උඹලත් කායානුපස්සනා කියලා සිහියෙන් අත පය හොල්ල හොල්ල ඉන්න එකද කරන්නේ? ඕවා නෙවෙයි බුදුහාමුදුරුවෝ කරන්න කිව්වේ
බුද්ධ සාසනේ උගන්වන්නේ කායානුපස්සනා නෙවෙයි, කායේ කායානුපස්සනා
ඒ ගැන සම්පූර්ණ විස්තරයක් මෙතන දාලා තියනවා. බලන්න
ඔතන දාල තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ තියන පාලි වාක්‍යත් එක්කමයි.
එතකොට බුදුහාමුදුරුවෝ එහෙම නෙවෙයි කිව්වේ කියලා සින්හලෙන් කෝට් කරපු ටිකක් පෙන්නනවානම් එතන වෙන ප්‍රශ්නයක් තියෙන්නේ.
සින්හලෙන් කවුරුහරි කෙනෙක් ලියපු එකක් පෙන්නන්නැතුව, කෙලින්ම පරිවර්තනය කරපු ත්‍රිපිටකය(සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව කොටස) පෙන්නන්නුවානම් හරිනේ.
කමක් නෑ උබලට ගැලපෙන විදියකට නිවන් දැකපන්
උඹ මොකුත්ම දාලා නැති නිසා මම ම දාන්න හිතුවා
සතර සතිපට්ඨානය ගැන විස්තර කරන්න මහා සතිපට්ඨාන සූත්‍රය අරගන නෑ
ඒට හේතුව තමයි ත්‍රිපිටක සිංහල පරිවර්තනයේදී සතිපට්ඨාන සූත්‍රය විනාස කරලා දාලා තියෙන්නේ.
පරිවර්තනය කරපු සූත්‍රය කියවලා මොකාට වත් නිවන් දකින්න බෑ
මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න මම පහත කියලා තියන දේවල්
https://www.thripitakaya.org/tipitakaya/Index/71?s=27
![]()
ඔය සතිපට්ඨාන සූත්‍රයේ පාලි වලින් සූත්‍රය පුරාම තියෙන්නේ "අස්සාස" කියලා
"අස්සාස" කියන පාලි වචනයට සිංහල පරිවර්තනයේදී දාලා තියනවා "ආශ්වාස" කියලා
"අස්සාස පහ කරනවට" දාලා තියනවා "ප්රාශ්වාස" කියලා
දැන් ඉතින් ඕක බලාගන කට්ටිය හුලං අදින්න ගත්තා (ආශ්වාස, ප්රාශ්වාස කරන්න ගත්තා).
ත්‍රිපිටකයේ වැසුනු ලෝකෝත්තර අර්ථ ගැන තියන මේ තෙඩ් 2 බලන්න.
නිවන්_මඟ_මෙන්න-(14/20)
නිවන්_මඟ_මෙන්න-(15/20)
ඕකේ ආනාපානාසති භාවනාවේ ලෝකෝත්තර අර්ථය යටතේ බලන්න. කියලා තියනවා ආස්සාස කියන්නේ ආශ්වාස නෙවෙයි කියලා
එතකොට මේ "අස්සාස" කියන්නේ මොකක්ද?
(අස්සාද නෙවෙයි අස්සාස ගැන මේ කියන්නේ. අස්සාද කියන්නේ සංස්කෘත වලින් ආශ්වාද. ඒකේ වැරැද්දක් නෑ)
අස්සාසය කියන්නේ ඇසුරු කරනවා කියන එකයි
ආශ්වාදයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා ඇසුරු කරන එකට කියනවා "අස්සාස" කියලා
ආශ්වාදයෝ නිර්මාණය කරලා දීපු රාග, ද්වේෂ මෝහ පහ කරන එකට කියනවා "පස්සාස" කියලා
ඕක තමයි හිත නිවාගන්න අස්වාස, පස්සාස
නැතුව හුස්ම ගන්න එකයි, හුස්ම පහල දාන එකයි නෙවෙයි
ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත්, නිස්සරනයත් දන්නව නම් ආස්සාස දන්නවා කියලයි මේ කියන්නේ
සංයුක්ත නිකාය 4, අස්සාස සූත්‍රයේ තියෙන්නේ මෙහෙමයි
"ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, අස්වැසුමට පැමිණියේ අස්වැසුමට පැමිණියේ යි කියනු ලැබේ. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ දැ යි. ඇවැත්නි, මහණ තෙමේ යම් කලෙක ස්පර්ශායතන සයෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදිනවයත් නිශ්ශරණයත් තතු සේ දකී ද, ඇවැත්නි, මෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත්ද දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි.
ඇවැත්නි මේ අස්වැසුම පසක් කිරීමට මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ අරී අටඟි මග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි."
(සංයුක්ත නිකාය 4, අස්සාස සූත්‍රය)
ඔය කියන්නේ මොකක්ද?
ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත්, නිස්සරනයත් දන්නව නම් ආස්සාස දන්නවා
සමථයට තිබුන අර්ථකථනයත් ඕකමයි
සමහර තැන් වල තියනවා "දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද" කියලා. මේක හිතාගන ඉන්නවා දීර්ඝව හුස්ම අල්ලනවා කියලා. මේ තියෙන්නේ එහෙම තියෙන තැන සංයුක්ත නිකාය 5-2 ආනන්ද සූත්‍රය.
"ආනන්ද, යම් සමයෙක මහණ දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද, දිගු කොට හෝ ප්‍රශ්වාස කරනුයේ දිගු කොට ප්‍රශ්වාස කෙරෙමියි දනී ද ... සියලු ආශ්වාසප්‍රශ්වාසකය දන්නාසුලු ව ... කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්ද එසමයෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්ද, යම් මේ ආශ්වාසප්‍රශ්වාස වේ ද, මෙය එක්තරා කයෙකැ යි මම කියමි. ආනන්ද එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ."
(සංයුක්ත නිකාය 5-2, ආනන්ද සූත්‍රය)
දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද කියන්නේ කෙනෙක් දීර්ග කාලයක් යමක් පුරුදු කරගන ආවා නම් ඒකෙන් මිදෙන්න අමාරුයි (මත්ද්‍රව්‍යය ගත්ත කෙනෙක් උදාහරණයකට ගන්න පුළුවන්, මව් සෙනෙහස, දරු සෙනෙහස.... ). ඒ වගේ කෙනෙක් දීර්ඝ කාලයක් මේ අස්සාදය පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ ආහාර දීලා දීර්ඝ කාලයක් පුරුදු කරගත්ත දෙයක් නම් දීර්ග කාලයක් යනවා. ඒ වගේ කෙනෙක්ට දීග කාලයක් ආශ්වාදයේ ආදීනවය බල බල ඉන්න ඕනේ
සමහර දේවල් කෙටියෙන් පහ කරගන්න පුළුවන්
ආනාපානාසති භාවනාවේ
ආන - ඇදගන්න ඕනේ ටික- අනිච්ච දුක්ඛ, අනත්ත
නෙක්ඛම්මය, අව්‍යාපාද, ආලෝකය, ඥානය, ප්‍රබෝදය
අපාන - පහ කරන්න ඕනේ ටික - නිච්චයි සුඛයි අත්තයි කියලා අල්ලගන තියන සේරම පහ කරන්න ඕනේ
කාමච්චන්ද, ව්‍යාපාද, ථීනමිත්ත, උද්දච්ච කුක්කුච්ච, අවිද්‍යා
ඕක කලොත් නම් නිවන් දකිනවා
මැරෙන්න ඉන්න වෙල හුස්ම රැල්ලත් අනිච්චයි දුක්කයි අනත්තයි කියලයි මෙනෙහි කරන්න ඕනේ



