නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් කිරීමට පෙ&#3515

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,986
    11,722
    113
    නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් කිරීමට පෙ&#3515

    නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් කිරීමට පෙර මේ ගැන සිතන්න. - Think before Operate drones in Sri Lanka - Part 1


    _78548680_drone_pa.jpg

    අද ශ්‍රී ලංකාවේ බොහෝ උත්සව, රැස්වීම්, මංගල උත්සව ආදී මෙකී නොකී බොහෝ උත්සවයන්හි වීඩියෝ රූපගත කිරීම් වල දී බහුලවම “ක්වැඩ්කොප්ටර්“ යනුවෙන් හඳුන්වන දුරස්ථ පාලක සැහැල්ලු ගුවන් විමන් භාවිතා කරනු ඔබ දැක ඇති. වීඩියෝකරණයේ යෙදෙන ජාතික මට්ටමේ ආයතන වල සිට ආධුනික කැමරා ශිල්පීන් පවා කැමරාවක් සවිකරන ලද මෙම යානා තම වීඩියෝකරණයේ දී යොදා ගනී. එමගින් එම කාර්යයට පෙර නොවූ කෝණයකින් වීඩියෝ හා ඡායාරූප එකතු කිරීමේ හැකියාව ලැබෙන අතර එය එම අවස්ථාවේ මතකයන් සහ සජීවිකරණය වඩා තීව්‍ර කිරීමේ හැකියාවක් පවතී. ඒ නිසාම එහි වාණිජ වටිනාකමක් ද ඇති වී තිබේ.
    මේ තත්වය අද අපේ රටේ පමණක් නොව මුළු ලෝකය පුරාම සීග්‍රයෙන් පැතිරී යන තත්වයකි. මෙම යානා අද විවෘත වෙළඳපොලේ රුපියල් 3000 ක් වැනි අවම මුදලකට පවා ලබා ගත හැකි අතර ඉතා ඉහල මිළ ගණන් වලටත් තාක්ෂණිකව වඩා ඉහළ තත්වයේ යානා මිළ දී ගත හැක. විදේශීය වෙළඳපලෙන් ඩොලර් 275 ක පමණ මුදලකට ඉතා හොඳ තත්වයේ යානාවක් මිල දී ගත හැක. ඒ වගේම මෙතෙක් කාලයක් දුරස්ථ පාලක ගුවන් විමන් ලෙස ජනප්‍රිය වී තිබූ කුඩා හෙලිකොප්ටර් දැන් වෙළඳපලෙන් ඉවත් වී යන තරමට අලෙවිය පහත බැස ඇති අතර සෑම තැනම විකීණිමට ඇත්තේ මේ වන ගුවන් යානායි.
    සැබවින්ම මේවා මොනවාද? “නියමුවන් රහිත ආකාශ යානා (Unmanned Aerial Vehicle – UAV)” හෝ “නියමුවන් රහිත ගුවන්යානා පද්ධති (Unmanned Aircraft Systems – UAS)” හෝ , “දුරස්ථ නියමු ගුවන් පද්ධති (Remotely piloted Aircraft Systems –RPAS)” යනුවෙන් විවිධ නම් මේවා සඳහා භාවිතා වේ. කෙසේ වෙතත් වඩා ජනප්‍රිය වන්නේ “ඩ්‍රෝන්“ (Drone) යනුවෙන් හැඳීන්වීමයි. මුල් කාලයේ මෙම යානා යොදා ගත්තේ යුධ කටයුතු වල දී ඔත්තු බැලීම ආදිය සඳහායි. අපිට මතකයි අපේ හමුදාවත් 2009 යුධ මෙහෙයුම් වල දී මේ ඔත්තු බැලීමේ කටයුතු සඳහා යොදා ගත්තා. කෙසේ වෙතත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (International Civil Aviation Organization – ICAO) මෙම යානා සඳහා වඩා සුදුසු නම ලෙස යෝජනා කරන්නේ “දුරස්ථ නියමු ගුවන් යානා පද්ධති (Remotely piloted Aircraft Systems –RPAS)” යන්නයි. එයට හේතු වශයෙන් ඔවුන් අවධාරණය කරන්නේ මෙම යානා මෙහෙයවීම සඳහා ද දුරස්ථව හෝ “නියමුවෙක්“ සිටින බවයි. එසේ නැතිනම් එය මෙහෙයවන්නෙක් සිටින බවයි.


    කෙසේ වෙතත් පසුගිය වසර කීපය තුළ මෙවන් යානා මිලියන ගණනක් මිල දී ගෙන “නවක නියමුවන්“ බවට පත්වූ ප්‍රමාණය අති විශාලය. මෙම “නවක නියමුවන්“ වැරදි වේලාවක වැරදි ස්ථානයක තම දුරස්ථ පාලක යානය මෙහෙයවන්නේ නම් ඔවුන් ඩොලර් මිලියන 200 ක් පමණ වන වාණිජ ජෙට් ගුවන් යානා සමග ගුවන් අවකාශය බෙදා ගනු ලබයි. සරලව කිවහොත් ගුවන් තොටුපලක් ආසන්නයේ මේ මෙහෙයුම් සිදුකරන්නේ නම් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය. මන්ද නිවැරදිව ගුවන් යානා මෙහෙයුම් පිළිබඳව අධ්‍යාපනය ලත් සැබෑ නියමුවන් හා මිල කළ නොහැකි මගී ජීවිත සමග ගුවන් අවකාශය බෙදා හදා ගන්නේ කිසිදු පුහුණුවක් නොලැබූ “නියමුවන්“ ය.
    අප මෙසේ පවසන්නේ පසුගිය කාලය පුරාවටම මෙවන් “ආසන්න ගැටීම් මගහැරීම්“ (Near misses) බොහොමයක් ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වී තිබීමයි. පසුගිය පෙබරවාරි මස දී ප්‍රංශයේ චාර්ල්ස් ඩි‘ගෝල් (Charles De Gaulle – CDG) ගුවන් තොටුපල ආසන්නයේ දී “එයාර් ෆ්‍රාන්ස්“ ගුවන් සමාගමට අයත් එයාර්බස් 320 වර්ගයේ යානාවක් ගොඩ බැස්සවීමේ දී මෙවන් ගැටීම් මග හැරීමේ බරපතල සිද්ධියක් වාර්තා විය. ගුවන් නියමුවා වාර්තා කර තිබුනේ තම යානයේ වම් පස පියාපතට මීටර් 5 ක් පමණ ආසන්නයට නියමු රහිත ගුවන් යානය ආසන්න වූ බවයි. බාර්සිලෝනා සිට ප්‍රංශයට මගීන් රැගෙන පියාසර කරමින් තිබූ මෙම යානයේ සහාය නියමුවා අදාල දුරස්ථ පාලක ගුවන් යානය තම ගුවන් යානයට ආසන්න වන බව දැක ඇත්තේ අඩි 5500 ක් පමණ ඉහළ අහසේ දී ය. කෙසේ වෙතත් මේ බව ගුවන් ගමන් පාලක මැදිරියට දන්වා සිටි නියමුවන් ආරක්ෂිතව ගුවන් යානය ගොඩබස්සවා ඇත.
    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (International Air Transport Association – IATA) ගුවන් ගමන් පාලක අධ්‍යක්ෂ රොබ් ඊගල්ස්(Rob Eagles) පවසන්නේ දැනටමත් ඉතාමත් කාර්ය බහුල ගුවන් අවකාශයක් තිබෙන අතර අළුතින් පැමිණෙන්නන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. එසේම ඔහු වැඩිදුරටත් පවසන්නේ සාමාන්‍ය ගුවන් මෙහෙයුම් වලට මේ නව දුරස්ත පාලක ගුවන් මෙහෙයුම් මගින් බාධා සිදු නොවිය යුතු බවයි. තවද අන්තර්ජාලය විමසීමේ දී මෙවන් ආසන්න ගැටීම් මග හැරීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් පවසන ඔහු වගකීම් රහිත දුරස්ථ පාලක ගුවන් මෙහෙයුම්කරුවන් ගුවන් සේවාව නිවැරදිව අවබෝධ කර නොගත්තවුන් බව සඳහන් කරයි.
    රොබ් ඊගල්ස් ට අනුව ලෝකයේ රටවල් 63 ක් පමණ මෙම මෙයෙමු නියාමනයකිරීම සඳහා නීති රීති හඳුන්වා දී ඇති මුත් ඒවා දේශීයව භාවිතා වන නීති පමණක් බවයි.

    “නව තාක්ෂණය සමග ක්ෂණිකව ඇති වන මෙවන් දේ පිළිබඳව අප සිත් ඇදී යන අතර තවමත් මේවා පරීක්ෂණ අවධියේ පවතින නිසා කුමන ආකාරයේ නීති රීති අවශ්‍යදැයි තීරණය කිරීම අපහසුයි“ යනුවෙන් පවසා සිටින්නේ ආසියා පැසිපික් ගුවන් සේවා සංගමයේ (Association of Asia Pacific Airlines – AAPA) අධ්‍යක්ෂ ජනරාල් ඇන්ඩෘ හර්ඩ්මන් (Andrew Herdman) ය. ඔහු තව දුරටත් සදහන් කර තිබෙන්නේ “ බොහෝ නියාමන ආයතන පිළිබඳව කණගාටුවක් පවතිනවා. ජාත්‍යන්තරව මේ සඳහා නීති සම්පාදනය වී නැහැ. එනිසා මේවා දේශීය නීති පමණක් බවට පත් වී තිබෙනවා. ආසියානු කලාපයේ සෑම රටක් ම මේ තත්වයට මුහුණ දී තිබෙනවා. පසුගිය දිනක මේ යානා නිපදවන්නන් වැඩි දෙනෙකු සහභාගී වු රැස්වීමකදී මට පසක් වුනේ ඔවුන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය හා සම්බන්ධ වී නොමැති බවත් ඔවුන්ට ගුවන් සේවා පිළිබඳව දැනුමක් නොමැති බවත්ය“.

    ජෝර්ජ් මේසන්ස් විශ්ව විද්‍යාලයේ තාක්ෂණික ප්‍රතිපත්ති වැඩසටහනේ අධ්‍යක්ෂ එලී ඩොරාඩෝ පවසන්නේ මෙම දුරස්ථ මෙහෙයුම් යානා සඳහා නීති හඳුන්වා දීමෙන් හා ඒවා දැඩි ලෙස නියාමනය කිරීමෙන් ඒවායේ නව සොයා ගැනීම් මන්දනය වන බවයි. ඔහු උදාහරණ ලෙස දක්වන්නේ අන්තර්ජාලය හඳුන්වාදුන් මුල් අවධියේ දී දැඩි නීතී රීති ක්‍රියාත්මක වූ අතර පසුව ඒවා ලිහිල් කිරීමෙන් පසුව අන්තර්ජාලය තුළ නව සොයාගැනීම් විශාල වශයෙන් සිදු වූ බවයි. ඒ පරිද්දෙන්ම රහිත මෙම යානා අනාගතයේ දී එදිනෙදා ජීවන කටයුතු සඳහා යොදා ගැනීමේ නව සොයා ගැනීම් සිදු විය හැකි බව ඔහු පවසයි.
    මෙම දුරස්ථ පාලක ගුවන් යානා නියාමනය කිරීමේ එක් අපහසුතාවයක් වනුයේ ඒවායේ විශාල වශයෙන් සිදුවී තිබෙන පැතිරීමත් ඒවායෙන් කරනු ලබන කාර්යයන් විශාල වශයෙන් එකිනෙකට වෙනස් විවිධත්වයක් පැවතීමත්ය. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් ගුවන් සේවා ඒජන්සිය (Federal Aviation Agency –FAA) නියාමනය කිරීමේ පහසුව පිණිස ඒවායේ ප්‍රමාණය අනුව කොටස් 3 ට වෙන් කිරීම සිදු කරනවා.
    පළමුව රාජ්‍ය ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නා නියමු රහිත ගුවන් යානා වර්ග කර ඒවාට නීති සකස් කරනවා. මේ සඳහා අයත් වන්නේ නීති ක්‍රියාත්මක කිරීමේ වන යොදා ගැනීම් (පොලිසිය ආදී ආයතන), ගිනි නිවීම් කටයුතු සඳහා වන යොදා ගැනීම්, ආගමන විගමන ක්‍රියාකාරකම් සහ මුදවා ගැනීම් මෙහෙයුම් ආදය සඳහා වන යොදා ගැනීම්.
    දෙවනුව රාජ්‍ය නොවන වාණිජ කටයුතු සඳහා වන යොදා ගැනීම්. උදාහරණ ලෙස චිත්‍රපට සඳහා වන යොදා ගැනීම්, භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා වන යොදාගැනීම් දැක්විය හැකිය.
    තුන්වනුව විනෝදාත්මක කටයුතු සඳහා වන යොදා ගැනීම්. එසේ නැතිනම් විනෝදය සඳහා මෙම ගුවන් යානා මෙහෙයුම් සිදු කිරීම. මේ සඳහා ඔවුන් යෝජනා කරන්නේ රාත්තල් 5 ට අඩු යානා අතුලත් කිරීමටයි. කෙසේ වෙතත් මෙම ක්ෂේත්‍ර යේ සිදු වන අධික වර්ධනය නිසා “ක්ෂුදු යානා“ යනුවෙනුත් වර්ගයක් එක් කිරීමට ඔවුන් සැළසුම් කරනවා.




    PART-2 ------> http://www.elakiri.com/forum/showthread.php?t=1746561&page=1&pp=10

    සිංහල ජාතියට ජය වේවා !!!




    up+down+anim.gif

    149xct10.gif

    A1TUtiA.gif
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං HD video recording කරන්න පුළුවන් එකක් ලංකාවේ කියක් වගේ වෙනවද?
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කාලෙකට පස්සේ උඹ ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ.
    11.gif



    කැමරාවක් තියෙන ඩ්‍රෝන් නම් තාම රු.3000 වගේ ගන්න බෑ නේ.මෙහේ තාම ඕක ප්‍රශ්නයක් නොවුනට ඩ්‍රෝන් බිම දාන්න බලපත්‍ර පවා නිකුත් කරනවා කියලා අහලා තියෙනවා.
     

    UNIC0DE

    Banned
    Oct 7, 2016
    62
    8
    0
    මුස්ලිම් ජාතියට ජය වේවා !!!

    ඔබට අල්ලා සමිඳුන්ගේ පිහිටයි
     

    Similar threads