නිවැරදිව පිනක් කරගන්න විදිය with Iraj

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    නිවැරදිව පිනක් කරගන්න විදිය with Iraj

    මට මේ thread එක දාන්ඩ කියල හිතුනේ ඉරාජ් ගේ මෙන්න මේ video එක දැක්කහම.



    ඉස්සරලම කියන්ඩ ඕන මේ වැඩෙන් ඉරජ්ට සහ උදව් කරපු අයට අනිවාර්යෙන් ලොකු පිනක් සිද්ධ වෙනවා. එකේ දෙකක් නෑ.

    එත් පින කියන එක සිද්ධ වෙන විදිය ටිකක් වෙනස්. එක ටිකක් සිය්යුම්. සමහර වෙලාවට ලොකු පින්කම් කරලා පොඩි විපාක ලබපු අය ඉන්නවා. පොඩි පින්කම් කරලා ලොකු විපාක ලබපු අය ඉන්නවා. එක මලක් පුජා කරලා ලොකු විපාකයක් කරගත්තු ඉන්නවා. රුපියල් දාහක් දිඉල ගණන් පින රුපියල් දහය්යක් දිඉල ගණන පිනට හැම වෙලාවේම අඩු වෙන්නේ නෑ. එහෙම වෙන්නේ කොහොමද?

    චේතනාහන් භික්කවේ කම්මං වදාමි.
    චේතනාව තමයි කරමය්ය වෙන්නේ.

    අපි පිනක් කරන්ඩ හිතන මොහොතේ ඉදල කරලා ඉවර වෙලා අමතක වෙනකම් එකෙන් කුසල් / අකුසල් රැස් වෙනවා. මතක තියා ගන්ඩ කුසල් සහ අකුසල් දෙකම. මොකද රහත් නොවිච්චි කෙනෙකුට අකුසල් රැස් නොවී ඉන්ඩ බෑ. එයා මොනවට හරි ආස කරන ද්වේශ කරන හැම මොහොතේම කුසල් රැස් වෙනවා.

    කොහමද මේ කුසල් අකුසල් රැස් වෙන්නේ?
    අපේ හිතේ ච්ත්ත වීති යයනව හිත භාවන්ගයේ නැති හැම වෙලාවේම. මේ විතියකින් කුසල් අකුසල් රැස් වෙනවා. මේ වීති වල ජවන් සිත් තියෙනවා. මේ ජවන් සිත් වලින් තමා කුසල් අකුසල් වල ශක්තිය රැස් වෙන්නේ. ඉතින් මේ ජවන් සිතේ කුසල් අකුසල් වල ප්‍රභල බව තීරණය වෙන්නේ අපි ආරමනය අදුන ගත්ත විදිය අනුව. ඒ කියන්නේ අපි ප්‍රභල ලෙස මම මේ සත්තු නිදහස් කරලා ජිවිත දනය දෙනවා කියලා හිතල කරොත් පොඩි දෙකින් උනත් ප්‍රභල කුසල් ශක්තියක් රැස් වෙනවා. එහෙම නැතුව වෙන චේතනාවකින් කරොත් වැඩිපුර යන්නේ ඒ චේතනාවට අදාළ චිත්ත වීති නිසා රැස් වෙන්නේ වැඩි හරියක් අකුසල්.

    දැන් අපි ඉරාජ් ගේ video එක ආදරයෙන් පැහැදිලි කරගමු මේ සිද්ධාන්තය

    ඉස්සරලා බලන්ඩ මෙන්න මේ ටික:

    https://youtu.be/yI4DMSqlzMw?t=146
    මේ හරියේදී පෙන්නේ මෙයා තනිකර posh වීමේ අරමුණින් මේ video එක කරපු පාටක්. කිසිම හැගීමක් නෑ. ඉනට අත දෙක ගහගෙන posh talk ටිකක් දෙන්නේ. සත්තුන්ගේ වේදනාව ගැනවත් කිසිම හැගීමක් ඇති පාටක් පෙන්නේ නෑ.

    https://youtu.be/yI4DMSqlzMw?t=177
    මේ ටිකෙන් පෙන්නේ මෙයා මේ video එක කරේ පහුගිය කාලේ මෙයා බුද්ධාගමට විරුද්ධව කියපුව මැකිලා යන්ඩ කියල. "සමහර අය මේකට විරුද්ධ මත දරන්ඩ පුළුවන්", ,මේකෙන් කියන්ඩ හදන්නේ මෙයා නිවැරදි කියල. කොටින්ම මෙයා මේක කරලා තියෙන්නේ සමාජය පහුගිය කාලේ මෙයා කරපු එව්වා හින්ද ඇති වෙච්චි විරෝධයෙන් බේරෙන්ඩ. මෙයත් හොද ගොඩේ කෙනෙක් කියල පෙන්නන්ඩ.

    https://youtu.be/yI4DMSqlzMw?t=240
    හරක් නිදහස් කරන එක කොහ්මත් ජාති වාදය නෙමේ තමා. මෙයා මේ නැති දෙයක් ඇදල අරන් කියන්ඩ හදන්නේ මෙයා මුස්ලිම් අයට අදින්නේ නෑ කියල. මෙතනත් තියෙන්නේ පටු අරමුණක්. එයාගේ අනිත් අදහසුත් හරි කියල පෙන්නන්ඩ හදන්නේ මේක කරලා. සත්තුන්ට අභය දෙන්ඩ නෙමේ.

    https://youtu.be/yI4DMSqlzMw?t=333
    මේකෙනුත් පෙන්නේ මේ වැඩේ කරේ මෙයාගේ පරණ වැරදි වහගන්ඩ කියල. නැත්තම් ඉතින් මෙව්වා මේ හරක ගෙනියන හදිස්සියේ කියන්ඩ ඕන නෑ නේ.

    අන්තිමට කියන්ඩ තියෙන්නේ සල්ලි වියදම් කරලා පිනක් කරගන්ඩ ඉන්නවා නම් එක ශර්ධාවෙන් කරන්ඩ. posh වෙන්ඩ වත් අනිත් අයගෙන් පලිගන්ඩ වත් තමන් නිවැරදි කියල ඔප්පු කරන්ඩ වත් පින් කරන්ඩ යන්ඩ එපා. එකෙන් වෙන්නේ සල්ලි වියදම් කරලා පවක්. පින් පව් වෙන එක මිට වඩා සියුම්. නමට හරකෙක් සල්ලි දිඉල නිදහස් කරා කියල ලොකු පිනක් වෙන්නේ නෑ. එක නිවැරදි චේතනාවෙන් කරන්ඩ ඕන. එතකොට අනන්ත පින් රැස් වෙනවා. හරකෙක් නිදහස් කරනවා නම් ඒක හිතපු මොහොතේ ඉදන් කරල ඉවර වෙනකම් හිත්නද ඕන හරක මරණයන් ගැලව ගන්න එක ගැන විතරයි. එතකොට ඒ ගැන චිත්ත වීති ගොඩක් යනවා. එතකොට කුසල් අති ප්‍රභලයි.

    ගොඩක් ස්තුති
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    හරකෙක් නිදහස් කරනවා කියලා හිතාගෙන ඉරාජ්ව නිදහස් කරමු. ඌ හරි පව්

    උන්ගේ සෙට් එකම නිදහස් කරන්න ඕන. අර පුකයිසර් පුකයිස් වත් එක්කම
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔය හරක් නිදහස් කරන වැඩේ එච්චර සාර්ථක නැහැ
    කවුරු හරි ගිහින් මස් කඩේ මුදලාලිට සල්ලි දීලා හරකෙක් නිදහස් කරනවා
    ඒ සල්ලි වලින් මුදලාලි තව හරක් දෙන්නෙක් ගන්නවා මසට
    ඔය වැඩේ කරලා හරක් මැරීම නතර කරන්න බැහැ
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    උන්ගේ සෙට් එකම නිදහස් කරන්න ඕන. අර පුකයිසර් පුකයිස් වත් එක්කම

    එක හරකට හරක් පට්ටියක්ම ඉන්නෙ..... ඩීසන්ට් සින්දුවක් කියාගෙන ලස්සනට ඉන්නෙ නැතුව ඇමරිකන් සෙලිබ්ස් වෙන්න හදනවා. තටමන තරමට තමයි රෙවෙන්නෙ. එහෙම කියල ඉතින් මෙහෙම චොර වෙන්න ඕනෙ නෑනෙ. වේස බඩු වගේ. හද්ද චා