නිරුවතට ලංසු තබා නිම්මිගෙන් සල්ලංවූ සමන්

Tchuk

Member
Nov 1, 2012
207
37
0
නිරුවතට ලංසු තබා නිම්මිගෙන් සල්ලංවූ සමන්

නිරුවතට ලංසු තබා නිම්මිගෙන් සල්ලංවූ සමන්


ගයාන් සමරසිංහ
* නිරුවත් ඡායාරූප - වීඩියෝ ගොන්නක්‌ සමග ඇඹිලිපිටිය හෙල්ලෙයි

ambilipiti.jpg
සමන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පාසල් අවධියේ සිටම ඔහු ඇසුරු කළේ නරක මිතුරන්ය. සිදු කළේ සමාජ විරෝධී ක්‍රියාවන්ය. මත්ද්‍රව්‍ය පානයට මෙන්ම ගංජා භාවිතයටද තදින් ඇබ්බැහි වූවෙකි. එම නිසා සමාජයට මෙන්ම නිවැසියන්ට ද ඔහුව පිළිලයක්‌ විය.

නිවැසියෝ කෙතරම් උත්සාහ කළද සමන්ව යහමගට ගැනීමට නොහැකි වූහ. එන්න එන්නම ඔහු සිදු කළේ සමාජය විසින් කිසිදු කිසි දිනක පිළිනොගන්නා ආකාරයේ නොහොබිනා දේවල්ය. සුරා සොඬෙකු වූ ඔහු අවසානයේ ස්‌ත්‍රී ලෝලියකුද විය.

රැකියාවක්‌ නොකළ මොහු ජීවත්වූයේ දෙමාපියන්ගෙන් ලබා ගන්නා මුදල්වලින්ය. කලක්‌ යද්දී මොහුගේ ඕනෑඑපාකම් කරගැනීම සඳහා එම මුදල ප්‍රමාණවත් නොවිණි. රැකියාවක්‌ කිරීමටත් කම්මැළි වූ මොහු මුදල් සොයා ගැනීමට අලුත් මාර්ගයක්‌ සොයා ගත්තේය.

සමන් නිම්මිව පළමුවරට දැන හඳුනා ගන්නේ එක්‌තරා උත්සවයකදීය. ස්‌ත්‍රී ලෝලියකු වූ සමන්ට අචලා කෙරෙහි දැඩි ආශාවක්‌ ඇති විය. කාන්තාවන් ඉදිරියේ අහිංසක මුහුණක්‌ පෙන්වා ඔවුන්ව රවටා ගන්නට මොහු තරම් හපනෙක්‌ ඇඹිලිපිටිය පළාතෙවත් නොමැත.

නිම්මි ද සමන්ගේ කතාබහට, බොරු වර්ණනාවට රැවටුණේය. ඇය මුළු හදවතින්ම ඔහුට ආදරය කළාය. එහෙත් කාන්තාවන් පසුපස යන සමන්ගේ තවත් එක්‌ ගොදුරක්‌ බවට ඇය පත්වූවාය.

ප්‍රේම සම්බන්ධතාව පටන්ගෙන මාස කිහිපයක්‌ ගතවීමටත් මත්තෙන් සමන් නිම්මිව ලැගුම්හල් වෙත රැගෙන ගියේය. පළමුව ඇය ඊට අකමැති වූවත් සමන් කෙරෙහි තිබුණ විශ්වාසය මත ඔහු සමඟ එවැනි ස්‌ථානවලට යැමට කැමැති වූවාය.

දිනක්‌ ලැගුම්හලක සිටින අවස්‌ථාවක සමන් නිම්මිගේ නිරුවත් පිංතූර කිහිපයක්‌ ගැනීමට උත්සාහ කළේය. එහෙත් ඇය එයට දැඩි විරෝධයක්‌ දැක්‌වූවාය. කාන්තාවන් රැවටීමට ඉතාමත් දක්‍ෂයකු වූ සමන් ඇයට මෙසේ පැවසුවේය.

"ඔයා බයවෙන්න එපා පැටියෝ... මම මේ පිංතූර ගත්තේ කාටවත් පෙන්වන්න නොවෙයි. හැම වෙලාවෙම ඔයාව මතක තියාගන්න ඕන නිසා..."

"ඒ වුණාට මට බයයි... කවුරු හරි ඕවා දැක්‌කොතින්..."

"පිස්‌සුද ඔයාට. මගේ පැටියාව මම කාටවත් පෙන්නන්නේ නැහැ. ඔයා අයිති මට විතරයි. දෙවියෝ ඔයාව මැව්වේ මට විතරයි. වෙන කාටවත් නොවේ..."

"ඒක මම දන්නවා. ඔයා මට ගොඩක්‌ ආදරෙයි කියලා. ඒක නිසා තමයි මම බය නැතිව ඔයත් එක්‌ක මේ වගේ තැන්වලටත් ආවෙ..."

"ඒකනේ මම කියන්නේ පැටියෝ... ඔයාට දැනෙනවනේ මගේ ආදරේ තරම. ඒක නිසා එක ෆොටෝ එකක්‌ ගන්න දෙන්න..."

සමන්ගේ ඉල්ලීම අහක දැමීමට ඇයට නොහැකි විය. ඔහුට තිබූ දැඩි ආදරය හමුවේ ඕනෑම දෙයක්‌ පරිත්‍යාග කිරීමට ඇය සූදානමින් සිටියාය. අවසානයේ නිම්මි තමන්ගේ නිරුවත් පිංතූර කිහිපයක්‌ ගැනීමට සමන්ට අවසර දුන්නාය.

rape1.jpg
තිරිසනෙකුටත් වඩා අන්ත වූ සමන් තම පෙම්වතිය එලෙස රවටා නිරුවත් පිංතූර කිහිපයක්‌ ගත්තේය. ඒ තමන්ගේ සැලසුමේ ඉතිරි ටික ක්‍රියාත්මක කිරීම සඳහා ය. ඒ වන විටත් විවිධ හේතු පවසා ඇයගෙන් ලක්‍ෂ ගණනක මුදලක්‌ ද මොහු ලබාගෙන තිබිණි. ඇය තමන් සන්තකයේ තිබුණු මුදල් සමන්ට දුන්නේ කිසිදු පැකිලීමකින් තොරවය.

එලෙස මාස කිහිපයක්‌ ගතවෙද්දී සමන්ගේ යම්කිසි අමුත්තක්‌ ඇයට දැණුනි. වෙනදා මෙන් නොව නිතරම සමන් සල්ලි ඉල්ලීමට ද පුරුදු වී තිබිණි. එවෙලේ දිනක්‌ සමන් සල්ලි ඉල්ලූ විට ඇය මෙලෙස පැවසුවාය.

"ඔයා හැමදාම සල්ලි ඉල්ලනවා මගෙන්. දැන් වෙනද වගේ ආදරෙත් නැහැ මට. මොකක්‌ද මේකෙ තේරුම. ඔයා මාව රවට්‌ටනව නේද.."

"මම ඔයාව රවට්‌ටන්නේ නැහැ. මට සල්ලි ටිකක්‌ දෙන්න. මම ආපහු දෙන්නම්" සමන් පැවසුවේය.

"අනේ ඔයා හැමදාම කියන්නේ ඔය ටිකනේ. දැන් මගෙන් ලක්‍ෂ ගාණක්‌ අරන් තියෙනවා. ආපහු ශතයක්‌වත් දීලා තියෙනවද? ඔයා ආදරේ කරන්නේ මගේ සල්ලිවලටද කොහෙද..."

ඇය කේන්තියෙන් එලෙස පැවසුවාය.

එම වචන ඇසීමෙන් සමන්ට ද කේන්ති ගියේය. ඔහු ද එක්‌වරම මෙලෙස පැවසුවේය.

"ඔව්. මම උඹට ආදරේ කළේ නැහැ. සේරම කළේ බොරු. මට හෙට 25,000 ක්‌ දියන්. නැත්නම් දන්නවනෙ. අර එදා ගත්ත ෆොටෝ ටික තවමත් මගේ ළඟ තියෙනවා. සේරම ටික දානවා අන්තර්ජාලෙට..."

එම වචන ටික ඇසීමෙන් ඇයගේ ඇඟ හීතල වූවාය. මෙච්චර කල් තමන් ආදරය කර තිබුණේ වංචනිකයකුට බව අවබෝධ වූයේ එවිටයි. කරන්නේ කුමක්‌ද කියා සිතා ගැනීමටවත් නොහැකිව ඇය අන්ත අසරණ වූවාය.

සමන් ද දිගට හරහට ඇයට කරදර කරමින් පැවසුවේ රුපියල් 25,000 කුත් රැගෙන අහවල් ලැගුම්හලට පැමිණෙන ලෙසයි. එසේ නාවොතින් එම නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව ඔහු පැවසුවේය.

නොකා නොබී හැඬූ කඳුළින් යුතුව ඇය කල්පනා කළේ කුමක්‌ කරන්නද කියා ය. ජීවිතය නැතිකර ගැනීමටද ඇය කල්පනා කළාය. එහෙත් වංචනිකයෙක්‌ හමුවේ එලෙස ජීවිතය නැති කර ගැනීම මෝඩකමක්‌ යෑයි ඇයට හැඟුණි. එම නිසා මෙවැනි අපරාධකරුවන්ට කිසිදිනක අමතක නොවන ආකාරයේ දඬුවමක්‌ දිය යුතු යෑයි ඇය ඉටා ගත්තාය.

සිතට ධෛර්යය ගත් ඇය නීතියේ පිහිට පැතුවාය. ඒ අනුව ඇඹිලිපිටිය පොලිස්‌ නිලධාරීන් හමුවේ එම වංචනිකයා කළ කී සියල්ල ඇය පැවසුවාය. අවසානයේ පොලිස්‌ නිලධාරින්ගේ උපදෙස්‌ මත සමන් කියූ මුදල ද රැගෙන එම ලැගුම්හල වෙත ඇය ගියාය.

කිසිවක්‌ නොදත් සමන් වෙනදා මෙන් කිසිදු බියක්‌ සැකක්‌ නොමැතිව ඇයගේ රුපියල් 25000ක මුදල සහ රත්‍රරන් මාලයද බලහත්කාරයෙන් ලබා ගත්තේය. ඒ සමඟම ලැගුම්හලේ සැඟවී සිටි පොලිස්‌ නිලධාරීහු ඔහුව අත්අඩංගුවට ගත්හ.

පසුව කළ පරීක්‍ෂණවලදී එම වංචනිකයාගේ ජංගම දුරකථනයේ තිබී තවත් කාන්තාවන් දස දෙනකුගේ පමණ නිරුවත් ඡායාරූප සොයාගැනීමට හැකිවිය. සමහරු දරුවන් පවා සිටින විවාහක කාන්තාවන්ය. ඒ සමඟම නිවස වෙත ගොස්‌ ඔහුගේ පරිගණකය පරීක්‍ෂා කිරීමේදී කාන්තාවන්ගේ නිරුවත් වීඩියෝ කිහිපයක්‌ද හමුවී ඇත. එයට අමතරව ඔහුගේ කාමරය තුළ තිබී ගංජා තොගයක්‌ද සොයා ගැනීමට පොලිස්‌ නිලධාරීන්ට හැකිවිය.

පොලිසිය පවසනුයේ තදින් ගංජා පානයට ඇබ්බැහි වී ඇති මොහු මුදල් සොයා ගැනීම සඳහා කාන්තාවන් සමඟ සම්බන්ධතා ඇති කරගෙන ඔවුන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට දමන බව පවසමින් බය කර මුදල් ලබා ගන්නා බවයි.

මෙවැනි වංචනිකයෝ තවත් අනන්තවත් සිටිති. එම නිසා කාන්තාවන් තමන්ගේ පෞද්ගලිකත්වය ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුය. එසේ නොවුණහොත් මෙවැනි සිද්ධීන්වලට මුහුණපා පවුල් අවුල් කරගෙන සියදිවි නසා ගැනීමට පවා සිදුවේ.


ගයාන් සමරසිංහ
divaina
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    හිරු CIA එකේ ඔය සීන් එක පෙන්නුව බන්... කොල්ලව අල්ලල ගන්නව ගිණ්දර වගේ ඌ වෙන බැඳපු ගෑණු කීප දෙනෙක්ටත් ඕකම කරල ඒව ඔක්කොම වමාරනව පොලිසිය ඉස්සරහ. හොඳ වැඩේ.. කෙලපු චිච්චිය ආදායම් මාර්ගයක් කරගන්න ගියා
     

    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    හිරු CIA එකේ ඔය සීන් එක පෙන්නුව බන්... කොල්ලව අල්ලල ගන්නව ගිණ්දර වගේ ඌ වෙන බැඳපු ගෑණු කීප දෙනෙක්ටත් ඕකම කරල ඒව ඔක්කොම වමාරනව පොලිසිය ඉස්සරහ. හොඳ වැඩේ.. කෙලපු චිච්චිය ආදායම් මාර්ගයක් කරගන්න ගියා

    eka eththa..
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    හිරු CIA එකේ ඔය සීන් එක පෙන්නුව බන්... කොල්ලව අල්ලල ගන්නව ගිණ්දර වගේ ඌ වෙන බැඳපු ගෑණු කීප දෙනෙක්ටත් ඕකම කරල ඒව ඔක්කොම වමාරනව පොලිසිය ඉස්සරහ. හොඳ වැඩේ.. කෙලපු චිච්චිය ආදායම් මාර්ගයක් කරගන්න ගියා
    :yes::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හිරු CIA එකේ ඔය සීන් එක පෙන්නුව බන්... කොල්ලව අල්ලල ගන්නව ගිණ්දර වගේ ඌ වෙන බැඳපු ගෑණු කීප දෙනෙක්ටත් ඕකම කරල ඒව ඔක්කොම වමාරනව පොලිසිය ඉස්සරහ. හොඳ වැඩේ.. කෙලපු චිච්චිය ආදායම් මාර්ගයක් කරගන්න ගියා

    :angry: