පව් බං උඹලා... අබයාගෙ වචන පද පෙරලියට මුලා වෙලා ඔහේ කියවනවා...උඹ ඇහුවේ වචනවල තේරුම නේ. ඒක තමා කිව්වෙ.. කිව්වා වගේම උඹ අබයා වගේම කාමය පස්සෙ දුවලා වචන හරඹ කරනවා.. පිස්සු වැටිලා වගෙ.. .සීලය යටතේ කාමය විස්තරවෙන්නෙ පල්ලෙහා විදියට.
ගේ දොර ඉඩකඩම් ගැන යෙදෙන කාම වස්තු එතනට අදාල නෑ. උබල සේරම පටලගෙන කියන්නෙ ඒකයි..



ධර්මාචාර්ය වගෙ ලොකු ටෝක් දුන්නට මේ වගෙ සරල දෙයක් වත් බෑනෙ උඹට.. ඒක තමා කිව්වෙ වැරදි තැනින් දහම කියලා අධර්මය ඉගෙන ගත්තාම ඔහොම තමා.
කවුද බන් පානය කියලා කිව්වෙ බොන එක විතරක් කියලා..
විස්තර කරල දෙන්නම්...නාඩා හිටපන්..
කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍රයට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ.
(1) සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම ය. (2) සේවන චිත්තය ඇති වීම ය. (3) සේවනයට උත්සාහ කිරීම ය. (4) සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම ය යන අංග සතර සම්පූර්ණ වීමෙන් කාම මිථ්‍යාචාර කර්මය වේ. ප්‍රයෝග විසින් වනාහි ස්වහස්තික ප්‍රයෝගයෙන් ම මෙය සිදු වේ. අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමෙහි දී කරවන්නා හට ද කර්මය සිදුවන්නාක් මෙන් මෙය අනුන් ලවා කරවීමෙන් සිදුවන කර්මයක් නො වේ. අනුන්ගේ නියෝගයකින් කළේ ද කර්මය කළ අයට මිස අණ කළ අයට හිමි නො වේ.
කාම මිථ්‍යාචාරයේ අල්පසාවද්‍ය මහා සාවද්‍ය භාවය
ශීලාදි ගුණ රහිත වූවන් හා මිථ්‍යාචාරය අල්ප සාවද්‍ය වේ. ගුණ ඇතියවුන් දූෂණය කිරීම මහා සාවද්‍ය වේ. ගුණ හීනයන් කෙරෙහි දු බලයෙන් මිථ්‍යාචාරය මහා සාවද්‍ය වේ. දෙදෙනාගේ කැමැත්ත ඇති කල්හි අල්ප සාවද්‍ය වේ. දෙදෙනාගේ ම කැමැත්ත ඇති කල්හි දු ක්ලේශයන්ගේ හා උපක්‍රමයන්ගේ මෘදුත්වයෙන් අල්පසාවද්‍ය ද ක්රෑරත්වයෙන් මහා සාවද්‍ය ද වේ.
සුරාපානය
මත්කොට මනුෂ්‍යයාගේ ප්‍රකෘති ස්වභාවය නැති කරන්නා වූ රා අරක්කු ආදි පාන වර්ග බීම ද, දුම්වර්ග බීම ද, කෑම වර්ග කෑම ද යන මේ සියල්ල සුරාපානකර්මයට අයත් ය. මෙය සත්ත්වයන්ගේ දෙලෝ වැඩ නසන්නා වූ මහත් අනර්ථකාරී වූ කර්මයකි. සුරාවෙන් මත් වූ කල්හි සත්ත්වයා පිස්සකු වැනි වේ. සුරාපානය නිසා ස්වකීය සිත කය දෙක හසුරඅවා ගැනීමේ ශක්තිය ඔහු කෙරෙන් තුරන් වේ. එ බැවින් මත්වූයේ ජනයා මැද නො සරුප් බස් බිණීම්, ගී කීම්, නැටීම්, නග්න ව හැසිරීම් ආදිය කොට ජනයාගේ පිළිකුලට භාජන වේ. සමහර විට ක්ලාන්ත වී තැන තැන වැටෙයි. සමහර විට ගත් ආහාරය වමනය කරයි. සමහර විට දුටුවන් හා කලහයට එයි. ස්වකීය අඹු දරුවන්ට පවා නොයෙක් විට හිරිහැර කරයි. ස්වකීය භාණ්ඩ විනාශ කර ගනී, නො ලැබූ දෑ ලබා ගැනීමේදී ද ලැබූ වස්තුව ආරක්ෂා කර ගැනීමේ ද ඥානය ඔහු කෙරෙන් තුරන් වේ. එ බැවින් හේ දිළින්දකු නම් දිළිඳු බවින් නඟින්නට නො සමත් වේ. පොහොසතකු නම් වස්තු භංගත්වයට පැමිණ දිළිඳු වේ. සුරාව අධික කොට පානය කිරීමෙන් ඇතමෙක් නොයෙක් රෝගයන්ට භාජන වී අකාලයෙහි මැරෙති. මේවා අපට පෙනෙන්නට ම ඇත්තා වූ සුරා පානයේ දෝෂයෝ ය. සුරාපානයෙන් මරණින් මතු ලැබෙන විපාක මෙසේ වදාළ සේක.
“සුරාමේරය පානං භික්ඛවෙ! ආසෙවිතං භාවිතං බහුලීකතං නිරය සංවත්තනිකං හොති, තිරච්ඡාන යොනි සංවත්තනිකං හොති, පෙත්තිවිසය සංවත්තනිකං හොති, යො සබ්බලහුසො සුරාමේරය පානස්ස විපාකො මනුස්ස භූතස්ස උම්මත්තක සංවත්තනිකො හොති”
“මහණෙනි, සේවනය කරන ලද්දා වූ වඩනා ලද්දා වූ බොහෝ කොට කරන ලද්දා වූ සුරා මේරය පානය නරකයෙහි ඉපදීම පිණිස පවත්නේ වේ. තිරිසන් යෝනියෙහි ඉපදීම පිණිස පවත්නේ වේ. ප්‍රේත විෂයෙහි ඉපදීම පිණිස පවත්නේ ය. සුරාමේරය පානය කිරීමේ ඉතා ම අල්ප විපාකයාගේ වශයෙන් මිනිස් ලොව උපන්නහුට උමතු බව ඇති කරන්නේ වේ.” ය යනු එහි තේරුම යි.
“උම්මත්තා විගත ලජ්ජගුණා භවන්ති
දීනා සදා ව්‍යසන රෝග පරායනා ච,
ජාතා භවේසු විවිධෙසු විරූපදෙහා
පීත්වා හලාහලවිසංව සුරා විපඤ්ඤා”
නුවණ නැත්තා වූ පුද්ගලයෝ හලාහල විෂයක් (කෑ සැටියේ මැරෙන විෂයක්) බඳු වූ සුරාව පානය කොට අනාගතයෙහි උම්මත්තකයෝ වන්නාහ. ලජ්ජා ගුණය නැත්තෝ වන්නාහ. දිළින්දෝ වන්නාහ. සෑම කල්හි නොයෙක් ව්‍යසන හා නොයෙක් රෝග ඇත්තෝ වන්නාහ. නොයෙක් ජාතිවල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ වන්නාහ යනු එහි තේරුමයි.