නුගේගොඩ රැළියේ ලක්ෂ 05ක් හිටියේ එකාපිට පහ හ&#3

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    නුගේගොඩ රැළියේ ලක්ෂ 05ක් හිටියේ එකාපිට පහ හ&#3

    ඊයේ දින මහින්ද සමග රට දිනවමු රැලියට පැමිණි ජන ගංගාවේ සංඛ්‍යාත්මක අගය පිලිබඳ මේ වනවිට උණුසුම් වාද විවාද ඇතිවෙමින් පවතී. නුගේගොඩ පවති රැලියට සහභාගීවන ජන සංඛ්‍යාව පිලිබඳ ජනතාව මෙතරම් උනන්දු වුයේ එම රැලියට 5000 කට වඩා පිරිසක් ගෙන්වා ගැනීමට විමල් වීරවංශට හැකිවුවහොත් තමා ඉල්ලා අස්වන බවට මධ්‍යම පළාත්සභා මන්ත්‍රී අසාත් සාලි විසින් කරන ලද අභියෝගයයි. ඒ අභියෝගය කෙසේ වෙතත් නුගේගොඩ පොදු වෙළඳපොළ භූමිය සහ දුම්රිය පොළ අසළ සිට නුගේගොඩ හංදිය දක්වා මහා මාර්ගයත් අතුරු සිදුරු නැතිව මහා ජන ගංගාවකින් වැසී ගොස් තිබෙන අයුරු එහි ගිය අපටද දක්නට ලැබුණි.

    එම රැලියට සහභාගී වූ ජනතාව ඇමතු විමල් වීරවංශ කියා සිටියේ පැමිණි ජන සංඛ්‍යාව ලක්ෂ පහකට අධික බවය."පන්දාහට ලක්ෂ පහක් ඔන්න නුගේගොඩ වටකලා. සිරිසේන ජනපතිතුමා අසරණ වෙච්ච ජනපති කෙනෙක් පමණයි. අද ආණ්ඩුව කරන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්මයි. රනිල් වික‍්‍රමසිංහ මහත්මයා වාඩිවෙන්නේ ජනපති වාඩිවිය යුතු අටවැනි පුටුවේ. මේක පුටු පිළිබඳ ප‍්‍රශ්නයක් නෙමෙයි. ඒකෙන් පේනවා ජනපතිතුමාට තිබෙන තත්ත්වේ."

    ඊයේ රැලියට පැහැදිලි ජන සහභාගිත්වයක් තිබුනත් ඇත්තෙන්ම ලක්ෂ පහක් නුගේගොඩට පැමිණියාද? නොඑසේනම් පැමිණ සිටි පිරිසෙහි නියම ප්‍රමාණය කොතරම්ද? පහතින් අප දක්වන්නේ එම රැලියට පැමිණි ආසන්නතම සංඛ්‍යාව පිලිබඳ සාක්ෂි සහිත පැහැදිලි කිරීමකි.

    පසුගිය ජනවාරි 14 වනදා ගාලු මුව‍ෙදාර පිටියේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් පැවැත්වූ දේව මෙහෙයට ලක්‍ෂ පහකට අධික කිතුනු බැතිමත්හු පිරිසක් සහභාගි වූහ. එය එදා මෙදාතුර ගාලු මුව‍ෙදාර පිටියට එක් රොක්වූ විශාලම පිරිසවේ. මෙම දේව මෙහය පැවැත්වීමට ප්‍රථම වර්ග මීටර 82789 ක් වූ ගාලු මුවදොර භූමියේ කොපමණ පිරිසකට තෙරපීමකින් තොරව රැඳී සිටීමට හැකිදැයි යන්න අන්තර්ජාතික ප්‍රමිතීන් වලට අනුව මැන තිබුණි. ඒ අනුව වර්ග මීටර 252 ක භූමි ප්‍රමාණය තුල සිටිය හැක්කේ මිනිසුන් 1260 දෙනෙකුටය. එය පහත සැලැස්මෙන් පැහැදිලිකරගත හැක.



    gall-facez-img.png


    ඒ අනුව වර්ගමීටර 82789 වූ ගාලු මුවදොර භූමි ප්‍රමාණය තුල මිනිසුන් සිටියහැක්කේ ලක්ෂ හතරකට ආසන්න පිරිසක් බව ගණන් බලා තිබුණි. එහෙත් එදින ගාලු මුවදොර පිටියට ලක්ෂ පහකට අධික පිරිසක් සහභාගී වූ බව වාර්තා විය. එම පිරිස යම් තෙරපීමකට ලක්වෙමින් දේව මෙහෙයට සහභාගීවනුද දක්නට ලැබිණි.

    galleface.png


    ඊයේ දිනයේ "මහින්ද සමග රට දිනවමු" රැලිය පැවැත්වූ නුගේගොඩ පොදු වෙළඳපොළ භූමියේ (නුගේගොඩ පොදු වෙළඳපොල භූමිය සහ නුගේගොඩ දුම්රිය පොළ සීමාවේ සිට නුගේගොඩ හන්දිය දක්වා ඇති මහා මාර්ගය රැළියට පැමිණි පිරිසෙන් අති මහත් බහුතරයක් රැඳී සිටි භූමි භාගය වේ.) එම භුමියේ වපසරිය ගූගල් චන්ද්‍රිකා සිතියමට අනුව වර්ග මීටර් 6385 ක් පමණ වේ. පාප් වහන්සේගේ දේව මෙහෙය සඳහා ගණනය කළ පරිදි වර්ග මීටර 252 ක් තුල සිටිය හැක්කේ මිනිසුන් 1260 ක් නම් එය නුගේගොඩ පොදු වෙළඳපොල භූමියට ආදේශ කළහොත් (6385/252*1260=31952) නුගේගොඩ අදාල වපසරිය තුළ සිටිය හැකි පුද්ගලයින් ප්‍රමාණය 31925 කි.


    nugegoda-real.png

    nugegoda.png


    එහෙත් එය දේව මෙහෙයක් සඳහා තෙරපීමකින් තොරව සිටගෙන සිටීමට ගැලපෙන ලෙස සකස්කරන ලද්දක් බැවින් නුගේගොඩ රැළිය සඳහා අදාල බිම්කඩ තුළ ගාලු මුවදොරට වඩා දෙගුණයක් තෙරපෙමින් සිටිතැයි උපකල්පනය කළද එහි සිටිය හැක්කේ පුද්ගලයින් 63904 කටය. එම ප්‍රමාණය තෙගුණයක් වේ නම් සිටිය හැක්කේ පුද්ගලයින් 95856ටය. එහෙයින් මෙම බිම්කඩ තුළ ලක්ෂ 05 රැඳී සිටියේනම් එය මහා ආශ්චර්යයකින් මිස ස්වභාවික මූලධර්මයන්ට අනුකූලවනම් විය නොහැක. එසේ නොමැතිනම් එකෙකු පිට පස් හය දෙනෙකු නැංවිය යුතුමය.:angry:

    Source- Neth FM
     
    • Like
    Reactions: SeriousGuy

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    adanawaa walapenawaa ganan hadanawaa kotu gahanawaa jana sankayalekana balanawaa :lol: ridilaa uparimayatama
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    යහපාලකයො එක එකා එනවා කොටු ගහනව අරව මනිනව මේව මනිනව වෙන වැඩක් ඇත්තෙම නැද්ද බන්...
     
    • Like
    Reactions: jonhrcm

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අද ගණිත පාඩම - ඒකක වර්ගඵලයක සිටින බයියන් ගණන සෙවීම, එමගින් රැස්වීමකට පැමිනි මුලු පිරිස ගණනය කිරීම.
    දේශකයෝ - හිත රිදුන ටොයියෝ :P
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    විමලේ කියන ගනන් කවුද බං ගණන් ගන්නේ...
    ඌට අනුකම්පා කරපන්..
    පුළුවන් නම් ඌට ටියුශන් පන්තියක් හොයලා දීපන්..

     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    විමලේ කියන ගනන් කවුද බං ගණන් ගන්නේ...
    ඌට අනුකම්පා කරපන්..
    පුළුවන් නම් ඌට ටියුශන් පන්තියක් හොයලා දීපන්..


    LoL..pau bn vimalaya. Laksha 5k avillai kiyanne :D
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අද ගණිත පාඩම - ඒකක වර්ගඵලයක සිටින බයියන් ගණන සෙවීම, එමගින් රැස්වීමකට පැමිනි මුලු පිරිස ගණනය කිරීම.
    දේශකයෝ - හිත රිදුන ටොයියෝ :P

    අපේ ක්ලාස් එකට විමලුත් එනවා...:yes::yes: මේ පාර ඕලෙවල් දාන්නලු ඉන්නේ... බෙදීම වත් බැ හරියට තාම :(:(
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ඇයි බං තමන්වම දිනවන රැස්වීමට මැදමුල්ලේ ජනමූසල නායකයා එන්නේ නැත්තේ??

    mahinda-rajapaksa-wimal-weerawansa-2010-7-10-8-16-13.jpg
     
    Last edited:
    • Like
    Reactions: wdk

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    6000 -> 60000 වරදින්න පුලුවන්
    ජනදිපතිට 2850 දවස ගේවන්න යන මුදල වරදින්න පුලුවන්
    කෝටි 900 -> 9000 වෙන්න පුලුවන්

    මුන්ට් 50,000 --> 500000 කලාම සෑහෙන්න වැරදි නේද?

    රවීලා, රනිල්ලා, දතාලා, ගොන්ජල, රන්ගේලා පච කෙලිනකොට උබලෑ කකුසිසි කට්වල් කෝද තිබ්බේ? :rofl:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    dan itin apita moko karanna kiyanne. eye re ninda giyeth ne wenna ethi munta ganan hadala hadala hadalaaaa. ayyooo paw. pin anduwa thawa masa 2..................