නිවන් සුව තරිනි සිරිවර්ධන

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ȜMA X;21741759 said:
    හම්මෝ මේකේ ඉන්න අයියලාගේ ශෝකේ දැක්කල මට තනි ඇහැට ඇඩුනා කියහන්කෝ :rofl: නෝ වර්ඩ්ස් අහ්. :lol::lol:

    මිට මාසේකට උඩදි කෙල්ලෙක් ඔය වාගේම බෙල්ල තියලා මලා. මේකේ උන් ඒකිගේ අම්මවත් ඔන්ලන් රේප් කලා එකිගේ මිනිහා එක්ක බුදියන් ඉදලා ඒකීට මාට්ටු උන නිසා ඒකි බෙල්ල තිබ්බා කියලා. උන් ටිකම මේකට වෙලා ගුන ගයනවා මේ කෙල්ලගේ . පොත්ත සුදු නිසා වෙන්න ඇති නේ? :rofl:

    100 % true :rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ȜMA X;21741759 said:
    හම්මෝ මේකේ ඉන්න අයියලාගේ ශෝකේ දැක්කල මට තනි ඇහැට ඇඩුනා කියහන්කෝ :rofl: නෝ වර්ඩ්ස් අහ්. :lol::lol:

    මිට මාසේකට උඩදි කෙල්ලෙක් ඔය වාගේම බෙල්ල තියලා මලා. මේකේ උන් ඒකිගේ අම්මවත් ඔන්ලන් රේප් කලා එකිගේ මිනිහා එක්ක බුදියන් ඉදලා ඒකීට මාට්ටු උන නිසා ඒකි බෙල්ල තිබ්බා කියලා. උන් ටිකම මේකට වෙලා ගුන ගයනවා මේ කෙල්ලගේ . පොත්ත සුදු නිසා වෙන්න ඇති නේ? :rofl:

    අපි වගේ කලු කැත උන්ට no comments මචන් :sorry:
    කලින් මතකද අර දෙහිවලදි කෙල්ලෝ දෙන්නෙක් කෝච්චියට හැප්පිලා නැතිවුනා
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මරුසිරා;21740516 said:
    උගත් කමෙයි බුද්දිමත් කමෙයි වෙනස තමයි ඉතින් ....:sorry:

    මොනවා වුනත් නිවන්සුව පතනවා .(සියදිවි හනිකරන් නිවන් ලැබෙයිද කියන එක වෙනම ප්‍රශ්නයක් )

    කොච්චර උගත් වුනත් වැඩක් නැ .ලෝකේ හැටි දන්නේ නැහැ .ඩිග්රි කොලේ විතරයි අන්තිමට :sorry:
    පව් දුක් මහන්සි වෙලා හම්බ කරන සේසතම මේකිට වියදම් කරලා අන්තිමට කොහෙවත් නැති කොල්ලෙක් නිසා මේ අම්මගෙයි තත්තගෙයි දුවගේ ජීවිතෙත් නැතිවුනා :angry:

    මේ අදහස තැන් කීපයකම දැක්ක හින්ද කියන්නේ. සියදිවි හානිකරන් මැරෙන මොහොතේ නිවන් දැකපු සිද්දීත් තියෙනවා. බුද්ධ කාලේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් නිවන් අවබෝධ කරගන්ඩ ගොඩක් වෙහෙසිලා බැරි උන තැන තම ජිවිතේ ගැන කල කිරිලා තමන්ගේ දැලි පිහියෙන් බෙල්ල කපන් මරණයට පත් වෙනවා. මේ සිදුවීම දැනගෙන රැස් වුනු භික්ෂූන් වහන්සේලා බුදුන්වහන්සේගෙන් අහනවා දැන් ඒ භික්ෂූව ඉපදී ඉන්නේ කොහද කියලා. බුදුන්වහන්සේ කියනවා මේ භික්ෂූන්වහන්සේ ගෙල සිඳ ගන්නා මොහොතේදීම ක්ලේෂ ප්‍රහාණය කරලා රහත් වූ නිසා නැවත උපතක් නෑ, උන්වහන්සේ පිරිනිවන් පෑවා කියලා.
    කෙනෙක් මරණයෙන් පස්සේ ඒකාන්තයෙන්ම නිරයේ යනවා කියලා කියන්ඩ පුළුවන් එයා ආනන්තරිය පාපකර්මයක් කරලානම් විතරයි. ඒ වගේම කෙනෙක් අනිවාර්යයෙන්ම සුගතියේ යනවා කියල කියන්ඩ පුළුවන් එයා සෝවාන් කෙනෙක් නම් විතරයි.
    එක්තරා බමුණෙක් මැරෙන්ඩ ළඟ බවත්, මැරිලා නිරයේ යන බවත් දැනගත් සැරියුත් මහරහතන් වහන්සේ ඒ බමුණාගේ මරණ මංචකයේදී හිත හදලා හිත බ්‍රහ්ම ලෝකය කෙරේ පිහිටුව හින්ද බමුණා මැරිලා බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. ඒ කියන්නේ දිව්‍ය තලයටත් වඩා ඉහිල තලයක.
    අනික ආනන්තරිය පාපකර්ම කල කෙනෙක්ට උනත් නිවන සදාකාලිකව අහිමි වෙන්නේ නෑ. කල් යන එකයි වින්දින්ඩ වෙන දුක් වැඩි වෙන එකයි වෙන්නේ. දෙව්දත් තෙරුන් පවා කරපු අකුසල් ගෙවල ඉවර වෙලා පසේබුදු බව ලබලා පිරිනිවන්පාන්ඩ නියමිතයි.(තව කල්ප ගානක් යයි. නිවන සදාකාලිකව වැහෙන්නේ නෑ කියන එක පැහැදිලි කරන්ඩයි කිව්වේ.)
    සදාකාලික අපායත්, සදාකාලික ස්වර්ගයත් ගැන කියවෙන්නේ දේව වාදී ආගම් වල යි.
    ඒ හින්ද කෙනෙක් මැරුන ආකාරය දැක්ක ගමන් ඉපදුනු තැන් ගැන කියන්ඩ ඉක්මන් වෙන්ඩ එපා.
    අපි කව්රුත් දන්නේ නෑ මේ මියගිය සොයුරියගේ අවසන් සිත මොකක්ද කියලා. අපි හරියටම දන්නේ මියගියා කියන්ඩ විතරයි.
     
    • Like
    Reactions: D T

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Simple bn.. මිනිස්සු 100ka sample එකකින් අසරණ මනුස්සයෙක්tada, lassna kellektada udaw karanne kiyala test karoth kiyak අසරණ මනුස්සyata udaw කරයිda.. :dull:

    මම කිව්වෙ නෑනෙ බං අපේ මිනිස්සු හැම awasthawema සංවේදී නැති මිනිස්සු kiyala.. mama කියන්නෙ eka specific scinario ekak...
    ඉතින් ඒක ස්වභාවය බන්, ඕව හාඩ් කෝඩ් කරලා තියෙන්නෙ අපේ ඇඟට. තාම ඒකෙන් මිදෙන්න තරන් දියුණු නෑ අපි. ඉතින් කෝඩ් එකට අනුව දුවන ප්‍රෝග්‍රෑම් එකකට හිනාවෙන එක හරිද මම අහන්නේ. ඒක කෝඩ් කරපු එකාගෙන් අහන්න ඕනේ ඇයි මෙහෙම කරේ කියල.

    අන්තිමට බලද්දී කෝඩ් එක ගහපු අල්ල තමා වැරදිකාරය. :sorry:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    පේරාදෙණිය විශ්ව විද්‍යාලයම හඬවා කළු පාලම මත උදෑසන සිදුවූ අවාසනාවන්ත සිදුවීම

    18814233_1384183894998756_5641539396092575927_n.jpg



    patta kallakne ban. aparade marune :oo:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔව් බන්. මේක දාර්ශනික ටෝක් දෙන එවුන් ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න ඕනේ තේරුම් ගන්න. කොච්චර ලොකු ටෝක් දෙන එකක් වුනත් ජීවිතේ මානසිකව කඩාගෙන වැටෙන අවස්ථා එනවා. ඒ වගේ අවස්තාවකා මුහුණ දීපු කෙනෙක් විතරයි ඒකෙ වේදනාව දන්නේ. නිකන් බලන් ඉන්න එවුන්ට පුළුවන් බන කියන්න.
    ඕක කොච්චර වචනයෙන් කිව්වත් වැඩක් නෑ. ඒ වගේ සිතුවිල්ලක් එන්ඩම ඕනේ ඒක තේරෙන්ඩ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    OYA KALU PALAMA GANA MAMA HODATA DANNAVA. MEA GANA SAKAYAKIN BALANNA ONA. [1] OYA PALAMA THARAMAK PATUI. E KIWWE PALAMA UDIN WALK KARANAKOTA TRAIN EKAK AVOTH AYIN VENNA THIYENA IDA PODDAI. DANNE NATHI KENEK BAYA VENNA PULUWAN. HODAMA DEY THAMA PALAME VATA [FENCE] EKE MADDHATA VENA EKA HARI, PALAME FENCE EKEN EHA PATTHETH IDAK THIYENAVA. ANIKA OYA PALAMA LISSANA SULUI.[2] PALAME FENCE EKEN EHA PATTHE IDAK THIYENAVA. EMA IDA THIYENA PLACE EKATA KOLLO, KELLO LOVE KARANNA ENAVA, LOVER EKKA PRASNAYAK UNADHA DANNE NAHA. MONAVA UNATH OYA PALAMA DANGER PALAMAK. MAMA PERA HITAPU NISA PALAMA GANA DANNAVA.
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    පෝස්ට් එක කෝට් කරලා දාන්න :yes:

    සියදිවි නසාගැනීම... - 09-27-2016, 12:11 PM

    පළවෙනි දේ තමයි කෙනෙක් සියදිවි නසාගත්තාම ඒ කෙනාව ගොන් වැස්සියෙක්, මෝඩියෙක්, කාලකණ්ණියෙක්, ඉපදුනාට පොළවටත් බරක්, මැරිච්ච එකමයි හොඳ වගේ අපහාසාත්මක ලේබල් අලවල “පොඩි කාලේ ඉඳලා දුක් විඳලා හදපු දෙමව්පියෝ” පව් කියලා දැම්මාම ඒක හරිම සිත්ගන්නා සුළුයි. හැමෝම ඒ අසරණ දෙමව්පියන්ගේ දුක වෙනුවෙන් පෙනී ඉන්න හරිම කැමතියි. අපි හරි හොඳ මිනිස්සුනෙ නේද?

    කෙනෙක් තමාගේ ජීවිතය නැති කරගන්න පෙළඹෙන හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. මොකක් හරි හේතුවක් නිසා ඇති වුන දරාගත නොහැකි අධික වේදනාව, තනිකම, පාළුව, තමාගේ දුක බෙදගන්න කියාගන්න කවුරුත් නැති එක, තමා දැඩිලෙස ආදරය කරන කෙනෙක් විසින් ප්රතික්ෂේප කරනු ලැබීම, සමාජය/දෙමාපියන් ගෙන් ප්රතික්ෂේප කරනු ලැබීම, සමාජයට මුහුණ දීමට තියෙන භය, තමා කරන ලද යම් ක්රියාවක් නිසා ඇති වෙච්චි වරදකාරී හැඟීම්, ඉච්ඡාභංගත්වයට පත් වීම, ලිංගික හෝ මානසික අපයෝජනයට ලක් විම(sexual or emotional abuse), රැවටීමට ලක් වීම, කිසිදා නොදැනුන කිසිදා පහනොවනවා කියල හිතෙන අසරණකමක් දැනීම...
    මිනිස්සුන්ට උදේ නැගිටින්න, වැඩට යන්න, මහන්සි වෙන්න, සතුටු වෙන්න.. කෙළින්ම කියනව නම් “මිනිස්සුන්ට ජීවත් වෙන්න” අරමුණක් ලබා දෙනවා නොයෙක් දේවල්. සමහරුන්ට තමාගේ ආදරවන්තයා/ආදරවන්තිය.. සමහරුන්ට තමන්ගේ දෙමව්පියන්.. සමහරුන්ට තමන්ගේ රැකියාවේ අනාගතය.. සමහරුන්ට මුදල් හම්බකිරීම.. සමහරුන්ට සමාජයේ කීර්ති නාමයක් ඇති කර ගන්න එක.. තවත් සමහරුන්ට තමාගේ බිරිඳ, දරුවන්, තමාගේ පවුල…..
    ඔය වගේ තමන්ගේ ජීවිතයට අරමුණක් එක් කල දේවල් එක පාරම හෙණ ගහන්නා වගේ නැති වෙලා ගියාම.. ඒවගේ මොහොතකදි තව දුරටත් ජීවත් වෙන්න හේතුවක් හිතාගන්න බැරුව අන්ත අසරණ අඩියට වැටෙන එක මෝඩ කම විදියටවත්, නූගත්කම විදියටවත් හඳුන්වන්න එපා. මනුස්ස හැඟීම් ඒවගේ සිල්ලර විදියට විවේචනය කරන්න එපා.

    අපි ඕනම කෙනෙක්ට දරා ගැනීමේ සීමාවක් තියෙනවා. ඒ සීමා පුද්ගලයා අනුව එක එක තැන් වල පිහිටල ඇති. මරණය කියන්නෙ මේ ලෝකයේ තියෙන නරකම දෙයවත්.. ජීවිතය කියන්නෙ මේ ලෝකයේ තියෙන හොඳම දෙයවත් නෙමේ..

    ගොඩක් වෙලාවට සියදිවි හානිකරගන්න අය ඒ මොහොතේ විඳින දැඩි වේදනාව අවසන් කිරීමේ ක්රමයක් විදියට තමාගේ ජීවිතය නැති කරගන්න පෙළඹෙනවා. මොකද ඔවුන් හිතනවා මේ වේදනාව කවදාවත් ඉවර වෙන එකක් නෑ, මට මේ වේදනාව දරාගන්න බෑ, මේක නිසා ඇති වෙන ලැජ්ජාවට මට මූණ දෙන්න බෑ කියල. අපි හැමෝටම ජීවිතේ ගත කරන්න අරමුණු තියෙනවා, බලාපොරොත්තු තියෙනවා, ආශාවල් තියෙනවා, උවමනාවල් තියෙනවා. නමුත් ඉච්ඡාභංගත්වයට ලක් වුන කෙනෙක්ට ඔය කිසිදෙයක් නැහැ. ඒ කෙනාට තමාගේ ජිවිතය ගෙනියන්න අරමුණක් නැති වෙනවා පමණක් නොවේ ඔහුට/ඇයට ඉතිරි වන්නේ අධික වේදනාවක් පමණයි.

    ඇත්තටම සියදිවිනසා ගන්න තරම් මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ට දෙමව්පියන් විදියට, යහලුවන් විදියට, නෑදෑයන් විදියට අත්වැලක් වෙන එක.. සහයක් වෙන එක.. ඒ තත්වයෙන් ගොඩ එන්න උදව්වක් වෙන එකයි කරන්න ඕන..
    මේ සටහනික් කරන්නේ සියදිවි නසා ගැනීම සාධාරණීයකරනය කරන එක නෙමේ, සියදිවි නසාගන්න හිතන.. සියදිවිනසාගත්ත.. කෙනෙක්ව තේරුම්ගත යුතු බව සහ සමාජයක් විදියට ඒ මනුස්සයෝ ගැන තියෙන ආකල්පයේ ලොකු වැරැද්දක් තියෙන නිසයි මේ සටහන ලියවෙන්නේ.කෙනෙක් හිතන්න පුළුවන් ඕවද ප්රශ්න, මාත් බූට් කාලා තියෙනවා, මාත් බඳින්න කලින් බඩ වුනා, මටත් රස්සාව නැති වුනා, මගෙන් පෙම්වතිය හදිසියේ මැරුනා, අපේ ආදරයටත් ගෙවල් වලින් අකමැති වුනා කියල..
    ඒත් මිනිස්සු කියන්නේ වතුර වගේ ඔක්කෝමල්ලා සෙල්සියස් අංශක 0දී ඝන වෙලා සෙල්සියස් අංශක 100දී නටන තත්වයට පත් වෙන දෙයක් නෙමේ. එක එක්කෙනා එක එක සිද්ධි, දේවල්, අත්දැකීම් වලට මුහුණ දෙන විදිය, ප්රතිචාර දක්වන විදිය වෙනස්. මිනිස්සු ඔක්කෝමල්ලාව එක කෝවක දාලා මැනලා ඔවුන්ව විනිශ්චය කරන එක මෝඩ වැඩක්. ඒ එක්කම කියන්න ඕන අපි හැමෝටම..ඔව්.. අපි හැමෝටම.. සිය දිවි නසා ගැනීම කියන දේ හොඳම සහ එකම විකල්පය වෙන අවස්ථා ඕන තරම් තියෙන්න පුළුවන්.

    අපි ඒ තත්වයන් වලට මුහුණ නොදෙන්න තරම් වාසනාවන්තයි දැනට. නමුත් තව දුරටත් ජීවත් වෙන්න අරමුණක් හේතුවක් හොයාගන්න බැරුව මනුස්සයෙක්ට වැටෙන්න පුළුවන් අන්ත අසරණ අඩියටම වැටිලා ජීවිතය නැති කරගත්ත කෙනෙක්ව ගෙදර කම්පියුටරේ දාගෙන ෆෑන් එක එහා පැත්තේ ඉඳගෙන තේකක් බිබී ආතල් එකේ ඉඳගෙන විනිශ්චය කරන්න එපා..
    කරන්න ඕන තේරුම් ගැනීම මිසක විනිශ්චය කිරීම නෙමේ..අපි වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන දුක, සතුට, කඳුළු, සිනහව, බලාපොරොත්තු වලින් පිරුන මනුස්සයෙක්ගේ මුළු ජීවිත කාලයක් එක මොහොතින් විනිශ්චය කරන්න එපා..ඒක මහා අමානුෂික පහත් වැඩක්..
    ජීවිතේට වැරදි කරල නැති කෙනෙක් ඉන්නව නම්.. ඒ වැරදි වලට මූණ දෙන විදිය දන්නේ නැතුව මෝඩ වැඩ කරලා නැති කෙනෙක් ඉන්නවා නම්.. ඉස්සරහට ඇවිත්.. අසරණ බවේ අන්ත අඩියට වැටිලා මියගියයින් පස්සෙත් සමාජයේ අපවාදයට ලක් වෙන මේ මිනිස්සුන්ට පළවෙනි ගල ගහන්න !


    - written by Sanjaya Srikanth -

    :)
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මෙහෙමයි මචන්, කවුරුවත් suicide කරගන්න කැමති නෑ. හැබැයි ඒ ගොල්ලො ඒ තත්වයට ඇදල දාන්නෙ සමාජය විසින්.
    විශේශයෙන්ම උබල වගේ කිසිම මනුස්ස හැඟීමක් නැති එවුන් නිසයි ඔහොම වෙන්නෙ.
    ඒකට එයා ඉගෙනගෙනද නැද්ද කියන එක අදාල නෑ. ඒ නිසා ඒ මනුස්සය ඇත්තටම suicide කරගත්තනම් ඒකට හේතුවක් ඇති.
    ඒ හේතුව උබල වගේ පාට කන්නාඩිවලින් ලෝකෙ බලන උන්ට පේන්නෙ නෑ.

    source - I had talked to thousands of patients who are suffering from depression and related mental illnesess..:sorry:
    :yes::yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ වාගේ ගොන් වේසියෝ මෙහෙම knock out වෙන එක හෙදයි :yes: නැත්තම් ළමයි ඉන්න කාලෙක අව්ලක් ගියාම උනුත් එක්කම කෝච්චයට පනින්නේ මුන් වාගේ උන්.


    :yes:
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    කණගාටුවෙන් සහ දැඩි කළකිරීමෙන් මෙසේ සටහන් කරමි.ඊයේ උදෑසන පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යර්ථීනියකගේ මරණය gossip web අඩවි වල ප්‍රධාන මාතෘකාව විය.එම පුවත කියවා ප්‍රේක්ෂකයන් සටහන් කළ අදහස් නිසා මට මෙසේ ලියන්නට සිතුනි.ඇය මාගේ කවුරුත් නොවන අතර මා සමග වෙනත් විශ්ව විද්‍යාලයක එකම වසරේ උපාධිය සමත් සොයුරියක් පමණි.
    ඇගේ මරණයට හේතුව දන්නේ ඈම පමණි.හේතුව ඇගේ ප්‍රේමයද විරහවද නැතිනම් අසනීප තත්ත්වයක් නිසාද යන්න දන්නේ ඇයමයි.ඇය කළේ නිවැරදි සාධාරණ දෙයක් නොවන බව මා තරයේ විශ්වාස කරමි.නමුත් කණගාටුවට කරුණ වන්නේ ඈ මිය ගියේ මුහුණු පොතේ ඇතැමුන් පවසන පරිදි කුමන හේතුව නිසාදැයි අපි නොදනිමු.ඊයේ දින සිදු වූ එකම මරණයත් මෙය නොවේ.අනික විශ්ව විද්‍යාලයීය සිසුවියක් වූ පමණින්ම ඇයට මෝඩ මොලයක් නැති කෙනෙක් සේ අපහාස කිරීම සුදුසු නැත.අසභ්‍ය හේතූන් පැවසීම සුදුසු නැත.gossip අඩවි විසින් සිය බඩගොස්තරය රැක ගැනීමට තව දුරටත් ඇගේ මරණය වෙන්දේසි නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.ඇගේ පවුලේ සාමාජිකයන්, පාසල් සොයුරියන්, විශ්ව විද්‍යාලයීය සොයුරු සොයුරියන් මූණු පොත හරහා සිය සංවේගය ප්‍රකාශ කරයි.ඒවාට පහත් මානසිකත්වයකින් යුතුව comment නොකරන්න.
    ඇය දැන් මියගොස් හමාරය. නමුත් ඇගේ photos සහිත vedioz මෙහි වේගයෙන් හුවමාරු වේ.තව දුරටත් ඒවා හුවමාරු නොකර පුලුවන් නම් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කියා ප්‍රාර්ථනා කරමු..

    ඔබට නිවන් සුව සොයුරියේ
    copied from fb