නියෝග_පිළිපදින්න_බෑ
“අපට නීති විරෝධී නියෝග පිළිපදින්න බෑ” - ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ ලේකම්වරු ජනාධිපති ලේකම්ට දන්වති
ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ ලේකම්වරු පිරිසක් එක්වී අද උදෑසන ජනාධිපති ලේකම් හමුවී අවනීතික නියෝග පිළිපැදීමට නොහැකි යයි අනතුරු අඟවා තිබේ.
පවතින තත්ත්වය අනුව ජනාධිපති පත් කරන ලද මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ නීත්‍යාණුකූල භාවය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අනුමත වන තුරු ඔහු ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට නොහැකි යයි ජනාධිපති ලේකම් හමුවූ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිස පෙන්වා දී තිබේ.
එවැනි බහුතර බලයක් නොමැතිව අද හෝ හෙට වෙනත් කැබිනට් මණ්ඩලයක් පත් කළහොත් ඒ ඇමැතිවරුන් තම තමන්ගේ අමාත්‍යාංශ වෙත පැමිණ දෙන නියෝග පිළිපැදීමටද තමන්ට නොහැකි යයි අමාත්‍යාංශ ලේකම්වරු පිරිස පවසා ඇත.
තත්ත්වයේ බරපතලකම පෙන්වා දී ඇති ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු නීති විරෝධී නියෝග පිළිපැද තමන්ට දිනෙක හිරේ යන්නට සිදුවන බැවින් රටේ ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරියා වන ජනාධිපති ලේකම්වරයා මේ තත්ත්වය ගැන අවධානය යොමු කළ යුතු බවත් දන්වා ඇත.

Last edited: