නිලාවෙලි, විජයබා නාවික කදවුර TNA ඉල්ලීමෙන් ඉ&a
බෞද්ධ අන්තවාදියකුයැයි පවසමින් සෙබලෙකු අවමන් සහිතව නාවික හමුදාවෙන් ඉවත් කරයි
ත්‍රිකුණාමලය නිලාවේලි විජයබා නාවික හමුදා කදවුරේ සේවය කරමින් සිටි නාවික සෙබල මුදිත කෞශල්‍ය (82795) නාවික හමුදාවෙන් අවමන් සහිතව ඉවත්කර තිබෙනවා.
1 – නිලාවේලි විජයබා කදවුර ඉවත්කිරීම සදහා මැනුම් කටයුතු සිදුකෙරුණු අවස්ථාවේ ජයාරූප ලබාගන වෙබ් අඩවියකට ලබාදීම.
2 – බෞද්ධ අන්තවාදී සංවිධානයක් සමග කටයුතු කිරීම,
යන චෝදනා දෙක චෝදනා විභාග කරන අවස්ථාවේ නාවික හැමදාව කියවූ බව තම පුතු පැවසුබව සෙබලාගේ මව වන කුමුදුනි මහත්මිය ceylonleader.com අප සමග ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් එම චෝදනා ලිඛිතව ලැබී නොමැති බවත් නාවික හමුදාවෙන් ඉවත් කරමින් කදවුරට ලැබුණු ලිපිය පමණක් සෙබලාට ලැබුණු බවත් කුමුදුනි මහත්මිය වැඩිදුරටත් සදහන් කර සිටියා. (එම ලිපිය (1) පහතින් ඇත)
මේ පිලිබදව අප සිදුකල සොයා බැලීමකදී Colombotoday.com වෙබ් අඩවිය “නිලාවෙලි, විජයබා නාවික කදවුර TNA ඉල්ලීමෙන් ඉවත් කරයි ?- විශාලතම රේඩාර් පද්ධතියත් අහිමිවේ( Pahala a Article ekath tiyenawa) ” යන ශීර්ෂය යටතේ පුවතක් එම ජයාරූප යොදාගන පළකර තිබුණු බව අනාවරණය වුනා. විද්‍යුත් තැපෑල ඔස්සේ එම වෙබ් අඩවියෙන් අප සිදුකල විමසීමකදී “අන්තර්ජාලයෙන් එම ජයාරූප තම මාධ්‍යවේදියකුට ලැබුණු බවත් නම සදහන් කල නොහැකි ස්ථානයකින් අනෙකුත් තොරතුරු ලබාගන මෙම පුවත සැකසුනු බවත්” අපවෙත දන්වා ඒවා තිබෙනවා.
එල්ලවී ඇති “බෞද්ධ අන්තවාදී සංවිධානයක් සමග කටයුතු කිරීම” යන චෝදනාව පිලිබදව පසුගිය 18 වනදා බොදු බල සේනා සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කර සිටි අතර එහිදී බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා සදහන් කර සිටියේ,
“මාසෙකට පමණ පෙර මාතර ප්‍රදේශයේ මවක් කතාකර සෙබලා සිරගත කර ඇති බව පැවසු බවත් නාවික හමුදාව නගා ඇති චෝදනා පිලිබදව තමන්ව දැනුවත් කල බවත් සදහන් කර සිටියා. ලංකාවේ තිබෙන බෞද්ධ අන්තවාදී සංවිධාන සමග කටයුතු කල බව චෝදනා කරන්නේනම්, ඒ මොනවද යන්න නාවික හමුදාව රටට හෙළි කර යුතුව ඇති බවත් එම සෙබලාට අසාධාරණයක් සිදුවුවේදැයි සොයාබලා ඉදිරියේදී ඒ වෙනුවෙන් පෙනී සිටින බවත්” සදහන් කර සිටියා. එහිදී විතානගේ මහතා මේ පිලිබදව දැක්වූ අදහස්…
නිලාවෙලි, විජයබා නාවික කදවුර TNA ඉල්ලීමෙන් ඉවත් කරයි
මානුෂිය සටනේ නාවික හමුදා නැගෙනහිර රැකවලා වූ නිලාවේලි නාවික හමුදා කදවුර එම ස්ථානයෙන් ඉවත්කර දැමීමට සියල්ල සුදානම් කර තිබෙනවා. ඒ අනුව නාවික කදවුරේ මැනුම් කටයුතු මෙ දිනවල සිදුවන අතර TNA ඉල්ලීමකට අනුව කදවුර ඉවත්කර ද්‍රවිඩ පිරිසක් සදහා එම ඉඩම ලබා දෙන බවයි දෙමල ජාතික සංවිධානයේ නියෝජිතයකු සදහන් කර සිටියේ.
යුද්ධය පැවති 2008 වසරේදී කැනඩා රජයෙන් මිලදීගත් අති නවීන, එවකට දකුණු ආසියාවේ විශාලතම රේඩාර් පද්ධතිය ස්ථානගත කෙරුනේ නිලාවේලි විජයබා නාවික කදවුරේ වන අතර ඒ සදහා බලපෑ ප්‍රධාන හේතුව වන්නේ නැගනහිර මුහුදේ ආරක්ෂාව සදහා උපක්‍රමශිලිව ඉතා වැදගත්ම ස්ථානයක් වශයෙන් නිලාවේලි හදුනා ගැනීම බවයි නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කර සිටියේ.
ගැඹුරු මුහුද නිරීක්ෂණය කිරීම සදහා නාවික හමුදාව සතු වැදගත්ම රේඩාර් පද්ධතිය මෙය වන අතර ඉදිරි වසර 30ක කාලයක් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත්ව පවත්වා ගැනීමේ අරමුණ ඇතිව මෙවැනි නවීන රේඩාර් පද්දතියක සේවය නාවික හමුදාවට අත්‍යවශ්‍ය වීම හේතුවෙන් එවකට ආරක්ෂක බලධරයින් මෙම රේඩාර් පද්ධතිය මිලදී ගත්බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේ

මෙයා කෙලින්ම ෆෙස්බුකියටම දැම්මද දන්නේ නෑ නමත් එක්ක 