ඕක කිසිම ප්‍රශ්නයක් නොවෙන විදියට ගන්න පුළුවන් විතරක් නෙමෙයි අවශ්‍ය නම් විදෙස් රටක ගැනුම් කාරයෙක්ට උනත් විකුනන්න පුළුවන්.
ප්‍රධානම කරනා දෙක තමයි ඉඩම තියෙන්නේ පුරාවිද්‍යා වටිනා කමක් ඇති භූමියක නොවීම සහ වලංගු කැනීම් බලපත්‍රයක් තිබීම.
ඒ කරනා හරි නං ඔය ඉඩමෙන් හම්බෙන දේවල් රජයේ සහතිකයත් අරං විකුනන්න පුළුවන්.
ප.ලි
ලංකාවේ ඔය නිදන් හාරන්න යන ගොඩ දෙනෙක් හිරේ යන්නේ පුරාවිද්‍යා ඉඩම් රජයේ සංරක්ෂිත හොරෙන් කැනීම් කරලා.
ආයෙ තමුන්ගේ ඉඩමේ උනත් අවසරයක් නැතිව හාරලා.
ඉඩම තමුන්ට අයිති නං, එකේ ඔය වගේ රන් මුතු මැණික් තියෙනවා කියලා හිතෙනවා නං ඉස්සෙල්ලම කරන්න ඕනි මේ ඉඩම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භූමියක් නෙමෙයි කියලා සහතික කර ගන්නා එක. ඊළගට කැනීම් බලපත්‍රයක් ගන්නා එක. එකෙන් ගන්නා වස්තුව පිට රටවලට විකුනන්න අවශ්‍ය නං රජයෙන් අවසර ගන්න පුළුවන් මේ වස්තුව අපේ රටට ඓතිහාසික ලෙස වටිනාකමක් ඇති එකක් නෙමෙයි කියලා.
බුදු පිළිම වගේ දේවල් වලට මේක ටිකක් බලපාන්නේ. අනික ඕවයේ රත්තරන් නං තියෙන්නේ බොහොම ටිකයි. ඒවත් වටිනා ඒවා නෙමේ. ලංකාවේ ඔය කියනවා වගේ රන් තිබ්බේ නැහැ.