චත්තාරි සෝතාපත්තියංගානි: සප්පුරිසසංසේවෝ, සද්ධම්මස්සවනං, යෝනිසෝමනසිකාරෝ, ධම්මානුධම්මප්පටිපත්ති.
සෝවාන් ඵලය ලැබීමට හේතුවන අංග සතරකි. සත්පුරුෂයන් ආශ්‍රය කිරීම ය. සද්ධර්මය ශ්‍රවණය කිරීම ය. ඒ ශ්‍රවණය කළ ධර්මයට අනුව නුවණින් සිතීම ය. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ය.
https://tripitaka.online/sutta/244
1. සත්පුරුෂ ඇසුර - අංක එක තමයි සත්පුරුෂයෙක් (අකුසලයෙන් වළක්වන, කුසලයෙහි යොදවන, ධර්මය කියලා දෙන කෙනෙක්) ඇසුරු කරන එක.
2. සද්ධර්ම ශ්‍රවණය - සත්පුරුෂයාගෙන් ධර්මය අහනවා, ඉගෙන ගන්නවා, පැහැදිලි කරගන්නවා
3. යෝනිසෝ මනසිකාරය - ඒ ධර්මය
අවබෝධ වන පිලිවෙලට නුවණින් විමසනවා
4. ධම්මානුධම්ම ප්‍රතිපදාව - ඒ ධර්මයට අනුව සත් තිස් බෝධි පාක්ෂික ධර්ම (සතර සතිපට්ඨානය, සතර ඉර්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ,පංච ඉන්ද්‍රිය-ධර්ම, පංච බල-ධර්ම, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය) වඩනවා