Answered නුගේගොඩ සුජාතා විද්‍යාලයේ අසාධාරණකම්

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    නුගේගොඩ සුජාතා විදුහලේ පරිපාලනය විසින් දෙමාපියන්ට, ගුරුවරුන්ට සහ දරුවන්ට සලකන්නේ ඉතාම පහත් විදියට.
    දන්න තරමින් ගුරුවරුන්ට ගෙවන්නෙ ඉතාමත් අඩු පඩියක්. ඒ නිසා දක්ශ ගුරුවරු ‍රැ‍ඳෙන්නෙ නෑ.
    දරුවන්ගෙ දක්ශතා හඳුනාගෙන සමාන හා සාධාරණ අවස්ථා දෙන්නෙ නෑ. ඒ වෙනුවට ගුරුවරුන්ට හිතවත් දෙමාපියන්ගෙ දරුවන්ට අවස්ථාව ලැබෙනවා. දරුවන් මේ නිසා මානසිකව වැටෙනවා. දෙමාපිය ‍රැස්වීම් දාන්නෙ උදේ 11ට දවල් 3ට වගේ වැඩකරන දෙමාපියන්ට නිවාඩුවක් නොදමා එන්න බැරිම වෙලාවකට. දෙමාපියන්ගෙ පහසුව ගැන කිසිම තැකීමක් නෑ. දෙමාපියෙකුට වාහනේ park කරන්න තැනක් නෑ. යාබදව තියෙන මද්දුමගෙවත්ත පාරෙ දාන්න එපා කියල කියල එවනව. එහෙනම් park කරන්නෙ කොහෙද කියල option එකක් දෙන්නෙ නෑ. දරුවෙකුට ප්‍රමාණවත් ක්‍රීඩා පිටියක්, සංගීත හෝ නැ‍ටුම් කාමරයක් තබා ප්‍රමාණවත් සහ පිරිසිදු වැසිකිලි පද්ධතියක්වත් නැති පාසලක්. සෑම විටම මුදල් ගරාගැනීමටම පොරබදින වාර විභාග ප්‍රශ්න පත්‍රයට පවා වෙනම මුදල් අයකරන, පාසලට අවශ්‍ය සැනිටයිසර් බෝතලය, සබන් කෑල්ල පවා දෙමාපියන්ගෙන් එකතු කරන පාසලක්. කොවිඩ් කාලයේ online උගන්වන්න ප්‍රමාණවත් පහසුකම් හෝ ගුරුවරුන්ට ඒ සඳහා අවශ්‍ය දැනුම නොදුන් පාසලක්. කාලෙකට කලින් පිහිනුම් විශය තිබුනත් දැන් ඒක after school optional subject එකක් කරලා. පිහිනුම් වලට දරුවන් ගෙනියන එක දෙමාපියන්ට අතිරේක බරක් කරවලා. Innovation tower කියල parking පහසුකම් සහිත ගොඩනැගිල්ලක් හදල ඒක දැන් පාසලේ කැඩුනු ඩෙස් බංකු දාන්න පාවිච්චි කරනවා. දෙමාපියන්ගෙ පහසුව කියන දේ මේ ගොල්ලන්ගෙ priority list එකේ යටම තියෙන්නෙ.

    මගේ දරුවා තවදුරටත් සුජාත එකට යන්නෙ නෑ. මට පාසල සමඟ පෞද්ගලික අමනාපයක් ඇත්තෙත් නෑ. මම මේ තොරතුරු කියන්නෙ, තවත් දරුවෙක් අමාරුවෙ වැටෙන එක වැලැක්වීමේ සද්භාවයෙන්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉතිං අනුරට කියලා පඩිය වැඩි කරගනින්කෝ..ෆුක උඩ දාගෙන ගිහින් උෟට චන්දේ දෙන්න විතරද පුළුවන්..😹
     
    • Haha
    Reactions: lasankandy

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දරුවන්ගෙ දක්ශතා හඳුනාගෙන සමාන හා සාධාරණ අවස්ථා දෙන්නෙ නෑ. ඒ වෙනුවට ගුරුවරුන්ට හිතවත් දෙමාපියන්ගෙ දරුවන්ට අවස්ථාව ලැබෙනවා.
    hamathanama ohomai ban. Salli walata okkoma yatai.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    ඉතිං අනුරට කියලා පඩිය වැඩි කරගනින්කෝ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    hamathanama ohomai ban. Salli walata okkoma yatai.

    (2)

    lamaiva international scl walata dahan
    adu kule gov wala yawann epa

    Owa nm Ohoma thamai . mama 11 Di ape Principal mata iskole enna epa kiwwa RS 1000 nathuwa. :(

    "gov" scls "government" eken hariyata regulate wennathi eke prashne thami, eka thmi podi adyapnayak thiyena adu kule ballo scls walata principlesla wela awilla ohoma raganne
    ------ Post added on Oct 25, 2024 at 6:24 PM
     
    • Sad
    Reactions: Nidarshana_k

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    lamaiva international scl walata dahan
    adu kule gov wala yawann epa
    මචන් මට ඉන්ටර්නැශනල් , සෙමි ගවර්න්මන්ට්, ගවර්මන්ට් තුනේම අත්දැකීම් තියෙනවා. ඔක්කොම අඩුවැඩි වශයෙන් එකයි බන්. යහමින් සල්ලි හම්බකරන එවුන් විශේෂයෙන් නීත්‍යානුකූල නොවෙන විදිහට එක්කො පොලිටික්කන්ගේ හෙංචචයියෝ එතන රඟනවා. සල්ලි විසිකරද්දි ප්‍රින්සිපල්ගේ ඉඳලම නැමෙනවා. ටීචර්ලා සල්ලි තියෙන උන් ගාව පාර්ට් ටයිම් ජොබ්. ඉතින් කොහෙද හරියට වැඩක් වෙන්නෙ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මචන් මට ඉන්ටර්නැශනල් , සෙමි ගවර්න්මන්ට්, ගවර්මන්ට් තුනේම අත්දැකීම් තියෙනවා. ඔක්කොම අඩුවැඩි වශයෙන් එකයි බන්. යහමින් සල්ලි හම්බකරන එවුන් විශේෂයෙන් නීත්‍යානුකූල නොවෙන විදිහට එක්කො පොලිටික්කන්ගේ හෙංචචයියෝ එතන රඟනවා. සල්ලි විසිකරද්දි ප්‍රින්සිපල්ගේ ඉඳලම නැමෙනවා. ටීචර්ලා සල්ලි තියෙන උන් ගාව පාර්ට් ටයිම් ජොබ්. ඉතින් කොහෙද හරියට වැඩක් වෙන්නෙ.

    lankava ehem tmi bn, gov walata sapekshava international scls hodi, aduma thamrame podi lamai bllo wge guti kannathuw hri idi international ekakata giyoth
     
    • Like
    Reactions: Nidarshana_k

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මට නම් තියෙන එක ම ප්‍රශ්නෙ ඔය ඉස්කෝලෙ ඉස්සරහ තියෙන කහ ඉර උඩ mai පොන්න බස් කාරයො බස් නවත්තන්නෙ. මම කහ ඉර මාරු වෙන්න ඉන්නකොට බස් එක නවත්තලා මගේ කකුල ලග ම මට නගින්නලු. තව පොඩ්ඩෙන් කකුල් දෙක චප්ප වෙනවා. බස් එක අරන් පල කියලා බැන්න ම යන ගමන් කොන්දොස්තර පොන්නයා ඇගිල්ල දික් කර කර මොනවද කියව්වා. ට්‍රැෆික් එකේ නවත්තලා තියෙන කොට ගලක් අරන් ලගට ගියාම පොන්නයෝ දෙන්නා රේස් කරගෙන දිව්වා
     
    • Haha
    Reactions: Mr.dark

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මචන් මට ඉන්ටර්නැශනල් , සෙමි ගවර්න්මන්ට්, ගවර්මන්ට් තුනේම අත්දැකීම් තියෙනවා. ඔක්කොම අඩුවැඩි වශයෙන් එකයි බන්. යහමින් සල්ලි හම්බකරන එවුන් විශේෂයෙන් නීත්‍යානුකූල නොවෙන විදිහට එක්කො පොලිටික්කන්ගේ හෙංචචයියෝ එතන රඟනවා. සල්ලි විසිකරද්දි ප්‍රින්සිපල්ගේ ඉඳලම නැමෙනවා. ටීචර්ලා සල්ලි තියෙන උන් ගාව පාර්ට් ටයිම් ජොබ්. ඉතින් කොහෙද හරියට වැඩක් වෙන්නෙ.
    :yes::yes: ඔක්කොම එකයි
    grade 9 අන්තිම term එකේ school fees ගෙවන්න ටිකක් කල් ගියා
    office එකෙන් ඇවිල්ලා period එකේ උගන්වන ගමන් එලියට එන්න කියලා හේතුව ඇහුවා

    fees වැඩි කරනවා මාර වේගෙන්
    school board එකේ parentsලා වෙනුවෙන් හිටියේ උඩම business level සෙට් එක, middle class එකට හිකිස් ඉතින්
    dancing group එකෙත්, තව elite club එකක් තිබුණා ඔය සෙට් එකට
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    :yes::yes: ඔක්කොම එකයි
    grade 9 අන්තිම term එකේ school fees ගෙවන්න ටිකක් කල් ගියා
    office එකෙන් ඇවිල්ලා period එකේ උගන්වන ගමන් එලියට එන්න කියලා හේතුව ඇහුවා

    fees වැඩි කරනවා මාර වේගෙන්
    school board එකේ parentsලා වෙනුවෙන් හිටියේ උඩම business level සෙට් එක, middle class එකට හිකිස් ඉතින්
    dancing group එකෙත්, තව elite club එකක් තිබුණා ඔය සෙට් එකට
    ෆීස් නම් කමක් නෑ කියපන්කො. මට නම් තිබ්බ ලොකුම අවුල මුට්ටි අල්ලන උන්ට තැන දෙන එක. අපේ ළමයගෙ පන්තියෙ එකෙක් හිටියා ඌ මුලු ඉස්කෝලෙම ගුරුවරුන්ගේ උපන්දින වලට තෑගි දෙනවා. මොන ඉවෙන්ට් එක තිබ්බත් ඌව තමයි හැම එකටම ඉස්සරහට දාන්නෙ. තව ආරංචි වෙනවා ටීචර්ලා උන්ගෙ ගෙදර පාර්ටි වලටත් යනවා කියලා.bතව ඔය වගේ උන් කීපයක්ම හිටියා. මට ඔය මුට්ටි අල්ලන වැඩ පුරුදු නෑ. ඉස්කෝලෙට ඩොනේශන් දෙනකොටත් මම කිව්වෙ මම දෙන්නෙ අවම ගාන උඹලා ගන්නවානම් ගනින් කියලා. අපේ ළමයා ගැන ප්‍රින්සිපල් එක්ක කතා වෙන ඒවත් ඌ පන්තියේ අනිත් ගෑණුන්ගේ කනේ තියනවා. පරම්පරාවෙන් සල්ලි හම්බෙච්ච මෝඩයොයි, ලස්සන තියෙනවට සල්ලිකාරයින්ගේ කරේ එල්ලිච්ච මෝඩ ගෑණුයි, පොලිටික්ස් හොර වැඩ කරලා සල්ලි හොයන එවුනුයි එක්ක වසන්න අමාරුයි ඉන්ටර්නැශනල් උනත්.