නිධන් වස්තු සොයා..නිධන් අරන් හොදින් ඉන්න පුලුවන්ද..?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    නාවින්න පවුල දන්නවා නේද? ඔය ලොන්ත නාකි ඇමතියෙක් එහෙම හිටියේ.කරුණාවන්ත වෙදතුමෙකුත් ඉන්නවා . මෙයාලගේ ගම වාරියපොල , හලාවත පාරේ. සෑහෙන්න පාරම්පරික දේපල තියෙනවා දැනටත්.

    මෙයාලගේ ආදී අත්තෙක් /මුත්තෙක් ට නිධානයක් ලැබිලා කියලා ආරන්චියි පැරණි කතා වල හැටියට.

    ඒ ඩෑල් එක කුඹුරු කරලා තියෙන්නේ.බර පතල ලොකු පවුල් නිසා, සෑහෙන්න මහන්සි වෙලා කුඹුරු වල වැඩට යොමු වෙලා. රැයක් දවාලක් නැතිව මහන්සින්වෙන චරිතයක්.ඉතින් වෙළ ආසන්නයේ තිබ්බ ගල් තලාවක තමයි මෑන් ලිපක් හදන්නේ,කහට ටිකක් වක්කර ගන්න.රෑට වැඩ දවසට ගිණිමැලේ ගහන්නේත් ඒකෙමයි. ඔහොම අවුරුදු බර ගාණක් මැන් ඔය ගල උඩ ගිණි ඇවිලෙව්වා..ඉතින් ගිණි මැළේ නිවෙන්න වතුර පාරකුත් ගහගෙන තමයි ගෙදර යන්නේ. ඔහොම ඔහොම ගිණි ගහනවා, වතුර ගහනවා අවුරුදු බර ගාණක්, අඩුම අවුරුදු 30-40 ක් වත් වැඩේ වෙළාලු.

    ඉතින් දවසක් ඩෑල් එක ගල් තලාවේ වාඩි වෙලා කහට එකක් ගහ ගහ කල්පනා ලොව මල් වනේ රජ වෙලා ඉද්දී දැක්කලු ගල් පොත්තක් ගැලවෙලා වගේ.පැරණි අය හැම දේකින්ම වැඩක් ගන්න චරිත නිසා, ගල් පොත්ත ගලෝ ගන්න උදැල්ල දාලා ඉස්සලා.

    හප්පට සිරි වෙන්න....ගුහාවක් නැත්නම් ලොකු වලක් රත්‍රන් පුරෝලා.

    මෑන් ගොඩ.....පව්ලේ අය ගොඩ අද දක්වාම.

    පොරගේ අහිංසක කම දැකලම සෙට් කරන්න ඇති නිදානේ .. දුක් විදින නිසා දැකල
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    නිධානෙ හෑරුවට පස්සේ පොලිසියට කියන්න නං බහිරවයෙක් වැඩක් නෑ නෙ :baffled: උගේ වගකීම හාරන්න කලින් වැඩේ නවත්තන එක
    manthara walin karanne ekane ban
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සිරාවට බන්. හාරපු එවුන් වයසට ගියාම හෙන බයෙන් ඉන්නෙ. පොලොන්නරුව පැත්තෙ බාගෙට බාගයක්ම අලකාරයො. උන් රෑට එලියට බහින්නත් බයයි බහිරව සීන් හින්ද :lol:
     
    • Like
    Reactions: hodakolla

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    Hari moda bahirawayekne 😱😱
    Dan oka policiyata kiyanawa kiyanne
    paththare danawa wage wadakne bro
    okata oya wade baradunna miniha
    hitiya nam lajjawata suicide karaganiwi
    මචන් ඕනෙම දෙයක කඩන්න පුළුවන් පොයින්ට් එකක් තියෙනවා එක තමයි මන්තර වලින් මුන් කරන්නේ..
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,652
    10,231
    113
    සජිත් දැන් චන්ඩිය වගේ හිටියට ඔන්න මලා මෙන්න මලා කියල හිටියෙ ! මාර ගේමක් දීල පොරව බේරගත්තෙ !
     
    • Love
    Reactions: jikwitintant

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ලංකාවේ නිදන් වල රත්තරන් අච්චර ප්‍රමානයක් තියෙනවය, මෙච්චර ප්‍රමානයක් තියෙනවය කියන එව්වා සම්පුර්ණ බොරු. ලංකාවේ අතීතයේ ඉදන් රත්තරන් නිස්සාරය කලෙත් නැහැ. තිබ්බෙත් නෑ. මැණික් නං තිබුනා.

    අනික තමයි ගජමුතු කියලා දෙයක් ඇත්තෙත් නැහැ. පෙළක් වෙලාවට නිදන් ගන්නවා කියලා ලක්ෂ ගානක් වියදම් කරන් ගන්නා වස්තුවල වර්ථමාන වටිනාකම අනුව බලද්දී පෞරාණික වටිනාකම ඇරෙන්න වෙන වටිනාකමක් නැහැ. ලක්ෂ දහයක් වියදම් කරන් ලක්ෂෙක දේවල් ගන්නේ.

    අනික් වැදගත් දේ තමයි නිදන් ගැනීම තහනම් නැහැ ලංකාවේ නීතිය අනුව. මිනිස්සු ගොඩක් හිරේ යන්නේ රක්ෂිතවල, පුරාවිද්‍යා භුමි වල අනවසර කැනීම් කරලා මිසක් නිදන් ගත්තා කියලා නෙමෙයි.

    තමුන්ගේ ඉඩමේ නිදානයක් තියෙනවා කියලා දන්නවා නං පුරාවිද්‍යා එකෙන් මේක පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භූමියක් නෙමෙයි කියලා තහවුරු කරන්, කැනීම් සදහා අවශ්‍ය බලපත්‍ර පතල් හා සමීක්ෂණ එකෙන් අරං, අනෙකුත් පළාත් පාලන ආයතන වලින් අවසර අරං කිසිම ගැටළුවක් නැතුව සිදු කරන්න පුළුවන්. එකේදී ඔය කියනවා වගේ නිදන් වස්තු හම්බුනොත් එව්වා රට ඇතුලේ විකුන්නනත් කිසිම තහනමක් නැහැ. ඒ විතරක් නෙමෙයි, අදාල වස්තුව විදෙස් රට වලට විකුනුවට ගැටළුවක් නැහැ විතරක් නෙමෙයි, ඒවාය වටිනාකමත් මැණික් හා ස්වර්ණාභරණ එකෙන් තක්සේරු කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ වස්තුව ලංකාවේ උරුමයක් නෙවෙයි කියන සහතිකය අරං, පිට රටකට විකුනුවට කමක් නෑ කියලා ලෝකේ ඕනිම කෙනෙක්ට ඔය කියනා නිදන් වස්තු විකුනන්නත් පුළුවන්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759

    Me kathawa ahuwe adamai thanks machan puluwn nam tawa danna dewal kiyala denna me thread eka athulema
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,591
    1
    32,320
    113
    - උඩරට -
    කට්ටඩි අරන් ගිහින් තොවිල් නටලා , බිලි පූජා තියලා නිධන් ගත්තේ ඉස්සර , දැන් ඕවා මුකුත් නැ කෙලින්ම පොලොව ස්කෑන් කරලා හාරලා ගන්නේ.. :lol: