~~~ ^ නිශාන්තගේ ගෝන දඩයම ~~~^

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ~~~ ^ නිශාන්තගේ ගෝන දඩයම ~~~^

    muthu.jpg

    ගාල්ල ඕපාත රජවංගල ආරණ්‍යය භුමියේ සිටි ගොනෙකු පසුගිය පෝය දිනයේදී අලුයම නීති විරෝධී අන්දමින් විදුලිසර වද්දා මරා දමා ඇත.

    මෙසේ මරා දමා ඇත්තේ දිනපතා ආරණ්‍යයට පැමිණ ආහාර ගන්නා මිනිසුන්ට හිලෑ වූ විශාල ප්‍රමාණයේ ගෝනෙකි.

    හිනිදුම ප්‍රදේශවාසින් මෙම ගෝන ඝාතනය සිදුවුයේ මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ අවරුදු මස් අවශ්‍යතාවය සපිරීමට බව චෝදනා කරති.

    මෙම ගෝන ඝාතනයෙන් කම්පාවට පත්වූ ප්‍රදේශවාසින් විසින් මේ පිලිබඳ හිනිදුම පොලිසියට පැමිණිලි කලද පොලිසියෙන් ඒ සම්බන්ධව මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැත්තේ අදාළ දේශපාලකයාගේ මැදිහත්වීම උඩ මත බව ප්‍රදේශවාසීන් චෝදනාකරයි.

    මේ පිළිබඳව ආරණ්‍යය භුමිය අසල පදිංචිකරුවන් තුන්දෙනෙකු සැකසහිත බව පෙන්වා දුන් ප්‍රදේශවාසීන් විසින් ඉන් එක අයෙකු පොලිසියට අල්ල බාර දී ඇත.

    නමුත් මාධ්‍ය හමුවක් පැවැත්වූ නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවා.එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීතුමා

    "ගොනේක්ගේ ඝාතනය සම්බන්ධව නිශාන්ත මුතුහෙට්ටිගමට චෝදනා එල්ලවීම අමුලික බොරුවක්.සත්‍යයෙන් තොර කාරණයක්.මම එහෙම දෙකට සම්බන්ධත නෑ.මට විරුද්ධව චෝදනා නගන්නත් එපා..අහිංසක මම අවුල් කරගන්නත් එපා..

    චුදිතයන්ට දඬුවම් දෙන්න..මාව අල්ලගන්න එපා මේකට..මම ගෝන මස් කන්නෙත් නෑ..උරු මස් කන්නෙත් නෑ..රෑට කන්නෙත් නෑ..ගෙදරට ගන්නෙත් නෑ ඕව..සිංහල අව්රුද්ද දැන් ඇවිල්ල තියෙන්නේ..මමයි නෝනයි දැන් නොමැරී ජිවත් වෙන්නේ අමාරුවෙන්.

    2500 න ජිවත් වෙනවා තියා මටයි නෝනටයි ජිවිතේ ගැන විශ්වසේ නැතුව ඉන්නේ.බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ 7500 ජිවත් වෙන සුත්තරේ නැතුව ඇත මාරුවක් හරි දෙනවනම් ලොකු දෙයක් ජිවත් වෙන්න.

    ඇමතිකමක් නැති අමාරුව පහුගිය වසර දෙකේම දැනුන.ඒ අමාරුව ජනාධිපතිතුමාට කියල තියෙන්නේ.ඇමතිකමක් නැතුව ඇමතිවරු කරන වැඩ කරන්නත් බැහැ."