නිල් කෑලි වලට ඇබ්බැහි වෙලාද?.........
දැං ඉතින් නිල් කෑලි කියලා හෙඩිම දැක්ක ගමං ඇඹරෙන්න දෙයක් නෑ. ආයෙ කොල්ලො වුනත් කෙල්ලො වුනත් නොදන්න දෙයක් නෙවෙයිනේ බ්ලූ ෆිල්ම්ස් කියන්නේ. ආයි සෙක්ස් කියලා ගූගලාගෙන් අහලා අංක එකට ආපු අපිට බ්ලූ ෆිල්ම් ගැන උගන්නන්න දෙයක් නෑ.
අපි මේ කතා කරන්නේ නිල් කෑලි බලන එක හොඳද නරකද කියන එක නෙවෙයි. හැබැයි පෝර්නොග්‍රැෆි එහෙම නැත්තං දන්න විදියටම කියනව නං බ්ලූ ෆිල්ම්, බ්ලූ පත්තර වලින් ඇතිවෙන සීරියස් ගැටළු තියෙනවා. වැරදි ලිංගික අධ්‍යාපනය, වැරදි ලිංගික අවබෝධය සහ වැරදි ලිංගික ආකල්ප මෙතනින් ප්‍රධානයි. ඒත් අපි කතා කරන්නේ ඒක ගැනත් නෙවෙයි. අපි කතාකරන්නේ ඇබ්බැහිය ගැන. දැං අපි දන්නවනේ කසාද බැඳලත් ලැපේ වැල පුරෝගෙන දවස ගානේ වැල අදින අය්යලා ගැන. ආන්න ඒක බොහොම අහිතකරයි. තමන්ට වගේම තමන්ගෙ පවුලටත්. ඔය Don Jon වගේ පිචර් එකක් බැලුවනං දැනගන්න පුලුවන් මේකෙන් තමන්ගෙ පවුල් ජීවිතේට කෙලවෙන්න කොයි තරම් අවස්ථාවක් තියෙනවද කියලා. ඒ හින්දා ඒ ඇබ්බැහිය නවත්තන්නෙ කොහොමද කියලා තමයි මේ කතා කරන්න යන්නේ.
1. සමාජයෙන් එන අදහස ගැන සැලකිලිමත් වෙන්න ඕන
වර්තමානයේදී දකින්න ලැබෙනෙ හණමිටි දාර්ශනිකයන්ගේ වගේම වඩාත් ලිබරල් අදහස් තියෙන ෆේස්බුක් වෙන්ඩ දාර්ශනිකයන්ගේත් තියෙන ලොකු අවුලක් තමයි තමන් කතා කරන්න ඕන කාටද කියලා නොදැන ලොකු ටෝක් දෙන එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙනවා බ්ලූ තහනං කරන්නේ රජයේ තියෙන ගොං කමට කියලා කියන ලොකු කතන්දර. ඒ අය කියනවා ලිංගික අසහනය ඇතිවීම වලකින්න බ්ලූ ෆිල්ම් තියෙන්න ඕන කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක ඇබ්බැහියක් වෙනකල් ගියොත් මොකද කරන්නෙ කියන එක මේ අය කියන්නෙ නෑ. ආන්න ඒ නිසා තමන් ඔලුව කල්පනා කරලා තීරණය කරන්න ඕන තමන්ට හොඳ මොනවද නරක මොනවද කියලා. ඒක ප්‍රධානතම කාරණේ, මේවලට ඇබ්බැහි වෙන්න කලින් වලක්වගන්න.
2. ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන
ප්‍රශ්නයක් තේරුම් ගන්න නං මුලින්ම තමන්ට ප්‍රශ්නයක් තියෙනවා කියන එක පිළිගන්න ඕන. ඒකට මුලින්ම දැනගන්න ඕන තමන්ට පෝර්න් වලට ඇබ්බැහියක් තියෙනවද නැද්ද කියලා. තමන්ට ස්වාමියා හෝ බිරිඳ එක්ක ලිංගික එක්වීමකින් ලබාගන්න බැරි තෘප්තියක් නිල් කෑල්ලකින් ලැබෙනව නං, අඩු තරමේ නිල් කෑල්ලක් නැත්තං ස්වයං වින්දනය කරන්න බැරි තැනට ඇවිල්ල නං අනිවා ඔබ ඇබ්බැහියක ඉන්නේ. එතකොට දවසෙන් සැලකිය යුතු වෙලාවක් පෝර්න් බලන්න වැය කරනවා නං (ඒ කියන්නේ දවසකින් පැය දෙකක් පෝර්න් බලනවා කියන්නේ ලොකු වෙලාවක්), තමන් ඉන්න ප්‍රේම සම්බන්ධතාවයක් ඇතුලේ හැඟීම් නැතිවෙලා නං ඒත් මේ ඇබ්බැහිය දුරදිග ගිහින් කියලා හිතන්න පුලුවන්. හරි, දැන් තමන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා දන්නවනේ. දැන් ඒකට විසඳුම් හොයන්න ඕන.
3. ඇත්ත කතන්දරේ ගැන අවබෝධය ඇතිකරගන්න ඕන
සාමාන්‍යයෙන් අපි ඕනම දෙයක් හිතින් සාධාරනීකරණය කරගන්නවනේ. ඒ කියන්නේ නිල් කෑලි ඇබ්බැහිය වුනත් අපි හිතාගන්නවා එක්කෝ මම ඇබ්බැහි වෙලා නෑ, තාවකාලික සතුටක් විතරයි කියලා. එහෙම නැත්තං නිල් කෑලි බලන එක මගේ අයිතියක් කියලා. හැබැයි ඔය මොන නිදහසට කාරණා ඉදිරිපත්කර ගත්තත් ඇබ්බැහිය කියන්නේ ඇබ්බැහියක් තමයි. ඒ නිසා වඩාත් වැදගත් දේ තමයි නිල් කෑලි ඇබ්බැහියේ ආදීනව ගැන දැනගන්න එක.
අනිවාර්යයෙන්ම වෙන දෙයක් තමයි ඔබේ ලිංගික ජීවිතය බඩු බනිස් වීම. දැන් හිතන්න එපා නිල් කෑල්ලක් බලලා ස්වයං වින්දනයක් ලබන එක තමයි ලිංගික ජීවිතේ කියන්නේ කියලා. ඔබ කසාද බැඳපු මනුස්සයෙක් නං මම මේ කියන දේ අනිවා තේරුම් යයි. ඔබට නිල් කෑල්ලක් නැතුව හැඟීම් එන්නෙ නැති ගාණට එනවා කියන්නේ පවුල් ජීවිතේ අවුල් වෙන්න පටන් ගන්න එක. ඒ වගේම තමයි නිල් කෑලි වලට නාස්ති වෙන කාලය සහ මුදල. ගොඩක් වෙලාවට කාර්යාලයීය වැඩ, පවුලේ වැඩ, අධ්‍යාපන වැඩ අතපහු වෙන්න පටන් ගන්නවා මේ ඇබ්බැහියත් එක්ක. ඒ වගේම තමයි වැරදි ලිංගික ආකල්ප, වැරදි ලිංගික අවබෝධය. උදාහරණයක් විදියට ඇඳේදී නිල් කෑලි වල විදියට සර්කස් දාන්න එහෙම ඕන වෙනවා ඔබට. අන්තිමට වයිෆ් කොස්සෙන් ගහලා පන්නයි! විහිළුවක් නෙවෙයි, මේ කාරණා නිසා පවුල් අවුල් වෙච්ච අවස්ථා තියෙනවා.
මෙන්න මේ භයානක තත්වය වෙන්න පුලුවන් ඇත්ත දෙයක් කියලා පිළිගන්න ඕන. ඒක අනිවා කරන්නම ඕන දෙයක්.
4. අතට අහුවෙන මානේ තියෙන දේවල් අයින් කරන්න ඕන
නිල් කෑලි ඇබ්බැහිය නවත්තගන්න මුලින්ම කරන්න ඕන දෙයක් තමයි කම්පියුටර් එකේ තියෙන නිල් කෑලි ඔක්කොම දෙපාරක් නොහිතා ඩිලිට් කරන එක. එතකොට ඔය ඩීවීඩී කොපි ගහලා එහෙම හංගලා තියෙන නිල් කෑලි තියෙනවනං කරුණාකරලා ඒවත් විසික් කරලා දාන්න. බ්‍රවුසර් එකේ නිල් කෑලි පෙන්නන සයිට් වලට යන්න තියෙන ලින්ක් බුක්මාර්ක් ඩිලිට් කරන්න. ඕන නං බ්‍රවුසින්ග් හිස්ට්‍රි එකම අයින් කලත් කමක් නෑ.
හැබැයි ඔතනින් නැවතුමක් නෑ. සමහර වෙලාවට ආයෙමත් ගිහින් ඩවුන්ලෝඩ් කරන්නම හිතෙනවනේ. ඒකට එක හොඳ ක්‍රමයක් තමයි තුන් තිස් පැයේ ඔන්ලයින් ඉන්නෙ නැතුව අවශ්‍ය වෙලාවට විතරක් ඩේටා ඕන් කරන්න හදාගන්න එක. එතකොට අවශ්‍ය වැඩේ කලා, ඩේටා ඕෆ් කලා.
සමහර අයට යාලුවෝ ඉන්නවා නිල් කෑලි දෙන. ආන්න ඒ අයගෙන් ඈත් වෙන්න. ඒ කියන්නේ තමන් ගිහින් වද කරලා නිල් කෑලි ඉල්ලගන්න එවුන්ගෙන් නෙවෙයි, “මචං අලුත් ලංකන් වැලක් ආවා, දෙන්නද” කියලා අහන එවුන් දුරින් දුරු කරන්න. මේකත් කුඩු ඇබ්බැහිය වගේ තමයි. ඇබ්බැහියෙන් මිදෙන්න නං වැල අදින එකෙක්ගේ ගේ ඉස්සරහින්වත් යන්න හොඳ නෑ
5. තමන්ටම පීඩා කරගන්න එක වළක්වන්න ඕන
නිල් කෑලි දරුණු ඇබ්බැහියකට ගියාට පස්සේ, ජීවිතේ අවුල් වෙන්න පටන් ගත්තට පස්සේ දන්නවා තමන්ට මෙහෙම ගැටළුවක් තියෙනවා කියලා. හැබැයි ඒකෙන් මිදෙන්න තීරණය කරනවා වෙනුවට කෙනෙක් ඒ ගැන හිත හිතා වද වෙන්න, තමන්ගේ වරදකාරී චිත්තය නිසා පීඩා විඳින්න, ඉන් පස්සේ ඒ පීඩාව සමනය කරගන්න ඔන්න ඔහේ කියලා ආයෙමත් නිල් කෑල්ලක්ම බලන්න යොමුවෙන්න පුලුවන්. ඒ නිසා මුලින්ම තේරුම් ගන්න ඕන තමන් නිල් කෑලි වලට ඇබ්බැහි වුනා කියලා මාර වැරදිකාරයෙක් නෙවේය කියන එක. තමන්ට වැරදි පුරුද්දක් තියෙනවා, එච්චරයි. ඔබ විවාහ වුණු කෙනෙක් නම් ඔබේ ඇබ්බැහිය ගැන තමන්ගේ ස්වාමියාට හෝ බිරිඳට කියන එකත් නුවණට හුරුයි. මොකද මේ වගේ ඇබ්බැහියක් වළක්වගන්න ගෙදරින් ලැබෙන සපෝට් එක ඉතාම වැදගත්. විශේෂයෙන්ම තමන්ගේ ලිංගික ජීවිතය ආයෙමත් ක්‍රමවත් ට්‍රැක් එකට දාගන්න ඒක සෑහෙන්න උදවුවක් වෙයි.
6. පෙළඹවීම් අඳුනාගන්න ඕන
මෙන්න මෙතනදී තමන්ගේ ඇබ්බැහිය ගැන පොඩි ඇනලිසිස් එකක් කරන්න වෙනවා. ඒ කියන්නේ තමන් පැය ගාණක් බ්ලූ ෆිල්ම් බලන්න යොමුවෙන්නේ මොකක් නිසාද කියන එක. සමහරවිට රස්සාව ඇරිලා ආවට පස්සේ පුරුද්දක් විදියට දවසේ එකම වෙලාවක මේක කරනවා වෙන්න පුලුවන්. හිත පොඩ්ඩක් අප්සට් ගියපු ගමන් අනික් වැඩ පැත්තක දාලා නිල් කෑල්ලක් දාගන්නවා වෙන්න පුලුවන්. ලිංගික හැඟීම් ඇතිවුනහම නිල් කෑල්ලක් නැතුව බෑ වෙන්න පුලුවන්. මේ මොනදේ වුනත් ට්‍රිගර් එක මොකක්ද කියලා අඳුනගන්න ඕන. ඉන් පස්සේ අන්න ඒ ට්‍රිගර් එක වෙනස් කරන්න උත්සාහ කරන්න ඕන. ඒ කියන්නේ හැමදාම නිදාගන්න කලින් පැයක් නිල් බැලුව නං, මීට පස්සේ වෙන සාමාන්‍ය පිචර් එකක් බලෙන් බලන්න. අප්සට් ගියපු ගමන් වෙනදා නිල් කෑල්ලක් දාගන්නවා නං, දැන් සිංදුවක් අහන්න උත්සාහ කරන්න. නැත්තං ඇවිදින්න යන්න. ඔය වගේ මොකක් හරි වෙනස් විසඳුමක් හොයන්න.
7. එක පාරට බැයිනං ටික ටික නතර කරන්න ඕන
කෙනෙක්ට එක පාරටම සම්පූර්ණයෙන්ම නිල් කෑලි බලන එක නවත්තගන්න බැරි වෙන්න පුලුවන්. ආන්න ඒ වෙලාවට අපිට පුලුවන් ටික ටික වැඩේ නවත්තන්න. ඒ කියන්නේ ඉලක්ක හදාගන්න එක. වෙනදට පැයක් නිල් බලනවා නං ඒක පැය බාගෙකට, ඉන් පස්සේ පැය කාලකට අඩු කරන්න. නිලක් බලලා කරන්නෙ ඉතින් එකම දෙයක්නේ. හැබැයි මේක චැලේන්ජ් එකක්. ඒ කියන්නේ නිල බලන කාල ප්‍රාන්තරය අඩු කරන්න. දවසේ නිල් බලන වාර ගණන වුනත් ක්‍රමයෙන් අඩු කරන්න. දැන් මෙහෙම අඩු කරගෙන ගිහිල්ලා නවත්තන්න ඕන එක මොහොතක. වාර ගණන සහ නිල් බලන කාලය අඩු වුනා කියලා දැන් ෂේප් කියලා හිතාගෙන ඉඳලා බෑ. ඇබ්බැහියක් නං නවතින්න ඕනමයි.
8. තමන්ගේ චර්යාව වෙනස් වෙන්න ඕන
නිල් කෑලි ඇබ්බැහිය නවත්තගන්න වාරණයන් විතරක් මදි. තමන්ගේ ජීවිතේ සීරියස් වෙනස්කම් වෙන්න ඕන. ඒ කියන්නේ මෙහෙමයි. ව්‍යායාම කරලා ශාරීරික යෝග්‍යතාව පවත්වගන්න පටන් ගන්න ඕන, ඒක මෙච්චර කල් කලේ නැත්තං. නිල් බලනවා වගේ නැති හැබෑ විනෝදාංශයක් දෙකක් ජීවිතේට එකතු වෙන්න ඕන. පොතක් පතක් කියවන එක, ෆිල්ම් එකක් බලන එක, සිංදු අහන එක වගේ දෙයක් කමක් නෑ. තමන්ගේ හිතමිතුරන්, පවුලේ උදවිය එක්ක ගෙවන්න කාලය හදාගන්න ඕන. මේ දේවල් වෙනකොට ඉබේම ඔබේ ජීවිතයේ තියෙන රික්තක පිරවෙනවා. ආන්න එතකොට නිල් කෑලි ඇබ්බැහිය විතරක් නෙවෙයි, වෙන ඕනම ඇබ්බැහියක් වළක්වා ගන්න පුලුවන්.
ඒ වගේම තමයි තමන්ට කාලසටහනක් හදාගන්න එකත් වැදගත්. ඒ කියන්නේ වැඩ කරන වෙලාවට වැඩ මිසක් වෙන මගුල් බෑ. පාඩම් කරන වෙලාවටත් පාඩම මිසක් වෙන ආතල් බෑ. ඊට පස්සේ ආතල් ගන්න වෙලාවටත් අර තමන් හදාගත්තු සිරා ආතල් මිසක් නිල් කෑලි ආතල් බෑ. ඔන්න ඔය වගේ තමන්ගේ ජීවිතේ හරි ට්‍රැක් එකකට දාගන්න එකත් නිල් ඇබ්බැහිය වළක්වන්න කරන්නම ඕන දෙයක්.
9. උපදේශන සේවාවක පිහිට ලබාගත්තත් කමක් නෑ
ගොඩක් වෙලාවට මේ වගේ දෙයක් ගැන පිට කෙනෙක්ට කියන්න ලැජ්ජයි වගේ නෙහ්? නෑ, අපි කියන්නේ පිට කෙනෙක්ට කියන්න කියලා නෙවෙයි. විශේෂයෙන්ම නිල් ඇබ්බැහිය තමන්ට නවත්තගන්න බැරි තරමට දුර දිග ගිහින් වගේ දැනෙනවා නං, අර උඩ කිව්ව දේවලින් ලොකු ප්‍රතිඵලයකුත් නැතිනම්, පවුලේ අවුල් ඇති වෙලා නම් හොඳම දේ තමයි හොඳ උපදේශන සේවාවක් වෙත යන එක. ඒ අයත් එක්ක කතා බහ කරලා මනෝ උපදේශනය හරහා ගොඩදාගන්න පුලුවන් මේ ඇබ්බැහිය. හැබැයි තමන් තමන්ටම අවංක වෙලා තමන්ගේ මනෝ උපදේශකයාව අන්දන්න යන්නෙ නැතුව කැපවීමෙන් වැඩේ කරන්න ඕන.
මේ දේවල් කරලා බැලුවොත් ඔබට නිල් කෑලි ඇබ්බැහියෙන් විතරක් නෙවෙයි, වෙන ඕනම ඇබ්බැහියකින් මිදෙන්න පුලුවන්.
Source http://www.aniwa.lk/