අපෝ එපා greenthunder මහත්තය එක එක ගුරු කුල හෝ පුද්ගලයන් follow කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ, මේවා තුල මම ඕනෑවටත් වඩා කාලයක් ගතකරලා තියෙනවා. මම තේරුම් ගත්ත දෙයක් තමයි මේවාට අනුගතවී කලක් යෑමෙන් ත්‍රිපිටක ධර්මය පැත්තක තියෙද්දී වෙන වෙන tangents වල තමුන් නොදැනුවත්වම ගමන්කරන්න වෙන එක. ඊට පස්සෙ හිතෙනව ඒ දේවල් හරිම profound කියල. මේ reply එකත් එකට හොඳ උදාහරණයක්.මම කියන කාරණය මල් හතට තේරුම් ගන්න අපහසුයි. ඒක එහෙම විය යුතුයි. නිපුන් කලක සිට මීතිරිගල නිස්සරණවාසී ධම්මජීව ස්වාමීන්වහන්සේගේ බණ (එතන පදනම් පදනම මහාසී සයාඩෝ,මාතර ශ්‍රී ඥානාරාම, රේරුකාණේ චන්දවිමල, කටුකුරුන්දේ ඥාණානන්ද, බුරුම පණ්ඩිත සයාඩෝ වගේ දෙස් විදෙස් ගෞරවාදරයට පාත්‍ර වෙච්ච භික්ෂූන්) අහන බව කියලා තියනවා. මම කතා කරන්නෙ ඒ කන්ටෙක්ස්ට් එකෙන්. ඔයාට ජාති දෙකක් පේන්නෙ ඒකයි.
මල්හතට ඔය ඉගෙනගෙන තියන ගොඩක් ඒවා අන්ලර්න් කරන්න වෙයි මේ කියන ඒවා තේරුම් ගන්න. මට ඒ ගැන අපේක්ෂාවක් හෝ විශ්වාසයක් නැහැ.
අනික මහත්තය මම මෙතන දාන ඒවා ගනන්ගන්න එපා ඒ මගෙ අදහස් විතරයි ඔබතුමන්ල ඔබතුමන්ලගෙ conversation එක කරගෙන යන්න. මේ ඔබතුමන්ලට පහත් කොට සලකන්නවත් නොයෙකුත් ස්වාමින් වහන්සේලාට නිගරු කරන්නවත් කරන දෙයක් නෙමෙයි. මේවා කියවන අයට තව පැත්තක් තියෙනව කියල පෙන්නන්න කරන අහිංසක ප්‍රයත්නයක් විතරයි...
@ewijesekara මහත්තය ඔබතුමා සීල සුත්‍රයේ link එක ඇහුව නේද?
සීල සුත්‍රය
අමතර කියවීම්
තවත් පැහැදිලි කිරීම් >>>
මේ ඇතිද?
------ Post added on Feb 22, 2023 at 8:16 AM
Last edited:
mama kiyana eka denagatttata ataarenne nane.mae tama inne elakiri eke

