බුද්ධාගමෙ හික්මීම මිනිස්සුන්ගෙ ඇති කරාට අපෙ මිනිසුන්ගෙ කිසි දියුණුවක් ප්‍රියමනාප බවක් පෙන්නෙ නැහැ නෙ ? ඒ ඇයි ?
ධර්මය පළිපදින කෙනාගෙ ලෝ්කෝත්තර වශයෙන් දියුණුවක් තියෙනවා. ඔයා ඔය කියන්නෙ කාමයන් සහ ධනය පසුපස දුවන සාමාන්‍ය ජන සමාජය ගැන.
බුද්ධාගමෙ හරය පටන්ගන්නෙම දුක්ඛ සංකල්පයෙන්.
ජීවිතෙ දුකක් තෙරුමක් නැහැ ,ජරාවට යනවා අපි කවදාහරි මැරෙනවා
සියල්ල අනිත්‍යයි නැසෙනසුලුයි වගෙ දෙවල් .
ලෙඩ වීම සැපක්ද? වයසට යාම සැපක්ද? මරණය සැපක්ද?
අප්‍රිියයන් හා එක් වීම සැපක්ද? ප්‍රියයන්ගෙන් වෙන් වීම සැපක්ද?
කැමති දේ නොලැබීම සැපක්ද? මේ දේවල් ලබන්න ඉපදීම සැපක්ද?
සියලු දේ නිත්‍යයිද? ස්ථිරයිද? තමන් කැමති විදිහට පවතිනවාද?
සත්වයා දුක මත ඉඳන් දුකම පතනවා.
ඒක ලෝකෝත්තර වශයෙන් අවබෝධ කළ යුතු දෙයක්. ලෞකික ජීවිතයේදී රස්සාවක් කරලා, කාලා බීලා, ඇඳලා පැළඳලා ඉන්න ඕනෙ.
මුදල් වියදම් කළ යුතු ආකාරය, ධාර්මිකව මුදල් උපයන ආකාරය, සැමියා-බිරිඳ ලෙස යුතුකම් ඉටු කළ යුතු ආකාරය වගේ ගිහි ජීවිතයට අදාළ බොහෝ දේශනාත් බුදු දහමේ තියෙනවා.
නමුත් මේ හේතු නිසා තම ථෙරවාදි ආගම තියෙන රටවල් ලෝකෙ අසාර්ථකම රටවල් ගොන්නෙ තියෙන්නෙ
ලයිෆ් එකට මීනින් එකක් නැහැ.
ඔව් ඔව්. සුඩානය, ලයිබීරියාව, මොසැම්බික්, නයිජීරියාව, එරිත්‍රියාව, බුරුන්ඩි කියන රටවල් එහෙම....
ලංකාව කාර්මික, තාක්ෂණික, මූල්‍යමය වශයෙන් පහළට වැටුණෙ බටහිර ජාතීන් ඔවුන්ගේ පාලන කාලයේදී ශ්‍රීී ලාංකිකයන් තුළ ඇති කළ යැපීම් මානසිකත්වය, ශ්‍රී ලාංකිකයන් එයට හුරු වීම සහ ඉන් පසු බිහි වූ පාලකයන්ගෙ දුර්වලතා හින්දා.
අපෙ රටෙ උනත් බිහි වෙච්ච ශ්‍රේෂ්ඨයි කියන රාජධානි සෙට් එක ගත්තොත් හින්දු ආගමික භක්තික රජවරු පිහිටවපුවා
ඔයාගෙ ඉතිහාස දැනුම ගැන ආඩම්බරයි මට. වෙලාවක් තිබුණොත් අනුරාධපුරේ පැත්තෙ ගිහින් එන්න.
අපේ හිටපු ලොක්කා හැම පෝයටම සිල් ගන්නවා.ටෝක්ස් දුන්නත් දර්මෙන් දෙන්නෙ.ඒ උනාට වැඩ කරපු උන්ට කැරි වැඩමයි කලේ.
වැරැද්ද තියෙන්නෙ උඹලගෙ ලොක්කගෙ මිසක් ධර්මයේ නෙමේ. ධර්මයේ ඔය විදිහට කරන්න කියලා උගන්න්නෙ නෑනෙ.
understand?