නිසාන්~මෝටර්~රථ
ජපන් වාහන නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම මෝටර් රථවාහන ක්ෂේත්රයට අළුත් වැඩක් දෙන්නයි හදන්නෙ. මෙපමණ කලක් සුක්කානමකින් වාහනයක් හැසිරවීමට යොදාගත් කාර්මික අවයව පද්ධතිය වෙනුවට ඉලෙක්ට්‍රොනික පද්ධතියක් එකතු කිරීම තමයි මොවුන්ගේ මීළඟ සූදානම. මෙය නම් කරල තියෙන්නෙ Steer-by-wire ලෙස. වයර් භාවිතයෙන් ඉලෙක්ට්‍රොනික පද්ධතියකට සුක්කානමින් නිකුත් කරන සංඥා උපයෝගී කරගනිමින් රෝද හැසිරවීම තමයි මෙහි සරලම සිද්ධාන්තය. බොහෝ විට මෙය 2013 වසරේ කල එලි බහියි. මෙච්චර වෙලා කියපු දේ ගැන අපැහැදිලි කමක් තිබුන නම් මේ වීඩියෝ එක බලන්න.
මෙහිදී නිසාන් සමාගම අභියෝග කිහිපයකටම මුහුණ දීමට සිදුවෙනවා. මොකද මීට පෙර දැවැන්ත මෝටර් රථ නිෂ්පාදන සමාගම් පවා ඉලෙක්ට්‍රොනික පද්ධතීන් හඳුන්වා දෙන්න ගිහින් අම්බානක නාගෙන තිබීම. ටොයෝටා ප්‍රියස්, මර්සිඩීස් බෙන්ස් ඊට හොඳම උදාහරණ. කොහොම උනත් මේ steer-by-wire technology එක දෝෂ රහිතව සාර්ථකව ඉදිරිපත් කරන්න පුළුවන් උනොත් මෙහිදී වාසි ගොඩක් ලබාගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් කඩතොළු,රැලි සහිත පාරක සාමාන්‍ය වාහනයක ගමන කරද්දී සුක්කානම නිතර නිතරම විවිද දිශාවන් වලට හැරෙන්න බලනවා, නමුත් මේ අළුත් ක්‍රමයේදී එහෙම අපහසුවක් දැනෙන්නේ නැහැ කියලයි මොවුන් කියන්නෙ.
අනිත් වැදගත්ම දේ තමයි මේ ක්‍රමය සාර්ථක උනොත් මෙතෙක් කලක් පැවති සාම්ප්‍රදායික රියදුරු අසුන අපිට අයින් කරන්න පුළුවන් වෙයි කියලයි කියන්නෙ.
ඔබට පිටු පස ආසනයක එහෙම නැත්නම් වාහනය තුල වෙනත් ඕනෑම ස්ථානයක සිට Joystick එකකින් ඔබේ වාහනය හසුරවන්න පුළුවන් තත්වයකට මෙය රැගෙන යන්න පුළුවන් කියල තමා කියන්නෙ.
ඒ විතරක් නෙමෙයි driverless car උනත් දැකගන්නත් පුළුවන් වෙයි ඉදිරියේදී මේ තාක්ෂණික පෙරළියත් සමගම.
අවාසි විදියට කිව්වොත් ඉතින් ඉලෙක්ට්‍රොනික පද්ධතියකින් ක්‍රියාත්මක වෙන නිසා මොනාහරි අවුලක් ගියොත් ඉතිං වෙන දේ කියන්න අවශ්‍ය නෑනෙ.
ඉතිං ඒක නිසා නිසාන් සමාගම Steer-by-wire ඉලෙක්ට්‍රොනික පද්ධතිය සමගම back-up clutch system එකකුත් දාන්නලු හිතං ඉන්නෙ, මොනාහරි අවුලක් උනොත් steering wheel එක සහ රෝද අතර සම්බන්ධය නැවත යතාතත්වයට ගේන්න. 
ඒ වගේම මේ තාක්ෂනය දැනටමත් අනෙකුත් සමාගම් වලිනුත් අත්හදා බලමින් තමයි ඉන්නව කියන්නෙ. නිසාන් මෝටර් රථ වලින් මුලින්ම මෙය හඳුන්වා දෙන්න යන්නෙ infiniti වර්ගයේ මෝටර් රථ වලටලු

අළුත් දෙයක් දැනගත්ත නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න