නිවාඩු කාලය

obama2

Member
Apr 18, 2012
424
30
0
නිවාඩු කාලය

Posted on 14 July 2012.
Rating: 7.0/7 (1 vote cast)


මේ එළඔ තිබෙන්නේ පාසල් නිවාඩු කාලයයි. මේ නිවාඩු කාලයේ පූර්ණ වශයෙන්ම නිදහසේ විනෝදයෙන් මුසපත් වන්නට රටේ දරුවන්නට අවස්ථාවක් හිමිව තිබේ. පාසල් නිවාඩු කාලය මෙන්ම මේ රටේ දේශපාලනය සමබන්ෂයෙන් ද නිවාඩු කාලයක් ඇරඔී තිබේ. ඉතිහාසය අත් හිටුවා දේශපාලනයට මුලු මනින්ම නිවාඩු දී තබෙන මේ යුගය අපට හදුන් වන්නට සිදු වන්නේ මහින්ද චින්තනය වශයෙනි. මේ මහින්ද චින්තනය යුගය යනු දේශපාලනයට නිවාඩු දී ඇති යුගයක් වන බැවින් දැන් රටේ ජනතාවට සිය නිවාඩු කාලය උපරිම විනෝදයෙන් ගත කරන්නට අවශ්‍ය පරිසරය මහින්ද චින්තනය විසින්ම සකස් කර දී අවසන්ය.

අපි මේ යුගය මහින්ද චින්තනයේ යටතේ ඉතිහාසය අත් හිටුවා දේශපාලනයට නිවාඩු දුන් යුගයක් වශයෙන් හදුන්වන්නේ ඇයි? අපට අසන්නට දකින්නට ලැබෙන්නේ දෛනිකව මෙවන් කතාය. ස්ත්‍රීන් සියයක් පමණ දූෂණය කිරීමේ සතුට සමරන්නට තවත් දැරියක් දූෂණය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ය. මෙවන් දෑ කරණු ලබන අය හැසිරෙන්නේ හරියටම පාසල් නිවාඩු කාලයට ළමුන් හැසිරෙන් ආකාරයටයි. කන්නට,බොන්නට වෙිලාවක් කලාවක් නැත. කරන්නට වැඩක් නැත. දෙමාපියන්නට හොරනේ ඇලේ දොලේ පැන නෑම, අනුන්ගේ වතු වලට පැන හොරෙන් කෑම වැනි විනෝද වන්නට පුලුවන් හැම දෙයක්ම කරණ ළමුන් අමතක කරන්නේ යළි පාසල් වාරය ආරම්භ වන බවත් ඉන් පසුව විභාගයට මුහුණ දෙන්නට තමන්ට සිදු වන බවත්ය. නිවාඩු කාලයේ බොහෝ ළමුන් හැසිරෙන්නේ යළි පාසල් යන්නට සහ විභාග ලියන්නට ඇති බව අමතක කරමිනි. මේ නිසා නිවාඩු කාලයේ උපරිමයෙන් විනෝද වනවා හැර වෙනත් කරන්නට යමක් මේ අයට නැත. ඉතිහාසයට නිවාඩු දී ඇති මහින්ද චින්තනය සහිත අපේ රටේ බොහෝ අය හැසිරෙන්නේත් නිවාඩු කාලයේ ළමුන් හැසිරෙන ආකාරයටමය.


නමුත් අනාගතයේ දී අපට දේශපාලනිකව විභාගයකට මුහුණ දීමට සිදුවීම අනාවාර්ය දෙයක් වෙනවා. සමහරක් විට මේ විභාගය තිබෙන ආකාරය සහ දින වකවානු තීර්ණය කරණු ලබන්නට ඉඩ ඇත්තේ ජාත්‍යන්තරය විසිනි. එවිට නිවාඩු කාලයේ විනොදයෙන් සිටි අපට විභාගයට මුහුණ දෙන්නට වූ විට තරු පෙන්නට පටන් ගන්නා බව නම් පැහැදිලිය. එවිට මේ කාලයේ විනෝදයෙන් සිටින පිස්සන්ට සිදු වූයේ කුමක් දැයි සිතා ගත නොහැකිව මුඛපූට්ටු වනු ඇත.


ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන අප ධනවාදය අපේ ජීවන භාවිතාව බවට පත්කර ගෙන සිටින අතර අප ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින්නේ ‛‛ නීති එපා බඩු එවන්න’’ කියායි. ඒ අනුව මේ වන විටත් විනෝදයෙන් සිටින ලාංකිකයාට අවශ්‍ය වන්නේ තව තවත් පරිභොජන භාණ්ඩය. ටොයෝටා කොරොල්ලා කාර්, ෆුඩි සිටි එකෙන් කරත්තයක් පිරෙන්නට බඩු, කීල්ස් සුපර් එකෙන් කාලා ඉවර කරන්නට බැරි තරම් මස්, හමීඩියා එකෙන් ඇඳුම් සහ ඔඩෙල් එකෙන් සුවද විලවුන් තරු පහේ හොටල් වල සිට හන්දියේ බාර් එක දක්වා තමන්නට බොන්නට බැරි තරම් අරක්කු රුසියානු ගණිකාවන්ගේ සිට චීන ගණිකාවන් දක්වා ගැහැණුන්, අයිෆෝන්,අයි ෆෑඩ් නැතිනම් සැමුසුන් ග්ලැක්සි ෆෝන්, ග්ලැක්ස් ටැබ් ඇතුලුව පුලුවන් තරම් පාරිභෝගික භාණ්ඩ ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින ජනතාව සිය නිවාඩු කාලයේ පුලුවන් තරම් විනෝදයෙන් සිට විභාගය ආරම්භ වූ පසු ජාත්‍යන්තරයෙන් අපෙන් අසන ප්‍රශ්ණ වලට පිළිතුරු ලියන්නට වූ විට පවසන්නේ ‛‛ අපි ස්වාධීන ජාතියක් අපේ වැඩ වලට ජාත්‍යන්තරය මැදිහත් වෙන්න අවහ්‍ය නෑ. ඒ නිසා අපිට තව තවත් බඩු එවන්න. නීති එපා බඩු විතරමයි අපිට අවශ්‍ය වෙන්නේ’’ මේ ආකාරයෙන් සිතන ජනතාවක් සිටින අප වැනි රටක තවදුරටත් මහින්ද චින්තනයෙන් විනෝද වන්නට අපට පුලුවන.

මෙය අවබෝධ කර ගන්නට ශ්‍රී ලංකා පෙරටුගාම් පක්ෂය විසින් නිකුත් කළ‛අරගලය’ කෘතියේ කොටසක් උපුටා දක්වන්නට කැමැත්තෙමු. ලාංකීයයා තමන්ගේ විනෝදය වෙකෙකු විසින් සොරා ගන්නා ලදැයි කල්පනා කරන අතර ඔහු බොහෝ විට උත්සහා කරන්නේ තම නැතිවූ විනෝදය යළි ලබා ගන්නේ කෙසේද යන්න හා එමගින් යළිත් නැති වූ විනෝදය ලබා ගන්නේ කෙසේද යන්නයි.

‛‛ මගේ මවගේ පරම අවධානය සහ ආදරය මගේ සීයාට, ආච්චිට, මගේ තාත්තාට, මගේ අනෙක් සහොදර සහෝදරියන්ට, නොදුන්නා නම් එය මා වෙත එල්ල වන්නට තිබුනා. ඇත්තටම ඔවුන් ඉපදී නොතිබුනා නම් කොච්චර හොඳ ලෝකයක් මට උදාවීමට නියමිත ද? තෝසේ කඩයක වේටර් වරයෙකු ලෙස මට ලැබුන රස්සාව එහි හිමිකරුවා සහ අරක්කැමියා නොමැති නම් මට කොයිතරම් හොඳට කරන්නට තිබුනා ද? ඊට අමතරව තෝසේ කඩයට එන කාලකන්නි පාරිභෝගිකයන් මාව කොයි තරම් නම් කිච කරනවා ද? මේ අය නැති නම් මගේ වෘත්තීය ජීවිතය කෙතරම් සාමයෙන් පිරි එකක් වීමට නියමිත ද? මේ සියළු දෙනා උත්සහා කරන්නේ මගේ ජීවිතයේ දවසේ විනෝදය හොරකම් කරන්නයි. ඒවා කොහද මගෙත් එක්ක. මමත් දෙනවා ඔවුන්ට. මම හොරෙන් කෑම බඳුන් බිදිනවා. එතකොට අරක්කැමියාට අයිතිකාරයා බනියි. අනික මට පුළුවන් පිළියෙළ කරණ කෑම වලට ඒවා පිළිගන්වන්න ඉස්සර වෙලා කාරලා කෙළ ගහන්න. එතකොට උන් තෝසේ එක්ක මගේ කෙලත් කනවා. මට පුලුවන් එතකොට ඒ ක්‍රියාවෙන් විනෝද වෙන්න. මාව පාලනය කරන අරක්කැමියයි, අයිතාකාරයයි, අන්තිම අවිනීත පාරිභෝගිකයෝ කිහිපදෙනයි නැති වුණා නම් මට ඉතාම අවංකව, විනීතව, ප්‍රජාතාන්ත්‍රීකව රාජකාරිය කරන්න තිබුනා. මූලික වශයෙන් මාව ආධිපත්‍යයන්ට ගැට ගැසී ඇති නිසා මට සම්පූර්ණ විනෝදයක් ලැබිය නොහැකි වුවත් තැන් තැන් වලදී පොඩ් පොඩ් විනෝදයක් ලැබීමේ ෆැන්ටසිකරණයන් මට විවෘත වී තිබෙනවා.’’
පසු ධනාදය තුල බහුවිධ ආධිපත්‍යයන් සහ බහුවිධ අරගල පැන නැගී ඇත්තේ මේ සන්දර්භය නිසාය. ඒවා බොහොමයක් ක්‍රම විරෝධියි. රැඩිකල්, යුක්ති සහගත ලෙස පෙනී යන මුත් පවතින ක්‍රමයට යටින් එල්ලී ඇති විනෝදයන් පමණි. ඒවායේ ආකෘතිය වවුල් ආකෘතියකි. ව්‍යාජ සම්මුති අනෙකුන් සහ ඔවුන් විසින් පොරොන්දු වන අසීමිත නිදහස සහ විමුක්තිය යට ඇත්තේ අර්ථයක් නොව කාමුක අතිරික්ත සත්‍යයකි. එහි පණිවිඩය මෙසේය. ආධිපත්‍යයන් අනවරතව සොය සොයා ඒවා උල්ලංඝණය කරන්න එමගින් විනෝද වන්න.’’
මහින්ද චින්තනය ඔස්සේ ලාංකීය සමාජය විනෝදය දෙසට තල්ලු කරණු ලබන්නේ ඉහත ආකාරයට නොවන්නේ ද? ඉතිහාසයට නිවාඩු දී ඇති මෙවන් යුගයක බහුතර ලාංකියන් කල්පනා කරන්නේ තොසේ කඩේ කොලුවා සිතන ආකාරයට නොවන්නේ ද? අප විසින් විදි විනෝදය මේ වන විටත් සොරා ගෙන තිබෙන්නේ ජාත්‍යන්තරය නම් රකුසා විසිනි. ඒ නිසා උපරිම වශයෙන් පරිභෝජන භාණ්ඩ අර්චනකාමයට යට වන අතරම බොරු දේශප්‍රේමයක් හා අධ්රාජ්‍ය විරෝධයක් මවා පෙන්වා උපරිම වශයෙන් විනෝද වන්නට ලාංකිකයාට අවශ්‍යව ඇත. නමුත් තමන් ගත කරන මේ නිවාඩු සමය අහවර වූ පසු විභාගයට මුහුණ දෙන්නට සිදු වූ විට තමන් විදි විනෝදයේ තරම ලාංකිකයාට අභිමුඛ වනු ඇත.

මේ සටහන නිමා කරන්නට ඔබ අප කවුරුත් දන්නා ගැමි ජනශ්‍රුතියේ එන විහිළු කතාවකින් මේ සටහන නිමා කරන්නට අදහස් කළෙමු. ‛‛ අපායට ගිය එක්තරා පුද්ගලයෙකුට තමන් කැමති දඬුවමක් තොරා ගන්නට යම රජතුමා අවසර දුන්නේලු. ඒ අනුව පළමුව කටු ඉඔුල අසලට ගිය එකී පුද්ගලයා ලේ පෙරමින් කටු ඉඔුලේ නගින උදවිය දැක ඒ දඬුවම නම් එපා යැයි කීවේලු. මේ ආකාරයෙන් කියතෙන් දෙකට ඉරීම, ලෝදිය කටට වත්කරිීම , බල්ලන්ට කියා සපා කෑම වැනි සියළු දඩුවම් දැක බියට පත්ව අවසන් ස්ථානයට පැමිණ ඒ දඩුවම දැක මහත් සේ සතුටට පත් වූයේලු. අසූචි වලක බැස ඉණ දක්වා අසූච් තවරා ගත් පුද්ගයෙකු විනෝදයෙන් බීඩියක් උරමින් ඉන්නවා දැක ඔහු ක්ෂණිකයෙන් තමන්ටත් එම දඩුවම ලබා දෙන්න යැයි කීවේලු. ඒ අනුව ඔහුටත් එකී දඬුවම ලැබුනේලු. එය ලැබීමේ සතුටින් ටික වෙිලාවක් ඉන්න විට ‛දැන් විවෙිකය ඉවරයි ඔලුවෙන් යළිත් සිට ගන්න යැයි යම පල්ලෙකු අණ කළ විට මේ පුද්ගලයාට තරු පෙනුනේලු.


ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,