නිවාඩු දවස නිදහසේ ගතකරන්න අවිස්සාවේල්ලේ

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    නිවාඩු දවස නිදහසේ ගතකරන්න අවිස්සාවේල්ලේ

    පහුගිය දවසේ එලකිරි.කොම් ආවම දැක්කා Thread එකක කොළඹ අවට නිදහස් තැනක් ගැන අහල තියෙනවා. අවිස්සාවේල්ල Botanical Garden ගැන දැනගත්තේ ඒ Thread එකෙන්. ඒත් ගිය කෙනෙක් හිටියේ නැති නිසා හරියටම විස්තරයක් දැනගන්න පුළුවන් වුනේ නෑ. කොහොමද බලන්නත් එක්ක ගියා සති අන්තයේ අවිස්සාවේල්ල තෙත් බිම් උද්භිත උද්‍යානය/ සීතාවක උද්භිත උද්‍යානය බලන්න.
    මේ Place එක ගැන කිව්ව හැමෝටම ගොඩාක් ස්තූතියි...



    සීතාවක උද්භිත උද්‍යානය
    අවිස්සාවේල්ල තෙත් බිම් උද්භිත උද්‍යානය
    Seetawaka Botanical Garden
    Seethawaka Wet Zone Botanic Gardens


    P1280616.jpg

    ආරම්භය
    2008 වර්ෂයේදී ප්‍රථම අභිනව තෙත් කලාපීය උද්භිත උද්‍යානය ලෙස සීතාවක උද්භිත උද්‍යානය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ ආරම්භ කරන ලදී. මෙහි මුළු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 43 (අක්කර 106) ක් පමණ වේ.

    මූලික පරමාර්ථය
    උද්‍යානය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වුයේ අභියෝගයට ලක්ව ඇති පහත රට තෙත් කලාපීය වනාන්තර වල ඇති වෘක්ෂලතාදිය අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීමට සුරුකුම් (විතැන් ශාක සංරක්ෂණ) මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමයි. මීට අමතරව මෙම උද්‍යානය පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙසද, මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වන හා තෙත් කලාපීය භූදර්ශන වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙසද වැදගත් වනු ඇත. දිගුකාලීනව වැඩි ප්‍රසිද්ධියක් නැති හා ඌන උපයෝජිත ශාඛ වර්ග දැක බලාගැනීමටත්, ඖෂධීය ශාඛ කර්මාන්තයේ වර්ධනය සදහාත්, තෙත් කලාප තුල, උද්භිත විද්‍යාව හා මල් වගාව පිළිබද අධ්‍යාපන හා පුහුණුව ලබා දීම සඳහාත් මධ්‍යස්ථානයක් ලෙස මෙය මහජනතාවට සේවා සපයනු ඇත.

    පිහිටීම හා ලඟාවීම
    බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ පිහිටා ඇති සීතාවක උද්භිත උද්‍යානයට ප්‍රවේශ මාර්ග දෙකකි. කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ අවිස්සාවේල්ල දෙසට 46 KM ගියවිට හමුවන පුවක්පිටිය දුම්රිය ස්ථානය අසලින් තුන්මෝදර මංසන්ධියෙන් හැරී 6 KM ගියවිට සීතාවක උද්භිත උද්‍යානයට ලඟාවිය හැකිවේ. තුන්මෝදර මංසන්ධියේ සිට බසයෙන් හෝ ත්‍රීරෝද රථයෙන් වුවද ගමන්කීරීමේ හැකියාව තිබේ. බසයෙන් ගමන්ගන්නා විට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) මගින් ලඟාවිය හැක. නැතහොත්, පාදුක්ක නගරයට පැමිණ, පාදුක්ක නගරයේ සිට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) ඔස්සේ 17 KM ගොස් බසයෙන් මෙම ස්ථානයට ලඟාවිය හැක. සෑම විනාඩි 30 වරක් බසයක් මාර්ගයේ ධාවනය වේ. අවිස්සාවේල්ල - පාදුක්ක මාර්ගය අතරතුර ඇති නාන තොටුපළ කිහිපයක්ද මෙම ගමනේ හමුවේ.

    උද්‍යානයේ බිම් සැකසුම
    උද්‍යානය තුල භූමිය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා වෙන්කර ඇත. එනම්, තේ වගාව, මීවන උයන, රුක් උයන්, තර්ජිත ශාක එකතුව, තාල ශාක එකතුව, මුදුන් උයන/ රෝස උයන, මධ්‍යම තෘණ පිටිය සහ වැව 1,2 හා 3 ආදී ලෙසයි. මින් වැව 01 හංස බෝට්ටු සඳහා වෙන්කර ඇති අතර මධ්‍යම තෘණ පිටිය හා ඒ අවට ප්‍රදේශය මංගල ඡායාරූපකරණයට වෙන්කර ගැනීමේ හැකියාවද ඇත. හංස බෝට්ටු සදහා ප්‍රවේශපත් ඇතුල්වන විටම ගතයුතු අතර මංගල ඡායාරූපකරණය සදහා කලින් දින වෙන්කර ගැනීමට හැකියාව ඇත.

    උද්‍යානය දිනපතා උදෑසන 7.30 සිට සවස 6 දක්වා විවෘතව ඇති අතර ප්‍රවේශ පත්‍ර සවස 5 වනතෙක් නිකුත් කරයි.


    මිල ගණන්
    ඇතුල්වීමට - දේශීය
    වැඩිහිටි - රුපියල් 50
    වැඩිහිටි (අවුරුදු 60 වැඩි) - රුපියල් 10
    ළමයින් - රුපියල් 10
    ඇතුල්වීමට - විදේශීය
    වැඩිහිටි - රුපියල් 1100
    ළමයින් - රුපියල් 550
    පාසැල් ළමුන් හා විශ්ව විද්‍යාල සිසුන් - රුපියල් 825
    බැටරි කාර් - පැයක් සඳහා
    ආසන 03 - රුපියල් 500
    ආසන 07 - රුපියල් 1000
    බෝට්ටු පැදීමට
    දෙදෙනෙකු සඳහා - රුපියල් 200



    P1280769.jpg


    P1280604.jpg


    P1280606.jpg


    P1280628.jpg


    P1280654.jpg


    P1280696.jpg


    P1280710.jpg


    P1280738.jpg



    :yes::yes::yes: සීතාවක උද්භිත උද්‍යානය :yes::yes::yes:
    අවිස්සාවේල්ල තෙත් බිම් උද්භිත උද්‍යානය
    Seetawaka Botanical Garden
    Seethawaka Wet Zone Botanic Garden
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එල... බැටරි කාර් එකෙ පැයෙන් වටේ ගැහුවහැකිද? අපිට ඩ්‍රයිව් කරන්න පුලුවන්ද?
     

    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    එල... බැටරි කාර් එකෙ පැයෙන් වටේ ගැහුවහැකිද? අපිට ඩ්‍රයිව් කරන්න පුලුවන්ද?

    බැටරි කාර් එකේ යන එක නම් අපරාදේ. පැයෙන් දුව දුව වගේ බලන්න පුළුවන්. පයින් යන එක තමයි හොදම. වාඩි වෙන්න පොඩි පොඩි තැන් තියෙනවා :yes::yes::yes:

    අපිට ඩ්‍රයිව් කරන්න දෙන්නේ නෑ. කොහොමත් අපේ රටේ මොනම Garden එකකවත් එහෙම යන්න දෙන්නේ නෑ නේ :confused::no:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    බැටරි කාර් එකේ යන එක නම් අපරාදේ. පැයෙන් දුව දුව වගේ බලන්න පුළුවන්. පයින් යන එක තමයි හොදම. වාඩි වෙන්න පොඩි පොඩි තැන් තියෙනවා :yes::yes::yes:

    අපිට ඩ්‍රයිව් කරන්න දෙන්නේ නෑ. කොහොමත් අපේ රටේ මොනම Garden එකකවත් එහෙම යන්න දෙන්නේ නෑ නේ :confused::no:
    4



    එල ඇතුලේ කෑම බීම එහෙම ගන්න තැන් තියෙනවද? එලියෙන් ගෙනියන්න පුලුවන්ද?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පට්ට මචං...
    ගොඩක් ස්තුතියි දැනුවත් කරාට..
    තව විස්තර ටිකක් සහ ෆොටෝ තියෙනම් දාපන්...
    පට්ට ලස්සනයි වගේ...
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නියමයි මචන්... තව ෆොටෝ ටිකකුත් දැම්මනම් තවත් හොදයි.
    රෙප් දෙන්න බෑලු.
     

    ndp.mymail

    Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    4



    එල ඇතුලේ කෑම බීම එහෙම ගන්න තැන් තියෙනවද? එලියෙන් ගෙනියන්න පුලුවන්ද?

    ඇතුලේ කැන්ටිමක් හදල තියනවා හැබැයි අපි යන කොට නම් ඒක open කරල නෑ. පිටිං ගෙනියන එක හොදයි.

    පිටින් ආහාර ද්‍රව්‍ය රැගෙන යාමේදී පරිසර හිතකාමීව සිතන්න.
     

    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    පට්ට මචං...
    ගොඩක් ස්තුතියි දැනුවත් කරාට..
    තව විස්තර ටිකක් සහ ෆොටෝ තියෙනම් දාපන්...
    පට්ට ලස්සනයි වගේ...

    Ela. Thawa thiyenawa. Ewath dennam