නීතිය_සහ_දුමින්ද

TheManFromNowhere

Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    හෙන අවුලක් තමා ඒකනං. හැබැයි නිදහස් කරන්න ඕනේ කියපු එකා කියල තිබුනෙ සාක්ෂි ප්‍රමාණවත් නැති නිසා නිදහස් කරනව වගේ කතාවක් නේද, නැතුව දුමින්ද මේකට වැරදි නෑ කියන එක නෙවේ මම හිතන්නෙ. :oo:
    Eth awulak thiyenawa. Dennekuta pramanawath wela anith ekkenata pramaanawath nowune kohomada? :oo:
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    මේ කාරණය ටිකක් ගැඹුරට කථා කරන්න වෙන දෙයක්. මේ වගේ දේවල් ගැන නීතීය හදාරද්දි උගන්නන්නෙත් අවසාන වසර නීති විද්‍යාව කියන විෂයට. නමුත් මම පුළුවන් විදියට පැහැදිලි කිරීමක් කරන්නම්.

    මුලින්ම ලංකාවේ නඩු අහන ක්‍රමය ගැන අවබෝධයක් ගන්න වෙනවා. මේ ක්‍රමය හඳුන්වන්නේ "අභියෝගාත්මක ක්‍රමය" කියලා. ඒකෙදි සිද්ධ වෙන්නේ නඩුවේ දෙපාර්ශවය ඉදිරිපත්කරන සාක්ෂි මත විනිසුරුතුමා විසින් තීන්දුවකට එළඹීම. ඒ කියන්නේ අදාල චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට ඉදිරිපත් කර ඇති චූදිත අදාල චෝදනාවට වැරදිකරුද නිවැරදිකරුද කියන එක තීරණය කිරීම විතරයි සිද්ධ වෙන්නේ. ඒ ඇරෙන්න අදාල වරද ඇත්තටම කලේ කවුද, ඇත්තටම උනේ මොකද්ද කියන එක ගැන කරුණු පෙන්වා දෙන්න විනිසුරුට වගකීමක් නෑ. ඒ හැම දෙයක්ම පොලිසිය ඇතුලු විමර්ෂණ නිලධාරීන්ගේ වගකීම්. ඔවුන් අධිකරණයට ඉදිරිපත්කරන කරුණු සහ ඒ සම්බන්ධව විත්තිය විසින් දක්වන විරෝධතා මත තමයි විනිසුරු තීරණයට එළඹෙන්නේ...

    දෙවනියට මුලු ලෝකෙම පිළිගත්ත මූලධර්මයක් තියෙනවා "නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය" කියලා. ඒ කියන්නේ අධිකරණය ඉදිරියේ නඩු විභාගයක් මගින් පුද්ගලයෙකු වරදකරුවකු කරන තුරු ඒ පුද්ගලයා නිර්දෝෂී පුද්ගලයෙකු බවට පූර්වනිගමනය කරන්න ඕන කියන එක. මේක අපේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (5) ව්‍යවස්ථාව මගින් අපේ රටෙත් වලංගු කරල තියෙනවා මූලික අයිතිවාසිකමක් විදියට. ඒ කියන්නේ නඩුවක තීන්දුව දෙන තුරු ඕනම කෙනෙක් වරදකරුවෙක් නෙමයි.

    ඊලඟට අපරාධ නඩුවක ඔප්පු කිරීමේ භාරය. ඒ කියන්නේ අදාල කරුණු කොයිතරම් දුරට තහවුරු කරන්න ඕනද කියන එක සහ ඒක කරන්න ඕන කවුද කියන එක. අපරාධ නීතියට අදාල ප්‍රබල ප්‍රකාශයක් තමයි "එක නිවැරදිකරුවෙක් එල්ලුම්ගස් යවනවාට වඩා වරදකරුවන් දහසක් නිදහස් කිරීම උචිත වේ" කියන එක. ඒ නිසාම අපරාධ නඩුවක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කල යුතු වෙනවා. ඒ කියන්නේ අදාල සැකකරු විසින්ම අදාල වරද කල බවට කිසිම සැකයක් තියෙන්න බෑ. මේ ඔප්පු කිරීම කල යුතු වෙන්නේ පැමිණිල්ල මගින්. අපරාධ නඩුවක පැමිණිල්ල කියන්නේ නිතරම රජය. ඒකට හේතුව තමයි අපරාධයක් කියන්නේ මුලු සමාජයටම එරෙහිව කරන වැරැද්දක් වීම. එහෙම නැතුව අපරාධයට භාජනය වෙච්ච අය (වින්දිතයින්) අපරාධ නඩුවේ පැමිණිල්ල නෙමෙයි. ඒ අය නඩුවේ සාක්ෂිකාරයෝ විතරයි. එතකොට රජය විවිධ කරුණු, සාක්ෂි ගෙනැත් චූදිත වරද කල බව කියනකොට විත්තියට තියෙන්නේ පැමිණිල්ල කියන කරුණ ගැන පුංචි සැකයක් ඇතිකරන එක. ඒ පුංචි සැකය ප්‍රමාණවත් විත්තිකරුවකුට නිදහස් වෙන්න. (උදාහරණයකට අදාල වෙලාවේ විත්තිකරු වෙන තැනක සිටීම වගේ දේවල් ගන්න පුළුවන්)

    ඊලඟ කාරණය තමයි නඩුව අහන විනිසුරුතුමා. සාමාන්‍යයෙන් අපරාධ නඩුවක් අහන්නේ තනි මහාධිකරණ විනිසුරුතුමෙක් ඉදිරියේ හරි ජූරි සභාවක් ඉදිරියේ හරි. එතනදි තමයි මම අර මුලින් කියපු නීති විද්‍යාව වැදගත් වෙන්නේ. නඩුවක තීරණය දෙද්දී විනිසුරුතුමා දේශණයක් කරනවා. ඒ දේශණයේදී එතුමන් තමන් ඇයි ඒ තීන්දුවට එළඹූනේ කියල පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීම කරන්නේ නීති විද්‍යාවට අනුව. එතනදි එක එක විනිසුරුවරු විවිධ ගුරුකුල අනුගමණය කරනවා. හැබැයි බොහෝවිට අවසාන තීන්දුව සමානයි.

    හැබැයි සමාජයේ ආන්දෝලනාත්මක සිදුවීමක් සම්බන්ධ නඩුවකදී අගවිනිසුරුවරයාට පුළුවන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (Trial at Bar) පත්කරන්න. ඒ විදියට අහපු නඩු කීපයක් තමයි සරත් අඹේපිටිය විනිසුරු ඝාතන නඩුව, සුදුකොඩි නඩුව, රීටා ජෝන්ස් ඝාතන නඩුව වගේ ඒවා. මෙතනදි සිද්ධවෙන්නේ එක විනිසුරුතුමෙක් වෙනුවට තුන්දෙනෙක් යොදාගැනීම. මේ තුන්දෙනා වෙන වෙනම නඩුව ගැන තීන්දුවලට එළඹෙනවා. එතනදි 3:0 හෝ 2:1 කියන තීරණ එන්න පුළුවන්. මෙහෙම දෙයක් කරන්න හේතුව තමයි වැඩිපුර සාදාරණත්වයක් බලාපොරොත්තු වීම. මොකද විනිසුරුවරු කියන්නෙත් මිනිස්සු. ඔවුන් ජීවත් වෙන්නෙත් මේ සමාජයේමයි. සාමාන්‍ය අපරාධයකට වඩා ආන්දෝලනාත්මක අපරාධ ගැන සමාජයේ සහ මාධ්‍යවල ප්‍රබල විදියට කථා වෙනවා. ඒ දේවලුත් විනිසුරුවරුන්ගේ මනසට බලපෑම් කරන්න පුළුවන්. ඒ හින්දා වඩාත් සාධාරණ තීන්දුවක් දෙන්න තමයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නේ. මොකද කරුණු කාරණා එකම විදියට හැමෝන්ටම බලපෑම් නොකරන නිසා.

    අනෙක් කාරණය තමයි නඩුවක ඔප්පු කිරීම සහ සැකයක් ඇතිකිරීම කියන එක සාපේක්ෂ කාරණා වීම. එක විනිසුරුවරයෙකු සැකයක් විදියට දකින දෙයක් අනෙක් විනිසුරුවරයෙකුට සැකයක් නොවෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ වගේ බෙදුනු තීරණ ලැබෙන්නේ. මේ වගේ තීරණයක් ලැබුනම 99%ක් ම නීතීඥවරු අභියාචනයකට යනවා. මොකද මේ වගේ වෙලාවකදී විත්තිකරු නිදහස් කරගන්න පොඩි හරි අවස්ථාවක් අභියාචනයකදි ලැබෙන්න පුළුවන් නිසා.

    මම මේ කිව්වේ මේ වගේ නඩුවක සාමාන්‍ය ක්‍රියාපටිපාටිය සහ තීරණයක් ලැබෙන ආකාරය ගැන. දුමින්ද සිල්වා පිළිබඳ නඩුවේ නඩු තීන්දුව කියෙව්වාම මීට වඩා එහා ගිය පැහැදිලි විවරණයක් කරන්න පුළුවන් වේවි. මොකද ඒ තීන්දුවේ තියෙනවා විනිසුරුවරු මෙන පදනම් මතද තීරණ වලට එළඹෙන්නේ කියලා....

    නඩු තීන්දුව කියවන්න ලැබුනොත් මේ Thread එකට ඒක අමුණන්න. එතකොට අපිට ඒ ගැන ගැඹුරෙන් විමසන්න පුළුවන්...

    මගේ දැනුමෙ විදියට ගොඩක් සරලව විස්තර කලේ. නොතේරුන දෙයක් තියෙනම් අහන්න.... :)

    Niyamayi godak dewal igenagaththa. Thank you.

    Mata apu prashna thamayi,

    1. Me kiyana widihata Policiyata loku balapamak karanna hakiyawak thiyenawa naduwe gaman magata.

    2. Thripudgala winisuru madullakadi ek ek winisuruwaraya thaman dena winishchayata elabune ayi kiyala sawistharawa prakasha karanne nathda?

    3. Methanadi kiyawenawa aandolanaathmaka siduweemakadi, winisuru warunta samajaye ha madyawala balapa athi wena nisa wada sadarana theenduwak laba ganeemata thamayi thri pudgala winisuru madullak path karanne kiyala. Namuth yamkisi niyamitha kriya patipatiyakata anuwa yukthiya pasindaleema sidu wenawanam. Pudgalaya kawru wunath theenduwa samana wiya yuthuyi neda?

    4. Oppu kireema ha sakayak athi kireema sapeksha wiya yuthu naha. Oppu kala nam eka ethanin iwara wenna ona. Sadarana sakayak athi wunoth eka oppu kala wenna bane.

    Mama neethi wisharadayek neweyi. Waraddak thibe nam sorry.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔතන මචන් තීන්දුව ලැබෙන්නෙ කට උත්තර සහ ශාක්ශි මත...ඒක වෙන්නෙ මෙහෙමයි....භාරතත් දුමින්දත් දෙන්නම වෙඩි තියා ගන්නවා නේ මොකද ඒක තුවාල කාරයො දෙපැත්තෙම ඉන්නවා...මෙතනදි වැඩි බලපෑම උනේ භාරතගෙ පැත්තට නිසා ( මොකද 5 ක් මැරුනා ) පලවෙනි අවාසිය එන්නෙ දුමින්දගෙ පැත්තට.....අනික භාරතගෙ ඩ්‍රයිවර ශාක්ෂි දීලා තියෙනවා දුමින්ද පිස්තෝලයක් අරන් ලඟට ඇවිල්ලා භාරතට කම්මුල් පාරක් ගැහුවා සහ භාරත ඇදන් වැටුනට පස්සෙ " මූට වෙඩි තියලා මරලා දාපන් කියලා කිව්වා කියලා...සහ ආයෙත් ඩ්‍රයිවර් කට උත්තර දෙනවා භාරතගෙ කකුලට වෙඩි තිබ්බා කියන එක...එතකොට කට උත්තරයක නිවැරදි භාවය තීරනය වෙන්නෙ ශාක්ෂි මත...භාරතට වෙඩි තියලාත් තියෙනවා වේ තියලාත් තියෙනවා මරලත් තියෙනවා කකුලටත් වෙඩි තියලා තියෙනවා.....එතකොට ශාක්ෂි තහවුරුයි කට උත්තරය බලාත්මකයි..අනෙක් කාරනේ තමා දුමින්ද පාර්ශ්වයට වෙඩි තියපු එක සැලකිල්ලට අරන් තියෙන්නෙ ආත්මාරක්ෂාව වෙනුවෙන් වෙඩි තිබ්බා කියන එක...මොකද භාරත පාර්ශ්වයේ 4ක් මැරෙන කොට දුමින්ද පාර්ශ්වයේ කවුරුත් මැරුනේ නෑ ( මම වැරදි නම් නිවැරදි කරන්න ) එතකොට මරනයේ චේතනාව ඇවිල්ලා තියෙන්නෙ දුමින්ද පාර්ශ්වයට සහ මැරුනේ භාරත පාර්ශ්වය නිසා නැවතත් දුමින්ද පාර්ශ්වයට චෝදනා එල්ල වෙනවා....දුමින්ද පාර්ශ්වය ට එල්ල වුන අනෙක් චෝද්නාව තමා අයුතු ජන රාශිය කියන චෝදනාව..නමුත් මැතිවරණ නීතිය යටතේ දුමින්දට අයුතු ජනරාශියෙන් වැරදි කරුවන් එල්ල වෙන්නෙ නෑ....ඔතනදි දුමින්දට මරණීය දන්ඩනය නියම උනේ ඩ්‍රයිවර්ගෙ කට උත්තරය අනුවත් කන්ඩායම මෙහයවීම කියන චෝදනාව යටතේත්....එතකොට දුමින්ද ඇතුලු පිරිවර නිදොස් කොට නිදහස් කරන්න කියන්නෙ කොහොමද ? 4 දෙනෙක් ඝාතනය උන තැනක කොහොමද නිදොස් කොය්ට නිදහස් කරන්නෙ..? නීතිමය පැත්තෙන් නෙවෙයි සාමාන්‍ය දැනුමෙන් ගත්තොත් කොහොමද නිදහස් වෙන්නෙ ? එතන එක් විනුසුරු වරියක් කියලා ඇත්තෙ නිදොස් කොට නිදහස් කරන්න කියන එක වෙන්න බෑ.....දුමින්ද අනුබල දුන්නට දුමින්ද වෙඩි තිබ්බෙ නෑ කියලා ශාක්ෂි තිබිලත් තියෙනවා...මම නම් හිතන්නෙ දුමින්ද නිදහස් කල යුතුයි කියන මතය එන්න ඇත්තෙ එහෙම...නමුත් අනුබල දීම සහ කණ්ඩායම් මෙහෙයවීම කියන භාරතගෙ ඩ්‍රයිවර් ගෙ කට උත්තරේට අනුව දුමින්ද වැරදි කාරයෙක් වෙනවා....ඒක නවත්තන්න බෑ

    ඩ්‍රයිවර් ගෙ කට උත්තරේ paraspara matha dekakuth kiyavila thinawane..? :baffled:

    awul sahagathayi....
    saamajayata anuwa duminda saha baaratha dedenama waradi karuwanya. me naduwedi me minimarumata sambanada una siyalu dena hata danduwam diya yuthuyi. namuth me naduwa diha godak aya balanne anek caseuth me naduwata patalawagena.
     
    Last edited:

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    උත්තරයක්......

    Niyamayi godak dewal igenagaththa. Thank you.

    Mata apu prashna thamayi,

    1. Me kiyana widihata Policiyata loku balapamak karanna hakiyawak thiyenawa naduwe gaman magata.

    2. Thripudgala winisuru madullakadi ek ek winisuruwaraya thaman dena winishchayata elabune ayi kiyala sawistharawa prakasha karanne nathda?

    3. Methanadi kiyawenawa aandolanaathmaka siduweemakadi, winisuru warunta samajaye ha madyawala balapa athi wena nisa wada sadarana theenduwak laba ganeemata thamayi thri pudgala winisuru madullak path karanne kiyala. Namuth yamkisi niyamitha kriya patipatiyakata anuwa yukthiya pasindaleema sidu wenawanam. Pudgalaya kawru wunath theenduwa samana wiya yuthuyi neda?

    4. Oppu kireema ha sakayak athi kireema sapeksha wiya yuthu naha. Oppu kala nam eka ethanin iwara wenna ona. Sadarana sakayak athi wunoth eka oppu kala wenna bane.

    Mama neethi wisharadayek neweyi. Waraddak thibe nam sorry.

    ගොඩක් ස්තූතියි අගය කලාට... :):):):)

    හොඳ ප්‍රශණ කීපයක් නගල තියෙන්නේ.... මම පුළුවන් විදියට උත්තර දෙන්නම්...

    01.
    ඕනම අපරාධ නඩුවක Stages දෙකක් තියෙනවා. පලවෙනි එක Investigation stage. දෙවනි එක Trial stage. ලංකාවේ අපරාධ නඩු විභාග වියයුතු ක්‍රියාපටපාටිය විස්තර කරල තියෙන අපරාධ නඩු විධාන සංග්‍රහය තුලින් මේ අවධි දෙක හඳුනගන්න පුළුවන්.

    Investigation stage
    ඕනම අපරාධයක් සිදුවෙලා ඒ ගැන මුල්ම තොරතුර පොලිසියට ලැබුනට පස්සේ අදාල විමර්ෂණ කටයුතු පොලිසිය විසින් සිදුකරනවා. ඒ කියන්නේ ස්ථාන පරීක්ෂාව, සාම්පල ලබා ගැනීම, ඡායාරූප ගතකිරම, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම වගේ දේවල්. ඒ ගන්න තොරතුරු මත තමයි නඩුව ඉස්නසරහට අරගෙන යන්නේ. මෙතනදි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, ඇඟිලි සටහන් රෙජිස්ට්‍රාර්, සැක කටයුතු ලේඛන පරීක්ෂක, ජීන් ටෙක් ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය වගේ ආයතනවල උදව් ලබාගන්න පොලිසියට පුළුවන්. එහෙම කරන විමර්ෂණ මගින් සිදුවීමට අදාල කරුණු අනාවරණය කරගැනීම පොලිසියේ වගකීමක්.

    Trial Stage
    පොලිසිය විසින් විමර්ෂණය කරන තොරතුරු ඔවුන් B වාර්තාවක් මගින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණවා. ඒ තොරතුරු මත මහේස්ත්‍රාත්වරයා තීරණය කරනවා අදාල නඩුව තමන්ට විමසීමට පුළුවන්ද නැත්නම් මහාධිකරණයට යැවිය යුතුද කියලා. (මීනිමැරුම, මිනීමැරීමට තැත්කිරීම, ස්ත්‍රී දූෂණය අනිවාර්යයයෙන් මහාධිකරණයට යැවිය යුතුය) මහාධිකරණයට යැවිය යුතු නඩුවක්නම් සහ ඒ සදහා සාක්ෂි පවතින බවට මහේස්ත්‍රාත්වරයා සෑහීමකට පත්වෙනවා නම් අදාල නඩුව නීතිපතිවරයා වෙත යවනවා. ඉන් පස්සේ නීතිපතිවරයා මහාධිකරණයේ නඩුව පවරනවා. ඒකට කියන්නේ අධිචෝදනා ගොණුකරනවා කියලා. ඉන් පස්සේ මහාධිකරණයේ නඩුව විභාග කරනවා. සාක්ෂි කැඳවලා අවසානයේ තීන්දුව ලබාදීම සිදුකරනවා.

    මම හිතන්නේ දැන් නඩුවක ක්‍රියාපටිපාටිය පැහැදිලි ඇති. මම මුලින්ම කිව්වා ලංකාවේ නඩු විසඳන්නේ අධිකරණය ඉදිරියට එන සාක්ෂි මත පදනම් වෙලා කියලා. මේ ක්‍රමයෙදි අධිකරණයේ වගකීම වෙන්නේ අධිකරණය ඉදිරියේ ඉන්න චූදිත වැරදිකරුද නිවැරදිකරුද කියල තීරණය කරන එක මිසක් ඇත්තටම වරද කලේ කවුද කියල හොයන එක නෙමෙයි. ඒ හින්ද වරද සම්බන්ධයෙන් ඇත්තම සැකකරුවෙක් ඉදිරිපත් කිරීම වගේම ඒ සම්බන්ධ නිවැරදි සහ සත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීමත් පොලිසියේ වගකීම. එහෙම නොවුනොත් සැකකරුවන් සාක්ෂි නැතිකම නිසාම නිදහස් වෙනවා. ඒ වගේම ගහල බැනල ගන්න කටඋත්තර අධිකරණයට වලංගු නෑ. පැහැදිලිව කරුණු කාරණා ඔප්පු නොකර බොරු තොරතුරු දුන්නොත් ඒවා අධිකරණයේදී බොහෝ විට බොරු බව ඔප්පු වෙනවා. දැන් තාක්ෂණයත් එක්ක බොරු සාක්ෂි ලබාදීම අමාරු වැඩක්. (කොටකෙතන නඩුව මතකයි නේද?)

    ඒ හින්දා අපරාධ නඩුවක තීරණය සම්බන්ධයෙන් පොලිසියට විශාල වගකීමක් තියෙනවා. නමුත් මේ සම්බන්ධව හරිආකාර පුහුණුවක් පොලිසියට තියෙනවද කියන එක මටනම් ප්‍රශණයක්. මගේ පෞද්ගලික මතය නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට වඩා දැනුමෙන් සහ තාක්ෂණයෙන් සන්නද්ධ කරන්න ඕන කින එක. දැන් බලන්න ඇමරිකාවේ FBI, එංගලන්තේ Scotland yard වැඩකරන හැටි. ඒ තරම්ම බැරි උනත් ඒ ලඟටවත් එන්න අපිට පුළුවන් වෙන්න ඕන. එහෙම නොවුනොත් භයාණක අපරාධකාරයෝ හැමදාමත් නිදහස් වෙයි.



    2. Thripudgala winisuru madullakadi ek ek winisuruwaraya thaman dena winishchayata elabune ayi kiyala sawistharawa prakasha karanne nathda?


    02.
    අනිවාර්යයෙන්ම ප්‍රකාශ කල යුතුයි. හැබැයි අනෙක් විනිසුරුකෙනෙකුගේ තීන්දුවට තමන් සම්පූර්ණයෙන් එකඟ නම් I Agreed with ...........'s Judgment කියල එකඟ වෙන්න අවසර තියෙනවා.



    3. Methanadi kiyawenawa aandolanaathmaka siduweemakadi, winisuru warunta samajaye ha madyawala balapa athi wena nisa wada sadarana theenduwak laba ganeemata thamayi thri pudgala winisuru madullak path karanne kiyala. Namuth yamkisi niyamitha kriya patipatiyakata anuwa yukthiya pasindaleema sidu wenawanam. Pudgalaya kawru wunath theenduwa samana wiya yuthuyi neda?


    03.

    ඔබ කියන කථාව හරි. යුක්තිය පසිඳලීම කාටත් සමාන විය යුතුයි. ඒ උනත් එකම කරුණ ගැන නීතියෙදි විවිධ අර්ථ නිරෑපන එන්න පුළුවන්. ඒ අර්ථ නිරූපන එන්නේ පවතින සිද්ධිමය කරුණු සහ ඉදිරිපත්වන සාක්ෂි අනුව. උදාහරණයක් විදියට එක් විනිසුරු කෙනෙක් මීනිමැරුමක් විදියට දකින සිදුවීමක් තවත් විනිසුරු කෙනෙකුට සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් විදියට පේන්න පුලුවන්. ඒ දේ වෙන්නේ අධිකරණය ඉදිරියේ ඉදිරිපත්වන සාක්ෂි මත ඔවුන්ට මැවෙන චිත්ත රූපයත් එක්ක. සාමාන්‍යයෙන් නඩුවක් අහල ඉවරවෙලා මාසයක් විතර යනවා තීන්දුවක් ලබා දෙන්න. තීන්දුවක් පිටු 200 -300 ක් විතර වෙනවා. පැය දෙක තුනක් යනවා කියන්න. ඒ තීන්දුව හදද්දී විනිසුරුවරයා ඒ නඩුවේ වෙන්න පුලුවන් හැමදේම ගැන හිතනවා. එහෙම හිතල තමයි තීන්දුව ලබා දෙන්නේ. ඒ වගේම තමන් කියන හැම කරුණක්ම නීති මූලාශ්‍රයක් (ව්‍යවස්ථා, පැරණි නඩු තීන්දු) සාධාරණීකරණය කිරීමත් විනිසුරුවරයා සිදුකරණවා.

    ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකදි ඒ වගේ තීරණ තුනක් එන නිසා තනි පුද්ගල තීරණයකට වඩා ඒ තීරණය සාධාරණයි. මොකද එකම මතයක් දෙන්නෙකුට වඩා වැඩි ගණනකට එනවනම් ඒක සාධාරණයිනේ.

    ඒ වගේම අධිකරණයේ විභාගවෙන නඩුවක කරුණු සමාජය තුල විවේචනාත්මකව කථා කරන්න බෑ. මාධ්‍යවල වාර්තා කරනවා ඇමෙන්න විවේචනය කරන්න බෑ. ඒකට හේතුව තමයි ඒ මතවාද අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් කල හැකි වීම.



    4. Oppu kireema ha sakayak athi kireema sapeksha wiya yuthu naha. Oppu kala nam eka ethanin iwara wenna ona. Sadarana sakayak athi wunoth eka oppu kala wenna bane.


    04.

    නීතියේ පිළිගත් මූලික සිද්ධාන්තයක් තමයි දෙපාර්ශවයටම සවන් දිය යුතුයි කියන එක. ඒ කියන්නේ පැමිණිල්ල වගේම විත්තිය කියන දේත් විනිසුරු ඇසිය යුතුයි. එතනදි පැමිණිල්ල විසින් අදාල චූදිත විසින්ම අදාල අපරාධය කර ඇති බව ඔප්පු කිරීම සිදුකරනවා. එතනින් ඔප්පු කිරීම අවසන්. නමුත් නඩුව එතැනින් නැවැත්වුව හොත් විනිසුරු විත්තියට සවන් දී නැහැ. ඒ හින්දා ඊලඟට විත්තියේ නඩුව පටන් ගන්නවා. එතනදි විත්ති පාර්ශවය තමන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරනවා. ඊට පස්සේ දෙපාර්ශවයෙම නීතීඥයෝ කරුණු සම්පිණ්ඩණය කරල දේශණ ඉදිරිපත් කරනවා. දැන් නඩුව ඉවරයි.

    ඊලඟට විනිසුරුතුමා බලනවා පැමිණිල්ල කියපු කරුණු සහ විත්තිය කියපු කරුණු සංසන්දනය කරල බලනවා. එතකොට විනිසුරුතුමාට තේරෙනවා නම් පැමිණිල්ල කියන සියලු දේවල් ඇත්ත සහ විත්තිය කියන කරුණු වලින් පැමිණිල්ලේ නඩුවට බලපෑමක් වෙන්නේ නෑ කියලා විනිසුරුතුමා විත්තිකරු වැරදිකරු කරල තීන්දුව දෙනවා.

    හැබැයි කරුණු සංසන්දනය කරද්දී විනිසුරුතුමාගේ හිතට කිසියම් සැකයක් එනවා නම් පැමිණිල්ල කියන විදියට වගේම විත්තිය කියන විදියටත් මේක වෙන්න පුළුවන් කියල ඒ වගේ වෙලාවක සැකයේ වාසිය විත්තියට දීල විත්තිකරු නිදහස් කිරීම සිදුකරනවා.

    ඒකට හේතුව අපරාධය මේ වෙද්දි වෙලා ඉවරවීම සහ නොකල වරදක් වෙනුවෙන් මිනිසෙකුට දඬුුවම් කිරීම යුක්තිසහගත නොවීම වගේ කාරණා තමයි....



    Mama neethi wisharadayek neweyi. Waraddak thibe nam sorry.

    මිනිස්සු නීතිය ගැන නොදැනීම නිසා තමයි ප්‍රශ්ණ ගොඩක් ඇතවෙන්නේ. මමත් නීතිය ගැන පරතෙරටම දන්නේ නෑ. නමුත් වෘත්තීමය වශයෙන් අවබෝධයක් තියෙනවා. මම හිතනවා නොදන්න දේ පැහැදිලි කර දීම අපේ වගකීමක් කියලා. මොකද අපිට ඉගෙනගන්න වියදම් කලේ මේ රටේ ජනතාව ගෙවන බදු සල්ලිනේ. ඒ නිසා මිනිසුන්ට උදව් කරන්න, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න අපිට වගකීමක් වගේම යුතුකමකුත් තියෙනවා....:):):)

    ඕන දෙයක් අහන්න. වැරදි උනත් කමක් නෑ. මම පුළුවන් විදියට පැහැදිළි කරන්නම්.
     
    Last edited:
    • Like
    Reactions: prisly

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අධිකරණය ස්වාධීනයි කිව්වට , අධිකරණයෙත් ඉන්නේ මිනිස්සුනේ බන්. සාක්ශි දීම මත කරුණු ගොනුකරලානම් තියෙන්නේ , එකෙක් මරණදන්ඩනය දෙන්න කියන්නත් තව එකෙක් නිදොස් කියලා කියලා කියන්නේ කොහොමද කියන එක හැම එකාටම එන ප්‍රශ්නයක්

    :eek::eek::eek:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ලංකාවෙත් උසවියේ කැමරාවක් දාලා මුලු උසාවි කාලෙම youtube වගේ චැනල් එකක දැම්මනම් හරි.
    මිනිස්සු නීතියත් ඉගෙන ගනී. ඔය ඒකධිකාරයක් වගේ අමුතු තත්වයක් තියගෙන කිසිම ප්‍රායෝගික කමක් නැතිව තීන්දු දෙන විනිසුරුවරුත් ටිකක් හිතලා තීන්දු දෙන්න පටන් ගනී. කැමරාව තනිකර විනිසුරුගේ පැත්තට හරවලා අනිත් අයට මයික් එකක් දුන්නනම් හොඳටම ඇති.




    මෙන්න බලපන් නීතිය පැත්තක තියලා බොහොම ප්‍රායොගික තින්දුවක් දෙන හැටි. මේ වගේ නීතිය ප්‍රායොගිකව ක්‍රියත්මක වෙන රටවල ජීවත් වෙන්නත් ආස හිතෙනවා
     
    • Like
    Reactions: rajitha_ks

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ලංකාවෙත් උසවියේ කැමරාවක් දාලා මුලු උසාවි කාලෙම youtube වගේ චැනල් එකක දැම්මනම් හරි.
    මිනිස්සු නීතියත් ඉගෙන ගනී. ඔය ඒකධිකාරයක් වගේ අමුතු තත්වයක් තියගෙන කිසිම ප්‍රායෝගික කමක් නැතිව තීන්දු දෙන විනිසුරුවරුත් ටිකක් හිතලා තීන්දු දෙන්න පටන් ගනී. කැමරාව තනිකර විනිසුරුගේ පැත්තට හරවලා අනිත් අයට මයික් එකක් දුන්නනම් හොඳටම ඇති.




    මෙන්න බලපන් නීතිය පැත්තක තියලා බොහොම ප්‍රායොගික තින්දුවක් දෙන හැටි. මේ වගේ නීතිය ප්‍රායොගිකව ක්‍රියත්මක වෙන රටවල ජීවත් වෙන්නත් ආස හිතෙනවා

    :yes::yes::yes: