නිමල්ටත්_බඩු බනිස්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    නිමල්ටත්_බඩු බනිස්

    එයාර්බස් ගනුදෙනුවට නිමල් පෙරේරා ගේ නමත් ඈඳෙයි – අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක්


    cC8uHnd.jpg


    මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ මහාපරිමාණ ආයෝජකයෙකු ද වන නිමල් පෙරේරා හට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියෝග කරන ලදී. තවද ඔහුට අයත් මෙරට බැංකු ගිණුම් 4 ක තොරතුරු ලබා ගැනීමට ද අධිකරණය විසින් නියෝග කර ඇත.

    ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න ගේ බිරිඳට අයත් විදෙස් බැංකු ගිණුමකින් ඩොලර් ලක්ෂ 8 ක මුදලක්, නිමල් පෙරේරා ට අයත් SABRE VISION LTD නම් බැංකු ගිණුමකට හුවමාරු වී තිබීම අනාවරණය වීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ විසින් ඊයේ (19) දිනයේ දී අධිකරණයට කරුණු වාර්තා කරන ලදී. එම කරුණුවලට අනුව 2013 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සේවය, ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 14 ක් මිල දී ගැනීමට සැලසුම් කර ඇත. ඒ අතර ශ්‍රීලංකන් ගුවන් සේවයේ එවකට හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායකගේ නමින් බෘෘනායි හි සංස්ථාපනය කර තිබූ BIZ SOLUTION නම් සමාගමට අයත් සිංගප්පූරුවේ බැංකු ගිණුමකට 2013 දෙසැම්බර් 27 දින ඩොලර් මිලියන 2 ක මුදලක් ගිණුම්ගත වී තිබේ. මෙම මුදල් අදාළ ගිණුමට ලැබී ඇත්තේ ප්‍රංශයේ එයාර්බස් සමාගමේ මව් සමාගම වන EADS වෙතිනි.

    මේ අතර 2014 නොවැම්බර් 19 සහ දෙසැම්බර් 22 දිනවල අවස්ථා දෙකක දී BIZ SOLUTION බැංකු ගිණුමෙන් බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් හි ලියාපදිංචි කර ඇති SABER VISION LTD නම් බැංකු ගිණුමකට ඩොලර් ලක්ෂ 8 ක මුදලක් හුවමාරු වී ඇත. නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ බව අධිකරණයට අනාවරණය කරමින් කියා සිටියේ මෙම SABER VISION LTD ගිණුමේ වන්නකවත්තවඩුගේ දොන් නිමල් හේමසිරි පෙරේරාට අයත් බවයි.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායක ලබන මාර්තු 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.


    Ada deranna biz
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    යහපාලන කාලේ එෆ් සී අයි ඩී එකෙන් කරපු ක්‍රිශ් ගණු දෙණුවේ එහෙම නාමල්ගේ නමත් එක්ක මිනිහගේ නමත් ඈදූනා නේද?
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    අනේ පව් දානපතියා..නාමල් ටත් කෝටි ගානක් දීලා තිබ්බා රගර් ක්‍රීඩාව නගා සිටුවන්න කියලා..:lol::lol: