දුක්ඛ ආර්ය සත්‍යය දැනෙන්නේ ප්‍රඥාවටයි
නමුත් උඹලා සිංහලට පරිවර්තනය කරගන තියන ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියන "දුක්ඛ ආර්ය සත්‍යය" යටතේ තියන
*ඉපදීම දුකයි
*ජරාවට පත්වීම දුකයි
*මරනය දුකයි...... කියලා දුක් ලිස්ට් එකක්
ඒ ටික දුක්ඛ ආර්ය සත්‍යය වෙන්නේ කොහොමද කියලා එහෙනම් කියපන්කෝ....
ඔය ටික කොහොමද ප්‍රඥා චෛතසිකයට දැනෙන්නේ ???
ඔය මරනය දුකයි කියලා තේරෙන්න ප්‍රඥාවක් ඕනෙ යැ....
ප්‍රඥාව නැති උබටත් තේරෙනවා....සත්තුන්ටත් තේරෙනවනේ
ඕකට උත්තර දෙන්න උබලට බෑ....
"මහණෙනි, මේ වූකලි දුඃඛාර්‍ය්‍යසත්‍ය යයි: “ඉපදීමත් දුක් ය. ජරාවත් දුක් ය. ව්‍යාධියත් දුක් ය. මරණයත් දුක් ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. කැමැති දෑ නො ලැබීමත් දුක් ය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක්හ” යි.
(සංයුත්‌ත නිකාය, මහා වර්ගය, සච්ච සංයුක්තය, ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය)
“ඇවැත්නි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ යැ: ජාතිය ද දුක් යැ, ජරාව ද දුකැ, මරණ ද දුකැ, ශොකපරිදෙවදුඃඛදෞර්‍මනස්‍ය - උපායාසයෝ ද දුක්හ. රිසි යමක් නො ලබා නම් ඒ ද දුකයැ, සැකෙවින් පඤ්චොපාදනස්කන්ධයෝ දුක්හ.”
(මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, විභඞ්‌ග වර්ගය, සච්චවිභඞ්ග සූත්‍රය)
"මහණෙනි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරේ ද යත්: ඉපැද්ම ද දුක් යැ, ජරාව ද දුක් යැ, මරණය ද දුක් යැ, ශෝකය ද වැලැප්ම ද කායික පීඩා ද මානසික පීඩා ද දැඩි ආයාස ද දුක් යැ. යමක් කැමැති වන්නේ එය නො ලබන්නේ ද, ඒ ද දුක් යැ. සැකෙවින් උපාදාන ස්කන්ධ පස ම දුක් යැ."
(දීඝ නිකාය, මහා වර්ගය, මහාසතිපට්ඨාන සූත්‍රය, 483 පිටුව)