නිවනේ නිවීම

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මම කියන කාරණය මල් හතට තේරුම් ගන්න අපහසුයි. ඒක එහෙම විය යුතුයි. නිපුන් කලක සිට මීතිරිගල නිස්සරණවාසී ධම්මජීව ස්වාමීන්වහන්සේගේ බණ (එතන පදනම් පදනම මහාසී සයාඩෝ,මාතර ශ්‍රී ඥානාරාම, රේරුකාණේ චන්දවිමල, කටුකුරුන්දේ ඥාණානන්ද, බුරුම පණ්ඩිත සයාඩෝ වගේ දෙස් විදෙස් ගෞරවාදරයට පාත්‍ර වෙච්ච භික්ෂූන්) අහන බව කියලා තියනවා. මම කතා කරන්නෙ ඒ කන්ටෙක්ස්ට් එකෙන්. ඔයාට ජාති දෙකක් පේන්නෙ ඒකයි.

    මල්හතට ඔය ඉගෙනගෙන තියන ගොඩක් ඒවා අන්ලර්න් කරන්න වෙයි මේ කියන ඒවා තේරුම් ගන්න. මට ඒ ගැන අපේක්ෂාවක් හෝ විශ්වාසයක් නැහැ.
    අපෝ එපා greenthunder මහත්තය එක එක ගුරු කුල හෝ පුද්ගලයන් follow කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ, මේවා තුල මම ඕනෑවටත් වඩා කාලයක් ගතකරලා තියෙනවා. මම තේරුම් ගත්ත දෙයක් තමයි මේවාට අනුගතවී කලක් යෑමෙන් ත්‍රිපිටක ධර්මය පැත්තක තියෙද්දී වෙන වෙන tangents වල තමුන් නොදැනුවත්වම ගමන්කරන්න වෙන එක. ඊට පස්සෙ හිතෙනව ඒ දේවල් හරිම profound කියල. මේ reply එකත් එකට හොඳ උදාහරණයක්.
    අනික මහත්තය මම මෙතන දාන ඒවා ගනන්ගන්න එපා ඒ මගෙ අදහස් විතරයි ඔබතුමන්ල ඔබතුමන්ලගෙ conversation එක කරගෙන යන්න. මේ ඔබතුමන්ලට පහත් කොට සලකන්නවත් නොයෙකුත් ස්වාමින් වහන්සේලාට නිගරු කරන්නවත් කරන දෙයක් නෙමෙයි. මේවා කියවන අයට තව පැත්තක් තියෙනව කියල පෙන්නන්න කරන අහිංසක ප්‍රයත්නයක් විතරයි... 🙏

    @ewijesekara මහත්තය ඔබතුමා සීල සුත්‍රයේ link එක ඇහුව නේද?

    සීල සුත්‍රය

    අමතර කියවීම්

    තවත් පැහැදිලි කිරීම් >>>
    1677033904284.png

    මේ ඇතිද?
    ------ Post added on Feb 22, 2023 at 8:16 AM
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,089
    93
    @MalSeven ඔබතුමා quote කරපු ටික තමා සියල්ල 😊. universal set එක ප‍ංචස්කන්ධය /ඔයාගෙ live experience එක/ මේ මොහොත .
    ඒ ඇරෙන්නට දෙයක් තියෙනවා කියන එක යෙදෙන්නෙ නෑ.
    අනිත්‍ය කියලා කියන කොට මේ වෙලාවෙ මේක කියවන බවටම අනිත්‍ය reference වෙනවා.
    විද්‍යාවට පුළුවන් ද පච්චුප්පන්න මොහොතක් උදාකරන්න? Universal set එකම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නම් .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,071
    67,387
    113
    Pamchanaskandye antihya dekkata.mama nethi bawa wadanne kohomada. :oo: mama kiyana eka denagatttata ataarenne nane.mae tama inne elakiri eke
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    @MalSeven ඔබතුමා quote කරපු ටික තමා සියල්ල 😊. universal set එක ප‍ංචස්කන්ධය /ඔයාගෙ live experience එක/ මේ මොහොත .
    ඒ ඇරෙන්නට දෙයක් තියෙනවා කියන එක යෙදෙන්නෙ නෑ.
    Spot on
    අනිත්‍ය කියලා කියන කොට මේ වෙලාවෙ මේක කියවන බවටම අනිත්‍ය reference වෙනවා.
    Correct - ඕක හැබැයි අනිච්ච (අනිත්‍ය + තව ටිකක් තියෙනව)
    විද්‍යාවට පුළුවන් ද පච්චුප්පන්න මොහොතක් උදාකරන්න? Universal set එකම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නම් .
    මෙතන:
    පච්චුප්පන්න මොහොත සහ අවිද්‍යාව අතර සම්බන්ධය මොකක්ද?
    මෙතන ප්‍රත්‍ය කියන්නෙ සූවිසි ප්‍රත්යෙන් හේතු ප්‍රත්‍ය, හේතු ප්‍රත්‍ය උපන් මොහොතට අවිද්‍යාවේ සම්බන්ධය මොකක්ද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මම තේරුම් ගත්ත

    මල් හතගෙ මුලු පෝස්ට් එකේම සමරිය තමා ඕක. ඒ කාලෙ මල්හත ඔය ධර්ම විකෘති කරනවා යැයි සමාජ සම්මත භික්ෂු වේශධාරීන් පසුපස්සෙ යනකොට මට මතකයි බොහෝ දෙනෙක් මල් හතට උපදෙස් දුන්නා, එහෙම යන්න එපා කියලා. අද හරි ඒක තේරුම් ගිහින් තියන එක වටිනවා.

    අනික ඕවා වචනයෙන් තර්කයෙන් විසඳන්න බැහැ මල් හත. ග්‍රීන්තන්ඩරුත් ඇතුලු මුලු ලෝකෙම සත්වයින්ගෙ සමරිය තමා ඕක. අපි හැමෝම " මම තේරුම්ගත් විදිහක" තමා ඉන්නෙ. එනිසා 100% නිවැරදිව, සැක රහිතව ප්‍රත්‍යක්ෂ කරගන්න ගන්න තියන එකම විදිහ ප්‍රායෝගිකව මාර්ගය කරලා බැලීම.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,089
    93
    කට්ටිය සතිය practice කරනවා නම්. මෙ discussion එක තුල .
    1. දරාගෙන ඉන්න මතය තුලින් උත්තර දෙන "මම" බිහිවෙන බව අහුවෙන්න ඇති.
    2. කොච්චර කතා/කල්පනා කරත් තමන්ගේ මතය ස්ථාවර වෙනවා හෙල්ලෙන්නෙ නෑ බව අහුවෙන්න ඇති
    3. හේතුව දෘෂ්ටිය තුලින් තමා උත්තරය හා උත්තර දෙන්නා බිහිවෙන්නේ . මෙක "මගෙ" දෘෂ්ටිය කියලා ගන්න එක වැරදි .
    4. සියලු දෘෂ්ටින් කියන කොට උඩ අල්ලාගෙන ඉන්න එකත් එච්චරයි .
    4. self reference උනාම මේ කියවන එකත්...

    අන් අයගෙ මත ඉවසීම / තෙරුම් ගැනීම
    ඉබෙම වෙනවා තමන් ඇත්ත කියලා හිතන් ඉන්න මත හැදෙන හැටි දැක්කොත් . නැත්නම් තමන්ගෙ මතය ගොඩනැගෙන උපකල්පන (assumptions ) දැක්කොත් , එ උපකල්පන වල තියන තඩි හිල් දැක්කොත් 😊
    පලි - ලොකුම අවුල් තියෙන්නේ ඇස,කන,ඇග, හිත
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,071
    67,387
    113
    Mama nan kiyanne mama nethiwenna ara mogollana hamduruwnata wage aga nil wenna polu walin guti kanna one.nattan kohe hari assaka hangila innawa mama
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කට්ටිය සතිය practice කරනවා නම්. මෙ discussion එක තුල .
    1. දරාගෙන ඉන්න මතය තුලින් උත්තර දෙන "මම" බිහිවෙන බව අහුවෙන්න ඇති.
    2. කොච්චර කතා/කල්පනා කරත් තමන්ගේ මතය ස්ථාවර වෙනවා හෙල්ලෙන්නෙ නෑ බව අහුවෙන්න ඇති
    3. හේතුව දෘෂ්ටිය තුලින් තමා උත්තරය හා උත්තර දෙන්නා බිහිවෙන්නේ . මෙක "මගෙ" දෘෂ්ටිය කියලා ගන්න එක වැරදි .
    4. සියලු දෘෂ්ටින් කියන කොට උඩ අල්ලාගෙන ඉන්න එකත් එච්චරයි .
    4. self reference උනාම මේ කියවන එකත්...

    අන් අයගෙ මත ඉවසීම / තෙරුම් ගැනීම
    ඉබෙම වෙනවා තමන් ඇත්ත කියලා හිතන් ඉන්න මත හැදෙන හැටි දැක්කොත් . නැත්නම් තමන්ගෙ මතය ගොඩනැගෙන උපකල්පන (assumptions ) දැක්කොත් , එ උපකල්පන වල තියන තඩි හිල් දැක්කොත් 😊
    පලි - ලොකුම අවුල් තියෙන්නේ ඇස,කන,ඇග, හිත

    සතුටුයි. ධම්මජීව ස්වාමීන්වහන්සේ නිතර කියන්නෙ "කකුල් දෙක නමාගෙන පස්ස බිම තිබ්බා උපතින් හම්බුන පුටව තියනවා, කොන්ද කෙලින් කරගත්තම උපතින් හම්බුන හුස්ම පෙනෙන්න තියනවා. ඉතින් තව මොනවද ඕනෙ. වාඩිවෙලා කරලා බලන්නකො, කරලා කතාකරලා විවෘත වෙන්න." කියලා. ඒ ප්‍රායෝගික උපදෙස තවත් අයෙක් පිලිගැනීම දැකීම සතුටක්. පිලපැදීම දැකීම ඊටත් වඩා සතුටක්...
     
    • Like
    Reactions: ewijesekara

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මල් හතගෙ මුලු පෝස්ට් එකේම සමරිය තමා ඕක. ඒ කාලෙ මල්හත ඔය ධර්ම විකෘති කරනවා යැයි සමාජ සම්මත භික්ෂු වේශධාරීන් පසුපස්සෙ යනකොට මට මතකයි බොහෝ දෙනෙක් මල් හතට උපදෙස් දුන්නා, එහෙම යන්න එපා කියලා. අද හරි ඒක තේරුම් ගිහින් තියන එක වටිනවා.

    අනික ඕවා වචනයෙන් තර්කයෙන් විසඳන්න බැහැ මල් හත. ග්‍රීන්තන්ඩරුත් ඇතුලු මුලු ලෝකෙම සත්වයින්ගෙ සමරිය තමා ඕක. අපි හැමෝම " මම තේරුම්ගත් විදිහක" තමා ඉන්නෙ. එනිසා 100% නිවැරදිව, සැක රහිතව ප්‍රත්‍යක්ෂ කරගන්න ගන්න තියන එකම විදිහ ප්‍රායෝගිකව මාර්ගය කරලා බැලීම.
    🙏
    ඔව් ඔබතුමා කිව්ව Experiential trust/experiential faith කියන අදහසට මම 100% එකඟයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,071
    67,387
    113
    Oya kiyana mama drushtiya atha arila society eke inne kohomada.automatic reject wenawane.sustain wenna bene process eka
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කට්ටිය සතිය practice කරනවා නම්. මෙ discussion එක තුල .
    1. දරාගෙන ඉන්න මතය තුලින් උත්තර දෙන "මම" බිහිවෙන බව අහුවෙන්න ඇති.
    2. කොච්චර කතා/කල්පනා කරත් තමන්ගේ මතය ස්ථාවර වෙනවා හෙල්ලෙන්නෙ නෑ බව අහුවෙන්න ඇති
    3. හේතුව දෘෂ්ටිය තුලින් තමා උත්තරය හා උත්තර දෙන්නා බිහිවෙන්නේ . මෙක "මගෙ" දෘෂ්ටිය කියලා ගන්න එක වැරදි .
    4. සියලු දෘෂ්ටින් කියන කොට උඩ අල්ලාගෙන ඉන්න එකත් එච්චරයි .
    4. self reference උනාම මේ කියවන එකත්...

    අන් අයගෙ මත ඉවසීම / තෙරුම් ගැනීම
    ඉබෙම වෙනවා තමන් ඇත්ත කියලා හිතන් ඉන්න මත හැදෙන හැටි දැක්කොත් . නැත්නම් තමන්ගෙ මතය ගොඩනැගෙන උපකල්පන (assumptions ) දැක්කොත් , එ උපකල්පන වල තියන තඩි හිල් දැක්කොත් 😊
    පලි - ලොකුම අවුල් තියෙන්නේ ඇස,කන,ඇග, හිත
    මේක නිකං හිත හිත ඉන්න නම් හොඳයි... මෙහෙම හිතන එකේ point එක? යන්තම් හරි වැඩක් තියෙන්නේ අංක 1 විතරයි, ඒකත් complete නැහැනෙ...
     
    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,089
    93
    මේක නිකං හිත හිත ඉන්න නම් හොඳයි... මෙහෙම හිතන එකේ point එක? යන්තම් හරි වැඩක් තියෙන්නේ අංක 1 විතරයි, ඒකත් complete නැහැනෙ...
    2. වෙනි එක කියෙව්වද? හිතන එක වැඩක් තියෙනවා ද? හිතලා කරන්න පුළුවන් ද?

    imho ඇත්තටම අහුවෙන්නෙ , අරයා වැරදි කියලා නෙමේ. මෙතැන වැරදි කියලා . හිටන් ඉන්න තැන
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    නලින්ද සිල්වා මට මතක විදිහට 2001 දී වගේ ඩේලි නිව්ස් එකට ලිපියක් ලිව්ව. මේකේ ප්‍රස්තුතය වුනේ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලේ අසංග තිලකරත්න ගේ පී එච් ඩී තීසිස් එක. මේකට පොරට පොඩ්ඩක් මල පැනලත් වගේ ලියල තිබ්බ. ඒ කාලේම තමයි මට මතක විදියට එක්ස් කන්ඩායම, "ලංඩන්"; උන්ගේ මැගසින් එක ආවේ. දර්ශනවාදය ගැන මොකක් හරි සමාන්‍ය ජනතාව අතරේ එවේයානස් එකක් ඇතිවුනේ ඔය දීප්තිලාගේ එක්ස් එක කරපු වැඩ නිසා.

    මොනව වුනත් මම කියන්න හැදුවේ අසංග තිලකරත්නගේ Ph.D. තීසිස් එකේ ටයිටල් එක තමා Nirvana and ineffability .
    නලියා පිස්ස වුනත් යම් යම් දේවල් ගැන විනිවිද යන මීටරයක් තියෙනවා. නලියා ඒ දවස්වල කියපු එකක් තමයි බුදු හාමුදුරුවෝ නිර්වානය ගැන කිව්වේ "නිර්-ප්‍රවාද" වලින් කියන එක. ඒ කියන්නේ ලෞකික භාෂාවෙන් නිවන විස්තර කොරන්න බැරි බව සහ එහෙම කිරීමෙන් වැරදි වැටහීමකට යා හැකි බව.
    කොහොම උනත් පස්සේ කාලෙක අලව්වේ අනෝමදස්සී හාමුදුරුවෝ, සේක නොවු පුද්ගලයාට නිවන , රහතන් වහන්සේ ගැන තියෙන්නෙම "මඥ්ඥනාවක්" විතරයි කියල කියනනවා මං අහලා තියෙනවා. මේ මගේ සත දෙක මේකට එකතු කලේ නිවන ගැන තවත් කියවීමක් තියෙනවා කියල පෙන්වන්න.

    11jmDxex+RL._AC_UY218_.jpg

    ex muslim ahmed
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113
    බණ අහන විට සෝවාන් වීමයි බණ අහල පමණක් සෝවාන් වීමයි කියන්නෙ දෙකක් කියල තේරුම් ගන්න ඔබතුමාට කාලයක් යයි වගෙ :lol:
    Edit: මෙතන ඔබතුමාට අවශ්‍ය නම් Supreme ඉන්ද්‍රිය පාවිච්චි කරන්න, පහසුවෙන තේරුම් යයි :rofl:

    එක තේරුම් අරගෙන ගොඩක් කාලයක් වෙනව...අහගෙන ඉන්න ගමන් හරි, නැති හරි, සතිපට්ටනයෙන් තමයි මාර්ගපල වලට එන්නෙ කියල කියල ඇති මම මීට කලින් ඕන තරම්.

    බන අසා පමනක් සෝවාන් වෙන්න පුලුවන් කියල කට්ටියක් එනව..සුත්‍රයක් දෙකක් දැම්මාම වැඩේ දෙල් උනාම, ඒක වෙනස් කරගෙන නැ..බන අහන විට සෝවාන් වීම එකයි, බන අහල පමනක් සොවාන් වීම එකයි කියල කියාගෙන එනව...දැන් අපි කිව්වද ඕක එකයි කියල... :lol::lol:

    අහ් ඇත්ත නේන්නං, දෙයක් මුලින් ලියල තිබ්බ ගමන් ඒක පූර්වාන්ගමයි!
    silly me :lol::lol:

    මුලින් ලියල තිබුන නිසා ගන්න කියල කවුද කිව්වෙ මහත්තය...තියෙන එකේ අර්තය ගන්න කියල කිව්වෙ..මුලින් නෙමේ කොතන තිබුනත්... :no:

    ඔතන දෙවන කොටස දාපු එක කියවල බලන්න...ශ්‍රද්දාව නැතිනම්...

    ඒක ඔබතුමාට අදාළ නැහැ , කබරගොයෙක් වගෙ හුලං පිඹ පිඹ, ගෙම්බෙක් වගෙ බඩ පුම්ම්බමින් හකුලමින් කබරගොයි සහ ගෙඹි සංකාර වැඩීම දැනට කරගෙන යන්නකො. :lol::lol::lol:
    ------ Post added on Feb 22, 2023 at 4:35 AM

    හරි, කලින් වගේම, අරක තියෙනව මේක තියෙනව කිව්වට, ඇහුවාම පෙන්න ගන්න බැ.. අවුලක් නැ. :lol:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මොනව වුනත් මම කියන්න හැදුවේ අසංග තිලකරත්නගේ Ph.D. තීසිස් එකේ ටයිටල් එක තමා Nirvana and ineffability .
    නලියා පිස්ස වුනත් යම් යම් දේවල් ගැන විනිවිද යන මීටරයක් තියෙනවා. නලියා ඒ දවස්වල කියපු එකක් තමයි බුදු හාමුදුරුවෝ නිර්වානය ගැන කිව්වේ "නිර්-ප්‍රවාද" වලින් කියන එක. ඒ කියන්නේ ලෞකික භාෂාවෙන් නිවන විස්තර කොරන්න බැරි බව සහ එහෙම කිරීමෙන් වැරදි වැටහීමකට යා හැකි බව.
    කොහොම උනත් පස්සේ කාලෙක අලව්වේ අනෝමදස්සී හාමුදුරුවෝ, සේක නොවු පුද්ගලයාට නිවන , රහතන් වහන්සේ ගැන තියෙන්නෙම "මඥ්ඥනාවක්" විතරයි කියල කියනනවා මං අහලා තියෙනවා. මේ මගේ සත දෙක මේකට එකතු කලේ නිවන ගැන තවත් කියවීමක් තියෙනවා කියල පෙන්වන්න.

    11jmDxex+RL._AC_UY218_.jpg

    ex muslim ahmed

    🙏

    බුදුන් කියූ විදිහට පිලිවෙලින් දාන, ශීල, භාවනා වඩා නිවන අවබෝධ කරගන්නාතාක් අපිට තියෙන්නෙ විවිධ නිවන්.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    2. වෙනි එක කියෙව්වද? හිතන එක වැඩක් තියෙනවා ද? හිතලා කරන්න පුළුවන් ද?

    imho ඇත්තටම අහුවෙන්නෙ , අරයා වැරදි කියලා නෙමේ. මෙතැන වැරදි කියලා . හිටන් ඉන්න තැන
    ඔබතුමාට පෙනෙන්නෙ නැද්ද 1 හරියට අහු උනොත් 2, 3, සහ 4 irrelevant කියල? ඔබතුමාට 2, 3, සහ 4 ලියන්න වුනේ 1 complete නැති නිසා, නමුත් 2, 3, සහ 4 කියල තියෙන්නෙ #1 කතා කරන broad domain එකෙන් නෙමෙයි, ඒ නිසා ඒකත් incomplete..

    ඔතන දකින්න තියෙන්නෙ මම වත් මගෙ වත් නොවන ක්‍රියාවලියක් පමණක් තුල අවිද්‍යාව හා තෘෂ්ණා ප්‍රත්‍ය (හේතු) වීමෙන් මම සහ මගෙ යන හැගීම විද්‍යමාන වෙන යාන්ත්‍රනය, නැතුව අවසාන එක මුල එකට self reference වෙන කතාවක් නෙමෙයි.

    දරාගෙන ඉන්න මතය තුලින් මම බිහිවෙන්නෙ කොහොමද කියල ඔබතුමා බැලුවද?

    එක තේරුම් අරගෙන ගොඩක් කාලයක් වෙනව...අහගෙන ඉන්න ගමන් හරි, නැති හරි, සතිපට්ටනයෙන් තමයි මාර්ගපල වලට එන්නෙ කියල කියල ඇති මම මීට කලින් ඕන තරම්.

    බන අසා පමනක් සෝවාන් වෙන්න පුලුවන් කියල කට්ටියක් එනව..සුත්‍රයක් දෙකක් දැම්මාම වැඩේ දෙල් උනාම, ඒක වෙනස් කරගෙන නැ..බන අහන විට සෝවාන් වීම එකයි, බන අහල පමනක් සොවාන් වීම එකයි කියල කියාගෙන එනව...දැන් අපි කිව්වද ඕක එකයි කියල... :lol::lol:
    මම හිතුවෙ නැහැ ඔච්චර දන්න ඔබතුමා මෙහෙම වචනයක් අල්ලගෙන දඟලයි කියල...sorry අමතකවුනා, පදයටනේ මුල් තැන,:lol::lol:
    අනික මම කොහෙද කිව්වේ "බණ අහල පමණක් සෝවාන් වෙනව කියල", මම කිව්වේ මෙන්න මේක.View attachment 197970

    මුලින් ලියල තිබුන නිසා ගන්න කියල කවුද කිව්වෙ මහත්තය...තියෙන එකේ අර්තය ගන්න කියල කිව්වෙ..මුලින් නෙමේ කොතන තිබුනත්... :no:

    ඔතන දෙවන කොටස දාපු එක කියවල බලන්න...ශ්‍රද්දාව නැතිනම්...

    ඔව් ඒ ශ්‍රද්ධාව එන්නෙ experement එකෙන්, ඔබතුමා කියන යාළුවා කිව්වහම එන ශ්‍රද්ධාව නෙමෙයි, experement කරන්න මොලේ තියෙන්න ඒපායැ. :rofl: :rofl:

    Edit: කියන්නකො බලන්න මේකෙ හැටියට මොකක්ද පූර්වාංගම කියල
    1677045791645.png

    හරි, කලින් වගේම, අරක තියෙනව මේක තියෙනව කිව්වට, ඇහුවාම පෙන්න ගන්න බැ.. අවුලක් නැ. :lol:
    පෙන්න ගන්න බැ නෙමෙයි පෙන්නල වැඩක් නැහැ. අඩු ගානේ බුදු කෙනෙක් ලෝකෙට පහල වෙන්නෙ හුස්ම ඉහල පහළ ගැනීම උගන්නන්න නෙමෙයි කියල තේරුම් ගිය දවසට කියල දෙන්නම් ;-)
    ------ Post added on Feb 22, 2023 at 11:13 AM
     
    Last edited:
    • Like
    Reactions: nipund

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    🙏

    බුදුන් කියූ විදිහට පිලිවෙලින් දාන, ශීල, භාවනා වඩා
    ඕං ඕක තමා ග්‍රීන්තන්ඩර් මහත්තයෝ මට කොරන්නම බැරි.. හිත එකඟ කොරගන්න එක... මහත්තේලා ඔක්කොටම ඒ නීවීම ලැබෙන්ටයි කියා ප්‍රාර්තනා කොරනව, මල් සෙවන් මහත්තයත් ඇතුලුව..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඕං ඕක තමා ග්‍රීන්තන්ඩර් මහත්තයෝ මට කොරන්නම බැරි.. හිත එකඟ කොරගන්න එක... මහත්තේලා ඔක්කොටම ඒ නීවීම ලැබෙන්ටයි කියා ප්‍රාර්තනා කොරනව, මල් සෙවන් මහත්තයත් ඇතුලුව..

    ඔබතුමාටත් එසේම වේවා කියල ප්‍රර්ථනා කරනව...🙏🙏
    හිත එකඟ කිරීමට වඩා හිත නිදහස් කරන්න බලන්න මහත්තය.. (my 2cts :-))
    ඔබතුමාට තෙරුවන් සරණයි!
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    මේ ලින්ක් එකට සහ පැහැදිලි කිරීමට නැවත වාරයක් ස්තූතියි. ඇත්තටම මම දැනගෙන හිටියෙ නැහැ කටුකුරුන්දේ ඤාණනන්ද හාමුදුරුවො මේ කරපු විවරණ ගැන බෞද්ධයන් වැඩිදෙනෙක් දන්නවා කියලා. විද්වතුන් අතර ශ්‍රාස්ත්‍රීය මට්ටමෙන් මේවා කතාබහ වුනත් 2009දි "එලකිරියෙදි" මේවා කතාබහ වුනා කියලා දැනං හිටියෙ නැහැ. 2500 බුද්ධ ජයන්තියත් සමග ඇතිවුන ප්‍රබෝධයේ අග්‍රඵලයක් තමා දෙස් විදෙස් යෝගාවචර බෞද්ධයන් ශූන්‍යතාපටිසංයුක්ත දේශනා වලට යොමුවීම.

    Edited - word
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,089
    93
    @MalSeven උඩ අදහස් කරෙ තේරෙන කොට ඔක්කොම තේරෙනවා කියන එකද? චතුර්‍යාය සත්‍ය වගෙ. ඒත් බුදුන්වහන්සේත් ඔක්කොම කියනවනෙ ඒවගෙ .

    මෙහෙම කරාම මෙහෙම / causal knowledge
    මෙහෙම කරන්න ,මෙහෙම කරානම් හරි.
    අපි "දැනුම" තියෙන කෙනෙක් කියලා කියන්නේ මෙහෙම කරාම මෙහෙම වෙනවා කියන බවට .
    ගොඩක් දැනුම ඔය model එකට ගන්න පුළුවන් (IMHO).

    ඔය model එකම challenge වෙන තැනක් හමුවෙන්නෙ ඕන 😊.

    @greenthunder @ek_rosh @MalSeven
    නිකමට ප්‍රශ්නයක් අහන්න ද?
    ඇයි ඔයා මගෙ ප්‍රශ්නයට උත්තරයක් දෙන්නෙ?