නිරාගමික අය

topkollek

Well-known member
  • May 22, 2014
    43,662
    1
    57,773
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආගමක් අදහන්නෙ නැති අයට ආගම් අදහන උන්ව විහිලුවක්. පොඩ්ඩක් ඔය ආගම් අදහන උන්ගෙන් ප්‍රශ්නයක් දෙකක් අහල බලපන් උන් වයින් වෙන හැටි. 😂
    ආගම් අදහන අය ආගම අනුව එකගොඩකට දැම්මට ආගම් නැති අය ඔක්කොම එක ගොඩකට දාන්න බැහැ.

    මගේ මතේ නම් තමන් අදහන ආගම අදහගෙන පාඩුවේ ඉන්න එක.මිනිස්සු සත්තු වෙන එක ගොඩක්ම අඩු වෙලා තියෙන්නේ ආගම් නිසා .
    බුදු දහම උනත් හිතේ තියන් ඒ විදිහට හිටයම ඇති මන්නම් කියන්නේ .
    හැම පෝයටම සිල් ගන්න බන දේශනා කරන උන්ට වඩා මගේ හිත නම් පිරිසිදුයි .

    1.දැන් ඔය නිරාගමික අය ළමයෙක් ඉපදුනාම උප්පන්න්නේට දාන්නේ නිරාගමික කියලද .

    2. එතකොට ඔය රැඩිකල් සින එකේ ඉන්න අය නිරාගමිකද

    3.ඊයේ චින්තන දර්මදාස කියන පොර කියනවා සුද්ද තමාලු සිංහල උන්ට පිරිසිදු කම ඉගැන්නුවේ .මෑන් රැඩිකල් කියල පෙන්නන්න හදන කෙනෙක්.
    ෆැකල්ටි ඔෆ් සෙක්ස් පොත ලියපු කෙනා

    ඔය හැමෝම සිංහල බුද්දාගම් කාරයෝ එක්ක තරහ ඇයි .

    තම තමන්ගේ මතේ දාන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    හැම පෝයටම සිල් ගන්න උන්ට වඩා ඔයාගේ හිත පිරිසිදුයි කියන නිගමනයට ආවේ කොහොමද මචං?
    ඒකෙන් සිල් ගන්න බණ අහන එක වැඩක් නෑ කියන අර්ථයත් එනවා. මමත් එහෙම සිල් අරන් තියෙනවා. මට බොහොම හොඳ මිනිස්සු ඒ අතර මුණ ගැහුණා. ඒ නිසා සාමාන්‍යකරණය (generalize) කරන්න එපා.
    ලංකාවේ බුදු දහමේ ප්‍රයෝගික දේවල් මිනිස්සු අතරට ගෙනිහින් තියෙන විදිහේ අවුලක් තියනවා. උදා- භාවනාවේ මූලික දෙයක් තමයි පුහුණුවේ ස්ථායී බව.
    හුඟක් අය භාවනා කරන්න ගියාට බන ඇහුවට ඒ පුහුණුව එතනින් ඉදිරියට ගෙනියන්නේ නැහැ. ඒක කරන එකේ තමයි මැජික් එක තියෙන්නේ.
    උදා - කේන්ති යන දේවල් අතරේ කේන්ති නොගෙන ඉන්නේ කොහොමද? බොන මිනිස්සු අතරේ නොබී ඉන්නේ කොහොමද?

    හරි, බුදු දහම ආගමක් නෙවෙයි, අපේ හුඟක් අය ආගමක් විදිහට අල්ලාගෙන හිටියට.

    නමුත් වෙන ආගමකිනුත් බලාපොරොත්තු වෙන්නේ මිනිහෙක් හොඳ කරන එක. මිනිස්සු ආගමේ නාමෙන් වැරදි කළාට ඒක ආගමේ වැරැද්ද නෙවෙයි.
    උදා - පන්සලක හාමුදුරු නමක් හොඳ නෑ කියල බුදු දහමට ගරහනවානං ඒක ඉතාම වැරදියි.

    අනික් දේ සමහර ආගම් වලින් ඉතාම හොඳ දේවල් වෙලා තියෙනවා. කතෝලික පාසල් ක්‍රමය තමයි දැන් ලෝකේ ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන්නේ ඉස්කෝල විදිහට. ඒ වගේම යහපත් අරමුණු ඇතුව ආධාර කරන කතෝලික ය ගොඩක් ඉන්නවා. ඒ වගේම හැම ආගමකම ඉන්නවා හරිම හොඳ මිනිස්සු.

    ලෝකේ ආගම් කීපයක් තියෙන්න හේතුව තමයි, විවිධාකාර මිනිස්සුන්ට, යහපත් වෙන්න ගැලපෙන ක්‍රම වෙනස් වෙන්න පුළුවන් කම. ඒ වගේම මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම් එකිනෙකාට වෙනස්. ඉතිං කොච්චර හරි දෙයක් උනත් කෙනෙකුට තේරෙන්නේ නැත්තන් කියන්න ගියොත් වෙන්නේ ඒ මනුස්සයාට එපා වෙන එක. ඒ නිසා ආගමක් තියන එක හොඳයි. ඉතින් සමහරුන්ට බුදු දහම හොඳයි, සමහරුන්ට, ක්‍රිස්තියානි හොඳයි, සමහරුන්ට ඉස්ලාම් හොඳයි, ඉතින් ආගමක් නැතුව ඉන්නවා නං ඒකත් හොඳයි. හැබැයි තමන් තමයි හරි අනිත් අයට වඩා හොඳයි කියන්න එපා.
    ඔය පව් නොකර නිකන් හිටියම් ඇති, සිල් ගන්නම ඕන නෑ කියන මතේ දැන් දැන් සිංහල රැප් වලටත් දාලනේ තියෙන්නේ අපේ අයියලා.

    හිතේ කහටක් නැත්තන්
    කාටවත් ගිනි දෙන්නැත්තන්
    ඉන්නකන් හොඳින් දැන්
    ඇයි මං යන්නෙ පන්සල් ගන්න සිල්

    ඔන්න ඕක තමා දැන් අපේ උන්දැලා සරණ යන්නේ.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ධම්මචක්කප්පවත්වන සූත්‍ර දේශනාව චතුරාර්ය සත්‍ය දේශණාව study කරන්න.
    ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කලේ චතුරාර්‍ය සත්‍යය හා මධ්‍යම පතිපදාවයි. ඒ කියන්නේ සසර දුකින් මිදෙන මගයි. එහෙම නතුව සතුටින් සිටින විදිහ නෙවෙයි නොවැ.
     

    Sen-lu

    Well-known member
  • ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කලේ චතුරාර්‍ය සත්‍යය හා මධ්‍යම පතිපදාවයි. ඒ කියන්නේ සසර දුකින් මිදෙන මගයි. එහෙම නතුව සතුටින් සිටින විදිහ නෙවෙයි නොවැ.
    චතුරාර්ය සත්යයේ මොනව කරන විදිහ ගැනද උගන්වන්නේ ?
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    nope.. දුක නැති වෙනවා කියන්නේ සතුට ඇති වෙනවා කියන එක නෙවෙයි නොවැ.
     
    • Haha
    Reactions: topkollek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    අපිට නීරාගමික වෙන්න කියලා කට්ටියක් හැම සිකුරාදාම පල්ලි යනවා අාගමික වෙන්න. පොඩ්ඩක් හිතන්න කාගෙද මේ ගැටේ🤩🤩🤩🤩

    නිරාගාමික කියන්නේ් මෝඩ හරක් සේට් එකක් 🤣🤣
     

    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    මගේ මතේ නම් තමන් අදහන ආගම අදහගෙන පාඩුවේ ඉන්න එක.මිනිස්සු සත්තු වෙන එක ගොඩක්ම අඩු වෙලා තියෙන්නේ ආගම් නිසා .
    බුදු දහම උනත් හිතේ තියන් ඒ විදිහට හිටයම ඇති මන්නම් කියන්නේ .
    හැම පෝයටම සිල් ගන්න බන දේශනා කරන උන්ට වඩා මගේ හිත නම් පිරිසිදුයි .

    1.දැන් ඔය නිරාගමික අය ළමයෙක් ඉපදුනාම උප්පන්න්නේට දාන්නේ නිරාගමික කියලද .

    2. එතකොට ඔය රැඩිකල් සින එකේ ඉන්න අය නිරාගමිකද

    3.ඊයේ චින්තන දර්මදාස කියන පොර කියනවා සුද්ද තමාලු සිංහල උන්ට පිරිසිදු කම ඉගැන්නුවේ .මෑන් රැඩිකල් කියල පෙන්නන්න හදන කෙනෙක්.
    ෆැකල්ටි ඔෆ් සෙක්ස් පොත ලියපු කෙනා

    ඔය හැමෝම සිංහල බුද්දාගම් කාරයෝ එක්ක තරහ ඇයි .

    තම තමන්ගේ මතේ දාන්න
    Atthatama kiyanawan Buddhagama Atheist agamak. Buduhamuduruwonta meka agamak karanna uwamanawak thibune naha. Minissu thamai oka kare. Buddhagama=නිරාගමික/atheist kiwwata waradi naha.
     
    • Like
    Reactions: annian

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපිට නීරාගමික වෙන්න කියලා කට්ටියක් හැම සිකුරාදාම පල්ලි යනවා අාගමික වෙන්න. පොඩ්ඩක් හිතන්න කාගෙද මේ ගැටේ🤩🤩🤩🤩

    නිරාගාමික කියන්නේ් මෝඩ හරක් සේට් එකක් 🤣🤣
    ඔය නිරාගාමික කන්සෙප්ට් එක ලගකදී ආව එකක්නේ. ඕක අදාළ වෙන්න බෞද්ද දර්ශනයට විතරයි. ඔය අලුත් පරපුර වගේ ජෙප්පෝ තමා එන ජි ඔ ඩොලර් වලට බුද්දාගමේ අය නිරාගාමික කරන කොන්ත්‍රාත් එක කරන්නේ.
     
    • Like
    Reactions: annian

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔයා සතුට define කරන්නේ කොහොමද?
    සතුට වගේ හැගීමකට අර්ථයක් දෙන්න තෙරෙන්නේ නෑ. මම හිතන්නේ නෑ අනෙක් අයටත් පුළුවන් වෙයි කියලා. සතුට සම්බන්ධව හැමෝටම තියෙන්නේ තමන්ගෙම කිය වීමක්. ඒක වචන වලින් කියන්න තෙරෙන්නේ නෑ. කෙටියෙන් කිව්වොත්, ජීවිතය විදීම සතුටක්.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    anugaamikayo tamayi agamak kare. ude hawasa pansil ganne agamak widihata adahana nisa.
    dharmayak widihata pilipadinawa nam eka karanne ne.
    එහෙනම් ඇයි බුදුහාමුදුරුවෝ ආනන්ද බෝධිය රෝපණය කලේ. ඇයි චෛත්‍ය පිහිටෙව්වේ. බුදු දහම ආගමක් බවට පත් වුණේ බුදු හාමුදුරුවෝ ධරමාන කාලයේ දී මයි. ඇයි ආමිසය ගැන දේශනා කලේ ප්‍රතිපත්ති පූජාවෙන් නවතින්න තිබ්බනේ. ඇරත් පංච ශීලය ඇදහීමක් නෙවෙයි නේ.
     

    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    එහෙනම් ඇයි බුදුහාමුදුරුවෝ ආනන්ද බෝධිය රෝපණය කලේ. ඇයි චෛත්‍ය පිහිටෙව්වේ. බුදු දහම ආගමක් බවට පත් වුණේ බුදු හාමුදුරුවෝ ධරමාන කාලයේ දී මයි. ඇයි ආමිසය ගැන දේශනා කලේ ප්‍රතිපත්ති පූජාවෙන් නවතින්න තිබ්බනේ. ඇරත් පංච ශීලය ඇදහීමක් නෙවෙයි නේ.
    Buduhamuduruwo inna kale ආගම kiyana wachanaya thibune naha kiyala kiyanne. Oka western idea ekak kiyala kiyanne.
     

    Sen-lu

    Well-known member
  • සතුට වගේ හැගීමකට අර්ථයක් දෙන්න තෙරෙන්නේ නෑ. මම හිතන්නේ නෑ අනෙක් අයටත් පුළුවන් වෙයි කියලා. සතුට සම්බන්ධව හැමෝටම තියෙන්නේ තමන්ගෙම කිය වීමක්. ඒක වචන වලින් කියන්න තෙරෙන්නේ නෑ. කෙටියෙන් කිව්වොත්, ජීවිතය විදීම සතුටක්.
    ඔයාට සතුට අර්ථ දක්වන්න තේරෙන්නේ නෑ. හැබැයි කියනව උපේක්ෂාසහගතව මාධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වෙන එක සතුටක් නෙවෙයි කියල.

    බෞද්ධ දර්ශනයේ උගන්නන්නෙම ඇත්ත ඇති සැටියෙන් දකින්න කියල. කෙටි කාලීනව හිතනව නම් ඇත්ත සමහර වෙලාවට තිත්ත වෙන්න පුළුවන් හැබැයි දිගුකාලීනව ඇත්ත සතුටින් ඉන්න ගොඩක් උදවු වෙනව. දුකක් දැනුනම පොඩි ආතල් එකක් දාලා එවෙලේ සතුටු වෙන විදිහ නෙවෙයි බුද්ධදර්ශනයේ උගන්වන්නෙ අවබෝධය තුළින් සතුටු වෙන විදිහ.
     
    • Haha
    Reactions: sudu1234