පුළුවන්.
ඔයා සිවිල් නඩුවක් දාන්න ඕන දිස්තික් උසාවියේ. වග උත්තරකරු විදිහට අර කැබ් එකේ එකයි එයාගේ insurance company එකයි නම් කරන්න ඕන. ලක්ෂ දෙකක් දක්වා වන්දි ඉල්ලන්න පුළුවන්. ඔයාට නැතිවෙච්ච පඩිය වගේ දේවල් ගැන හිතලා තව ඉල්ලන්න පුළුවන් වෙයි.
insurance company is liable to pay any 3rd party.
නඩු කොපියක් ගන්න ඕන නම් උසාවියෙන් ගන්න ඕන. නඩුවේ අංකය දැනගෙන උසාවියේ රෙජිස්ට්‍රාර් ගෙන් ගන්න පුළුවන්. ලොකු ගානක් යන එකක් නෑ මයේ හිතේ
තුන් වන පාර්ශවයට ගෙවයිද බන් අපේ එකාගේ ලයිසන් නැති එකත් එක්ක දිස්ත්‍රික් එකේ නඩුවක් ෆයිල් කරන්න කීයක් යයිද බන් ටහිකෙනෝ පැරදුනොත් ඒ සල්ලිත් නෑ
මචන් ගෙවන්නේ බයික් කාරයා ගෙන් නෙවෙයි කැබ් කාරයාගේ ඉන්ෂුවරන්ස් එකෙන්.
මොනාද බයික් එකේ ඉන්ෂුවරන්ස් ගන්න බෑ ලයිසන් නැති එකෙක් පැද්දොත්.
පැරදුනොත් ඉතින් ලෝයර් ගේ ගාන දෙන්න වෙයි.
ඒක නිසා නිතිප් උපදෙස් මුලින් ගන්න. උඹට සල්ලි අපහසුතාවයක් තියෙනවා නම් නොමිලේ පෙනී හිටින්න නීතිඥයෝ ගන්න පුලුවන් නීති ආධාර කොමිසමෙන්.
http://www.legalaid.gov.lk/
දැන් රස්සාවත් නෑ කියල ආර්ථික අපහසු තා කියල මෙයාලගෙන් නීති උපදෙස වගේම නොමිලේ පෙනිහිටින්නත් ගන්න පුළුවන්