නුඹ මලක් වේ මැයි සුදු දුවේ...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අන්තිම පද පේළිය හරිම ලස්සනයි... සාර්ථක නිර්මාණයක්.

    ගොඩක් ස්තුතියි මල්ලි...

    QUOTE=Killerstuffbaby;19480762]matath duwek inne thaththekge sihine lassanata akuru karala thiyanawa[/QUOTE]

    ගොඩක් ස්තුතියි...

    RePost බුවා;19480805 said:
    කවදත් වහේ හරි ලස්සනයි අක්කේ,,,,
    මේ වගේ දක්ෂතා ලබන්න ඔයා හරි වාසනාවන්තයි,,

    තෑන්ක් යූ මල්ලියා...වාසනාවත් ඇති...ඒත් ඕනෑම දෙයක් නැවත කිරීමෙන් ඒකෙ විශේෂ ප්‍රාගුන්‍යක් ඇති කර ගත හැකියි...ඒ නිසා ඕනෑම කෙනෙක්ට උත්සාහ කිරීමෙන් යන හැකියාවක් ලැබෙනවා :)

    තෑන්ක් යූ....

    කියවන්න හිතටගන්න
    රසවිදින්න නෙමයි හදවතට පුරවගන්න

    ස්තුතියි මල්ලි...:)

    ලොවෙන් කෙනෙක් යම් දෙයකට වෙයි සමත කියන්නෙ නිකන්යැ
    ලස්සනයි :):)

    ගොඩක් ස්තුතියි...එත් මේ පිරුල නම් දැන් කාලේ අදාල නෑ මල්ලි...එක්කෙනාට විවිධ දක්ෂතා තියන අය ඕනේ තරම්...

    :)

    නෝ වර්ඩ්ස්. දූලා ඉන්න තාත්තලාට නම් ගොඩක් රිදෙයි. (දැනෙයි)

    තෑන්ක් යූ ...ඔව් ඕනම අම්ම තාත්ත කෙනෙක්ගේ පැතුම මේක තමයිනේ...:)

    :) ගොඩක් ස්තුතියි

    තැනක් යූ...
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    "නුඹ පිපෙන දා ඇතක නොවේ"

    ආතතීය කරදර පිරි නුබේ ලොවේ
    නැද්ද පොඩි ඉඩක් නුබේ කුසේ
    සිහින දකින මල් කැකුල නුබේ සිතේ
    කවදා දෙන්නේ අවසර නුගේ උණුහුමේ

    ඉර අවරට නොගිය නමුත්
    දහවල ගෙවි ගොස් අවසානමුත්
    හිදිමේ බලා සූරලෝ නති නමුත්
    නුගේ සිතට මා ගැන සිතුවිලක්

    අම්මේ කියා මා අමතන දා
    දුවේ කියා මට අමතන අනිද්දා
    ඉර බැස මුත් සෙනෙහෙ අදුරු වූදා
    නැගෙන හිරින්රි නුඹේ තුරුලට ආ...දා

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    "නුඹ පිපෙන දා ඇතක නොවේ"

    ආතතීය කරදර පිරි නුබේ ලොවේ
    නැද්ද පොඩි ඉඩක් නුබේ කුසේ
    සිහින දකින මල් කැකුල නුබේ සිතේ
    කවදා දෙන්නේ අවසර නුගේ උණුහුමේ

    ඉර අවරට නොගිය නමුත්
    දහවල ගෙවි ගොස් අවසානමුත්
    හිදිමේ බලා සූරලෝ නති නමුත්
    නුගේ සිතට මා ගැන සිතුවිලක්

    අම්මේ කියා මා අමතන දා
    දුවේ කියා මට අමතන අනිද්දා
    ඉර බැස මුත් සෙනෙහෙ අදුරු වූදා
    නැගෙන හිරින්රි නුඹේ තුරුලට ආ...දා

    මගෙ කුසින් නාවත් ඔය නිර්මාණයට දාල තියන image එකේ ඉන්න කෙළි පැටව් දෙන්නම මගේ වගේ තමයි මල්ලි. :love::love:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    දැනුම රැඳි පිරි දියක් සේ මහ සාගරේ
    ඇය හිමි කරගන්න තම මව ලෙසේ
    නුඹ කොතරම්ද දුව , ලොව පින් කලේ
    නුඹ මලක් වේ මැයි සුදු දුවේ...............
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    දැනුම රැඳි පිරි දියක් සේ මහ සාගරේ
    ඇය හිමි කරගන්න තම මව ලෙසේ
    නුඹ කොතරම්ද දුව , ලොව පින් කලේ
    නුඹ මලක් වේ මැයි සුදු දුවේ...............

    :cool::cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුව ගැන කියන්නට මට මහා කරුනු ගොන්නක් තිබේ. මගේ දුවනිය තාමත් පාසැලට යන්නට පටන් ගත්තා පමණි. (මේ 20 වනදා සිට) නමුත් ළද බොළද ඇය නියම දුවක ගේ ගති ලකුණු දැන් ද පෙන්වයි. මා බෙහෙතක් ගන්නේ නම් එය මට දෙන්නේ ඇය විසිනි. බොන බෙහෙත ඇය අතට දිය යුතු අතර, ඇය වතුර සමග නැවත මට එය දෙයි. එය බොනවා දැක මුහුණට මද හසක් එක් කර ගනී. රස මසවුලක් ලද හොත් තාත්තා ගේ කොටස ගැන උනන්දු වෙයි. තාත්තා සමග ෂොපිං යන්නට එනවාදැයි ඇසූ කල ඇස් දිලෙන්නට පටන් ගනී....

    දියැණිවරු වඩා ළග පියවරුන්ටය. ගල ලෙන බිද-ලෙන් දොර හැර සිය බාහු ථාමයෙන් සිංහබාහු තම මව සහ නැගෙණිය මනුෂ්‍ය වාසයකට ගෙන ගිය කල්හි සිංහයා සිය දියණිය සිහි කර විශේෂයෙන් වැලපෙන්නේ එහෙයිනි.
    .....................
    සිංහ සීවලී..
    මා ප්‍රිය දියැණිය....

    සුරතල් දියැණිය මොළකැටි වදනින්
    මා අමතන්නිය අහර පිසන්නිය
    කවන්නිය - පොවන්නිය
    මා ගැන බිය වන්නිය
    වනයේ දුකක් වෙද,
    අසන්නිය-සොයන්නිය

    ඈත් ගොසින් ය - ඈත් ගොසින් ය
    ඇයි සුදු දුවණියෙ නුඹවත් නොසිටියෙ

    සොයොවුරා නම් - ඔළ-මොල ගති ඇත
    නුඹ මෙන් මුදු නැත..............
    සිංහයා වඩාත් ම දුකට පත් වන්නේ තම ප්‍රියාව හෝ පුතනුවන් තමා හැර දා ගියා ට වඩා තම දියණිය තමා හැර දා යාම ගැනය....
    දියැණියන් පිළිබද ව පියවරුන් ගේ හදෙහි ඇති සෙනෙහස ඒ තරම් මැ ගණකම් ය........

    (මෙය ලියන්නට දවස් ගණනක ගත කළෙමි. ඒ පිළිබද ව සමා වන්න. ලියන්නට ගත් වාහාම දියණිය සිහිවී නෙත බොද වේ)
     
    දියණියන් කියන්නේ පියෙකුට සම්පතක්...ඔයා කියල තියන හැමදේම අතිශය සුන්දර ඇහැට කඳුලක් එක් කරන සත්‍යයන්...දුවෙකුගේ ආදරය කියන්නේ මහා පුදුමාකාර දෙයක්...ඒ දූවරුන්ට තාත්තලාගේ තියන ආදරය වචන වලින් විග්‍රහ කරන්න බැහැ...
     
    Last edited: