රටේ සල්ලි නෑ හැබැයි අයියා වගේම මල්ලිත් හාමු මහත්තයා වගේ වැඩ.
රංචු පිටිං කුදලං ගිහිං දන්සැල් දානවා.
ඒ කාලෙම ඔය බෝවෙච්ච උන් අඳුනගෙන ගෙවල්වලට දාලා ගේට්ටුවේ නෝට් එකක් දාලා අල්ලපු ගෙදර එකාට පොල්ලක් දුන්නනං ගානට අඩු වියදමින් වැඩේ වෙනවා.
අපේ උන්ව පුටුවක ගැටගහල තමා ගෙදර තියන්න වෙන්නෙ
ඉකුත් 20 වෙනිදා PCR පරීක්ෂණයකට ලක්වූ පුද්ගලයෙකුට නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් ලබාදී තිබුනද එම උපදෙස් වලට අවනත නොවූ අයෙකු කොවිඩ් -19 ආසාදිතයෙක් ලෙස හඳුනා ගෙන තිබෙනවා.
කඩවත, ගෝනවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මහර ප්‍රදේශයේදී PCR පරීක්ෂණයක් සිදුකොට ඇති අතර ඔහුට සිය නිවසේම රැඳී සිටින ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබාදී ඇත.
කෙසේ වුවත් මෙම පුද්ගලයා ඉකුත් 22,23 සහ 24 යන දිනවලදී එළවළු මිලදී ගැනීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොස් ඇති බව පසුව අනාවරණය වී තිබෙනවා.
මෙම ව්‍යාපාරිකයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් රැසකට ගමන් කොට ඇති බවට අනාවරණය වී ඇති බවයි දඹුල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා සඳහන් කළේ.
මෙම ව්‍යාපාරිකයා ඉකුත් 25 වෙනිදා ලොරි රථයකින් කඩවත සිට දඹුල්ල ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී මැල්සිරිපුර ප්‍රදේශයේදී දුරකථන ඇමතුමක් මගින් ඔහු ආසදිතයෙක් බවට දැනුම් දී ඇති බවත් ඒ අනුව ඔහු නැවත සිය නිවස බලා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණීම නිසා මෙම ව්‍යාපාරිකයා මහර ප්‍රදේශයේදී PCR සිදුකර ගෙන සිටියි.
මෙම ව්‍යාපාරිකයා ගමන් කළ සියලු වෙළඳසැල් වල සිටි පුද්ගලයින් PCR පරීක්ෂණ සඳහා යොමු කරන බවයි දඹුල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා සඳහන් කළේ.
කෙසේ වෙතත් මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අවස්ථා දෙකකදී පුද්ගලයන් 200 කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ සිදුකොට ඇති බවත් ඔවුන් සියලු දෙනාම කොවිඩ් ආසාදිතයින් නොවන බවට වාර්තා වී ඇති බවයි දඹුල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.