නිවණ දුර ඇයි?

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113

    ඔය වගේ අදහසක් තමයි මටත් තියෙන්නේ. මේ අතේ තියෙන දෙයක් අපි අපි විසින්ම වහං ඉන්නේ. හැබැයි අපි ඒක හොයන්න ට්‍රයි කරන්නේ වැරදි විදියට, ඒකෙන් වෙන්නේ ඒක තවත් මග ඇරෙන එක

    උබ මාර්ගය ට්‍රයි කරලා නැද්ද
    කරානම් කොහොමද
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ මාර්ගය ට්‍රයි කරලා නැද්ද
    කරානම් කොහොමද
    පොඩි උන් ලොකුවෙලා මම නිදහස් මනුස්සයෙක් විදියට ජිවතුන් අතර හිටියොත් උන්ට හැමදේම බාරදීලා මේ වැඩේ වගකීමෙන් කරන්න කියලා හිතන් ඉන්නේ. ඊට ඉස්සෙල්ල මැරුනොත් කාලකන්නිකම කියලා හිත හදාගන්න්නව.:)
    ඔය විදියට වැඩේ කරන්න එපා කියලා දන්න අය බනිනවා ඒත් මේ ජීවත්වෙන ක්‍රමේට පස් පවු දස අකුසල් නොකර ජීවත්වෙන්න අමාරුයි. මම කැමති නෑ වැඩක් පටන් අරන් අතරමග නවත්තන්න.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නිර්වානය අවබෝධ කරගත්ත කට්ටිය ඇති. ඒදේ අවබෝධකරගත්ත කට්ටිය අඬබෙර ගගහ ඇවිදින්නෙ නැතිව ඇති. මොකද උන්වහන්සේලා ලෝකය දකින විදිහ බොහෝම වෙනස් ඇති.

    ක්ණයකින් ධර්මය අවබෝධවීම ඉතින් ඉතින් එහෙම වෙච්චි උත්තමයන් රැස්කරගත්ත කුසලතා වල බලමහිමය තමයි. එහෙම නැති අයට සෑහෙන ගේමක් ගහන්න වෙනවා.

    දැන් බුදුරජාණන්වහන්සේලා ගත්තාමත් බුදුවෙන්න පෙරුම්පුරන කාලය අනුව ශ්‍රද්ධාධික, වීර්යාදික, ප්‍රඥා අධික කියලා බෙදෙනවානේ. ඒ ඒ උත්තමයන්ගෙ කුසලතාවල හැටියට තමයි. ප්‍රඥාධික අය තමයි ඉක්මණින්ම බුදු වෙන්නේ. (බුදු උනාට පස්සේ ඒ සියලු බුදුන්වහන්සේලාගෙ ඥානය සමානයි)

    ඉතිං මචං යන්න පාරක් පෙන්නලා තියනවා. ඒ පාරෙ තමන්ට පුලු පුලුවන් හැටි හැටියට යන්න තමන් කල්පනා කරගන්න ඕන.

    අනික උඹ වැඩ ඔක්කොම ඉවරවෙනකල් ඉන්න ඕන නෑ. මට හරියටම මතක නෑ වැඩි විස්තරයක්. නමුත් එක්තරා වැද්දෙක් ගැන සඳහන්වෙනවා. පන්සිල් එක පදයක් විතරක් රැකපු. මැරිලා සුගතියේ ඉපදුනා. දිව්‍යතලවල, බ්‍රහ්මතලවල ධර්මය පුරුදු කරගන්න ලේසියි කියනවා. ඉතිං මේ භවයෙදි අඩුමගානෙ සෝතාපන්න වත් වෙන්න බැරි නම් දිව්‍යතලේකට යන්න වත් ටිකට් එක හදාගත්තානං තමන්ට යන්තං හරි ගැලවිල්ලක් තියනවා (දේවතානුස්සතිය ගැන හොයලා බලන්ට). මොකද ආයෙ මනුස්ස ලෝකෙට ආවත් ධර්මය තව තවත් යට යනවා මිසක් උඩට ඒමක් නෑ...

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    මුලදිම අහනවා නේද ඇයි ගොඩ දෙනෙක්ට මේක තේරෙන්නෙ නැත්තෙ ඇයි කියල?...

    බුදුරජාණන් වහන්සේ දේසනා කර ඇති ආකාරයට පුද්ගලයා තේරැම්ව ගැනීමේ හැකියාව අනුව වර්ග 4කි.

    1. උද්ගටිතඥ
    2. විපටිතඥ
    3. නෙයිය
    4. පදපරම

    බුදුරජාණන් වහන්සේ දහම් දෙසීමේදී පුද්ගලයන් සිටින අවස්ථාව හදුනාගෙන ඊට උචිත ලෙස දේසනා විලාසය සකස් කරගත් සේක.. ඇතැමෙක් සදහා භාවනා සදහා කමටහන් දුන් සේක.. එවැනි අවස්ථාවක් තමයි ඔබ කියපු නොකිලිටි රෙදි කැබැල්ලක් පිරිමැදීමට දීම...

    මා දන්නා තරමින් පුද්ගලයන් සතර දෙනා විස්තර වන්නේ මෙසේයි (කෙටියෙන්)....බලන්න ඔබ ඉන්න තැන අදුනගන්න පුලුවන්ද කියා...

    1. උද්ගටිතඥ

    මෙම පුද්ගලයාගේ ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව හා වේගය වැඩි ය..... ගාථාවෙක පද 1න් 2න් රහත් වූවායයි අසා තිබෙන්නේ මෙවැනි අයයි... පෙර ආත්ම භව වලදී භාවනා කර වීඤාණ ෂක්තිය ඉහල තත්වයක ඇත...

    2. විපටිතඥ

    ඉහත පුද්ගලයාට වඩා ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව හා වේගය වැඩි ය.. කිහිපවරක් ධර්මය ඇසීම,කියවීම හෝ සවන් දීමෙන් අවබෝධ කරගනී...වීඤාණ ෂක්තිය ඉහල තත්වයක ඇත...
    උද්ගටිතඥ අයට තරම් නැත.....

    3. නෙයිය
    ඉහත පුද්ගලයාට වඩා ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව හා වේගය අඩු ය.. බොහෝ ධර්මය ඇසීම,කියවීම හෝ සවන් දීමෙන් අවබෝධ කරගනී...වීඤාණ ෂක්තිය සාමාන්‍ය තත්වයක ඇත...
    විපටිතඥ අයට තරම් නැත.....

    4. පදපරම
    ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව හා වේගය ඉතා අඩු ය..ධර්මාවබෝධ හැකියාව ඉතා අඩු ය..
    වීඤාණ ෂක්තිය දුර්වල තත්වයක ඇත... සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියතොත් - කොටල පෙව්වත් තේරැම් කල නොහැක.-

    අනෙක් කාරණය තමයි ස්වාමීන්වහන්සේලා හෝ ගිහියෙක් වේවා සිල්වත් භාවය පරීක්ෂා නොකොට ධර්ම කරැනු පමණක් අවබෝධ කරගන්න.. ඉදිරි බුද්ධත්වයට පත්වන උත්තමයන්ගේ සාසන වලටත් සිවවනක් පිරිස ඕනේ. කෙනෙක් කරන දේක ඵලය ලැබෙන්නෙත් එයාටම තමයි.. අපි අපේ ගමන හදාගමු...

    ඉහත කරැණුවල වැරැදි අඩුපාඩු වෙත්නම් කමා වෙත්වා..... දන්නෝ පෙන්වා දෙත්වා.....

    තෙරැවන් සරණයි....
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මට තේරෙන විදියට තන්හාව නිරෝදයනේ කරගන්න ඕන .දෙයක් අපිට සැප දෙනවනම් එකට ආස වෙන එක ඉබේම වෙන දෙයක් නේ .නමුත් බුදු හාමුදුරුවෝ බුදු වෙද්දී කිවා "පෙර නොඇසූ විරු ධරමයන්ගේ දහම් ඇස පහල උනා කියලා ".මට තේරෙන විදියට ඒ උත්තමයානන් වහන්සේට අවබෝද උනේ මේ ලෝකේ 0 වකවත් සැපයක් නෑ කියලා ..ඒක අපිටත් අවබෝද උනානම් කිසිම දෙක සැපයක් නෑ කියලා අපිට තන්හාව ඇති වේද ..තන්හාව නිරෝදනම් භව ජාති නිරෝද වෙනවා .

    දැන් තියන ප්‍රශ්නේ අපිට සැප කියලා දෙයක් පෙද්දී ඒක දුකක් වෙන්නේ කොහොමද කියලානේ .
    හොදටම දාඩිය පෙරෙන වෙලාවේ අපිට fan එකක් දැම්මොත් සැපයි නේ.අපි හිතන්නේ ඒ සැප ගෙනාවේ fan එක කියලා .නමුත් හද්ද සිතල වෙලාවට fan එක සැප ගේනවද ..එහෙනම් අපිට සැපයක් දැනුනේ අසහනයක් දාහයක් ,පෙලිමක් තිබිලා එකෙන් මිදෙද්දී.

    මිනිස්සු හැමෝම කියන්නේ දුක් වින්දොත් තම සැප එන්නේ කියලා .ඒ කියන්නේ සැප විදියට පෙන්නේ අර දුකක් විදලා එකෙන් නිදහස් වෙද්දී දැනෙන සනීපෙ ..

    මනුස්සයෙක් 100c රත් උන තැටියක ඉදන් 50 c එකකට පයිනවා .දැන් මනුස්සයට සැපයිනේ ..නමුත් සැප කියලත් ඉන්නේ දුකක නේද .හැම වෙලේම සැප ලෙස අපිට දැනෙන්නේ දුකකින් නිදහස් වෙද්දී නේද .ඉතින් සැපක් ගන්න දුක් විදින්න ආස කවුද .

    මාස ගානකින් නොදැක්ක කෙල්ල දැක්කාම හරි සතුටුයි .ඒ සැප ආවේ නොදක ඉදලා ඉදලා ඒ දාහයෙන් නිදහස් උන නිසා නැතුව කෙල්ලගේ සැප සතුට තිබිලා නෙවේ ..බැන්දට පස්සේ හැමදාම කෙල්ලව පේනවා අර දාහය නෑ ඉතින් කෙල්ල දැක්කම සතුටත් නෑ .ඒ නිසානේ යාලු උන කාලේ කිරි පැණි වගේ ඉදලා බැන්ද ගමන් මරා ගන්නේ .

    හැම වෙලේම සැපේ දුක දකිනවනම් තන්හාව ප්‍රහින වෙනවා .මම යන මාර්ගය මේක .හරි කියලා හිතෙනවනම් උත්සාහ කරන්න ..
    අනික දැන් නිවන නැත්තේ නෑ .මේ දහමෙන් නිවෙන උත්තමයෝ ඕන තරම් ඉන්නවා :)

    කරුණාකර මේ වගේ මෝඩ අති සරල කතා වලට නොරැවටෙන්න. මේ වහරක -අභය අධර්මයම වෙන පැකේජ් එකක එන්නේ.

    මේක වැරදි ඇයි?

    1. බුදුපියාණන්ගේ ධර්මය "පුබ්බේ අනනුස්ස්තේසු දම්මේසු- අලෝකෝ උද්පාදී , චක්ඛුං උදපාදී, පඥ්ඥා උදපාදී.."
    ඈදී වශයෙනුයි බුදු පියාණන්ම හැන්දින්වුයේ. එහි තේරුම නම් පෙර ණොඇසූ විරූ ධර්මයක් අවබෝධ කලා, දහම් ඇසක්, ආලෝකයක්, ප්‍රඥාවක් පහල වුනා යන්නයි. මේ වගේ දෙකයි පනහේ සාපෙක්ෂ සැපක් දුකක් ගැන කියන එක "පෙර නොඇසු විරූ ධර්මයක්" නෙවෙයි.

    2. බුදු පියාණන් අවබෝධ කරන්න කියපු දුක්ඛ සත්‍ය අප විඳින (සිතට සහ සිරුරට ) දැනෙන දුකට අයත් නොවන දුකක්. ඒ දුක්ඛ ආර්‍ය සත්‍ය අවබෝධ කල යුත්තක් මිසක් වේදනා දුකක් නෙවෙයි. සැප වේදනා තියෙන නිසා සියල්ල දුකයි කියන්න බැහැ කියන වහරක-අභය ගොන් ධර්මය අන්තිම ෆේලියර් එකක් වෙන්නේ මෙතනදියි.

    3. බුදු පියාණන් එක තැනක මෙහෙම අහනවා. එක පුද්ගලයෙක් කරුනාව දයාව නිසා සතුන් නොමරා ඉන්නවා. තව පුද්ගලයෙක් සතුන් හමුනොවන නිසා සතුන් නොමරා ඉන්නවා, කවුද මේ දෙදෙනාගෙන් වඩා ශ්‍රේෂ්ඨ?
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට තේරෙන විදියට තන්හාව නිරෝදයනේ කරගන්න ඕන .දෙයක් අපිට සැප දෙනවනම් එකට ආස වෙන එක ඉබේම වෙන දෙයක් නේ .නමුත් බුදු හාමුදුරුවෝ බුදු වෙද්දී කිවා "පෙර නොඇසූ විරු ධරමයන්ගේ දහම් ඇස පහල උනා කියලා ".මට තේරෙන විදියට ඒ උත්තමයානන් වහන්සේට අවබෝද උනේ මේ ලෝකේ 0 වකවත් සැපයක් නෑ කියලා ..ඒක අපිටත් අවබෝද උනානම් කිසිම දෙක සැපයක් නෑ කියලා අපිට තන්හාව ඇති වේද ..තන්හාව නිරෝදනම් භව ජාති නිරෝද වෙනවා .

    දැන් තියන ප්‍රශ්නේ අපිට සැප කියලා දෙයක් පෙද්දී ඒක දුකක් වෙන්නේ කොහොමද කියලානේ .
    හොදටම දාඩිය පෙරෙන වෙලාවේ අපිට fan එකක් දැම්මොත් සැපයි නේ.අපි හිතන්නේ ඒ සැප ගෙනාවේ fan එක කියලා .නමුත් හද්ද සිතල වෙලාවට fan එක සැප ගේනවද ..එහෙනම් අපිට සැපයක් දැනුනේ අසහනයක් දාහයක් ,පෙලිමක් තිබිලා එකෙන් මිදෙද්දී.

    මිනිස්සු හැමෝම කියන්නේ දුක් වින්දොත් තම සැප එන්නේ කියලා .ඒ කියන්නේ සැප විදියට පෙන්නේ අර දුකක් විදලා එකෙන් නිදහස් වෙද්දී දැනෙන සනීපෙ ..

    මනුස්සයෙක් 100c රත් උන තැටියක ඉදන් 50 c එකකට පයිනවා .දැන් මනුස්සයට සැපයිනේ ..නමුත් සැප කියලත් ඉන්නේ දුකක නේද .හැම වෙලේම සැප ලෙස අපිට දැනෙන්නේ දුකකින් නිදහස් වෙද්දී නේද .ඉතින් සැපක් ගන්න දුක් විදින්න ආස කවුද .

    මාස ගානකින් නොදැක්ක කෙල්ල දැක්කාම හරි සතුටුයි .ඒ සැප ආවේ නොදක ඉදලා ඉදලා ඒ දාහයෙන් නිදහස් උන නිසා නැතුව කෙල්ලගේ සැප සතුට තිබිලා නෙවේ ..බැන්දට පස්සේ හැමදාම කෙල්ලව පේනවා අර දාහය නෑ ඉතින් කෙල්ල දැක්කම සතුටත් නෑ .ඒ නිසානේ යාලු උන කාලේ කිරි පැණි වගේ ඉදලා බැන්ද ගමන් මරා ගන්නේ .

    හැම වෙලේම සැපේ දුක දකිනවනම් තන්හාව ප්‍රහින වෙනවා .මම යන මාර්ගය මේක .හරි කියලා හිතෙනවනම් උත්සාහ කරන්න ..
    අනික දැන් නිවන නැත්තේ නෑ .මේ දහමෙන් නිවෙන උත්තමයෝ ඕන තරම් ඉන්නවා
    :)

    උඹේ කතාවේ බිම් බෝම්බ තොගයක් තියනවා.... පැත්තකට වෙලා වාඩි වෙලා හිටියනම් හොන්දයි වැරදි මත පතුරන් නැතුව.....

    මොකද මේවා බලල යමක් ඔලුවට දාගන්න කට්ටිය සැහෙන්න ඉන්නවා....ඔය එක එක්කෙනාගේ අලුත් බන දාල මේ thread එක නොකවනම් හොඳයි...
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,679
    1
    57,797
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුරුත් මේ ලින්ඩ අහපු ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දීල නෑනෙ. ඕක මටත් පොඩිකාලෙ හිටන් තිබුන ප්‍රශ්නයක්.

    මිනිස්සු බන දන්නවා. අනුන්ට දේසනා කරනවා. අවබෝධයක් නෑ එච්චරයි.

    කාට හරි ධර්මාවබෝධය තියෙනවද බලන්න ඕනෙ නම් ප්‍රශ්න දෙකතුනක් අහන්න. රෙද්දෙ රෙවෙන්න තරහ යනව නම් උන්දල ධර්මෙ දන්නව විතරයි.

    මෙතන එලකිරියෙ ධර්මය ගැන වල්පල් කියවල බැන ගන්න අයත් ඒවගෙ.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571

    සහතික ඇත්ත සමහර උන්දැල කොච්චර අවිද්‍යාවෙන් පිරිලද කිව්වොත් තමුන්ගේ වටිනා කාලය නාස්ති කරලා නොයෙකුත් ස්වාමින් වහසේලාට අගෞරව/අපහාස කරන්න කෑලි කෑලි මූට්ටු කරලා videos හදලා. ඒ මදිවට තමනුත් නොතේරෙන බණ අනුන්ට දේසනා කරනවා. තව කට්ටියක් කල්ලි හදාගෙන fight. තව කට්ටියක් කණ පැලෙන තර්ක ගේනව. මේ ඔක්කොම තමුන්ට ලැබිලා තියන දුර්ලභ මනුෂ්‍ය භාවයෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. නිකං අනුන්ගේ කිල්ලෝට වල හුණු හොය හොය ඉන්නව. ඇත්තටම බුදු කෙනෙක් පහල වෙලා බණ කිව්වත් මේ අයට ඒකත් විකුර්තියක්. මේ තමයි පදපරමයන්ට හොඳම උදාහරණ. මේකට ඇත්තටම කරන්න දෙයක් නෑ.

    වැදගත් ප්‍රශ්නයක් උනාට මම හිතන්නේ ලින්ඩ අහපු ප්‍රශ්නය වැරදියි මොකද අපි දන්නේ නැහැනේ දැන් මේ ලෝකේ කොච්චචර අය නිවන් දකිනවද කියල. ඉතින් මම හිතන්නේ ප්‍රශ්නය විය යුත්තේ "මට" නිවණ දුර ඇයි? යන්නයි. හැබැයි ඒ ප්‍රශ්නෙටත් හරියටම උත්තරයක් දෙන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. මට නම් ඕකට තියන හොඳම උත්තරය තමයි පඥාවේ මදිකම කියන එක. නිවන් දකින්න අවශ්‍ය පඥාව වැඩෙන්න පාරමිතා සම්පුර්ණ වෙන්න ඕනිනේ. :)
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කවුරුත් මේ ලින්ඩ අහපු ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දීල නෑනෙ. ඕක මටත් පොඩිකාලෙ හිටන් තිබුන ප්‍රශ්නයක්.

    මිනිස්සු බන දන්නවා. අනුන්ට දේසනා කරනවා. අවබෝධයක් නෑ එච්චරයි.

    කාට හරි ධර්මාවබෝධය තියෙනවද බලන්න ඕනෙ නම් ප්‍රශ්න දෙකතුනක් අහන්න. රෙද්දෙ රෙවෙන්න තරහ යනව නම් උන්දල ධර්මෙ දන්නව විතරයි.

    මෙතන එලකිරියෙ ධර්මය ගැන වල්පල් කියවල බැන ගන්න අයත් ඒවගෙ.

    බණ දන්නව කියලා හිතාගෙන ඉන්න එකයි දන්න එකයි දෙකක්.
    බණ දන්නවාමයයි සිතමු. දැන ගත්තාට මදි නෙව. "භාවිතා බහුලී කතා" යනුවෙන් බුදු පියානන් දේශනා කලා ධර්මය භාවිතයෙහි යොදන්න, බහුලව (නැවත නැවත) ධර්මයෙහි එන මාර්ගය වඩන්න කියා. එහෙම ඉස්පාසුවකින් සංයමයකින් කරන අය ඇත්තේ අල්ලේ ඇඟිලි ගනනටත් අඩුවෙන්.

    මේකේ අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ඒකත් කියලා දාන්නම්. දැන් ඔය විසේශඥ වෛද්‍ය, ඉංජිනේරු, ගණකධිකාරී වගේ වෘතිකයෝ ඉන්න්වානේ ඩිග්‍රි දෙක තුන තියෙන, තමන්ගේ ෆීල් ඩ් එකේ පී ච් ඩී අරන්, බටහිර රටවල වෙසෙන. මේ අය හිතාගෙන ඉන්නවා "අපි හරි සක්සෙස්ෆුල්. ඔක්කොම විභාග පාස්. මෙඩිකල් ෆැකල්ටියෙ ඉන්දෙද්දී ගෝල්ඩ් මෙඩල් 16 ක් ගත්තා. සියල්ල ලැබුනු අපට ධර්මය විවර නොවුනේ ඇයි ?? "

    ඉතිං බහුලී කතා භාවිතා පැත්තක දාලා ජීවිතේට ප්‍රගුන නොකරපු බුදුබණ ක්‍රෑශ් කෝස් එකක් කොරලා, කුප්පි දාලා ගොඩදාන්න දඟලනවා.මේකට හරියන හමුදුරුවරු සෙට් එකක් දැන් පහලවෙලා ඉන්නවා. මාස ගනන් වැඩිය යුතු අනිච්ච සඤ්ඤාව පැත්තක දාලා අනිච්ච කියන්නේ අනිත්‍ය නෙවෙයි අන්- ඉච්ච නේ අනිච්ච කියන්නේ වගේ ගොන් පාට් දාන මීහරක් හාමුදුරු හොරු කේටර් කරනවා අර කශ්ටියට.

    ඔන්න ඔතනයි ඔය ප්‍රශ්නය එන්න මූලික හේතුව. ධර්මයේ ගැබුර, භාවිතාව, සියුම්බව දන්නේ නැති ගොබ්සන්ලා හිතනවා "යකෝව්! මෙච්චර ගේම් දීපු මට මේකත් කජ්ජක්ද" කියා. මානය කියන්නේ ධර්මමාර්ගය වසන කලු වලාවක්.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම හිතුවේ උඹේ පිස්සුව ඉවරයි කියල....

    ඉවරයි කිව්වට ඉවරම නැහැ නේ ?

    තර්කවලින් බිදින්න බැරි ත්‍රිපිටක සාක්ෂි සහිතව ඇස්පනාපිටම ඔප්පු කර නිවැරදි ධර්මය දෙසන එකම හිමිනම වලස්මුල්ලේ හිමි පමණි. ත්‍රිපිටක සම්පාදක මන්ඩලයේ කිරම හිමිත් වලස්මුල්ලේ හිමි නිවැරදිබව පිලිගෙන අවසන්................පිටිදුවේ හිමි ද්යාන වලට බැන්නා.ත්‍රිපිටකයේ ද්යාන ගැන ඇහුවම ත්‍රිපිටකය විකුර්තිවෙලා කියලා ත්‍රිපිටකයට අපහාස කලා.. අන්තිමට ආර්ය ධයාන ඇත්තක් බව ඔප්පු උනා.:rolleyes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සහතික ඇත්ත සමහර උන්දැල කොච්චර අවිද්‍යාවෙන් පිරිලද කිව්වොත් තමුන්ගේ වටිනා කාලය නාස්ති කරලා නොයෙකුත් ස්වාමින් වහසේලාට අගෞරව/අපහාස කරන්න කෑලි කෑලි මූට්ටු කරලා videos හදලා. ඒ මදිවට තමනුත් නොතේරෙන බණ අනුන්ට දේසනා කරනවා. තව කට්ටියක් කල්ලි හදාගෙන fight. තව කට්ටියක් කණ පැලෙන තර්ක ගේනව. මේ ඔක්කොම තමුන්ට ලැබිලා තියන දුර්ලභ මනුෂ්‍ය භාවයෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. නිකං අනුන්ගේ කිල්ලෝට වල හුණු හොය හොය ඉන්නව. ඇත්තටම බුදු කෙනෙක් පහල වෙලා බණ කිව්වත් මේ අයට ඒකත් විකුර්තියක්. මේ තමයි පදපරමයන්ට හොඳම උදාහරණ. මේකට ඇත්තටම කරන්න දෙයක් නෑ.
    ඉතිං අනුන් ගැන මහා කරුණාවෙං උපදෙස් දෙන ඔබතුමා ඒ ගැන වදවෙන්නේ මන්ද? අහවල් කැසිල්ලක්ද ඒ? උන්ගේ වටිනා කාලය තිබියදී ඔබතුමාගේ "කකුලු" අවවාදේ විදියට කට වහන් කොරගෙන යන එක කොරං ගියා නම් ඉවරයිනේ. නැත්තනම් මාර පරස්පරයක් නේ මහත්තයෝ..ජෝක් එකක් වෙනවානේ. අනිත් එක ඔබතුමා දන්නේ නැත්තම් මම කියා දෙන්නම්.. දාරුකම්මික සූත්‍රයේදෙ බුදු පියාණන් වදාලා, ගැරහිය යුතු භික්ෂුවට ගරහන්න කියා. ධර්මය වනසන විට, අනිත්‍ය අනාත්ම විකෘති කරන විට කටවහන් ඉන්න එකාට වෙනම ඇජෙන්ඩාවක් ඇති බවයි මගේ වැටහීම.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කවුරුත් මේ ලින්ඩ අහපු ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දීල නෑනෙ. ඕක මටත් පොඩිකාලෙ හිටන් තිබුන ප්‍රශ්නයක්.

    මිනිස්සු බන දන්නවා. අනුන්ට දේසනා කරනවා. අවබෝධයක් නෑ එච්චරයි.

    කාට හරි ධර්මාවබෝධය තියෙනවද බලන්න ඕනෙ නම් ප්‍රශ්න දෙකතුනක් අහන්න. රෙද්දෙ රෙවෙන්න තරහ යනව නම් උන්දල ධර්මෙ දන්නව විතරයි.

    මෙතන එලකිරියෙ ධර්මය ගැන වල්පල් කියවල බැන ගන්න අයත් ඒවගෙ.

    මම තමා උත්තරේ දුන්නේ..ආයිත් කියනවනම් මේ කාලේ ධර්මය කියලා අහන්නේ විකෘතියක් .ඉතින් කොහොමද නිවන් දකින්නේ:lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    තර්කවලින් බිදින්න බැරි ත්‍රිපිටක සාක්ෂි සහිතව ඇස්පනාපිටම ඔප්පු කර නිවැරදි ධර්මය දෙසන එකම හිමිනම වලස්මුල්ලේ හිමි පමණි. ත්‍රිපිටක සම්පාදක මන්ඩලයේ කිරම හිමිත් වලස්මුල්ලේ හිමි නිවැරදිබව පිලිගෙන අවසන්................පිටිදුවේ හිමි ද්යාන වලට බැන්නා.ත්‍රිපිටකයේ ද්යාන ගැන ඇහුවම ත්‍රිපිටකය විකුර්තිවෙලා කියලා ත්‍රිපිටකයට අපහාස කලා.. අන්තිමට ආර්ය ධයාන ඇත්තක් බව ඔප්පු උනා.:rolleyes:

    ආ ඌද? ඌට කියපන් දුක්ඛ සූත්‍රය ඉගෙනගෙන එන්න කියලා මම කිව්වයි කියාලා ලොල්!:lol::lol::lol:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අසුබ භාවනාව කියලා කයේ අසුබය හොදයි කියලා වඩනවා.මයිත්‍රි වඩන කොට නිරෝගීබව හොදයි කියලා වඩලා පරම ලාභය කයේ යහපැවැත්ම කියලා කියවනවා.ඔක්කොම පරස්පරයි. විකෘති ධර්මයට හොද නිදසුනක් මේක ..:lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මම තමා උත්තරේ දුන්නේ..ආයිත් කියනවනම් මේ කාලේ ධර්මය කියලා අහන්නේ විකෘතියක් .ඉතින් කොහොමද නිවන් දකින්නේ:lol:

    ඇත්ත ඉතිං උබ අහන්නේ නම් විකෘතියක් තමයි:lol::lol::lol::lol:

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    තර්කවලින් බිදින්න බැරි ත්‍රිපිටක සාක්ෂි සහිතව ඇස්පනාපිටම ඔප්පු කර නිවැරදි ධර්මය දෙසන එකම හිමිනම වලස්මුල්ලේ හිමි පමණි. ත්‍රිපිටක සම්පාදක මන්ඩලයේ කිරම හිමිත් වලස්මුල්ලේ හිමි නිවැරදිබව පිලිගෙන අවසන්................පිටිදුවේ හිමි ද්යාන වලට බැන්නා.ත්‍රිපිටකයේ ද්යාන ගැන ඇහුවම ත්‍රිපිටකය විකුර්තිවෙලා කියලා ත්‍රිපිටකයට අපහාස කලා.. අන්තිමට ආර්ය ධයාන ඇත්තක් බව ඔප්පු උනා.:rolleyes:

    මම තමා උත්තරේ දුන්නේ..ආයිත් කියනවනම් මේ කාලේ ධර්මය කියලා අහන්නේ විකෘතියක් .ඉතින් කොහොමද නිවන් දකින්නේ:lol:

    Psychosis is a mental disorder where a person loses the capacity to tell what's real from what isn't. They may believe or sense things that aren't real, and become confused or slow in their thinking. Psychosis often occurs as a part of other mental illnesses.
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ත්‍රිපිටකය එලි දැක්වු කීරමේ විමලජොතී මහා නායක තෙරනුවෝ

    Watch from 29min 30sec on wards:

    මේ හිමියෝ විතරයි බුද්ධජයන්ති ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරන ලද ස්වාමින් වහන්සේලාගෙන් ඉතිරීවෙලා සිටින්නේ.
    :cool::cool::cool: