බයියො ලක්ෂ පහක් දැකලා ටොයියො බයවෙලාලු
දෙක දෙකෙන් බෙදුවාම බින්දුවයි කියා කීවේ විමල් වීරවංශය. එතුමා ඒතරමටම ගණිතයට දක්ෂය. ඊයේ (18) නුගේගොඩට ලක්ෂ පහක ජනකායක් පැමිණ සිටි බව කීවේද විමල් වීරවංශමය. ඒ වේදිකා මත සිටමය. වේදිකාවේ සිට ලක්ෂ පහක් අනුමානයෙන් හෝ පැවසූවේ කෙසේදැයි අපි නොදනිමු. කොහොමත් විමල් වීරවංශ පවසන දෑ ඒතරම් ගණන්ගත යුතු නොමැති නමුත් ඊයේ දිනයේ නුගේගොඩට ලක්ෂ පහක පිරිසක් පැමිණ සිටි බවට කරන ලද අසත්‍ය ප්‍රකාශයට අප පිළිතුරු දිය යුතුය.
ලක්ෂ පහක් නොව ලක්ෂ පනස් අටම ගෙන්වූවත් අපට ගැටළුවක් නැති බව මුලින්ම පැවසිය යුතුය. මන්ද යත් ලක්ෂ පනස් අටට වඩා ලක්ෂ හැට දෙක විශාල බව අප දන්නා බැවිනි. ඇත්තටම ඊයේ, ලක්ෂ පහක් නුගේගොඩට පැමිණියාද? නොඑසේනම් පැමිණ සිටි පිරිසෙහි නියම ප්‍රමාණය කොතරම්ද? අප, කරුණු කාරණා සාක්ෂි සහිතව ඔප්පුකර පෙන්වීමට සූදානම්.
විමල් වීරවංශගේ රැලියට සෙනග ගෙන්වාගැනීමට යොදාගත් උපක්‍රම මොනවාද? ඊයේ (18) සතියේ දිනයකි. ඊටත් වඩා ඊයේ බදාදා දිනයකි. රජයේ කාර්යාල වල මහජන දිනය යෙදී තිබෙන්නේ බදාදාටය. එමෙන්ම නුගේගොඩ යනු කොළඹ දිස්ත්‍රික්කයේ උපකාරක පංති පැවැත්වීම අතින් ප්‍රථම ස්ථානයේ තිබෙන නගරයයි. සවස තුන වන විට නුගේගොඩ මංසන්ධිය අසල ඇති සිය ගණනක් වන ව්‍යාපාරික ස්ථාන අසල ගැවසෙන පිරිස කොතරම්දැයි අපි දනිමු. ඒ අනුව පාරවල් හරස් කරමින් නුගේගොඩ මංසන්ධියේ “නයි නැටෙව්වත්” දෙතුන් දාහක සෙනගක් එක් රැස්වන බවට තර්කයක් නැත. ඒ අනුව වීරවංශගේ පළමු උපක්‍රමය සාර්ථකය. විමල් වීරවංශ සෙනග එකතු කිරීමට භාවිතා කළ මීලඟ ප්‍රධානතම උපක්‍රමය වූයේ “මහින්දගෙ ලක්ෂ 58න් කෙනෙක්නම් 18 සවස 3ට නුගේගොඩට එන්න” යැයි වැරදි අදහසක් මිනිසුන් අතරට යැවීමය. ඉන් ගම්‍යවන්නේ 18 වෙනිදා නුගේගොඩට මහින්දත් එන බව නොවේද? “මහින්දව අගමැති ලෙස යෝජනා කිරීමට විමල් වීරවංශ ඔබ අමතන රැළිය” ලෙසින් මෙය නම්කර තිබුණානම් තත්ත්වය බලාගන්නට තිබුණි. විමල්ව මාකට් කරගත නොහැකි වූ කළ, හිටපු ජනපතිව මාකට් කරමින් විමල් නුගේගොඩට සෙනග ගෙන්වාගත්තේ එලෙසිනි. මිනිස්සු ආවේ මහින්දව බලන්නටය. මහින්දගේ කථාව අසන්නටය. මහින්ද නොඑන බවක් ප්‍රසිද්ධ නොකර අවසන් මොහොත දක්වාම, එය මහජනතාවගෙන් වසන්කර තැබීමට විමල්ලා කටයුතු කළේ මහින්ද නොමැතිනම් කිසිවෙක් නොඑන බව දැන සිටි නිසාය.
විමල් කියන විදිහට ලක්ෂ පහක් නුගේගොඩට පැමිණ සිටියාද? නැත. ඇත්තටම පැමිණ සිටියේ දොළොස් දාහත් පහළොස් දාහත් අතර ප්‍රමාණයක් බව අප වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිමු. එමෙන්ම, හැකිනම් ලක්ෂ පහක් පැමිණ සිටි බව ඕනෑම ක්‍රමවේදයකින් ඔප්පු කර පෙන්වන ලෙසද අපි අභියෝග කර සිටිමු. ලක්ෂ පහක් පැමිණ සිටි බව ඔප්පු කළහොත් අපගේ UPFA – A Brighter Future පේජය නවතා දමන බවද අප වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිමු.
කරුණාකර මෙම ලිපියට සම්බන්ධ ඡායාරූපය දෙස අවධානය යොමුකරන්න. ඊයේ දිනයේදී නුගේගොඩට රැස් වූ සමස්ථ ජන සංඛ්‍යාවම හසුකරගැනීමට ගුවනින් ගත් මෙම ඡායාරූපයට හැකිව තිබේ. මෙම ඡායාරූපයට හසු වී නැතිනම් ඒ ඉතා කුඩා පිරිසක් බව, අනෙකුත් ඡායාරූප නීරීක්ෂණය කිරීමේදී අවබෝධ කර ගත හැකිය. මෙම සමස්ථ ජන සංඛ්‍යාව රැඳී සිටින භූමි ප්‍රමාණය අප, දුර අනුව සමානුපාතික වන පරිදි කොටස් සියයකට බෙදා දක්වා ඇත. මෙයින් අපට දැකගත හැකි ආසන්නතම කොටස් වල සිටින පුද්ගලයින් ප්‍රමාණය ආසන්න වශයෙන් ගණන් කළ හැකිය. එම අගය පුද්ගලයින් 150කට අඩු අගයක් බව ඔබටද ගණන් කර බැලිය හැකිය. එමෙන්ම දකුණු පසින් ඇති කොටු නවයක්ම පුද්ගලයින් රහිත කලාපයක් වන නමුත්, වේදීකාව ඉදිරිපස සිටින පිරිස වෙනුවට එම කොටු නවයේද පුද්ගලයින් 150 බැගින් සිටිනවායැයි උපකල්පනය කළහොත් 150 X කොටු 100 = 15000කි. පැහැදිලිවම මෙම ඡයාරෑපයේ පහළොස් දහසක් නොමැති නමුත් සිටිය හැකි උපරිම අගය පහළොස් දාහකි. විමල් පවසන පරිදි මෙම භූමි ප්‍රමාණයේ ලක්ෂ පහක පිරිසක් සිටියානම්, අප විසින් බෙදා වෙන් කර ඇති කොටු 100න් එක් කොටුවකට පුදිගලයින් 5000ක ප්‍රමාණයක් ඇතුලත් විය යුතුය. එය කොතරම් දුරට ප්‍රායෝගිකද යන්න ඔබටම සිතාගත හැකි වනු ඇත.
ඒ අනුව මහින්දව විකුණමින්, මහින්දගේ ලක්ෂ 58ටම කැඳවමින්, ජනාකීර්ණම නගරයක මංසන්දියක, සියළුම මාර්ග අවහිර කරමින් විමල්ට නුගේගොඩට ගෙන්වාගැනීමට හැකිව ඇත්තේ උපරිම පහළොස් දහසකට ආසන්න ප්‍රමාණයක් බව පැහැදිලිය. එම පිරිස තුළද අමතර පංතිවලට සහභාගී වෙමින් සිටි සිසු සිසුවියන්, කාර්යාල නිමවී නිවෙස් බලා යන පුද්ගලයින්, කාර්යාල වලින් වැඩක් කරගැනීමට පැමිණ නිවෙස් බලා යන පුද්ගලයින්, සිය ගණනක් වූ ව්‍යාපාරික ස්ථාන වල සේවකයින් හා එම ව්‍යාපාරික ස්ථාන වල සේවය අපේක්ෂාවෙන් පැමිණ සිටි පුද්ගලයින්, පක්ෂ බේදයක් නැතුව රැළියේ තත්ත්වය දැක බලාගැනීමට පැමිණ සිටි පුද්ගලයින් සිටි බවද අප සිහිතබාගත යුතුය.
මහින්ද ඊලඟ මහ මැතිවරණයේදී ඕනෑම පක්ෂයකින් අගමැති අපේකෂකයා ලෙස ඉදිරිපත්වීමෙහි අපට ගැටළුවක් නැත. ගැටළුවක් ඇත්නම් ඒ, විමල් වීරවංශලා වැන්නවුන්ගේ මුසා බස් අසා, නොමග ගොස් හුරේ දමන සුළු පිරිසක් වෙනුවෙන්, යථාර්තය අවබෝධකර දෙනු පිණිස, අධික කාර්ය බහුලත්වය මධ්‍යයේ, ඉඳ හිට මෙවැනි වූ ලිපියක් ලිවීමට සිදුවීම පමණකි..




