නුඹ රහසින් ඇවිත්.......

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
නුඹ රහසින් ඇවිත්.......

මගේ බ්ලොග් එකේ පලවූ කොටස් නවයක කතාවක් එලකිරි එකේ දාන්න හිතුවා....
----------------------------------------------------------------------------


වේගයෙන් පැමිනි මාතර කොළඹ බස් රථය ගාල්ල බස් නැවතුම් වෙත ලගා විය.ගිනි ගහන අව්වත් බස් රථයෙන් ඇවිස්සුනු දුහුවිල්ලත් නිසා ලේන්සුවකින් මුහුන වසා ගත් ඇය හනි හනිකට බසයට ගොඩ වූවාය.ඇයට මේ කිසිවක් හුරු පුරුදු දේවල් නොවේ.ගාල්ලට පැමින තවම සති දෙකක් වත් නැත.ඒ නමුදු ටියුෂන් ක්ලාස් යැවීමට තාත්තාට තිබූ තදියම ගැන ඇය සිතෙන් බැන වැදුනාය.

ඔබට ඇයගේ මුහුනේ ඉරියව් බලා සිටින්නට අවස්ථාවක් ලබා දුන්නා නම් ඔබ සිනාසෙනු ඇත.

ඇය සැබැවින්ම තම පියාට ආදරය කලාය.අම්මාගේ වියෝවත්,තාත්තාගේ ස්ථානමාරුවත් නිසා අලුත් ජීවිතය ඇයට අලුත්ම අත්දැකීමක් විය.

ඇය කවුදැයි මම තවම ඔබට නොකීවෙමි.ඇය අනුත්තරා දිසානායක වූවාය.

ඉතින් අපි කතාවට යමු.

අනුත්තරා පන්තියට යන විටත් පන්තිය පටන් ගෙන අවසන්ය.....

"සු....................................................."

පන්තියේ කොනකින් පටන් ගත් සූ.... හඩ පන්තිය පුරා පැතිරීමට ඇසිපිල්ලමක් සලන තරම් වත් වෙලාවක් ගත වූයේ නැතැයි මම සිතමි.

"ඕක නවත්තනවා....අන්තිම පේලියේ නිල් පාට ඉරි ඉරි ටී ශර්ට් එක.......ගේනව බලන්න තමුසෙගේ පොත." ටියුශන් ගුරුවරයාගේ හඩ පන්තියේ එල්ලා තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැඩිව ඇසුනි.නැවතත් පන්තිය සංසුන් විය.ඒ සිදුවීම් අතර තුර අනුත්තරා බන්කුවකට බර දී ඉදගත්තාය.

කොන්ඩය අවුල් වූ කමීසයේ බොත්තම් ඇරගත් තරූශ පෙරේරා නොහොත් අපගේ රස්තියාදුකාර කතානායකයා (එම වචනය කොතෙක් දුරට සාධාරන දැයි නොදනිමි ) පිටු 40 ක කොපි පොතක් ගෙන ගුරුවරයා ඉදිරියට පැමිනියේය.

"ගන්නවා බලන්න පොත.මේ මොකක්ද ඕයි..තමුසේ හදන්නේ මුලු බයෝ සිලබස් එකම මේ පිටු හතලිහේ පොතේ ලියන්නද? "

තරූශගේ සිනහමුසු මුහුනත් පන්තියේ මුනු මුනු සද්දයත් ස්වල්පවෙලාවක් පැවතුනි.

"පන්තිය පටන් ගත්තු දවසේ ඉදලා කරේ මේ පිටු දෙකේ තියන ඒවා විතරද.කවදා හැදන්නද දරුවො.මේක සෙල්ලමක් නෙමේ.අම්මා තාත්තා මහන්සියෙන් හම්බකරන සල්ලි තමයි ඔයා මේ නාස්ති කරන්න්නේ."

"ඉතින් සර් සල්ලි නාස්ති වෙන නිසා නේ මම පිටු හතලිහේ පොතක් ගත්තේ"

කොල්ලන් සිටි පැත්ත සිනහ හඩින් පිරුනද කෙල්ලන්ගේ පැත්ත දෙස ඔබ මා නොබලන තරමට නුවණට හුරුය.

සල්ලී දී උගන්වන පන්තියක් නිසාදෝ ගුරුවරයා සිසුවාට අත ඉස්සුවේ නැත.

යනවා පන්තියේ පිටිපස්සෙම පේලියට.ගිහින් නගිනවා ඩෙස්ක් එක උඩට"

ගුරුවරයාගේ විධානය ඔහුට ගානක් වත් නැත.කටේ තිබූ චුවින්ගම් හපය බිමට දැමු ඉලන්දාරියා සංසුන් ගමනින් පසුපසට ගමන් කලේය..

මේ සියල්ල දෙස අනුත්තරා සන්සුන්ව බලා සිටියාය.

"හොද වැඩේ අසමජ්ජාතියට.ඕකා තමා ඔයා එනකොටත් සු...ගාන්න පටන් ගන්න ඇත්තේ.ඕකටම හරියන යාලුවෝ ටිකක් ඉන්නව නේ.කොහොම ගෙවල් වල හැදුන උන්ද දන්නේ නෑ.ගිය සතියේ බස් එකේ යනකොට මගේ ගවුමේ චුවින්ගම් එකක් අලවලා තිබ්බා.අපරාදේ අලුත්ම ගවුම."

අනුත්තරාට අනෙක් පසෙන් සිටි තරුණිය කියාගෙන කියාගෙන ගියාය.

"මීට කලින් ක්ලාස් ආවද.මම අදයි ඔයාව දැක්කේ."

"නෑ.අද තමා ආවේ.මම අනුත්තරා"

"මම ඉරේශා ""

එතනින් පටන් ගත් ඔවුන්ගේ කයිවාරුව කොතනින් නැවතුනා දැයි මම නොදනිමි.තරුණ ගැහැණු ළමුන් දෙදෙනෙකුට කතා කරන්නට මොන තරම් දේවල් තිබේද..ඔවුන්ගේ කතා සොයන්නට යාමට තරම් මම ඕපාදූප කාරයෙකු නොවෙමි.

තමාගේ පියා ගාල්ලේ තැපැල් ස්ථානාධිපති බව , ගමේ ගත කල ජීවිතය ගැන , තමන්ගේ අලුත් ජීවිතය ගැන අනුත්තරා දිසානායක කියන්නට ඇත.ඉරේශාදා ඊට නොදෙවනි වන ලෙස තම ජීවිත කතාවම කියන්නට ඇත.

පන්ති නිම වන තුරුම ඔවුන්ගේ මුකුලුව,සිනහව මෙන්ම තරූශ දිසානායකගේ බන්කුව උඩ සිට කරන ඉලන්දාරි විහිලු වලින්ද පන්තිය පිරී පැවතුනි.
 
Last edited:

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
අනුත්තරාත් ඉරේශාත් පන්තිය අවසානයේ අම්බලන්ගොඩ බස් නැවතුම් පල වෙත සෙමෙන් සෙමෙන් පියනැගුවෝය.බස් රථවල නොනවතින හෝන් හඩත් මිදුමක් මෙන් නැගෙන දුහුවිල්ලත් අනුත්තරාගේ ඇස් දවාලයි.

මෙතක් කතාව මම කියුවේ අනුත්තරා දිසානායකට වාසි සහගත ලෙස යැයි ඔබට සිතෙනු ඇත.ගැහැනු ලමුන්ගේ කතා වලට මැදිහත් වීම අපට සුදුසු නැත.ඉදින් අපි තරුන ඉලන්දාරියා දෙසට හැරෙමු.මේ අවස්ථාව ඊට සුදුසුද නැද්ද මම නොදනිමි.නමුත් දැන් කරන්නට දෙයක් නැත..

තරූශ දිසානායක සිරුරේ වූ වැලි පිස දමමින් ජයග්‍රාහී ලෙස නැගිට්ටේය.බයාදු මුහුනින් ඔහුගේ සිරුරට යට වුනු සකුන්තල මොන මොනවදෝ මුමුනයි..

"තොට දැන ගන්න තිබ්බා ඔහොම කතාවක් කියන්න්න කලින්.තාත්තා නැති උනාට අම්මා ඉන්නවා යකෝ මාව හදාගන්න.තොපි මාව හදන්න ඕන නෑ.අනික තෝ මතක තියාගනින්.හැමදාම පන්තියේ වැඩිම ලකුනු අරගෙන පලවෙනිය වෙලා ගෑනු ගොඩේ සෙවලය වගේ ඉදියට අපේ කොල්ලෝ පාඩම් කරන්න ගත්ත දවසට තොට යන එනමං නැති වේවි."

සකුන්තලගේ මුහුනට තවත් දෙකක් අත ගුලිකර දුන් තරූශ බස් නැවතුමේ මුල්ලකට ඇවිද ගියේය.

සකුන්තල අමාරුවෙන් වාරුගෙන නැගිට්ටේය.
එසැනින් තරුන ගැහැහු ලමෝ කීප දෙනෙකු ඔහු වටකර ගත්තේය.එතන අනුත්තරාගේ අතින් ඇදගෙන දිව ආ ඉරේශා ද සිටිය බව අකමැත්තෙන් වුවද ඔබට මම කියමි.

"මොකක්ද මෝඩයෝ කරගත්තේ.ඔය කාලකන්නිය එක්ක රංඩුවට යන්න එපා කියලා අපි කොච්චර කියනවද.ඌ හිතක් පපුවක් තියන එකෙක් ද.දැන් තමුසේ එක්ක ගිහින් නැන්දටයි මාමටයි මම මොකක්ද කියන්නේ.මෙන්න මේ ලේන්සුවෙන් ඔය අත බැදගන්නවා.අත් දෙකම තුවාල වෙලා..අනූ...ඔයාගේ ලේන්සුවත් දෙන්න ඩියර්.මූ කරගන්න ඒවට මට තමා වගකියන්න වෙන්නේ"

ඉරේශාගේ සහ අනුත්තරාගේ ලේන්සුවලින් දෑතම බැදගත් සකුන්තල අනුත්තරාට සිනහවකින් සංග්‍රහ කලාය.

ඔබද මමද තරූශට අකමැති බව සැබැවි.ඒත් සකුන්තලට අනුත්තරා පෙරලා සිනහවක් පෑම ඔබටවත් මටවත් නොරුස්සයි.එය අද කාලයේ ආදර කතාවල ලක්ෂනයකි.

මේ සියලු සිදුවීම් දෙස කාලකන්නි ඉලන්දාරියා උපහාසයෙන් යුතුව බලා සිටියේය.අනුත්තරා සකුන්තලට සිනහව පෑම අපට තරම් ඔහුට ප්‍රශ්නයක් නොවීය.පන්තියේ අන් පිරිමි ළමුන්ගේ සිත් පිනවන රූසපුවක් අනුත්තරාට තිබුනත් එය ඉලංදාරි කොලු ගැටයාය කිසිම ආකරයක ප්‍රශ්නයක් නොවේ.
අනුත්තරා යනු ඔහුට තවත් එක කෙල්ලෙක්ම පමනි....

කොළඹ සිට ගාල්ල බලා යන බස් රථයට අප කතාවේ දැනට හමූ වූ චරිත හතරම නැග ගත්තේය.තරූශගේ රවා බැලීම් හමුවේ සකුන්තල තව තවත් කෙල්ලන් දෙදෙනාට මුකුලු වූවේය.

ටිකට් එකක් වත් නොගෙන බස් රථයේ පාපුවරුවේ එල්ලීගෙන යන තරූශ දෙස ඔබගේ මගේ දෑස් වලට අමතරව අනුත්තරා දිසානායකයේ දෑසද ඉද හිට යොමූ වූ බව පමනක් අද කතාවේ අවසානයට කියමි.

සෑම ආදර කතාවකම ලෙස මේ ආදර කතාවටද පෙම්වතුන් යුවලක් ඕනෑමය.ඔබගේත් මගේත් හිත් ඉල්ලන පරිදි සිත්පිත් නැති රස්තියාදුකාර ඉලන්දාරියාට මේ සුන්දර යුවතියව අයිතිකර දිය හැකිද.කතාව ඔබටවත් මටවත් වෙනස් කල නොහැක.එය සිදු වූ ආකාරය පමනක් මම ඔබට කියාගෙන යන්නෙමි....
 

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
දොරටද පයින් පාරක් දී දොර ඇරගත් ඉලංදාරියා ගේ තුලට වැදුනේය.කුස්සියේද කන්නට කිසිවක් නැත.අම්මා වැඩට ගොස් එන්නටද තවත් පැය තුනක් පමන තිබේ.
ඇද සිටි ඇදුම පිටින්ම ඇදට වැටුන තරූශ දෑස් අඩවන් කරගත්තේය.

එන්න..අපි ඔහුගේ සිතුවිලි තුලට රිංගමු.
එහි ඔබ සිතනා ආකාරයට කෙලෙසකවත් අනුත්තරා සිටියේ නැත.බිම වැටී බයාදු මුහුනෙන් බලා සිටිනා සකුන්තල පමනක් සිටියේය..

"ඇති වෙන්න නෙලුවා ගෑනු පෙරේතයට"

කට කොනකින් සිනාසුන තරූශ තමාටම මුමුනා ගත්තේය.
තරූශගේ දෑස් පිය වෙන්නට වැඩි වෙලාවක් ගත නොවුනේය.

දහවල් කාලයේ නිදාගන්නේ කාලකන්නි ඉලන්දාරීන් පමනක් නොවේ.ඉලංදාරියාගේ නිවසට කිලෝ මීටර් ගනනාවක් ඈතින් වූ නිවසක සුන්දර දැරිවියක්ද නිදාගෙන හුන්නාය.

"දුවා..අනු...නැගිටින්න දුව..පන්ති ගිහිල්ලා ආපු ගමන් නිදාගන්න එක නෙමේ නේ කරන්න ඕන"
"හ්ම්ම්ම්ම්ම්...නිදිමතයි තාත්තා.මට මහන්සියි නේ."

එක වරක් දෑස් හැර බැලූ යුවතිය දිසානායක මහතාටද නොඇසෙන ලෙස කෙදිරුවාය.
මද සිනාවක් පෑ දිසානායක මහතා සුපුරුදු සෙල්ලමටම වැටුනේය.යුවතියගේ කකුල් දෙකෙන් ඇද ඇද මිට්ටම අසලටම ගත්තේය.

අනේ අනේ....අවුරුදු 18 ක කෙල්ලක් නැගිට්ටව ගන්න තියන අමාරුව.ඒක නෙමේ දුවා...මොකද අද අලුත් පන්තිය.

අපෝ...මහ රස්තියාදුකාරයෝ ඉන්න තැනක් නේ ඒක.අද පන්ති ඇරිලා එද්දි එක කොල්ලෙක් තව කෙනෙක්ට බිම දාගෙන ගහනවා.පව් අර බිම වැටුන කෙනා.හොදටම ගුටි කෑවා තාත්තා.ඒ ගහපු කොල්ලා නම් හරිම රස්තියාදුකාරයෙක් කියලා ඉරේශා කිව්වා"

අහ්.ඔය ගියපු ටිකට යාලුවෙකුත් හදාගෙන ඉන්නේ..ඔහොම තමා දුව කොල්ලො.කෙල්ලෙකුට ගහගන්න ඇති.මගේ සුදු දුවා පරිස්සම් වෙන්න.ඊලග දවසේ උන් ගහ ගන්නේ මේ ලස්සන මූනට වෙන්න බැරි නෑ."

දිසානායක සිනහසෙමින් කී දෙය කිසියම් හෝ ආකාරයකට සත්‍ය වීමට ඉඩ තිබේ.අනුත්තරා එතරම් සුන්දර වූවාය.

--------------------------------------------------------------------------------

මම ඔබව සතියක් ඉදිරියට කැදවාගෙන යමි.මක් නිසාද යත් අපගේ කතාව ගලාගෙන යන්නේ සිකුරාදා ජීව විද්‍යා පන්ති දිනයන් හී දී පමනක් බැවිනි.

පලමු දිනයේ ගාල්ල බස් නැවතුම් පලේ බසයක් එනතුරු මග බලා සිටියේ අප කතාවේ චරිත අතරින් අනුත්තරා පමනි.ඒත් අද දින සකුන්තල සූරියබන්ඩාරද බලා සිටියේය.ඒ බසයක් එනතුරුමදැයි මම නොදනිමි.

සකුන්තලව ඈතදීම දුටු අනුත්තරා සිනහ වූවාය.සකුන්තලගේ මුහුනේද සිනහවක් ඇදුනේය.එය හිතවත් කම පෙන්වන සිනහවක් ද මනමාල සිනහවක් දැයි තීරණය කිරීමට අපහසුය.

"කොහොමද? මම දැන් ගොඩක් වෙලාවක ඉදලා මෙතන.තාම බස් එකක් නෑ.බස් ස්ට්‍රයික් ද දන්නෙ නෑ."
එසැනින් කොළඹ බසයක් පැමිනියේය.

"මේ තියෙන්නේ බස්.ඔන්න මමම එන්න ඕන බස් එකක් එන්න"
අනුත්තරාද මුකුලු වෙමින් කීවාය.

යුවතිය බස් රථයට නැගි පසු ඊට පිටු පසින් සකුන්තල බසයට ගොඩ විය.
ඔවුන්ගේ සුන්දර කතාව විනාඩි පහලවක් හෝ විස්සක් නිදහසේ ගලා යන්නට ඇත.එත් ඊට වඩා ඔවුන්ට තොදොල් වීමට අපේ කතා නායකයා ඉඩ තැබුවේ නැත.

හික්කඩුව නගරයේ බස් රථය නවත්වනවාත් සමගම තරූශ බසයට ගොඩවිය.
සකුන්තල දුටු තරූශට සිනහවක් ගියේය.
ඔබට මට තරම් ඔහුට සකුන්තල සහ අනුත්තරා එකට සිටිනු ගානකට වත් නැති සේය.

"අඩෝ...ගෑනු පීටර්..ඒ පාර මේ අලුතෙන් ආපු කෑල්ල අල්ල ගත්තද...උඹ තමයි මිනිහා නේ.."

ඔහු කොතරම් හඩින් එය කියුවේද කියතොත් මුලු බසයේ සිටි පිරිසම තරුශ දෙසත් සකුන්තල දෙසත් අනුත්තරා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවෝය.යුවතිය ලැජ්ජාවෙන් රතු වූවාය.සකුන්තල ඔරවමින් අහක බලා ගත්තේය.ඔහු ඊට වඩා දෙයක් නොකරන තරමට පෙර දිනයේ තරූශ මුහුනට එල්ල කල පහරවල් සැරය.

මහ රස්තියාදුකාරයෙක්.මුන් වගේ කාලකන්නි මොකට ඉපදෙනවද දන්නේ නෑ..ඕක කියලා තමයි මම එදා ගුටි කෑවෙත්.ඒ පාරවල් තාම රිදෙනවා.ඔයත් පරිස්සම් වෙන්න අනු..මූට කෙල්ලොත් පේන්න බෑ.."
අනුත්තරාද අප්පිරියාවෙන් යුතුව තරූශ දෙස බැලුවේය.

බසය අම්බලන්ගොඩ නගරයට එනතෙක්ම ඔබට පැවසීමට තරම් විශේෂ දෙයක් සිදු නොවිනි...
 

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
බස් රථයෙන් බැසගත් සකුන්තල සහ අනුත්තරා සෙමෙන් සීරුවේ පන්තිය දෙසට පියනැගුවෝය...

"අනු...ඊලග සතියෙත් මම එන්නම් ඔයා එන බස් එකේම.නැති නම් අර රස්තියාදුකාරයා මොනවා කරයිද දන්නෙ නෑ ඔයාට"

"අනේ එයා මට මොනවා කරන්නද පිස්සෝ..ඔයා එනව නම් හොදයි..මට පාලුවක් නැතුව බස් එකේ යන්න පුලුවන්.."

අනුත්තරා සිනහසෙමෙන් කීවාය.

ඒ වචන ටික සකුන්තලට හොදටම ප්‍රමාණවත්ය.ඔහු බලාපොරොත්තු වූවාටත් වඩා ලැබුන පිලිතුර සැනසිලිදායකය.

අනුත්තරාගෙන් සමුගත් සකුන්තල වහා වහා පන්තියේ ඉදිරිපසම පේලියට ගියේය.වාඩි වීමට තැනක් සොයා ගත නොහැකිව ලැතැවුන අනුත්තරාට පන්තියේ මැද හරියෙන් අතක් ඔසවා වනනු පෙනුනි.ඉරේශා වේලාසනින්ම පැමින පේලියක් අල්ලාගෙන සිටියාය.

ඔබත් මමත් පන්ති යන කාලයේ පටන්ම ගැහැනු ලමුන්ගේ මේ ක්‍රියාව සිදු වේ.පේලි ඇල්ලීම ඔවුන්ට විනෝදාංශයක් මෙන් විය.

"මාර වැඩේ නේ හලෝ..අද තරූශ බස් එකේදී ඕනේ නැති කතාවක් කිව්වනේ.බස් එකේ හැමෝම මමයි සකුන්තලයි දිහා බැලුවා.තරූශ නම් මහ ඕනවට වැඩියි..."

"මම කිව්ව්ව නේ ඩියර්..ඕකා ඔයාට විතරක් නෙමේ ඔහොම කරලා තියෙන්නේ..මේ පන්තියේ හැම කෙල්ලෙක්ටම ඔහොම තමා..අම්මලා රස්තියාදුවේ ගිහිල්ලා තාත්තලා නැති දරුවෝ හදාගෙන එනවා.අන්තිමට උන් අපිට තමයි වදේ.."

තරූශ ගැන ඔවුන්ගේ කතාව එතැනින් නිම විය...නමුත් එය සකුන්තල ගැන කතාවකට ආරම්භය විය.

සුන්දර ගැහැනු ලමෝ දෙදෙනෙකුට වැදගත් දක්ෂ ඉලන්දාරියෙකු ගැන කතා කිරීමට ඕනෑ තරම් දේවල් තිබේ.ඔවුන්ගේ කතාවට භාදා නොකර අපි අපේ කතානායකයා දෙසට යොමුවෙමු.ඔහු පන්තියට ආවාදැයි බැලීමටවත් අපට හැකි නොවිනි..සමහර විට ඔහු අද රස්තියාදුවේ යන්නටද ඉඩ තිබේ....

සමාවන්න මට වැරදී තිබුනි..

ඔහු සුපුරුදු ස්ථානයේ වාඩි වීගෙන සිටියේය.පන්තියේ අවසාන පේලියේ සිට බලාගත් අත බලාගෙන ඔහු සිටියේය..ඔහු බලාගත් අත අපිත් හෙමීට ඔහුට නොදැනෙන්නට බලමු...

අනුත්තරා දිසානායක.......බැල්ම නවතින්නේ එතැනින්ය..

අනුත්තරා සිනහසෙන විට තරූශගේ මුවේද ඇදෙන්නේ ඒ හා සමාන සිනහවකි..එය ඔහුට තේරෙන්නේ නැත.

ඔබ කාට හෝ නොදැනෙන්න ආදරය කර තිබේද..එසේ නම් ඔබත් ඇය දෙස මෙලෙසම බලා සිටින්නට ඇත.ඔබගේ මුවේද මෙවැනිම සිනහවක් නැගෙන්නට ඇත.ඇගේ සිනහව ඔබ සිතින් කොපමන වාරයක් බලා ඇද්ද..ඔබට ඇයට නොදැනෙන්නට කොපමන ආදරය කරන්නට ඇද්ද....

ඉලංදාරියාට නැගුනු සිනහව ආදරය නිසා ඇති වූවක් යැයි කීමට මම ඉක්මන් නොවෙමි.සමහර විට එය අද බස් රථයේදී ඇයව හෑල්ලුවට පත් කිරීම නිසා ඇති වූවක් වීමටද පුලුවන..
අනුත්තරා දෙස යොමු වූයේ තරූශගේ ඇස් පමනක්ම නම් ඔබ සැබැවින්ම සතුටු වනු ඇත.ඒත් සකුන්තල සූරියබන්ඩාරද විටෙන් විට පිටු පස බලමින් සිනහසෙමින් සිටියේය....

පන්තිය ඇරඹිනි....

"ගිය සතියට කලින් සතියේ තිබ්බ ටෙස්ට් එකේ මාර්ක්ස් අද මම නෝටිස් බෝර්ඩ් එකේ දැම්මා..පළවෙනි තුන්දෙනාට පුරුදු විදිහටම තෑගි දෙන්න හදන්නේ"

පන්තිය පුරා අත්පොලසන් හඩක් නැගුනි.තෑග්ග කාටදැයි ඔබත් අනුත්තරාත් නොදැන සිටියාට පන්තියේ අනෙක් සියලු දෙනාම දැනගෙන සිටියෝ.....

"පුරුදු විදිහටම ලකුනු 93 ක් අරගෙන සකුන්තල සූරියබන්ඩාර මේ පාරත් පලවෙනි තෑග්ග ගන්නවා.."

ගුරුවරයාගේ හඩ පරදවන අත්පොලසන් හඩක් පන්තිය පුරා නැගුනි.ඒ හඩට වැඩියෙන්ම දායක වූයේ අනුත්තරා යැයි කීවොත් ඔබ පුදුම නොවනු ඇත.ආඩම්බරයෙන් නැගීසිටි තරුනයා සුපුරුදු ලෙසම තෑග්ග ගෙන තම බන්කුවේ වාඩි වූයේය.වාඩි වීමට පෙර අනුත්තරා දෙසද බැලීමට ඔහු අමතක නොකරේය...

එදිනත් පන්තියේ පාඩමට අමතරව තරූශ පෙරේරා යොදාගෙන ගුරුතුමා කරනු ලබන විහිලු වලින්ද පන්තිය පිරි පැවතුනි...

"ඔයාට මාර්ක්ස් කීයද දන්නේ නෑ නේ ඉරේශා" පන්තිය අවසානයේ අනුත්තරා ඇසුවාය..

"දන්නේ නෑ හලෝ...ශුවර් එකට අඩු ඇති..නෝටිස් බෝඩ් එකේ ඇති අපි ගිහින් බලමු..."

දෙදෙනාම දැන්වීම් පුවරුව අසලට පැමිනියෝය.පන්තියේ ලමුන්ගෙන් එතන පිරී පැවතුනි.කෙසේ හෝ අස්සෙන් රිංගාගත් තරුණියන් දෙදෙන ඉරේශාගේ නම තරගයට මෙන් සෙව්වෝයය..

"ආ...මේ තියෙන්නේ කෙල්ලේ...ළකුනු 68යි..හොදයි නේ...."

"මොන හොදක්ද හලෝ...තාම ඉන්නේ B එකක මට්ටමේ නේ..."

"ඉතින් එහෙම තමා..එක පාරට වැඩිවෙන්නෙ නෑ නේ ලකුනු..සකුන්තලට වඩා ගන්න බලන්න..එතකොට ටික ටික වැඩිවේවි.."

"ඒක නම් කවදාවත් වෙන්නේ නෑ..සකුන්තල මාර බ්‍රයිට්....මට එයාව අල්ලන්න නම් තව හතර පාරක් වත් A/L කරන්න වේවි..ඒකට තරූශ....අපේ චූටි මල්ලි ආවත් එයාට වඩා හොදට ලකුනු ගනීවි.."

දෙදෙන නැවත සිනාසුනේය..

තරූශ පෙරේරා...ලකුනු 11 යි....සුපුරුදු පරිදි ලැ‍යිස්තුවේ අවසානය උරුමකරගෙන සිටියේය...

"හලෝ හලෝ....නෝනලා දෙන්නා ළකුනු බලනවා වගේ නේ...."

හඩ ආ දෙසට අනුත්තරගෙත් ඉරේශාගෙත් දෑස් යොමු විය.....
 

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
සකුන්තල සිනහ මුසු මුහුනින් ගැහැනු ලමෝ අසලට පැමිනියේය..

"ආ...මේ එන්නේ බ්‍රයිට් කේස් එක...මෙහෙම කෙනෙක් එක්ක ඉන්න ලැබෙන එකත් වාසනාවක් නේද අනු...."
අනුත්තරා කලේ සිනහසීම පමනකි..තමා සමග කතා කල මේ අපූරු ඉලන්දාරියා ගැන මුලු පන්තියේම ගැහැනු ලමුන් උමතුවෙන් සිටිනා බව පමනක් ඇය දැන සිටියාය..

"අනුත්තරා ටෙස්ට් එක ලිව්වේ නෑ නේ..ලිව්ව නම් ළකුනු බලාගන්න තිබ්බා..කමක් නෑ.ඊලග මාසේ එකම ලියමු නේ..."

"කොච්චර එක්සෑම් ලිව්වත් ඔයාව පාස් කරන්න නම් කොහෙත්ම බෑ සකුන්තල" අනුත්තරා සකුන්තල දෙස එක එල්ලේ බලා කීවාය..."

මේ අතර තවත් දෑසක් අනුත්තරා දෙස එක එල්ලේ බලා සිටින වග ඇය තබා ඇය සමග හුන් අනෙක් දෙදෙනාද නොදැන සිටියෝය්ය..තරූශ පෙරේරාගේ බොර පැහැ දෑස දුර ඈත සිට දැන්වීම් පුවරුව තෙක් විහිදී තිබුනි..


අප කතා නායකයා මේ මුහුන දී සිටින්නේ ජීවිතයේ කෙදිනකවත් ලබා තිබූ අත්දැකීමකට නම් නොවේ..

ඔබ පලවෙනි වතාවට කෙනෙක් ගැන ආදරයක් ඇති වූ මොහොත හෝ දවස මතකද..තරූශ මේ මුහුන දී සිටින්නේද එවැනි අවස්තාවකටය..සමහර විට ඔබ සැවොම ඒ අත්දැකීමට වයස අවුරුදු 18 ට පෙර මුහුන දෙන්නට ඇත.ඒත් අයාලේ ගිය රස්තියාදුකාර ජීවිතයකට ආදරයේ පලමු සෙවනැල්ල අරියාදු කරනා විට එය ඔහු කෙලෙසක නම් දරා ගන්නද....

තවත් විනාඩි 10 කට පමන පසු අප චරිත හතරම සිටියේ බස් රථයකය.සියල්ල ඒ ආකාරයටම සිදුවිය..නමුත් එක් වෙනසක් විය..වෙනදා පාපුවරුවේ එල්ලීගෙන ගිය ඉලංදාරියෙක් බස් රථය ඇතුලටම ගොඩවී යුවතියක් දෙස බලා සිටියේය..

තරහා නොවන්න...
ආදරය ඇතිවීම මෙතරම් ඉක්මනින් සිදුවේවි යැයි ඔබ නොසිතන්නට ඇත..නමුත් එය සිදුවෙමින් පැවතුනි..ආදරය ඇතිවීමට කාලය ඕනෑ නැත..මේ මොහොත වෙන විටත් ලෝකෙයේ කොතැනක හෝ දෙදෙනෙක් ආදරයෙන් බැදී පවතිනු ඇත...තරූශ පෙරේරා නොහොත් රස්තියාදුකාර කතානායකයාගේ ජීවිතයට ආදරය හිනැහෙමින් තිබේ..

ඒ ආදරයට ඔච්චම් කරනා දක්ෂ ඉලංදාරියෙකුත් තම වාරය එලඹෙන තෙක් බලා සිටී....

හික්කඩුව නගරයෙන් බැසගත් තරූශ මුහුදු මායිමට ආසන්නයේ වූ නිවස දෙසට පිය මැන්නේය..අද මුලු මුහුදම නිශ්චලය..ඔහුගේ හිත ඊටත් වඩා නිශ්චලය..වෙරල ආරක්ෂාවට දමා තිබූ කලු ගලක් මත ඔහු හිදගත්තේය,...

තමාට සිදුවන්නේ කුමක් දැයි ඔහු දැන සිටියේ නැත..අනුත්තරා ගැන විශේෂ ඇල්මක් පමනක් හිතේ තිබෙනා බව ඔහු දනී.එය ආදරයමද...විටෙක ඔහු ඔහුටම සිනාසෙයි..පිස්සු...
"මම ජීවිතේට කෙල්ලෙක්ට ආදරේ කරාවිද..."

ආදරය කරනා තරුණයෙකුට කොපමන නම් ප්‍රශ්න තිබේද....ඒ සියල්ලට උත්තර සොයාගත යුත්තේ තනිවමය..අනුත්තරා සමග කෙසේ හෝ කතා කල යුතුය..ඒ සදහා එක අවස්තාවක් හෝ ලබා ගැනීමට ඔහු අදිටන් කරගත්තේය...."ඊලග සිකුරාදා දවස....ඔව් එදාට මම එයත් එක්ක කතා කරනවා..."

තරූශ ඒ තීරනයට එන විට ඈත අහසින් හිරු නොපෙනී යාමට ආසන්න වෙමින් තිබුනි....


-------------------------------------------------------------------------------------------------

වේලාව 11 ත් පසු වී තිබේ..කාමරයේ මීට පැය කීපයකට කලින් විදුලි බුබුල නිවා දැමුවද අනුත්තරාට නින්දක් නැත.සකුන්තල සමග උදෑසන කතා කල දේවල් මෙන්ම යලි ගෙදර එන අතර තුරේදී කතාකල දේවල් ද ඇය මෙනෙහි කලාය..
ඔබ ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා සමග ජීවිතයේ පලමු වතාවට කතා කල දවස ඔබට මතකද....ඔබට ඒ කතා කල වචන එකක් නෑර මතක බව මම දනිමි..එය ආදරයේ හැටිය...අනුත්තරාටද ඒ කතාකල දේවල් නැවත නැවත මතක් වෙනු ඇත...

තරූශ පෙරේරාද ඇදේ පෙරලෙමින් නිදා ගැනීමට උත්සහා ගත් වාර ගනන අනන්තය..ඇසිපිය තද කරගන්නා වාරයක් වාරයක් පාසා අනුත්තරා ඔහුගේ දෑස අද්දර සිනා සෙයි..එය ඔහුට එක්තරා ආකාරයේ සැනසීමකි...
"අද රෑට මමයි අනුයි ඉන්න හීනයක් පේන්න ඕන.." ඔහු විටෙක එලෙසද සිතුවේය..කොතරම් මැරවරයෙක් වුවද ආදරය ඉදිරියේ ඉතා බොලදය..

මේ සියල්ල මෙලෙස සිදුවන විට නිදි නැති දෑසක් කර්මාන්ත රසායනය පාඩම් කරමින් සිටියේය.ඇමෝනියා නිපද වීමේ හේබර් ක්‍රමය, ස්පර්ෂ ක්‍රමයෙන් සල්ෆියුරුක් නිපදවීම ගැන තිබූ සිද්ධාන්ත සියල්ල ඔහු මෙනෙහි කලේය..පොත් අතරින් මැවෙන අනුත්තරාගේ රුව බලමින් විනෝද වීමද ඔහුගේ පාඩමේ කොටසක්ම විය..නමුත් ඒ රුව සකුන්තලගේ පාඩම් වැඩ වලට භාදා වූයේ නැත..මනස පිලිවෙලකට තබා ගත් තරුණයා නිදාගන්නා විට රාත්‍රී 12 ත් පසු වී තිබුනි...

--------------------------------------------------------------------------------------

සතියක් ගතවී ඊලග සිකුරාදා දිනයද උදා විය...තරූශ , අනුත්තරා සහ සකුන්තලද නොයිවසිල්ලෙන් සිටින්නේ සිකුරාදා වන තුරුය..සුපුරුදු පරිදි ගාල්ලෙන් අනුත්තරා සමග බසයට නැගගත් සකුන්තල ප්‍රීතියෙන් අම්බලන්ගොඩ තෙක් පැමිනියෝය..
ඔවුන්ගේ පුද්ගලික කතා කියමින් ඔබ වෙහෙසට පත් කිරීම මාගේ අරමුණ නොවේ..ඊට වඩා වැදගත් කතාවක් කීමේ වගකීමක් මට ඇත..
තරුණ ජෝඩුවට භාදා කිරීමට තරූශ අද නැත..ඔහුට එම බසය මග ඇරී තිබුනි.තරූශගේ දෑස් අනුත්තරා වෙතටද අනුත්තරාගේ හා සකුන්තලගේ දෑස් එකිනෙකා දෙසද යොමුවෙමින් තිබුනි...කෙසේ හෝ නොසන්ඩාල ඉලංදාරියෙකු යන්තමින් හික්මී තිබේ.....

නැවත වැදගත් යමක් සිදු වූයේ පන්තිය අවසානයේ ය..

අනුත්තරා පන්තියෙන් එලියට පැමිනෙන තෙක් කාඩ් මාර්ක් කරන තැනට වි සිටි තරූශගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් අනුත්තරා සකුන්තල සහ ඉරේශා සමග එලියට ආවාය..

"ඉරේශා සිටියාට කමක් නෑ..ඒත් මේ ඇඹලයා මෙයාගේ නැට්ට වගේ වෙලා...."
ඔහු තනිවම සිතුවේය....
"මුට මුකුත් නොකරොත් මූ තවත් උඩින් යාවි...හොදයි බලමුකෝ ඊලග දවසේ....

සැබැවින්ම ඊලග දවස මොවුන්ගේ ජීවිතයේ තීරනාත්මකම දවස බව කිසිවෙකු දැන සිටියේ නැත..