නීතියට අනුව කොහොමද කියල මම දන්නෙ නැහැ. ඔය පල්ලෙහා පච කෙලින උනුත් දන්නෙ නැහැ, උන්ගෙ මනස්ගාත කියෙව්වට. මෙකෙ ලෝයර් කෙනෙක් ඉන්නවනම් අපිව දැනුවත් කරන්න ප්ලීස්.
මේ මට හිතෙන හැටි
ලංකවෙ සංස්ක්ෘතිය අනුවනම් මෙතන කිසිම වැරැද්දක් නැහැ. ලංකාවෙ ගෝත්රික සංස්ක්ෘතියට අනුව ගුරුවරුන්ට පුලුවන් නම් ලමයින්ට ශාරීරික දඬුවම් කරන්න, බනින්න, මේක මොකද්ද? බලෙන් හග් කරන එකයි, බලෙන් පාරෙ දණ ගස්සල වැඳුම් ගන්න එකෙයි, කිසිම වෙනසක් මට නම් පේන්නෙ නැහැ.
ලංකාව ගෝත්රික රටක් නෙමේ, ළමයින්ට ශාරීරිකව දඬුවම් කරන උන්ට හිරේ යන්න වෙනව, ළමයින්ගෙ මානසික හානි වෙන දේවල් ගැන සංවේදී වැඩිහිටියො ඉන්නව, පොඩි උන් ලව්ව හරක් වගේ පොත් බෑග් වල දාල බර අද්දවන්නෙ නැහැ, අනවස් ය, තේරුමක් නැති විෂය කරුනු ඔලුවට පුරෝ ගන්න බල කරන්නෙ නැහැ, අදට වඩා දියුණු වෙච්ච රටක් කියල හිතමුකො.
අන්න එතකොට නම් මෙක සම්පූර්ණයෙන්ම වැරදියි. සම්පූර්ණයෙන්ම අන් එතිකල්. කැමති ලමයින්ට හග් කරන්න, කැමති ලමයින්ට වඳින්න, කැමති ලමයින්ට ඔය මොකුත් නොකර ඉග්නෝ කරල යන්න නිදහස තියෙන්න ඕනෙ. ගුරුවරය ගිහිල්ල ලමයව හග් කරන එක වැරදියි. එතන ලමයට චොයිස් එකක් නැහැ.
ලංකාව වගේ රටවල, මේ වගේ පොඩි පොඩි දේවලින් තමයි ලමයින්ගෙ ස්වාදීනත්වය ටිකින් ටික මොට්ට කරල දාන්නෙ. බලහත්කාරෙන් පිදුම් ගන්නව. ලොකු ලොක්කො ගාව දන ගහන්න, දෙකට නැමෙන්න පුරුදු කරනව.