නිවාඩු දවස නිදහසේ ගතකරන්න අවිස්සාවේල්ලේ
පහුගිය දවසේ එලකිරි.කොම් ආවම දැක්කා Thread එකක කොළඹ අවට නිදහස් තැනක් ගැන අහල තියෙනවා. අවිස්සාවේල්ල Botanical Garden ගැන දැනගත්තේ ඒ Thread එකෙන්. ඒත් ගිය කෙනෙක් හිටියේ නැති නිසා හරියටම විස්තරයක් දැනගන්න පුළුවන් වුනේ නෑ. කොහොමද බලන්නත් එක්ක ගියා සති අන්තයේ අවිස්සාවේල්ල තෙත් බිම් උද්භිත උද්‍යානය/ සීතාවක උද්භිත උද්‍යානය බලන්න.
මේ Place එක ගැන කිව්ව හැමෝටම ගොඩාක් ස්තූතියි...
ආරම්භය
2008 වර්ෂයේදී ප්‍රථම අභිනව තෙත් කලාපීය උද්භිත උද්‍යානය ලෙස සීතාවක උද්භිත උද්‍යානය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ ආරම්භ කරන ලදී. මෙහි මුළු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 43 (අක්කර 106) ක් පමණ වේ.
මූලික පරමාර්ථය
උද්‍යානය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වුයේ අභියෝගයට ලක්ව ඇති පහත රට තෙත් කලාපීය වනාන්තර වල ඇති වෘක්ෂලතාදිය අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීමට සුරුකුම් (විතැන් ශාක සංරක්ෂණ) මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමයි. මීට අමතරව මෙම උද්‍යානය පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙසද, මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වන හා තෙත් කලාපීය භූදර්ශන වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙසද වැදගත් වනු ඇත. දිගුකාලීනව වැඩි ප්‍රසිද්ධියක් නැති හා ඌන උපයෝජිත ශාඛ වර්ග දැක බලාගැනීමටත්, ඖෂධීය ශාඛ කර්මාන්තයේ වර්ධනය සදහාත්, තෙත් කලාප තුල, උද්භිත විද්‍යාව හා මල් වගාව පිළිබද අධ්‍යාපන හා පුහුණුව ලබා දීම සඳහාත් මධ්‍යස්ථානයක් ලෙස මෙය මහජනතාවට සේවා සපයනු ඇත.
පිහිටීම හා ලඟාවීම
බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ පිහිටා ඇති සීතාවක උද්භිත උද්‍යානයට ප්‍රවේශ මාර්ග දෙකකි. කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ අවිස්සාවේල්ල දෙසට 46 KM ගියවිට හමුවන පුවක්පිටිය දුම්රිය ස්ථානය අසලින් තුන්මෝදර මංසන්ධියෙන් හැරී 6 KM ගියවිට සීතාවක උද්භිත උද්‍යානයට ලඟාවිය හැකිවේ. තුන්මෝදර මංසන්ධියේ සිට බසයෙන් හෝ ත්‍රීරෝද රථයෙන් වුවද ගමන්කීරීමේ හැකියාව තිබේ. බසයෙන් ගමන්ගන්නා විට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) මගින් ලඟාවිය හැක. නැතහොත්, පාදුක්ක නගරයට පැමිණ, පාදුක්ක නගරයේ සිට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) ඔස්සේ 17 KM ගොස් බසයෙන් මෙම ස්ථානයට ලඟාවිය හැක. සෑම විනාඩි 30 වරක් බසයක් මාර්ගයේ ධාවනය වේ. අවිස්සාවේල්ල - පාදුක්ක මාර්ගය අතරතුර ඇති නාන තොටුපළ කිහිපයක්ද මෙම ගමනේ හමුවේ.
උද්‍යානයේ බිම් සැකසුම
උද්‍යානය තුල භූමිය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා වෙන්කර ඇත. එනම්, තේ වගාව, මීවන උයන, රුක් උයන්, තර්ජිත ශාක එකතුව, තාල ශාක එකතුව, මුදුන් උයන/ රෝස උයන, මධ්‍යම තෘණ පිටිය සහ වැව 1,2 හා 3 ආදී ලෙසයි. මින් වැව 01 හංස බෝට්ටු සඳහා වෙන්කර ඇති අතර මධ්‍යම තෘණ පිටිය හා ඒ අවට ප්‍රදේශය මංගල ඡායාරූපකරණයට වෙන්කර ගැනීමේ හැකියාවද ඇත. හංස බෝට්ටු සදහා ප්‍රවේශපත් ඇතුල්වන විටම ගතයුතු අතර මංගල ඡායාරූපකරණය සදහා කලින් දින වෙන්කර ගැනීමට හැකියාව ඇත.
උද්‍යානය දිනපතා උදෑසන 7.30 සිට සවස 6 දක්වා විවෘතව ඇති අතර ප්‍රවේශ පත්‍ර සවස 5 වනතෙක් නිකුත් කරයි.
මිල ගණන්

සීතාවක උද්භිත උද්‍යානය
අවිස්සාවේල්ල තෙත් බිම් උද්භිත උද්‍යානය
Seetawaka Botanical Garden
Seethawaka Wet Zone Botanic Gardens

ඇතුල්වීමට - දේශීය
වැඩිහිටි - රුපියල් 50
වැඩිහිටි (අවුරුදු 60 වැඩි) - රුපියල් 10
ළමයින් - රුපියල් 10
ඇතුල්වීමට - විදේශීය
වැඩිහිටි - රුපියල් 1100
ළමයින් - රුපියල් 550
පාසැල් ළමුන් හා විශ්ව විද්‍යාල සිසුන් - රුපියල් 825
බැටරි කාර් - පැයක් සඳහා
ආසන 03 - රුපියල් 500
ආසන 07 - රුපියල් 1000
බෝට්ටු පැදීමට
දෙදෙනෙකු සඳහා - රුපියල් 200

සීතාවක උද්භිත උද්‍යානය 

අවිස්සාවේල්ල තෙත් බිම් උද්භිත උද්‍යානය
Seetawaka Botanical Garden
Seethawaka Wet Zone Botanic Garden

ela machan