතිවෙයි කියන බයට හංගපුවනෙ.ඉතින් බන් ඔහොම තෑගිබෝග හංගපුවා ඇති
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    apo ow yako kaaalekata kaliin Maalu kaarek hitiyan nidan harana u marune maha abi rahas widihata husma natiwela...gaani ge purama hoyala husma hoyaganna bari wela
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    උඹ ASP කෙනෙක් ගෙන් උඩ, ආමි ලොක්කෙක්, නැත්නම් අඩුම පළාත් සභා මංත්‍රී කෙනෙක් නම් පුලුවන්. STF වගේ ලොක්කෙක් නම් වඩා හොඳයි. ඔය කියන තරම් සුන්දර නම් මිනිස්සු පගාවට ඕනේ වැඩක් කරගන්න පුලුවන් ආංඩුවේ ලොක්කන්ට කියලා කරගන්න ව නේ. මම වුනත් ගන්නවා දන්න ඒවා.

    තමුන්ගේ ඉඩමේ නිදානයක් තියෙනවා නං අදාල ආයතන වලින් අවසර අරං ඒවා අරගන්න නීතිමය බාදාවක් නැහැ. රක්ෂිත වල, පුරාවිද්‍යා භූමි වල බැහැ

    අසවල් රටේ රජ කෙනා මෙච්චර බරට තෑගි දුන්නාය..ඔය වගේ කෙලි කියවලා නැද්ද බන්.සමහරවිට ඒවා හංගන්න ඇති.ලංකාවෙ උන් කුනු කමට හරි රුසිනෙ.

    පොඩි උදා- කියන්නම්.මම දන්න කොල්ලෙක් ඉන්නවා උගෙ තාත්තට ෆට්ටම සල්ලි.ඒත් මුට මේ වෙනකල් සතයක් දීලා නෑ.ඌ උගෙ පාඩුවෙ බිස්නස් එකක් කරගෙන ct100 එකේ යන්නෙ එන්නෙ.ඒත් තාත්තා කාරයා හයිබ්‍රිඩ් වලින් බහින්නෙ.හොදම දේ මූ බැදලා ඉන්නෙ උන්ගෙ තාත්තගෙ ඉඩමක.අක්කර අටක් විතර.ඒක තවම ලියලා නෑ මුගෙ නමට.හැම පොල් මුරේටම තාත්තා ඇවිත් පොල් ටික කඩන් යනවා.මම මේ කියන කොල්ලට එක ලමයයි තව එකෙක් හම්බවෙන්න.තමන්ගෙ දරුවන්ට දෙන්නෙ නැති තාත්තලාත් ඉන්නකොට කුනුකමට පොදි බැදගන්න ඒක සිංහලයගෙ ජාන වලින් එන එකක්.නිධන් කියන්නෙත් බන් වෙන එකෙක්ට අයිතිවෙයි කියන බයට හංගපුවනෙ.ඉතින් බන් ඔහොම තෑගිබෝග හංගපුවා ඇති

    හංගන්න කොහෙද ඔය කියන තරං රත්තරන් ලංකාවේ තිබ්බේ? ඔය ගොඩක් හම්බෙන දේවල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇරෙන්න වෙන වටිනාකමක් නැහැ. උදහරයක් විදියට ඇතැම් පිළිම වල තියෙන රත්තරන් ප්‍රතිශතයේ වටිනාකම ඒක හොයාගන්න යන වියදමට වඩා සැහෙන්න අඩුයි.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පුළුවන් යකෝ ඔය නාකි මයිනා ඉන්නේ යහතින්. දැයට කිරුළක් ඉස්සරහට දාලා හාරපු හෑරිල්ල අමතකද :D
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම ඉන්න පළාතේ ගොඩක් නිධන් කේස් තියෙනවා. ඔතන ඇත්ත නිධන් සින් වලට වඩා තියෙන්නේ බොරු නිධන්. නිධානෙකින් ගත්තා කියලා රත්තරන් කිලෝ ගණන් තියෙනවා කියලා දෙන්නේ පාට කරපු ඊයම් කෑලි. සමහරු ගල්වල බොරුවට එක එක ඒවා කොටනවා උන් එතනින් නිධානෙ ගත්තේ කියලා පෙන්නන්නත්. ඊට පස්සේ ගල් පතුරු අස්සේ හන්ගලා super glue වගේ ඒවගෙන් අලවනවා. අරුන් ආවම බොරුවට තොවිල් කරල කඩලා පෙන්නනවා. මෝඩයෝ තණ්හාවට මුන්ට ලක්ෂ 10ක් විතර දෙනවා. අරුන් ගානට අන්දලා තියලා උන්ගේ ගාන අරගෙන පනිනවා.
    හබැයි ඇත්ත නිධන් ගත්ත මිනිස්සු ඉන්නවා. වැඩේ ගොඩක් උන්ට යාදෙන්නේ නෑ. පිස්සු හැදෙනවා, මැරෙනවා එක එක දේවල් වලින්. අපේ අම්මලාගේ ගමේ සියා කෙනෙක්ට අහම්බෙන් ගල් කඩද්දි හම්බ උන නිධානෙක තිබ්බ මාලයක් අරන් එද්දී බහිරවයා ගහලා ඒ මනුස්සයාගේ බෙල්ල ඇදේට තිබුනේ මැරෙනකල්ම. කෙලින් බලන්න බෑ බෙල්ල ඇදවෙලා. හැම නිධානෙම රත්තරන් මුතු මැණික් නෑ. තිබුනත් සමහර ඒවගේ තියෙන්නේ බොහොම පොඩ්ඩයි. සමහර ඒවගේ තියෙන්නේ බෙහෙත්. සමහර ඒවගේ තියෙන්නේ වටින තල්කොළ පොත්. හැබැයි අපේ ඉඩමේ තිබුනා කියලා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දේවල් අපිට විකුනන්න බෑ. ඒවා අයිති රජයට.
     
    • Like
    Reactions: DGN

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    නිධන් කේස් නම් ඉස්සර තිබ්බා බන්. අපේ වත්තෙත් එකක් තියෙනවලු. ගන්න ගියේ නෑ. බහිරවයෙක්ද මොකෙක්ද පකෙක් ඉදගෙන ඒ හරියේ මොනවහරි අපි කරන්න ගියොත් කෙලවනවලු. අම්මා එහෙම කියනවා ඒ හරිය සුද්ද කරන්න ගියත් කකුල් අමරු, කොන්දෙ අමාරු, තුවාල වෙන කේස් එහෙම තියෙනවා කියලා. මෙහේ නිධන් නම් තියෙනවා ඉතින් ඕන තරම්. ගන්න බෑ. වලක් කැපුවත් එහා ගෙදර එකා පොලීසියට කෝල් කරනවා.
    අපි පොඩි කාලේ ලොකු කේස් එකක් ගියා සෝමාවතිය රක්ශිතයේ ලොකු නිදානයක් ගත්තා කියලා. රජයේ ඉහල කට්ටිය සම්භන්දයි කියලා තමයි මිනිස්සු කිව්වෙ. අපිත් දැකපු දේවල් වල හැටියට ඒක ඇත්ත කියලා හිතෙනවා. කොහොමහරි ඊට මාස කීපයකට පස්සේ ලන්කාවට ලොකූ ගන් වතුරක් ආවා. නිධානේ නිසා උනා කියලා තමයි කිව්වේ. ආයෙත් නිධානෙන් ගත්ත දේවල් වලින් කොටසක් ගෙනල්ල දැම්මා කියලා /මිනිස්සු කිව්වා. ඇත්ත නැත්ත දන්නේ නෑ ඉතින්. මේක උනේ 2007/2008 වගේ.
    තව කතා නම් තියෙනවා ඕන තරම්. අපි ඇස් වලින්ම දැකපු දේවලුත් තියෙනවා. හොදම වැඩේ ඕවා පස්සේ යන්නෙ නැතුව ඉන්න එක.