නුඹත් මාත් රේල් පීලි දෙකක් . . . ! !

Oct 25, 2009
228
19
0
නුඹත් මාත් රේල් පීලි දෙකක් . . . ! !

නුඹත් මාත් රේල් පීලි දෙකක් . . . ! !

ලිව්වේ දුකා on Sunday, November 1, 2009 Labels: දුකට ලියූ කවි / Comments: (20)

නොසිතේ ද නුඹට කෙදිනක වත් . . .
නුඹත් මාත් . . . කිසිදා එක් නොවන . . .
රේල් පීලි දෙකක් මෙනැයි . . .

නමුදු නොහැක අපට කිසිදා . .
දෙමඟක ගමන් යාමට . . .
පුංචි කෝච්චියක් ඇත අප හිස් මත
ගමන් ඇරඹූ මේ දැං . .
නමුත් . . .
යාමට බෝ දුරක . . .

පුංචි කෝච්චියේ බර පමනක් නොව . . .
ඕනෑම බරක් සුන්දරයැ . . .
හැම බරකම ඇත්තේ . . .
විඳීමට ඇති සතුටක්මයැ . .
එනයින් . . . ඕනෑම බරක්,
බරක් නොවේ . . . මේ යකඩින් සැදි මට
මෙසේ සිතනා පීල්ලක් . . . . .

එපා මට . . .
පුංචි කෝච්චියේ බර හැර
වෙන එකදු දශමයක වත් . . .
බරක් . . .
නුඹත් මාත් පුංචි කෝච්චියත් හැර
අන් සියලුම බර . . .
සතුරෝමයැ . . .
දුෂ්ඨයෝමයැ . . .
මෙසේ සිතනා පීල්ලක් . . . . .

නුඹත් මාත් රේල් පීලි දෙකක් . . .
එකිනෙකා දෙස බලා සිටින . . .
කිසිදා එක් නොවන . . . ! ! !
 
  • Like
Reactions: somadasa

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතාමත් රහට ලියැවුන තවත් අනර්ඝ නිර්මානයක්..

කිසිදා එක් නොවන රේල් පීලි දෙකකි අප...

නීතියෙන් හා සෙනෙහසින් එකට බැඳුනත් අඹු සැමියන් අතර පවා ඔවුන්ගේ සිත්හී වරින්වර ජනිත වන හැඟුම් හා සිතුවිලි ධාරාවන් දෙවිදියක හා දෙපැත්තක යන අවස්ථා කොච්චර නම් තියෙනවද??

ඒ වෙලාවට කාගේ සිතුවිලිවලට මුල් තැන දෙන්නද හා එයින් ලැබෙන අවසන් ඵල විපාක මොනවාද යන්න ගැනත් ලොකු ගැටළු බවට පත්වෙන අවස්ථාත් එමටයි..

අකුරු ටිකක් ලොකුවුනා නම් හා මෙම නිර්මානයට ps work එකක් යෙදුවානම් මේක තවත් විචිත්‍ර කර ගන්න තිබුනා...හෙමින් හිතල බලන්නකො ඊලඟ නිර්මානය කරන කොට...

මල්ලියා ඔබට ජය...
 
Last edited:
Oct 25, 2009
228
19
0
ඉතාමත් රහට ලියැවුන තවත් අනර්ඝ නිර්මානයක්..

කිසිදා එක් නොවන රේල් පීලි දෙකකි අප...

නීතියෙන්හා සෙනෙහසින් එකට බැඳුනත් අඹු සැමියන් අතර පවා ඔවුන්ගේ සිත්හී වරින්වර ජනිත වන හැඟුම් හා සිතුවිලි ධාරාවන් දෙවිදියක හා දෙපැත්තක යන අවස්ථා කොච්චර නම් තියෙනවද??

ඒ වෙලාවට කාගේ සිතුවිලිවලට මුල් තැන දෙන්නද හා එයින් ලැබෙන අවසන් ඵල විපාක මොනවාද යන්න ගැනත් ලොකු ගැටළු බවට පත්වෙන අවස්ථාත් එමටයි..

අකුරු ටිකක් ලොකුවුනා නම් හා මෙම නිර්මානයට ps work එකක් යෙදුවානම් මේක තවත් විචිත්‍ර කර ගන්න තිබුනා...හෙමින් හිතල බලන්නකො ඊලඟ නිර්මානය කරන කොට...

මල්ලියා ඔබට ජය...

හරිම සතුටුයි ඔබේ අදහස් දැක්වීම . . . අයියා කියපු දෑවල් ගැන මම සැලකිලිමත් වෙන්නම් . . .

"
ඒ වෙලාවට කාගේ සිතුවිලිවලට මුල් තැන දෙන්නද හා එයින් ලැබෙන අවසන් ඵල විපාක මොනවාද යන්න ගැනත් ලොකු ගැටළු බවට පත්වෙන අවස්ථාත් එමටයි..
"
ඇත්තෙන්ම ඔව් . . ඒ වගේ වෙලාවට හරිම අසරන වෙනවා
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ananthayata yana rel pili dekak hamuwanna parami puranaawa. ow samahara welawata rel pili wage adahas thiyana ayath ekata ekathu wenawa. ekineka desa balagena innawath pin labuna eka mona tharam deyak da?
godaak hondata kathawa liyala thiyenawa
suba pathum
 
nwnbs

Member
අපූරු නිර්මාණයක් යාළුවා... :)
දෙන්නෙක් කොච්චර ලං වුනත් සමහර සිතුම් පැතු වලින් කොච්චර ඈතද... ඒත් ඒ දුරස්බව ගොඩක් කල්පනාවෙන් පාලනය කරගන්න ඕනෙ... හොඳ නිර්මාණයක් :)
 
ow appaa . . . samahara welaawata ehemat hitenawaa . . . ea kiwwe laginma nati unath durinma natuwat inna ekama madida kiyalaa .. . .

sthoothi . . ..
 
Oct 25, 2009
228
19
0
අපූරු නිර්මාණයක් යාළුවා... :)
දෙන්නෙක් කොච්චර ලං වුනත් සමහර සිතුම් පැතු වලින් කොච්චර ඈතද... ඒත් ඒ දුරස්බව ගොඩක් කල්පනාවෙන් පාලනය කරගන්න ඕනෙ... හොඳ නිර්මාණයක් :)

ඇත්තෙන්ම ඔව් මචං . . .උඹ කියන දේ හරි . . ස්තූතියි උඹට