නින්දේදී-එන-යක්ෂණියන්
නිදාගෙන ඉන්න මිනිස්සු වෙතට පැමිණෙන ලේ උරාබොන යක්ෂණියන් සහ පිටසක්වල ජීවින් ගැන ඇත්ත කතාව
ඉස්සර කාලේ ඉදන්ම, එ කියන්නේ අවුරුදු සියගානකට කලින් ඉදලම එංගලන්තය වගේ රටවල ජිවත්වන ජනතාව බියට පත්කරපු සිදුවීමක් තිබුනා. විශේෂයෙන්ම එංගලන්තයේ ගම්බද ප්‍රදේශවල වාසය කරපු ජනතාව තමයි මෙයින් ගොඩක් බය උනේ. එයාලා බය උන සිදුවීම තමයි මේ ගොඩක් අය නිදාගෙන ඉන්නකොට අත්විදලා තිබ්බා අමුතු දෙයක්. එ කියන්නේ මේ අයට නිදාගෙන ඉන්න කොට එක සැරේම ඇහැරෙනවා. අන්න එ වෙලේට මේ අයට පේනවා තමන්ගේ ඇද දෙසට ඇවිත් තමුන්ගේ ශරීරය උඩට පැමිණෙන යක්ෂණියක් ගැන.
ඉතිං මේ වෙලේදී මේ බයට පත්වෙන මිනිස්සු කෑ ගහන්න හැදුවත් හඩක් පිටවෙන්නේ නෑ. නැගිටින්න හැදුවත්,අතපය හොලවන්න හැදුවත් ඒකත් කරන්න බැහැ. මේ අයට කරන්න පුළුවන් එකම දෙය ඇස එහෙ මෙහෙ චලනය කරමින් මේ යක්ෂණිය දිහා බලාගෙන ඉන්න එක විතරයි. වෙන කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න විදියක් නෑ, මොකද ශරීරය සම්පුර්ණයෙන්ම ක්‍රියා විරහිත වෙලා වගේ තියෙන නිසා.
එ කාලේ හිටපු ජනතාව හිතුවේ මේ වගේ ශරීරය පන නැති වෙන්නේ මේ යක්ෂනියගේ නිද්‍රාවට අසුවෙලා ඉන්න නිසා කියලයි.
කොහොම වගේ මේ වගේ සිදුවීම් එංගලන්තයේ විතරක් නෙමෙයි, තොරතුරු තාක්ෂනය එහෙම දියුණු වීමත් සමග ලෝකේ ගොඩක් රටවලිනුත් අසන්නට ලැබුනා.
මේ ඇතැම් අය අත්විදලා තිබුනේ යක්ෂණියක් එනවා කියලා නෙමෙයි, මේ අය අත්විදලා තිබුනේ එයාලව මරන්න කවුරුහරි ආයුධයක් අරං එන අයුරුයි. එහෙම නැත්තං බිහිසුණු සතෙක් මේ අයව මරන්න ඒ අයගේ දිහාවට එන අයුරුයි.
පස්සේ පස්සේ, ඒ කියන්නේ 1950 දශකයෙන් පස්සේ වගේ ලෝකේ පුරා පිටසක්වල ජීවින් ගැන කතාබහක් ඇති උනා. මේ කාලේදී ඉදලම බොහෝ දෙනෙක් නිදාගෙන ඉන්නකොට අත්විදලා තිබුනේ පිටසක්වල ජීවින් මේ අයගේ ඇද ලගට ඇවිත්,මේ අයව විවිද පරීක්ෂණ වලට ලක්කරන අයුරුයි. ඒ වෙලාවේදීත් මේ අයට අර කලින් එංගලන්තයේ සිදුවූ සිදුවීම වගේම දෙයක් සිදු උනා.මෙහිදීත් සිදුවීමට මුහුණ දෙන මිනිසුන්ගේ ශරීරය අප්‍රාණිකවීම සිදුවී තිබුනා.
අදටත් ලෝකේ පුරාම ඉන්න මිනිස්සු මේ අත්දැකීමට නින්දේදී මුහුණ දෙනවා. එහිදී යක්ෂයන්/මියගිය අය පැමිණ තමන්ට හානි කරන්න යෑම, පිටසක්වල ජීවින් පැමිණ තමන්ම විවිද පරීක්ෂණ වලට ලක්කිරීම, අයුධ රැගත් අයෙක් පැමිණ තමන්ව මරන්නට යෑම, මහා විශාල ප්‍රපාත වලට වැටීම වගේ දේවල් අත්දකිනවා. මෙව්වා ගැඹුරු නින්දේදී පේන හීන නම් නෙමෙයි. ඇත්තටම වගේ අත්දකින දේවල්.
ඇත්තටම මොකක්ද මේ සිදුවීම?
මේ ක්‍රියාවලිය හදුන්වන්නේ ස්ලීප් පැරලයිසස් කියලා. සිංහලනේ මේකට කියන්න පුළුවන් නිදි අංශභාග තත්වය එහෙමත් නැත්තං නිදි ආඝාතය කියලා. මේක වෙන්නේ මේ කාරණය නිසයි.
මිනිස්සුන්ට නින්ද ගියාම විවිද හීන පේනවා. ඉතිං මේ වගේ හීන පෙනෙද්දී ඒ දකින හීනය අනුව අතපය/ශරීරය චලනය වෙන්න ඉඩ තියෙනවනේ. අන්න ඒ විදියට මිනිස්සු දකින හීනය අනුව ඒ අයගේ ශරීරය චලනය වීම වැළැක්වීමට අපේ ඇග තුලම ආරක්ෂක උප්‍රකමයක් තියෙනවා. මේ නිසා අපි හීනයක් දකිද්දී අපේ ඇග සම්පුර්ණයෙන්ම පන නැති වෙලා,මුළු ශරීරයම අංශභාග රෝගියෙක්ගේ වගේ තත්වයකට පත්වෙනවා. ඉතිං ඒ නිසා අපි හීන දකිද්දී ඒ අනුව අතපය/ශරීරය චලනය වෙන එක බොහෝ දුරට නැවතිලයි තියෙන්නේ. සමහර වෙලාවට මේ වැඩේ හරියට වෙන්නේ නැති උනාම තමයි හීනෙන් ඇවිදිනවා කියන සිදුවීම ඇතිවෙන්නේ.
ඉතිං ඔය කිව්ව විදියට නින්දේදී හීන පේනකොට අප්‍රාණික වෙලා,අංශභාගය හැදුනා වගේ තියෙන ශරීරය අදාල හීනය අවසන් උනාම ආයේ යතා තත්වයට පත්වෙනවා. හැබැයි හැම වෙලේම හීනය දැකලා ඉවර උනගමන්ම ශරීරය යතා තත්වයට පත් නොවෙන්නත් පුළුවන්. මෙහිදී හීනය දැකලා, මනස අවදි වෙලා,ටික වෙලාවක් යනකන් අපේ ශරීරය තියෙන්නේ අර කලින් කිව්ව අංශභාග රෝගියෙක්ගේ වගේ තත්වයේයි.
මෙන්න මේ සුළු කාල පරතරය අතර තුලදී මිනිස්සුන්ට තමන්ගේ මනසේ තියෙන විවිද භයංකාර අදහස් මැවිලා පේන්න ඉඩ තියෙනවා. එතකොට ඒ අයට අයට සක්වල ජීවින් එනවා වගේ, නැත්තං යක්ෂයන් එනවා වගේ පේනවා.
ඒ වගේම තවත් සමහර අයට නින්ද ඉවර වෙලා, අවදිවෙන්න හැදුවත් ඒක කරන්න විදියක් නැතිව ඉන්න වෙන්නත් පුළුවන්. මේ අය මොකුත් භය වෙන දෙයක් දකින්නේ නෑ. හැබැයි ඇදෙන් නැගිටින්න,කාටවත් කතාකරන්න මොකුත් කරන්න විදියක් නෑ. මේ වෙලේදී ශරීරය අප්‍රාණික නිසා මෙහෙම උනත්,මනස වැඩ කරන නිසා අවට ඇති දේවල් පෙනෙන්න, අවට කවුරු හරි ඉන්නවා නං එයා කරන කියන දේ දකින්න/අහන්න පුළුවන්. ඒත් හැබැයි ඔලුව හරවන්න බෑ. ඔලුව තියෙන අතට තියාගෙන පේන දෙයක් බලන්න/ඇහෙන දෙයක් අහන්න විතරක් පුළුවන්.
ඇත්තටම කිව්වොත් මේක රෝගයක් නෙමෙයි. ලෝකේ පුරා ඉන්න ගොඩක් දෙනෙක් අත්විදින දෙයක්. මෙහෙම දෙකට ඔයාත් මුහුණ දෙනවා නං ආයේ බය වෙන්න ඕනි නෑ.
මේ ලිපියෙන් ඔයාලා නොදන්නා දෙයක් දැනගත්තා නං ඒක මට සතුටක්. මම මේ ලිපිය දැම්මේ මොකද මාත් පොඩි කාලේ ඉදලම මේ ස්ලීප් පැරලයිසස් කියන තත්වෙට මුහුණ දෙනවා. මුලදී නං මාත් නොසහෙන්න භය උනා. ඒත් දැන් ඇත්තටම මේ තත්වය මොකක්ද කියලා දන්න නිසා මේ වගේ අවස්ථාවකදී භය නෑ. ශරීරය යතා තත්වයට පත්වෙනකම් ඉන්නවා.
-මගේ වෙනත් ලිපි-
1) පසුගිය වසර 30 ඇතුලත වතුර සිදී ගිය එරල් මුහුදේ විස්තරේ

Last edited: