මචන් මන් දැක්ක එක අනාතයෙක් කියල තිබ්බ සැම්සුන්ග් S සීරීස් එකේ ඔක්කොම ෆෝන් පාවිච්චි කලා කියල. අනේ ඌ ඇත්තටම එහෙම කලා නම් උබ කියන එක යන්තම් වත් තේරුම් ගන්න තිබ්බ.
මචං මගේ ලමාවිය සංවර්ධනය ගැන උඹ දන්න ලබ්බක් නෑ බං. උඹට වාහන ලොකු උනාට මට ඊට වඩා දෙවල් තියෙනවා. මට පේන්නේ උඹේ වයසත් එක්ක මොලේ කොහොමත් සංවර්ධනය වෙලා නෑ කියලා. ලොකු රතු අකුරෙන් පෙන්නපු හැම දෙයක්ම 100% ඇත්ත. උඹට ඒක තේරෙන්නේ නැත්නම් ඒක උඹේ ප්‍රශ්ණයක්
ඒ කතාව හරියටම හරි මචං. බොහොම සරල දෙයක්. ලීෆ් එකේ බැටරිය 24KWh එක නිසා ඒකට දුවන්න පුළුවන් දුර කි.මි. 140-180 වෙනවා.
ටෙස්ලා එකේ බැටරිය 84KWh ඉතිං දුවන්න පුළුවන් දුර වැඩියි.
ඔය බැටරි දෙක චාජ් කරන්න යන වෙලාව පවා සෑහෙන්න වෙනස්. 230V ,15A වලින් ලීෆ් එක චාජ් කරන්න පැය 6ක් විතර යනවා. ඒ විදියටම ටෙස්ලා එක චාජ් කරන්න පැය 30ක් විතර යනවා.
බැටරි කැපෑසිටි එක වැඩි නම් ( මෝටර් එකේ කාර්යක්ෂමතාවය වාහන දෙකේම සමානයි. ක්ෂමතාවය තමා ටෙස්ලා එකේ වැඩි ) දුවන්න පුළුවන් දුර වැඩි. බොහොම සරලයි. අපේ රත්තරං මහත්තයට ඒ තරම් සරල දෙයක් වත් තේරෙන්නේ නැත්තේ මොලේ පරණ වාහන එලවලාම මල කාලා වෙන්නැති.
පලවෙනි උදාහරණයේ දෙවනි වාහනය වැඩි දුරක් යනවා. ඒකට කියන්නේ ෆිසික්ස් කියලා. බොහොම සරල ෆිසික්ස්. මොකක් වත් කඩා වැටෙන්නේ නෑ. මෙතන බැරියර් එක තියෙන්නේ 1KWh වලින් දුවන්න පුළුවන් දුර, මෝටර් එකේ එෆිෂන්සි එක, වැදගත්ම දේ අඩු ඉඩ ප්‍රමාණයකින් වැඩි කැපෑසිටි එකක් ස්ටෝර් කරන්න පුළුවන් බැටරියක් හදන එක වගේ දෙවල්.
පවර් ටු රේශියෝ කියන එක මගින් වෙනස් වෙනවා තරමක් දුරට. ලීෆ් එක හදලා තියෙන්නේ ඒකේ බර අනුව කාර්යක්ෂමතාව උපරිම වෙන විදියට. වාහනේ හැඩය පවා ඇවිත් තියෙන්නේ ඒ අනුව. ඒ නිසා තමා ZE0 දියුණු වෙලා AZE0 ආවේ. වාහනේ තවත් Aero Dynamic කරලා තමා AZE0 Aero Style එක ආවේ.
ටෙස්ලා එකේ කාර්යක්ෂමතාවට වඩා හිතලා තියෙන්නේ පර්ෆෝමන්ස්. ඒකයි ලොකු මොටරයක් සහ ලොකු බැටරියක් තියෙන්නේ. ඒ වගේම ඒක සෙඩාන් එකක් විදියට විශාලව හදපු වාහනයක්.
Naturally Aero Dynamic වැඩිම වෙන්නේ මොන හැඩයේද කියලා විද්‍යාව ඉගෙන ගත්ත අය දන්නවා ඇති.
අන්තිම කාරණේ, ඔය බැටරි දෙකම හදලා තියෙන්නේ පොඩි බැටරි මොඩියුල් අමුනලා තමයි. ලීෆ් එකේ බැටරි සෙල්ස් 96ක් තියෙනවා. ඒවා වෙන වෙනම මොනිටර් වෙනවා වගේම මාරු කරන්නත් පුළුවන්. ටෙස්ලා එකෙන් එහෙමයි.
මම කතා කරන්නේ පදනමක් ඇතුව මචං. නික්න් ආවට ගියාට වචන විසි කරන්නේ නෑ, උඹ වගේ. උත්තර දෙනවා නම් කුණුහරුප කියන්නේ නැතුව කතා කරපන්.

මොකද දැන් මේ අපි පෝන් දෙකක් පාවිච්චි කරල බැට්‍රරි එක 1440mAh ඉදන් 1810mAh වෙනකොට තියෙන වෙනස හොදට අත්විදිනව. ඇත්තටම කලින්ට වඩා දැන් බැට්රියෙන් වැඩ ගන්න පුලුවන්.හැබැයි උබ කියන චාජින් ටයිම් එක නම් එහෙම දැනිල නෑ. ඒක එහෙම වැඩි වෙන්න පුලුවන්ද? සමහරවිට ෆෝන් බැට්රියට ඕනෙ තරම් කරන්ට් එක සප්ලයි එකෙන් දෙන නිසා බැට්රි දෙකම කැපසිටි වෙනස් උනත් චාර්ජ් වෙන්න යන කාලය එක ඇති.

ඔතන කැපසිටිය 24KWh ඉදන් 84KWh වෙනස් වෙනකොට අපේ 230v 15A වලින් උපරිම යන නිසාද ඔය තරම් චාජින් ටයිම් එක වැඩි වෙන්නෙ?? මේක පොඩ්ඩක් කියන්න. එතකොට එහෙම බැලුවාම හරි පවර් චාජින් සෙන්ටර් වලින් වාහන දෙකම එකම කාලයකින් චර්ජ් කරන තැනට ගේන්න පුලුවන් නේද?






