එහෙනං පෝය දවසට මස් කඩ වහන්න කියන එක නීතියක් උනේ මොන පදනම මතද? මට හිතෙන්නේ අද ගොඩක් මේ ගැන කතා කෙරෙන්නේ දැන් ඉන්න අයට කබරගොයා තලගොයා කරගැනීමේ උවමනාව වැඩි නිසයි..
ජෛන ආගම පදනම් කරගෙනයි.

hitapanko anagahye dawasaka mini masuth wikunanawa kiyala, pawa sidda wena widiya kese wethath kanda hithenwada, man dekke ne , hituwe ne, arakai mekai kiyala kanda hitenwada, kohma hari karala thaman witarak hari kaden ganna eka natara karala merena manussoyo gena hitanne nedda, sathunta kata karanda beri nisaai oya tarka godak saadarana wela thiyenne , umbalage yati hitha dannawa wenasa







6. බෞද්ධයන්ට නයිට් ක්ලබ් සහ ඉටිපන්දම් අකැපය.
මේ ලිපියේ 70%-80% කම වගේ සඳහන් වෙන මස් කෑම සම්බන්ධ කරුණු ඔක්කොටම එකඟයි... ඒවා බෙදා ගත්තාට බොහොම පිං...
ප්‍රශ්නයක් නම් තියනවා. එත් ලිපියත් උපුටා ගැනීමක් නිසා, දාපු කෙනාත් පිළිතුරක් දෙයි ද දන්නේ නෑ..
මේකයි ප්‍රශ්නේ,
ලිපියේ මුල ප්‍රාණ ඝාතයක් වෙන්නේ කොහොමද කියලා හොදින් විස්තර කරලා තියනවා. ඒ ප්‍රාණ ඝාතයට චේතනාව සකස් වෙන හැටි ගැනත් ලිපියේ පසුව සඳහන් වෙනවා. හොඳම නිදසුන ,
"අල්ලේ තුවාල නැති අයෙකුට අල්ලට විෂ ගත හැකිය. ඉන් ඔහුට හානියක් නොවේ. එලෙසම, කීකරු බිරිය දුන් අණ පිළිපැද, දුන්න සහ ඊතලය ගෙනත් දුන්නා මිසක, මරණ චේතනාවක් ඈ හට නොවීය. මහණෙනි, මම චේතනාවම කර්මය ලෙස වදාරමි. කර්ම යනු සිතින් සිතා දැනුවත්ව කයින්, වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා වේ"
කියන එකයි..
නමුත් ලිපියේ මුල, බල්ලට ගහන ගලෙන් අම්මා මැරුනොත් ආනන්තරිය පාපකර්මය සිද්ද වෙනවා කියන එකේ ගැටළුවක් තියනවා. මොකද ඉහත ප්‍රාණ ඝාතයට හේතු වෙන කරුණු 5 අනුවත්, "ගහන ගල අතින් නික්ම යන මොහොතේ" චේතනාව සකස් වෙලා තියෙන්නේ බල්ලා මරන්න. අම්මා මරන්න නෙවේ. අනික දෙකම පංච උපාදානස්කන්ධ වුනාට, අම්මයි බල්ලයි සමාන නෑ? අම්මයි බල්ලයි සමාන නම් බල්ලා මැරුවත් ආනන්තරිය පාප කර්මය සිද්ද වෙන එපැයි. එහෙම නෑ නේ!. බල්ලා එතනින් අයින් වෙලා අම්මා එතෙන්ට එනකොට චේතනාව වෙනස් වෙලා නෑ. කයෙන් වත් , වචනයෙන් වත්, සිතින් වත් අම්මා මරන්න සැලසුමක් නැහැ. අම්මා මරන්න චේතනාවක් නැහැ.
ඉතින් කොහොමද ආනන්තරිය පාපකර්මය සිද්ද වෙන්නේ?
ඒක තමයි ප්රශ්නය..![]()

නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism
කාගේත් දැන ගැනීම පිණිස ඔය කී ත්‍රිකෝටි පාරිශුද්ධිය යනු කුමක්දැයි පහත දක්වමි. (මූලාශ්‍රය: මජ්ඣිම නිකාය සීහ සූත්‍රය)
1. අදිට්ඨ (නොදුටු): තමා නිසාම පමණක් මරණ ලද බව ඇසින් නොදුටු,
2. ඇසුත (නෑසූ): තමා නිසාම පමණක් මරණ ලද බව කණින් නොඇසූ,
3. අපරිසංඛිත (නිසැක): තමා නිසාම පමණක් මැරූ බවට සැකයක් නොමැති.
(පාළි: සංඛ == සංස්කෘත: ශංඛ == සිංහල: සැකය), සංඛිත යනු එහි අතීත කෘදන්තය වේ, හෙවත් සැක සහිත, සැක කරන ලද යන අරුත් දේ. පරි යන උපසර්ගයෙන් කියවෙන්නේ "හාත්පසින්ම, මුළුමනින්ම" යන අර්ථයයි. "අ" යනු නිශේධාර්තවාචී උපසර්ගය වේ. සියල්ල එක් කළ විට, මුළුමනින්ම තමා නිසාම මරණ ලද බවට සැකයක් නැති යන අරුත් දේ.
mas kama niyaitha akarayata karanawanan paw nathi bawa budu himida deshana kara ata......samahara aya paw sidwethai sitha mas malu kamen walaki sitithi...ea thamanta adare nisa wiya haka(paw siduweemen walakimata)...eath ma mas malu karawala nathara kale anun gana sithaya..ea kiwe ahinsaka sathun gana sithaya..man mas malu adiya kamen walakima nisa aduma gane halmassekuta ho uge jiwithe nidahase gewimata ida labe....ese awurudu ganak meya sidu krimen ahinsaka sathun kiyaage jiwitha berenna athida....mewani jiwitha danayan labadena uthum gathigunayan thamange jiwithayatada athi karagannata adak ho uthsaha kala nam moda tharak kirimata ganna kalayata wada watinneya...bs...







--------OBAGE MINI MAS , VALASUN or KIBULAN sadaha SATHVA AHARAYATA DEEMATA OBA KAMATHIDHA???????OBAGE LIFE EKATA OBA ADHARE NEDHA ? OBA PAINFUL MARANAYATA BIYAYI NEDHA ?? EHENAM THAMAN UPAMAVAKATA GANNA ***** ANUNVA NASANNA EPA***** SAID BY BUDUN VAHANSE.නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism
ප්රවිෂ්ටය
මේ දිනවල සමාජ ජාල වල වැදගත්ම මාතෘකාව වන්නේ හරක් මස් විරෝධයයි. හරකා සහ අනිත් සතුන් අතර වන මේ වෙසෙස් වෙනස අපට නම් වැටහෙන්නේ නැත. මේ ටික කී විට හරකාට කිරි අම්මා යයි කියන අයට සැහෙන්නට රිදෙනු ඇත. එහෙත් අපේ නම් අදහස, මේ කතාව ඇත්ත නම්, මුළු රටේම කිරි අම්මාවරු දැන් සිටින්නේ එක්කෝ ඕස්ට්‍රේලියාවේ නැතිනම් නව සීලන්තයේ බවයි. හරකාට අම්මා යයි කියන්නේ අප නොව, හින්දුන් බව අපි කලින් වතාවක කරුණු සහිතව දැක්වුයෙමු. එය කියවන්නට නොහැකි වූ අයෙක් වෙතොත් මෙතැනින් කියවිය හැකිය.
මේ ලියන්නා ද බෞද්ධයෙක් සහ වසර ගණනක සිට පූර්ණ නිර්මාංශික වෙයි. ඒ බුදු දහමේ කොහෙවත් නිර්මාංශික වන්නට යයි කියා ඇති නිසා නොව, පුද්ගලික හේතුවක් මත ය.
නිර්මාංශික භාවය ඍජුව සම්බන්ධ වන්නේ අහිංසාව සමග ය. එහි වරදක් නැත. එහෙත් ප්‍රමාණතික්‍රාන්ත අහිංසාව කිසිදා ප්‍රායෝගිකව කරන්නට බැරි දෙයකි. එය බුදුන් වහන්සේ හොඳින් වටහා ගෙන සිටියෝ ය. මේ නිසාම අපි පළමුව, පළමු සිකපදය ගැන කතා කරමු.
ප්‍රාණඝාතය
ප්‍රාණඝාතය සපිරෙන්නට නම් කරුණු පහක් අවශ්‍ය ය.
1. පණ ඇති සතෙකු වීම.
2. පණ තිබෙන බව දැනගැනීම.
3. පණ නැසීමේ චේතනාව.
4. පණ නැසීම සඳහා යම් උපක්‍රමයක් යෙදීම / යෙදවීම / යෙදීමට අනුබල දීම,
5. එම උපක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස එම සතා ගේ ප්‍රාණය හානි වීම.
වැදගත්ම කරුණ වන්නේ, සතා මරණයට පත්වීමට හේතුව ඔබ අතේ තිබිය යුතුය යන්නයි. ප්‍රාණඝාතය අවිකල්පික ක්‍රියාවකි; එසේම එය නාසඥිවේ. එනම් ඔබ එකෙකු මරන්නට තැත්කරමින් කළ ක්‍රියාවෙන් වෙනෙකෙකු මළාය කියා පව නොපිරෙන්නේ නැත. එසේම මින් එකක් හෝ නොමැති තැන ප්‍රාණඝාතයක් සිදු නොවේ.
උදාහරණයක් ලෙස, ඔබ වත්තට එන බල්ලෙකුට මරණ චේතනාවෙන් ගල්ගෙඩියකින් ගැසුවාය සිතන්න. වැරදීමකින් ඒ ගල්ගෙඩිය වැදුනේ ඔබේ මවගේ හිසේ යයි සිතන්න. ඇය ඉන් මළොත් ඔබට අනිවාර්යයෙන්ම ආනන්තරිය අකුසලය සිද්ධ වේ. බොහෝ දෙනා මෙහිදී චේතනාව ම කර්මය වේ යැයි සිතා, ආනන්තරිය අකුසලය සිද්ධ නොවන්නේ යැයි කියනු ඇත; එහෙත් අභිධර්ම විග්‍රහය (රේරුකානේ හිමියන්ට අනුව) සැලකුවොත් බල්ලා, මව යන දෙදෙනෙක් නැත; ඇත්තේ පංචස්කන්ධ දෙකක් සහ පරපණ නසන චේතනාව පමණි. එනිසා අකුසලය අනිවාර්යයෙන්ම සිද්ධ වේ.
ඊළඟ වරද්දා නොගත යුතු කාරණය මෙයයි: ප්‍රාණඝාතය සම්පූර්ණ වන්නට නම් පණ නැසීමට ඔබේ ක්‍රියාව ඍජුව හේතු විය යුතුය. එනම්, යම් නිශ්චිත ප්‍රාණියකු හට බලපෑ යුතුය. මරන චේතනාවක් නැතිනම්, ඔහේ ගහන කඩු පහරකින් වුවද මිනිසෙකු මරණයට පත්විය හැකිය. ඉන් අකුසලයක් සිද්ධ නොවේ.
කෙටියෙන් කියන්නේ නම්, මරන චේතනාවක් නැතිව කඩුවක් අරන් වැනීම නිසා, දාහක් දෙනෙක් මළත් පවු නොපිරේ; එනමුත් බල්ලෙක් මරන චේතනාවෙන් ගලක් වීසිකොට මිනිහෙක් මළත් ප්‍රාණඝාතය සිදුවේ. (කරුණු අනුපිළිවෙල අනුව නොගැළපීමක් ඇති බවට කළ පාඨක පෙන්වාදීමක් අනුව එකතු කළෙමු)
උදාහරණයක් ගනිමු. මිනිහෙක් තව මිනිහෙකුගේ අත කපා දමයි. මෙය අකුසලයක් ද නැද්ද? අපට ඊට ඍජුව පිළිතුරු දිය නොහැක. අත කපන්නා හංදියේ චණ්ඩියෙක් නම් සහ, ඌ එය කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් නම් අකුසලයකි. එහෙත් රෝගියකුගේ දිවි ගලවනු වස් වෛද්‍යවරයකු අත කපා දැමීම අකුසලයක් නොව, කුසලයකි. හැබැයි, රෝගියාගේ අත නොකපා බේරාගන්නට තිබියදී, පරණ තරහක් පිට අත කපන්නට වෙදා සිතන්නේ නම්, එය යළි අකුසලයකි.
මාංශ අනුභවය
පළමුවෙන්ම කිව යුත්තේ ගිහියන්ට හෝ පැවිද්දන්ට හෝ කාටවත් නිර්මාංශ ආහාරික වන්නට යයි බුදු හිමියන් කියා නැති බවයි. උදාහරණයක් ලෙස පස් වන සිල්පදය ගැන කීමේදී, මුළු ඉන්දීය වෛදික බමුණු සමාජයම යාග පූජාවන්හිදී කන පැලෙන්නට බොන බව දැන දැන, "පෙරීමෙන්, පැසවීමෙන් හෝ අන් අයුරකින් ලබා ගන්නා, මත් වීමට, ප්‍රමාදයට හේතු වන්නා වූ, සියලු ආකාර දෙයින් වෙන් වීමේ ශික්ෂා පදය" පැනවූ බුදු හිමියන්ට, "මස් කන්නට එපා" යයි කෙළින් කීමට බැරි කමක් තියෙන්නට විදියක් නැත. බුදු හිමියන් ගේම වචනයෙන් කියනවා නම් "ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය" හෙවත් තුන් කෙළවරකින් පිරිසිදු වූ මාංශය ආහාරයට ගැනීම වරදක් නොවේ. එනම්, තමා නිසා ම මරණ බව ඇසින් දැක නැති, තමා නිසා ම මරණ ලද බව කනින් අසා නැති, තමා නිසාම මරණ ලද්දේ යයි සැක කිරීමට කරුණක් නැති මාංශය යි.
කාගේත් දැන ගැනීම පිණිස ඔය කී ත්‍රිකෝටි පාරිශුද්ධිය යනු කුමක්දැයි පහත දක්වමි. (මූලාශ්‍රය: මජ්ඣිම නිකාය සීහ සූත්‍රය)
1. අදිට්ඨ (නොදුටු): තමා නිසාම පමණක් මරණ ලද බව ඇසින් නොදුටු,
2. ඇසුත (නෑසූ): තමා නිසාම පමණක් මරණ ලද බව කණින් නොඇසූ,
3. අපරිසංඛිත (නිසැක): තමා නිසාම පමණක් මැරූ බවට සැකයක් නොමැති.
(පාළි: සංඛ == සංස්කෘත: ශංඛ == සිංහල: සැකය), සංඛිත යනු එහි අතීත කෘදන්තය වේ, හෙවත් සැක සහිත, සැක කරන ලද යන අරුත් දේ. පරි යන උපසර්ගයෙන් කියවෙන්නේ "හාත්පසින්ම, මුළුමනින්ම" යන අර්ථයයි. "අ" යනු නිශේධාර්තවාචී උපසර්ගය වේ. සියල්ල එක් කළ විට, මුළුමනින්ම තමා නිසාම මරණ ලද බවට සැකයක් නැති යන අරුත් දේ.
කෙස් පැලෙන තර්ක ආරම්භ වන්නේ පළමු දෙ කරුණ ගැන නොව, තෙවන කරුණ ගැන ය. එනම්, "මස් මරන්නේ මස් කන්නවුන් නිසා නොවේ නම් අන් කවරක් නිසාද?", "ඔබ මස් නොකන්නේ නම් ඔබ නිසා සතුන් නොමැරෙනු ඇත", "ඔබ ඉල්ලුම ජනිත නොකරන්නේ නම් මස් සැපයුමක් නැති වනු ඇත", ආදී වශයෙනි.
මා මස් කෑමට තීරණය කරන මොහොත (වෙලාව කුමක්ද යන්න වැදගත් නැත) වනවිට මා ආහාරයට ගන්නා සතා මැරී හමාර බවට සැකයක් නැත. හේතුවට පසුව ඵලය සිදු වනවා මිසක, හේතුවට පෙර ඵලය සිදුවිය නොහැකිය යන සරල තර්කය සිහි බුද්ධියෙන් සිතන ඕනෑම අයෙකුට නොවැටහීමට හේතුවක් නැති බව මම සිතමි. එබැවින්, වෙළඳපලේ ඇති මස්, මට අජීවී මස් කුට්ටියක් පමණක් බව ඔබට වැටහේ යැයිද සිතමි. එම සතා මරණයට පත් වීමට මා හේතු වූවා නම්, මා මස් කන්නට තීරණය කරන මොහොත වන විට ඌ ජීවතුන් අතර සිටිය යුතුය.
ඒ අනුව, මම මස් කෑමට තීරණය කරන මොහොත වන විට එම සතා මැරී බැවින් පළමු කොන්දෙසියම බිඳ වැටී තිබේ. මම මැරීමට අනුබල නොදෙන අතර මා කරන්නේ මිලදී ගැනීමක් පමණකි. මරණ චේතනාවක් මට නැති නිසා 3 වෙනි කරුණ ද බිඳ වැටේ.
මම කරන්නා වූ මිලදී ගැනීම, සතෙකුගේ මරණයට උපක්‍රමයක් යෙදෙවුවා කියන තර්කයට ගැනේ යයි කෙනෙකුට කිව හැකිය. එසේ නම්, මගේ මිල ගෙවීම හේතුව සහ සතාගේ මරණය එහි ඵලය විය යුතුයි. එවිට 5 වෙනි කරුණ අනුව, මගේ උපක්‍රමය හේතුව වේ. සතාගේ මරණය ඵලය වේ. හේතුවට පෙර ඵලය හටගත නොහැකිය යන සත්‍යය සියල්ලන්ටම වැටහේ යැයි සිතමු.
උදාහරණයක් ගනිමු.
1. ඔබ ජීවත් වේ.
2. මට මස් කෑමට අදහසක් ඇති වේ.
3. ඔබ පණ පිටින් බව මම දනිමි.
4. මට ඔබ මරා මස් කෑමේ චේතනාවක් හටගනී.
5. මම මුදලාලි ට සල්ලි දී ඔබ මරා මස් කමි.
කතාව වෙන්නේ මෙහෙම නම්, ඔවු, මම වැරදිකරු වෙමි.
නමුත් සත්‍ය කතාව නම්,
1. මුදලාලි ඔබව මරනවා.
2. මට මස් කන්න හිතෙනවා.
3. මම ඔබේ මළකුණ දකිනවා.
4. මට මස් කන්න හිතෙනවා.
5. මම සල්ලි දී ඔබේ මළකුණ අරන් ගිහින් උයාගෙන කනවා.
ගැටලුව පැන නගින්නේ පවතින සමාජ තත්වය යටතේ මෙය "මාකටබල්" භාණ්ඩයක් නිසා ය. "අපි තමා නියම බෞද්ධයෝ" යයි කියා ගැනීමට ඇති ළදරු මානසිකත්වය නිසා සමහරු මෙසේ කතා පතුරවති. ඊට උපේක්ෂාවෙන් සැලකිය හැකිය. ගැටලුව වන්නේ මේ කෙහෙල් මල් නිර්මාංශයක් අල්ලා ගෙන බෞද්ධ ප්‍රජාව දෙකඩ කිරීමට ඇතැම් අන්ත ගාමී "නඩේ ගුරා ලා" ලැහැස්ති වීමයි.
ඔබේ අල්ලේ වණ තිබේද?
මෙහිදී දේවදත්ත තෙරුන් ගේ පංචවර යාචනය සිහිපත් කළ යුතුය. සංඝයා භේද කරනු කැමති වූ දෙවුදත් තෙරහු, ඊට හේතු පිණිස වරක් ප්‍රතිපත්ති පහක් ඉදිරිපත් කොට ඒවා මුළු භික්ෂු සංඝයා හටම ජීවිතාන්තය තෙක් අනිවාර්ය කරන ලෙස බුදුන් ගෙන් ඉල්ලීය. ඉන් එකක් වුයේ ඔය කියන නිර්මාංශාහාරික බවයි. ඊට බුදු හිමියන් දුන් පිළිතුර වුයේ, "මේවා දැනටත් කරන අය සිටිති. ඒ අය එසේ කිරීමේ වරදක් ද නොදකිමි, එහෙත් අන් අයට එය අනිවාර්ය කිරීමේ අවශ්‍යතාවක් නොදකිමි" යනුවෙනි. දෙවුදත් ගේ මතය පිළිගත් ඇතැම්හු ඒ පක්ෂය ගෙන වෙන්ව ගියහ. එහෙත් ඒ තාවකාලිකව බවද සිහිපත් කළ යුතුය.
මස් කෑම නොකරන්න යයි බුදු හිමියන් කෙළින්ම කියා ඇත්තේ ධුතාංග ධාරී භික්ෂුන් හට පමණි. මන්ද යත් සමහර භාවනාවන් කළ යුත්තේ අමු සොහොනක හිඳ ය. සොසානිකාංගය, පාංශුකූලිකාංගය වැනි සමහර දැඩි සිල්පද (ධුතාංග) රකින අයට, සොහොනේ වාසය නිසා සත්ත්ව භය, අමනුෂ්‍ය භය ඇති වීම වලක්වනු පිණිස එසේ කළා මිස, වෙන හේතුවක් එහි නැති බව ද කිව යුතුය.
තවත් නොතේරෙන උදවිය හට ධම්ම පදයෙන් ගත් මේ කතාව කිව යුතුය:
බුදු හිමියෝ දිනෙක එක්තරා වනයක් මැදින් වඩින විට වැද්දෙකු උන් වහන්සේ දුටුවේ ලු. උන් වහන්සේගේ පින් මහිමය නිසා සතුට අටවා තිබු උගුල් බුරුල් වී සතුන් නිදහස් වී ලු. උගුල් ඇටවූ වැද්දා, උදයේ එක සතෙකු වත් නොලැබ ගියේලු. යලි සවසද බුදු හිමියන් ආපසු වඩින විට, දෙවන වර (හවස) ඇටවූ උගුල් ද ලිහී වැද්දා දෙවන වරද හිස් අතින් ගෙදර ගියේ ලු. යන විටද බුදු හිමි දුටු වැදි තෙමේ, "මේ මුඩු මහණා නිසා මට දවසටම සතුන් නැති වීයයි" කෝපයෙන් මුසපත්ව, බුදු හිමියන්ට විදින්නට යයි සිය භාර්යාව ලවා දුනු ඊතල ගෙන් වී ලු.
වැදගත් වන්නේ වැද්දාට දුන්නෙන් එකම ඊතලයක් වත් විද ගන්නට බැරි වීම නොවේ. අර කී භාර්යාව මේ සිද්ධියට පෙර සෝවාන් වී සිටීමයි. කවුරුත් දන්නා පරිදි, සෝවාන් වූවකුට පස් පවු කළ නොහැක. හෙතෙම සිය ජීවිතය පරදුවට තබා පන්සිල් පද පහ රකී. මිනිසුන්ද ඇතුළුව සතුන් මැරීම, මැරවීම සහ අනුබල ආධාර දීම යන තුනම එක හා සමාන ය. මරණ සිතින් ඉල්ලන බව දැන දැන, මරන්නට ආයුධයක් අතට දීම, මරන්නට අනුබල දීමක් සේ ය පෙනෙන්නේ. එසේනම් අර කී වැදි බිරිය පන්සිල් පද පහ කැඩුවා නොවේදැයි මහත් ගැටළුවක් දම් සභා මණ්ඩපයේදී පැන නැගිණි. බුදු හිමියන් ඊට දුන් පිළිතුර නම් "අල්ලේ තුවාල නැති අයෙකුට අල්ලට විෂ ගත හැකිය. ඉන් ඔහුට හානියක් නොවේ. එලෙසම, කීකරු බිරිය දුන් අණ පිළිපැද, දුන්න සහ ඊතලය ගෙනත් දුන්නා මිසක, මරණ චේතනාවක් ඈ හට නොවීය. මහණෙනි, මම චේතනාවම කර්මය ලෙස වදාරමි. කර්ම යනු සිතින් සිතා දැනුවත්ව කයින්, වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා වේ."
ඉංග්‍රීසි බසින් කියවන පාඨකයන් සඳහාත්, අප මෙය ලියන්නට පෙළඹවූ මුල් ලිපිය කියවනු රිසියවුන් සඳහාත්, පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමිගේ ලිපියක් මීටම සබැඳි කොට දක්වමු.
දේවදත්තාගම
මේ දිනවල රටේ කෙසේ වෙතත් ෆෙස්බුක් වැනි සමාජ ජාල වල පැතිරී යමින් පවතින වෙනත් ආගමක් ද වේ. පෙනුමට එය පෙනෙන්නේ බුදු දහම ලෙස ය. නමුත් යම් යම් සියුම් කරුණු රාශියක් නිසා එය වඩාත් ලං වන්නේ කුරාණයට හෝ දේවදත්ත තෙරුන්ගේ පස්වැදෑරුම් ඉල්ලීමට මිසක, බුදු දහමට නොවන බව පෙනේ. කටවහරේ පහසුව තකා අපි ඊට දේවදත්තාගම යැයි කියමු.
ඊට අනුව ප්‍රාණඝාතය සහ හිංසනය, අප දන්නා ප්‍රාණඝාතයට සහ හිංසනයට වඩා වෙනස් වේ. මෙන්න අපි දකින වෙනස්කම්: (සමහර කරුණු අපේ අදහස් නොව, අපේ ෆේස්බුක් පිටුවට ලැබුණු පාඨක අදහස් ය.)
1. අ) රට වෙනුවෙන් මැරෙන සොල්දාදුවන් හට ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙන්නේ නැත.
1. ආ) බෝසතුන් නොවන අයටද ජීවිත පූජා කළ හැකිය.
1. ඇ) රට / හරක් වෙනුවෙන් ජීවිතය පිදුවාට පැවිද්දන් හට දුක්කටාපත්ති නැත.
2. අ) මස් කෑම පවු සිද්ද වෙන වැඩකි.
2. ආ) බිත්තර මාළු කෑවාට කමක් නැත.
2. ඇ) හරක් මස් කෑම ආනන්තරිය අකුසලයකි.
2. ඈ) එසේ කන්නවුන් හොඳින් හෝ නරකින් ඉන් මුදවා ගැනීම තුසිතයේ ඉපදීමට පවා හේතු වන කුසලයකි.
2. ඉ) ප්‍රාණඝාතයේ බරපතලකම සතාගේ ශරීර ප්‍රමාණය අනුව වැඩි වේ.
3. අ) බුදුරදුන් සෑම භික්ෂුවක්ම බුද්ධ වංශයේ යැයි දේශනාකොට ඇතත් ඉතා පසුගාමී, ගෝත්රවාදී, ලෞකික මිම්මක් වන "කුලයට" අනුව නිකාය වලට බෙදී වෙන්ව සිටියාට පව් නැත.
3. ආ) භික්ෂූන්ට මද්‍යසාර භාවිතය සහ එසේ කොට රිය පැදවීම කැපය
3. ඇ) භික්ෂූන්ට ප්‍රසිද්ධියේ පරුෂ වචන භාවිතා කිරීම කැපය
3. ඈ) භික්ෂුන් දාන සීල භාවනාදියෙහි යෙදිය යුතු නොවේ; මුස්ලිම් විරෝධය මගින් සියලු පිං අත් වේ.
3. ඉ) භික්ෂූන් පෙළ ගැසිය යුත්තේ වසවත් මරු පැරදුමට නොව ආණ්ඩුවට බලපෑම් කිරීමටයි.
4. අ) අන්‍යගමිකයන්ගේ කඩවලට යන උන්ට බිත්තර ගැහුවාට පවු නැත.
4. ආ) තමන්ට එරෙහිව එන උද්ඝෝෂකයන්ගේ පින්තුර එඩිට් කර කැලෑ පත්තර ගැසීම නිවැරදිය.
4. ඇ) අන්‍යාගමිකයන් හට බලෙන් හිංසාකාරීව හෝ මේ ආගම කියා දුන්නාට පවු නැත.
5. අ) භික්ෂුන් හට නච්ච ගීත වාදිත වලින් පිරුණු ෆේස්බුක් තහනම් නැත.
5. ආ) භික්ෂුන් හට දේශපාලනය වරදක් නැත.
5. ඇ) රට ජාතිය ආගම වෙනුවෙන් භික්ෂුන් සීලය කඩා ගත්තාට පවු නැත.
6. බෞද්ධයන්ට නයිට් ක්ලබ් සහ ඉටිපන්දම් අකැපය.
මේ වාහෙලා එදා බුද්ධ කාලයේ නම් සිටියා වෙන්නට බැරිය. සිටියා නම් දෙවුදත්ට පෙර බුදුන්ට ගල් ගහන්නේ මුන්දෙලාය. මේ අයට ය, මේ සිහිපත් කිරීම:
පිංවත, සිහි තබා ගන්න! මිනී 999ක් මරපු අංගුලිමාල රහත් වූ බව සිහි තබා ගන්න. සැණකෙළියක් සැණකෙළියක් ගානේ (අද වගේ නම් නයිට් ක්ලබ් ගානේ) ඇවිද ඇවිද හිටපු උපතිස්ස කෝලිත දෙදෙනා, සාරිපුත්ත, මොග්ගල්ලාන නමින් අගසව් වූ බව සිහි තබා ගන්න. නිරුවතින් වෙහෙරට දිව ආ පටාචාරාවෝ, හික්මීමෙන් අගතැන්පත් මෙහෙණිය වූ බව සිහි තබා ගන්න. බුදු සසුනේ පන්සිල් රකින්නවුන් අතර අග්‍රස්ථානයේ සිටියේ උභය කුල පාරිශුද්ධ විසාඛාව නොවේ; ප්‍රසිද්ධ ගණිකාවක වූ අම්බපාලිය බව සිහි තබා ගන්න. සියල්ලටම වඩා, ජීවිතේට එකම එක පාරක් මහල්ලෙක්, ලෙඩෙක්, මිනියක් සහ භික්ෂුවක් දැකපු සිද්ධාර්ථ බුදු වූ බවත් මතක තබා ගන්න.
මේ ලිපියට කරුණු උපුටා ගත පූජ්‍ය අජාන් බ්රහ්මවංසො හිමිගේ මුල් ලිපිය පහත උපුටා දක්වමු.
මෙම ලිපිය උපුටා ගැනීමකි
http://thahanamwachana.blogspot.com/2013/06/vegan-scam-devadattism.html
Thmange mind ekata thaman avanka venna. Please be honest, be a gentleman .