නියඟලා

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    නියඟලා


    Gloriosasuperba.JPG


    මල් ලෝකයේ ඇති අසීමිත වූ සුන්දර මල් අතරින් නියඟලා මලට ප‍්‍රධාන තැනක් හිමිවේ. ඒ එහි සුවිශේෂී වර්ණ රටාවත්, පිහිටීමත් නිසාවෙනි. එහෙත් නියඟලා මලේ මේ සුන්දරත්වය අභිබවමින් එහි ශාකය බොහෝ ප‍්‍රසිද්ධය. ඒ සිය දිවි හානි කර ගැනීමට බොහෝ විට නියඟලා ශාකයේ අල යොදා ගැනෙන නිසාවෛනි.ශී‍්‍ර ලංකාවේ දැකිය හැකි ශාක විශේෂ රාශිය අතරින් ඉතාම සුළුතරයක් පමණක් විස සහිත ශාක වේ. ඉන් තවත් එක් සුවිශේෂී ශාකයක් ලෙස නියඟලා ශාකය හැඳින්විය හැකිය.Glory lily යන ඉංගී‍්‍රසි නාමයෙන් හඳුන්වන නියඟලා ශාකයෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Gloriosa Superba වේ.

    ආරෝහක ශාක ගණයෙහිලා ගැනෙන පැළෑටියක් (වැලක්) ලෙස නියඟලා හැඳින්විය හැකිය. කැළෑබද ප‍්‍රදේශවල දැකිය හැකි අතර සමහර අවස්ථාවල ඇතැම් ගෙමිදුල් වලද දක්නට ලැබේ. මෙයට හේතු වන්නේ රතු සහ කහ මිශි‍්‍රත පෙති වලින් යුක්ත සුන්දර මලක් මෙම ශාකයට හිමිවීමයි. ගිනි දළුවක් වැනි වූ මෙම පුෂ්පය කාගෙත් නෙත් සිත් ඇද ගැනීම රහසක් නොවේ. මෙහි ශාක පත‍්‍රයේ අග කෙලවර පහුරක් ලෙස අනුවර්තනය වී ඇති අතර එය ආධාරයෙන් වැල ඉහළ නැගීම සිදුවේ. ශාක කඳ භූගතව දැකිය හැකි අනුවර්තනය වූ අලයකි. මෙහි හැඩය සුවිශේෂී එකක් වන අතර එහි ස්වභාවය අර්තාපල් අලයට බොහෝ විට සමාන වේ.

    මෙම ශාකයේ සියලුම කොටස් විස සහිත වේ. එම විස කාරකය ඇල්කලොයිඩ් “කොල්චසීන්” ය. මෙය උග‍්‍ර විස කාරකයකි. මෙය බහුලව දැකිය හැක්කේ නියඟලා අල වලය. ඔබ බොහෝ විට අසා ඇති නියඟලා අල කෑමෙන් සියදිවි හානි කරගත් අය පිළිබඳව. මෙම ශාකය ස්පර්ශයෙන් කිසිදු හානියක් සිදු නොවේ.එහෙත් උග‍්‍ර විස සහිත නියඟලා අලය ආමාශගත වීම තුළින් මරණය සිදුවිය හැකිය. වැඩිහිටි අයකුට මරණය ගෙන දෙන්නට මිලිග‍්‍රෑම් 6 - 20 අතර ප‍්‍රමාණයක් ශරීරගතවීම ප‍්‍රමාණවත් වන අතර, කුඩා දරුවකුට නම් මිලිග‍්‍රෑම් 0.5 - 0.8 වැනි ඉතා සුළු ප‍්‍රමාණයක් සෑහේ.සිය දිවි නසා ගැනීම පිළිබඳව කනේරු මුල් තැනක් ගන්නා අතර නියඟලා වලට හිමි වන්නේ දෙවන තැනයි. සමහර අවස්ථාවල නියඟලා අල නොදැනුවත්කමින් ආහාරයට ගත්් බව වාර්තා වුවද, වාර්තමානයේදී එවැනි අනතුරු පිළිබඳව වාර්තා වන්නේ නැත.
     

    Similar threads